Watch Trailer

The Guardian (2006) Sinhala Subtitles | මහ සයුර මැද රැකවලා [සිංහල උපසිරසි සමඟ]

The Guardian (2006) Sinhala Subtitles ටික දවසකට පස්සෙ මම වෙනස් විදිහෙ Movie එකක් අරන් අාවා මගේ 03 වෙනි උසිරැසිය විදිහට.. ඒ තමයි “The Guardian” කියන Movie එක. එක්තරා කිමිදුම්කරුවෙක් ඉන්නවා,ඔහු ජීවිතාරක්ෂක කිම්දුම්කරුවෙක්. නමින් “බෙන් රැන්ඩෝල්”. ඔහුගේ මිතුරගේ ජීවිතය අහිමි වෙනවා ඔහු ඉදිරියෙම. ඒ අ…

The Guardian (2006) Sinhala Subtitles

The Guardian (2006) Sinhala Subtitles

ටික දවසකට පස්සෙ මම වෙනස් විදිහෙ Movie එකක් අරන් අාවා මගේ 03 වෙනි උසිරැසිය විදිහට.. ඒ තමයි “The Guardian” කියන Movie එක. එක්තරා කිමිදුම්කරුවෙක් ඉන්නවා,ඔහු ජීවිතාරක්ෂක කිම්දුම්කරුවෙක්. නමින් “බෙන් රැන්ඩෝල්”. ඔහුගේ මිතුරගේ ජීවිතය අහිමි වෙනවා ඔහු ඉදිරියෙම. ඒ අවාසනාවන්ත අනතුරකින්……

“මම හැමදාම මගෙන්ම අහන ප්‍රශ්නයක් තියෙනවා බෙන්,”
“අැයි මම විතරක් ඉතුරු වුනේ කියලා”

“මගෙ හිතට බැරි වුනා මට උත්තර දෙන්න,”

“ඒ නිසා”
“ඔයාගෙ ජීවිතේ ප්‍රශ්නෙට මම ඔයාට උත්තර දෙන්න උත්සාහ කරන්නෙ නෑ බෙන්”

ඒ සිදුවීම නිසා බෙන් හිටියෙ දැඩි කම්පනයකින්, ඒ වගේම ඔහුගේ ජීවිතය ගොඩක් වෙනස් වෙනවා, ජ්‍යෙෂ්ඨ ප්‍රධානි බෙන් රැන්ඩෝල්ට සිදුවෙනවා ජිවිතාරක්ෂක කිමිදුම්කරුවන් පුහුණු කරන පාසලක පුහුණුකරුවෙක් වෙන්න,

ඒත්….
ඔහුගේ දෙෙවය ඒකය ඉඩ දෙයිද?

කොහෙම වුනත් පාසලේදි මොහුට මුණගැහෙනවා තරුණ පිහිනුම් ශූරයෙක්, ඒ Jake Fischer. “බෙන්” කියන්නෙ දක්ෂ කිමිදුම්කරුවෙක්.ඒත් ෆිශර්ට අවශ්‍ය වුනේ ඔහු අභිබවා යන්න.ඒ නිසා මේ දෙන්නා අතර තරගකාරී බවක් තිබුණා විතරක් නෙවෙයි ෆිශර් හිතුවේ බෙන් ඔහුව පාසලෙන් ඉවත් කරන්න යනවා කියලා.කොහොම වුනත් දවස් ගතවෙනකොට ඒක වැරදි බව වගේම බෙන් කියන්නේ අති දක්ෂයෙක් බව හැමෝම දැනගන්නවා….

….”සර්, ජ්‍යෙෂ්ඨ ප්‍රධානි රැන්ඩෝල් කොහෙද?”

“එයා කවදාවත් මේ නිල අැඳුම අැඳලා නෑ බෙන්, අැත්තටම එයා දියබල්ලෙක්.”

“ඒ වගේම.. එයා දක්ෂ පුහුණුකරුවෙක් බෙන්..”

අපේ කතා නායකයා වන “බෙන්”ට පණපොවන්නේ ජනප්‍රිය නළුවෙක් වන Kevin Costner කියන කලාකරුවා. ඒ වගේම “ජේක්”ට පණපොවන්නේ Ashton Kutcher. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ විශාල චිත්‍රපට ප්‍රමාණයක් දායාද කරපු අැමෙරිකා එක්සතත් ජනපදයේ දක්ෂ අධ්‍යක්ෂවරයෙක්, ලේඛකයෙකු වගේම නිශ්පාදකයෙක් වන Andrew Davisis කියන අධ්‍යක්ෂකවරයා.

2006 සැප්තැම්බර් 28 දින එළිදැක්වුණු මේ චිත්‍රපටය ඉතා ත්‍රාසජනක වගේම අැඟ හිරිවැටෙන දර්ශන වලින් වගේම සංවේදී දර්ශන වලින් සමන්විත වෙනවා. පැය දෙකයි මිනිත්තු 20ක පමණ කාලයක් පුරා අසාවෙන් රසවිඳින්න පුළුවන් අග්‍රගන්‍ය නිර්මාණයක් කියලා අවිවාදයෙන් කියන්න පුළුවන්…….

“චීෆ්.. මට දෙයක් දැනගන්න පුළුවන්ද ඔයා යන්න කලින්”
“අැත්තටම ඔයාගෙ ගාණ කීයද?”

“20 ක්”

“20 ක්,
ඒක 200ක් නෙවෙයිද?”

“නෑ බෙන්, ඒ 20 මට බේරගන්න බැරිවුණු ගාණ……”

“වතුරෙදි ඔයාට තීරණය කරන්න වෙන වෙලාවක් ඒවි ජේක්‍, කවුද ජීවත් වෙන්න ඕනෙ කවුද මැරෙන්න ඕනෙ කියලා”

“ඒක ඔයා තීරණය කරන්න ඕනෙ………”

The Guardian (2006) Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

2,753 downloadsDownload The-Guardian-2006.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/eranga-thushara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එරංග තුෂාර සඳනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-02-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,753 downloadsDownload Subtitles62 KB

20 comments

  1. malith madhushan

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට

    1. Eranga Thushara

      Thanks..

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    1. Eranga Thushara

      Thanks..

  3. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

    1. Eranga Thushara

      Thanks..

  4. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  5. thilina

    thank you machn

  6. තනූජ ජනකාන්ත

    Thanks

  7. thisal

    ස්තුතියි

  8. දමිත්

    ස්තුතියි එරංග සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය

    1. Eranga Thushara

      Ela.

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  10. Hope

    Meka nam mama balapu supirima film ekak machanla.
    Aniwa aragena balanna.

  11. Praveen

    Thanks

  12. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  13. අසිත

    elama saho thanks

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.