ඔන්න එහෙනම් අවුරුදු 3 කට කලින් තිරගත වූ චිත්‍රපටයක දෙවෙනි චිත්‍රපටයක් එක්ක තමා අද මේ එකතු වෙන්නේ. කලින් The Nut Job (2014) කොටසේ වගේම දෙවෙනි කොටසේ උපසිරසත් මටම කරන්න ලැබුනා. ඒ වගේම කාලෙකින් කරන ඇනිමේෂන් උපසිරසක්. මතකනේ සර්ලි ගැන අර බඩී කියන කතා කරන්න බැරි මීයාත් එක්ක එක්කහු වෙලා ලොකු ලොකු ගේම් දෙන…

ඔන්න එහෙනම් අවුරුදු 3 කට කලින් තිරගත වූ චිත්‍රපටයක දෙවෙනි චිත්‍රපටයක් එක්ක තමා අද මේ එකතු වෙන්නේ. කලින් The Nut Job (2014) කොටසේ වගේම දෙවෙනි කොටසේ උපසිරසත් මටම කරන්න ලැබුනා. ඒ වගේම කාලෙකින් කරන ඇනිමේෂන් උපසිරසක්. මතකනේ සර්ලි ගැන අර බඩී කියන කතා කරන්න බැරි මීයාත් එක්ක එක්කහු වෙලා ලොකු ලොකු ගේම් දෙන ලේන් පෝරිසාදයා. ඔව් එයා තමා මෙදාපාරත් කතා නායකයා ඒ වගේම බඩීයත් ඉන්නවා එකතු වෙලා.
මතකනේ කලින් පාර සිද්ධ උන අකරතැබ්බේ. කන්න හොයන්න තනියම ගිහිල්ලා රටකජු කරත්තයක් ගෙනෙල්ලා කෑම එකතු කරලා හංගපු ගහත් එක්කම ගිනි තිබ්බා. ඉතින් සීත කාලෙට ඕනේ කරන කෑම විනාස කරපු සර්ලි සහ බඩීට සිද්ධ උනා ලිබටි පාර්ක් එකේ ඉන්න හැමෝටම කෑම හොයල දෙන්න හැබැයි ඒක දඬුවමක්. එත් සර්ලියා නෙමේ ගේම අතෑරියේ. එයාගේ නැහැනේ ඔය පොඩි වැඩ කලොත් කරන්නේ ලොකු දෙයක්. ඉතින් අන්තිමේ පාර්ක් එකේ ආහාර අර්බුදය විසඳන්න බඩී සහ සර්ලි ගහපු පැලෑන තමයි ලිබටි පාර්ක් එක ඉස්සරහ තියෙන රටකජු කඩේ කොල්ල කන එක. මතකනේ ඒ වැඩේට අල්ලගත්ත පිස්සු සෙට් එක. එයාල එක්ක අන්තිමට කෑම ප්‍රශ්නේ වගේ බැංකුවක් කොල්ල කන්න ගිය හොරු රැළකුත් ඇල්ලුවා. ඒ වගේම සර්ලි සහ බඩී පාර්ක් එකේ වීරයෝ උනා.
දැන් එහෙනම් එමු 2014න් 2017ට මෙහෙම අවුරුදු තුනක් තිස්සේ අර වහලා දාපු රටකජු කඩෙන් සර්ලි සහ සහචරයෝ ටික දෙයියනේ කියලා කාලා බීල ඉන්නවා. එත් හැබැයි මේ ගැන නෝක්කාඩුවෙන් ඉන්න එකම කෙනා තමා ඇන්ඩි. එයා මේ වැඩේට විරුද්ධයි සත්තු ටික ඔක්කොම කම්මැලි වෙලා කඩෙන් කාලා ඔහේ නිකන් ඉන්නවා කියල. ඒ අස්සේ කලින් පාර කඩේ කොල්ල කන්න එක්කහු උන උන්දෙක් හරි අපූරු වැඩක් කරලා කන්න තිබ්බ කඩේ බිමටම අළු වෙන්න සමතලා කරනවා.
දැන් ඉතින් කට්ටිය මේ ප්‍රශ්නේ ඉන්න අතරේ නගරේ නගරාධිපති උත්තමයා පාර්ක් එකෙන් ලාභයක් නැහැ කියලා ඒ වෙනුවෙන් සැලසුමක් ගහලා. ඉතින් ඔන්න සර්ලි සහ සමාගමට මෙදා පාරත් ලොකු ප්‍රශ්නයක්. කන්නත් නැහැ ඉන්නත් නැති වෙන්නයි යන්නේ.
මෙදාපාර හොඳ නළු නිලියෝ ටිකක් එකතු වෙලා ඉන්නවා හඬ කැවීම් දායකත්වය සපයන්න. Katherine Heigl ඇන්ඩි වෙනුවෙනුත් Will Arnett සර්ලි වෙනුවෙනුත් ආරාධිතයෙකු ලෙස ෆෙන්ග් මහත්මයා වෙනුවෙන් Jackie Chan, ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර්ස් නවක නිළිය Isabela Moner සහ ප්‍රවීණ විකට වැඩසටහන් කරුවෙකු වන Gabriel ‘Fluffy’ Iglesias පවා මෙහි හඬ කැවීම් සඳහා දායකත්වය සපයනවා.
එහෙනම් අපි බලමු කොහොමද මේ ලේන් පරපුරේ වීරයෝ ටිකයි පාර්ක් එකේ සත්තු ටිකයි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියලා. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය!!!

” Due to copyright issues, we do not provide any torrent links. “
මෙම උපසිරසි WEB/BR පිටපත් සඳහා අදාළ වේ.
16,359 downloadsDownload The-Nut-Job-2-2017.zip98 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
58 comments
Pradeep Anuruddha Dissanayake
Dihan Lakshitha
thanks bro..
Dias
හුඟ දවසකට පස්සේ ෆිල්ම් එකක් දාලා.දැන් බයිස්කෝප් එකේ මෙලෝ රහක් නැති ටීවී සීරියස් වලට විතරයි සබ් දාන්නේ.ස්තූතියි..
Hope
Api nam Film walata wada TV series thamai balanne.
Oya melo rahak na kiuwe mona TV series valatada? Oya ewa balanne naththam kohomada melo rahak na kiyanne?Ane machan paw nodi sub eka download karala balala nida ganin.
Malinda
#nikan dena sub eka.
gihan perera
Niyamai bro..me cartoon eka danakan hitiya..well Done..
malith madhushan
thanx saho sub ekata supiri film eka
Udara Cooray
Thank you
KAVINDA GAMAGE
Thank you
Malinda
Thanks bro..
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Damith
Thanks for the subtitle.
Good job bro.ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!විමා
තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතන ඉන්න
හසත් මෙහෙම මෙතන ඉන්නවා....සබට තුති ආ.. මං හිතුව මේක දෙනකොට නට් ජොබ් 3 එයි කියල :-P
මයුර
මගේ ජීවිතේටම දැකල නෑ තනි තරුවක්. ඒකත් ලොකුම තරහකාරයට ලැබිච්ච එකයි දරාගන්න බැරි. හාට් එක බ්ලාස්ට් වෙයිද කියල සැකයි මේ සන්තෝසෙට :)
තරිඳු රසාංග
බොහොම ස්තුතියි හසන්ත අයියේ!!
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Induvara
Ela meva salli vlt krla something ekk gnnt puluvn et ehma nokara hamadama sub dena oylta bohoma stuti
shasith sandaruwan
බොහොම ස්තූතියි හසා අයියේ උපසිරැසියට...
මේක නම් බලන්න ඕන ලිස්ට් එකට දාගන්නෝන.
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!අසිත
elama saho thanks
Ravindu Rukshan
Thc
C. R. ජයලත්
නියමයි හසා අයියා ජය වේවා!!!!
Mahesh
Sub ekata thanx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි අයියේ සිංහල උපසිරැසියට...
ජය වේවා!සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට....!
Dhanush Narangoda
thanks saho..... onna bawa
sanath indika
thx broo
එල්. සී. දමැල්
මේකේ පලවෙනි කොටසත් නියමයි
තැන්ක්ස් සබ් එකට හසන්ත සහෝදසිත චාමික
බොහොම ස්තූතියි අයියේ උපසිරැසි ගැන්වීමට
ජයrumesh
ai bn torrent link ekak denne neththe.... :/ epa wenawa bn hoyanna giyama
Tharindu
Thank u bro..!!!
mindika
Thanks !!!!!!!!!!!!!
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි හසන්ත අයියෙ උපසිරැසියට.
asanka
ela bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madu
Thank you.
viduranga
thanks
tharangani
thanx
Sandheep
Elama saho..
Nüwäñthå Dúlån
මෙන්න එහෙනම් ගත්තා හසා අයියා,
බොහොම ස්තූතියි,
ජය!!!Suu
Thank You
podda
thanks bro!!!!
සදෙව් බණ්ඩාර
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
ashan lankanath
Thanks ..................good luck ..........................
Nipun
Thanks mchn.....
DILSHAN KALINGA
සබට තුති හසා..
Suu
Thanks saho sub ekata.........
Jayen jaya.....Anushka Sanjuna
Thanks mcn... ubala nisa apith deiyane kiyala film balanawa bn..
kent parker
thankq
nalin.kumara0510
Thanks bro good luck
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for Sub