Watch Trailer

The Neon Demon (2016) with Sinhala Subtitles | සුන්දරත්වයේ අඳුරු පැතිකඩ (18+) [සිංහල උපසිරසි සමඟ]

දැන් මට පේන විදිහට සතියට සැරයක් මං ඔයාලට උපසිරැසි අරං එනවා වගේ. ගිය සතියේ මං දුන්න Kickboxer: Vengeance (2016) චිත්‍රපටයට නම් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබ්බා. කමෙන්ට් දාපු හැමෝටම සහ චිත්‍රපටය බලපු හැමෝටම මගේ හදපිරි මෙව්වා එක. ඒ වගේම මට සමහරු FB Request එහෙම එවලත් තිබ්බා. සන්තෝසයි. සන්තෝසයි. සන්තෝ…

The Neon Demon (2016)

දැන් මට පේන විදිහට සතියට සැරයක් මං ඔයාලට උපසිරැසි අරං එනවා වගේ. ගිය සතියේ මං දුන්න Kickboxer: Vengeance (2016) චිත්‍රපටයට නම් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබ්බා. කමෙන්ට් දාපු හැමෝටම සහ චිත්‍රපටය බලපු හැමෝටම මගේ හදපිරි මෙව්වා එක. ඒ වගේම මට සමහරු FB Request එහෙම එවලත් තිබ්බා. සන්තෝසයි. සන්තෝසයි. සන්තෝසයි. අද නිවාඩු නිසා ගෙදර අය වැඩ දෙනවා. ඒවායින් බේරිලා ඔන්න මගේ මංගල දහවෙනි උපසිරැසිය දෙන්න තීරණය කලා. දහවෙනි එක විදිහට මොකක්ද දෙන්නේ කියලා හිතාගන්න බැරුව හිටියේ. බාර ගත්ත උපසිරැසි ගොඩක් තියන නිසා විමා කොල්ලට හැමතිස්සෙම කරදර කරන්නත් බෑ අලුත් චිත්‍රපට ඉල්ලලා. ඒත් ඉතිං මං දන්නවා විමා බොක්කෙන්ම සපෝට් කරනවා කියලා මට උපසිරැසි සෙට් කරන්න. හරි එහෙනම් වැඩි කතා නැතුව අද කතාවට බහිමුකෝ. මේකත් මේ අවුරුද්දේ එළියට ආපු චිත්‍රපටයක්. හරියටම කියනවා නම් 2016 ජූනි 23 ජර්මනිය දී. Nicolas Winding Refn කියන කෙනා අධ්‍යක්ෂණය කරපු මේ කතාවෙ IMDb අගය 6.7ක් වෙනවා.

කතාව ටිකක් අමුතුයි. අපි හැමදාම බලන ඇක්ෂන්, කාටුන්, (ඉ)ලව්, හොල්මන් කතා වලට වඩා ගොඩක් වෙනස්. කතාවට මුල් වෙලා තියෙන්නේ නිරූපණ ශිල්පය. අපි ඔය සිංහලෙන් මොඩ්ලින් කියලා කියන්නේ. අන්න ඒක. ජෙසී (Elle Fanning) කියන්නේ දෙමව්පියන් නැති වයස 16ක ලස්සන කෙල්ලෙක්. එයා පොඩි නගරයක ඉඳල ලොස්ඇන්ජලීස් වලට එනවා නිරූපිකාවක් වෙන්න. වයස 16 කියන්නේ පොඩි වයසක් නිසා එයාව මොඩ්ලින් වලට ගන්න අය එයාට කියනවා වයස 19යි වගේ ඉන්න කියලා.  ජෙසීගේ ලස්සන නිසා එයාට අනිත් නිරූපිකාවන්ට වඩා පිලිගැනීමක් වගේම, දියුණුවකුත් ලැබෙනවා. මේක බලන් ඉන්න බැරි එයා වටේ යාළුවො වගේ ඉන්න අනිත් පිස්සු කෙල්ලො එයාගෙ ජීවිතේ විනාශ කරන හැටි තමයි කතාවෙන් කියන්නේ. කොහොමත් ගෑණු පාර්ශවය ගොඩක් වෙලාවට ඉතිං තව කෙල්ලෙක් ලස්සනට ඉන්නවා දකින්න එච්චර ආස නෑනේ. එහෙම කිව්වම කෙල්ලො මාත් එක්ක දැන් තරහ වෙයිද දන්නෑ.

මේ කතාව බලද්දී මට ඇත්තටම මතක් උනේ අපේ ගමේ ගොඩේ කෙල්ලො කොළඹට ඇවිත් මේකප් දාන්, මොඩ්ලින් කරලා තමන්ගේ ආත්මයත් විනාශ කරගන්න හැටි. මේ කතාවෙත් පොඩි සීන් ටිකක් තියන නිසා ඔන්න 18+ කියන්න ඕන කලින්ම. අනේ මන්දා මේ ටිකේ බාර ගන්න ඔක්කොම කතා එහෙමයි අප්පා. ඒත් මේ කතාව බලන එක වටිනවා වගේම වෙනසකටත් එක්ක හොඳයි.

ජේසීට අමතරව හෑන්ක් (Keanu Reeves), රූබි (Jena Malone), සේරා (Abbey Lee Kershaw) වගේම ජෑන්  (Christina Hendricks) කියන අයත් මේ කතාවෙ රඟ පානවා.

හරි එහෙනම් බලන්නකෝ මේකත්. මං හිතනවා ඔයාල මේ කතාවට කැමති වෙයි කියලා. බාර ගත්ත අනිත් චිත්‍රපට වලට උපසිරැසි අරගෙන මං හැරෙන තැපෑලෙන් ආපහු එන්නම්. පහල දෙබස මං ගත්තෙ මේ කතාවෙන්.

“ලස්සන කියන්නේ හැමදේම නෙමෙයි. ඒක දෙයක් විතරයි”

ජය වේවා!

The Neon Demon (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

මෙම ලබා දී ඇති උපසිරැසිය Web සහ HD පිටපත් සඳහා අදාළ වේ.

3,556 downloadsDownload The.Neon_.Demon_.2016.Baiscopelk.com_.rar21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

3,556 downloadsDownload Subtitles21 KB

31 comments

  1. Dilshan

    Mama eka onna.. ohomama karagena yamu saho..

  2. Sanath Indika

    ස්තුතියි සහෝ

  3. Krishan NiShalya

    “ලස්සන කියන්නේ හැමදේම නෙමෙයි. ඒක දෙයක් විතරයි”

    ..Good luck.....
    .☺☺☺☺

    1. චාමිකර

      එලස්

  4. අසිත

    elama saho thanks puluwan nam
    Body (2015)
    Lazer Team (2015)
    Road Games (2015)
    Neighbors 2 Sorority Rising (2016)
    aluth film walata sab denna...
    jaya wewa..!!!

    1. චාමිකර

      අලුත් ෆිල්ම් මං හොය හොය සබ් දෙනවා බොස් :)

      ස්තූතියි මගෙන් සබ් ඉල්ලනවට. ජය!!!

  5. Tharaka

    උපසිරැසියටනම් බොහෝම ස්තූතියි සහෝ. වෙනසක් තියන කතාවක් වගේ. IMDb අගය 6.7ක් වෙනවානේ. ඔන්න එහෙනම් බාගත්තා.
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

    1. චාමිකර

      ස්තූතියි සහෝ

  6. Seo spider

    එයිට් පුලස් කිව්වා නේද? බානවා එහෙනම්.

    1. චාමිකර

      හ්ම්ම් හ්ම්ම් ;)

  7. chandima

    ලස්සන කියන්නේ හැමදේම නෙමෙයි. ඒක දෙයක් විතරයි aka aththa

  8. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Jack

    බොහෝම ස්තුතියි මචන් ස්බ් එකට.
    වැඩේ දිගටම කරගෙන යමු.
    ජය.

  10. Ishan Madusha

    ස්තුතියි.මේවටත් sub දෙන්න බ්‍රෝ
    Assassination Classroom(2015),The Empire of Corpses(2015)
    Psycho-Pass: The Movie(2015)
    ජය වේවා!

  11. ලක්මාල්

    ස්තුතියි සහෝ... බලලම කොමෙන්ට් එකක් දාන්නම්

  12. Lakmal

    බොහෝම ස්තුතියි මචන් ස්බ් එකට.
    වැඩේ දිගටම කරගෙන යමු.

  13. roshan

    උපසිරැසියටනම් බොහෝම ස්තූතියි සහෝ.

  14. Freezer

    Thanks machoo

  15. Filmora

    p.GeneratedText {
    color:#00FF00;background-color:#FFCC00;
    }

  16. Tesha

    download link eka ko?

    1. චාමිකර

      දැන් ඉස්සර වගේ ලින්ක් දෙන්නෙ නෑනේ. ඔයා එක්ස්ට්‍රා ටොරන්ට් එකට ගිහින් ෆිල්ම් එක සර්ච් කරන්න. එතකොට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.

  17. Sajith Anthony

    මේක දෙනකල් හිටියෙ දෙයියො
    Keanu Reeves ඉන්න නිසා අනිව සුපිරි තමා ඉතින්
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  18. rakitha ranathunga

    සබ් එකට ස්තූතියි සහෝ...
    දිගටම සබ් දෙමු...

  19. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “ චාමිකර විදානගේ (චාමි)” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ

    මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  20. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. madu

    Thank you

  22. malith

    Ela ela

  23. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  24. Thanujaya Bandara

    සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්

  25. Rukshan37

    Ela

  26. Dewadithya

    Thanks for sub!