Watch Trailer

The Girl With the Dragon Tattoo (2011) Sinhala Subtitles | දාම ඝාතකයාගේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද යාළුවනේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මගේ පළමු උපසිරැසිය ගේන්න තමයි සූදානම් වෙන්නේ, මුල් කාලයේ ඉදන්ම උපසිරැසි බාගෙන බැලුවට අද තමයි මුලින්ම උපසිරැසියක් නිර්මාණය කරේ , මේ සදහා මට අවස්තාව ලබා දුන් හසන්ත වික්‍රමරත්න සහෝ ඇතුළු බයිස්කෝප් පවුලේ සහොදර සහෝදරියන්ට මුලින්ම මම ගොඩක් ස්තුති කරනවා. පළවෙනි උපසි…

කොහොමද යාළුවනේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මගේ පළමු උපසිරැසිය ගේන්න තමයි සූදානම් වෙන්නේ, මුල් කාලයේ ඉදන්ම උපසිරැසි බාගෙන බැලුවට අද තමයි මුලින්ම උපසිරැසියක් නිර්මාණය කරේ , මේ සදහා මට අවස්තාව ලබා දුන් හසන්ත වික්‍රමරත්න සහෝ ඇතුළු බයිස්කෝප් පවුලේ සහොදර සහෝදරියන්ට මුලින්ම මම ගොඩක් ස්තුති කරනවා. පළවෙනි උපසිරැසිය නිසා අඩු පාඩු ඇති, ඒවා පෙන්නලා කොමෙන්ටුවක් දාන්න කියලා මම ඔයලගෙන් ඉල්ලනවා.

2005 දී Steig Laesson හා David Lagercrants විසින් රචිත Millenium නම් ග්‍රන්ථමාලාව ඇසුරින් නිර්මාණය කරන ලද මෙම සිත්තම 7.8 ක IMDb අගයක් ලබා ගැනීමටත් Rotten Tomato හී 86% ක් ලබා ගැනීමට සමත් වෙනවා. Crime/Drama/Mystry යන කාණ්ඩ වලට අයත් මෙය David Fincher අධ්‍යක්ෂනය කරලා තියෙනවා. Alien-3, Seven, The Game, Fight Club, Zodiac, Gone Girl වගේ සුපිරි ෆිල්ම් රැසක් අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙත් මෙයාම තමයි. මේ ග්‍රන්ථමාලාව ඇසුරින් චිත්‍රපට 4ක් නිර්මාණය කරල තියෙනවා. The Girl Who Played with Fire (2009), The Girl With The Dragon Tattoo (2009), The Girl Who kicked The Hornest Nest, The Girl With The Dragon Tattoo (2011) යනාදියයි. මේවා එකකට එකක් සම්බන්ධ නොවන නිසා රස වින්දනයට බාධාවක් නෑ. මෙහි 5 වන නිර්මාණය The Girl Who Played With Spider Web (2018) මේ අවුරුද්දේ තිරගත වීමට නියමිතයි. හරි අපි දැන් කතාව මොකක්ද කියලා බලමු

මිකෙල් බ්ලෝම්ක්විස්ට්, විමර්ශන මාධ්‍යවේදීයෙක්, ඔහු විසින් ප්‍රබල ව්‍යාපරිකයකු වන එරික් වෙන්ස්ට්‍රොම්ට දූෂණ චෝදනාවක් එල්ල කරනවා. නමුත් ඔහුට එය ඔප්පු කිරීමට නොහැකි වෙන නිසා ඔහු සමාජ අපවාදයට මෙන්ම මූල්‍ය අර්බුදයක්ට මුහුණ පානවා. මේ අතර හෙන්රික් වැන්ගර් නම් ව්‍යාපාරිකයෙක් මිකෙල්ට ඔහුගේ පෞද්ගලික දූපතට ආරාධනා කරනවා. ඔහු මිකෙල්ගෙන් ඉල්ලනවා මීට වසර 40කට කලින් අතුරුදහන් උන තමගේ මිණිබිරිය වන හැරියට්ව හොයලා දෙන්න කියලා. ඒ වෙනුවට මිකෙල්ගෙ සියලුම ප්‍රශ්න වලට ඔහු උදව් කරන බව කියනවා, ඉතින් මිකෙල් වැඩේට කැමති වෙලා දූපතේ නැවතිලා ඒ ගැන හොයන්න පටන් ගන්නවා. හෙන්රික් නම් කියන්නේ එයාට එයාගේ පවුලේ අයවත් විශ්වාස නෑ කියලා, මිකෙල් මේ ගැන හොයද්දී ඔහුට පහුගිය අවුරුදු 40 පුරාවටම කාන්තා අතුරුදන්වීම්වල සම්බන්ධයක් පේනවා.මේක දාම ඝාතකයෙකුගෙ වැඩක් බව මිකෙල්ට අවබෝධ වෙනවා. ඒ වගේම යට ගිය තවත් නොවිසඳුණු අපරාධ රැසක් ගැන හොයාගන්න මිකෙල්ට පුලුවන් වෙනවා.

ලිස්බෙත් සලන්ඩර්, අවුරුදු 23ක හැකර් කෙනෙක්, මෙයා රජය භාරයේ ඉන්න අනාථ කෙල්ලෙක් , මෙයාගේ ජොබ් එක තමයි අනවසරයෙන් පුද්ගලයන්ගේ පරිගනක හැක් කරලා තොරතුරු අරන් ඒවා විවිධ ආයතන වලට විකුණන එක , ලිස්බෙත් කියන්නෙ හරි අමුතු කෙනෙක් , මෙයාව දැක්කම ඔයාලටත් ඒක තෙරෙයි. ඉතින් ලිස්බෙත් කොහොමද මිකෙල්ට සම්බන්ධව වෙන්නේ? කවුද මේ දාම ඝාතකයා ? අතුරුදන් උන කාන්තාවන්ට මොකද උනේ ? හැරියට්ට මොකද උනේ? ඒ ගැන දැන ගන්නනම් මේක බලන්නම වෙනවා. අවසානය වෙනකන්ම කුතුහලයෙන් බලන්න පුලුවන් ෆිලුමක් තමයි මේක, ඒ වගේම පවුලේ සැමටම එකට සිට නැරඹීය නොහැකි බවටත් කරුණාවෙන් සලකන්න.

Casino Royal, Spectre, Skyfall ආදී චිත්‍රපට වල ජේම්ස් බොන්ඩ්ට පන දුන් Daniel Craig විසින් මිකෙල් බ්ලෝම්ක්විස්ට් ලෙසත්, A Nightmare on Elm street, The Social Network, Lion චිත්‍රපට වල රඟ පෑ Rooney Mara ලිස්බෙත් සලන්ඩර් ලෙසත්, Thor, Pirates of the Caribbean, Mamma Mia චිත්‍රපට වලින් හමුවු Stellan Skarsgård මාර්ටින් වැන්ගර් ලෙසත් සම්බන්ධ වෙනවා, මිලියන 90$වක වියදමකින් නිර්මාණය උන මෙය මිලියන 232.6$ ක් ඉපයීමට සමත් වෙනවා. 2011 හොඳම සංස්කරණය හිමි ඔස්කාර් සම්මානය දිනා ගැනීමටත් , තවත් සම්මාන 90කට නිර්දේශ වී ඉන් සම්මාන 28ක් දිනා ගැනීමටත් මේ සුපිරි සලරුව සමත් වෙලා තියෙනවා. Thor:Ragnarok චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයක් වෙන Immigrant සිංදුව ෆිල්ම් එක පටන් ගද්දි ඔයාලට අහන්න පුලුවන්. එහෙනම් ඔයාලත් ෆිල්ම් එක බලලා ගුණ දොස් කොමෙන්ට් කරන්න. ආයෙත් මේ වගේ තවත් උපසිරැසියකින් ආයෙත් හමුවෙනතුරු ජය වේවා! තෙරුවන් සරණයි !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

13,512 downloadsDownload The-Girl-With-the-Dragon-Tattoo-2011.zip65 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

13,512 downloadsDownload Subtitles65 KB

64 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Thnk brooo sub ekata......

    1. යුරාන් ධනුක

      බොහෝම ස්තුතියි සහෝ

    2. Lalith_priyankara

      Hodai

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  3. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  4. gihan perera

    Good job bro...great old hits...Thanks so much...and all the best for you first subtitle...keep continue it...god bless you and good luck....

  5. Danuka0522

    Thanks

  6. Asanke

    Thanks bro

  7. harshani11112

    ස්තුති යුරාන් සහො.....

  8. SAjith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  9. MalindaCT

    පළමු උපසිරැසට සුභ පැතුම් සහෝදරයා.... මේ වගේම 50,100,200 කඩයිම් පසු කරන්න ලැබේවා...
    බොහොම ස්තූතියි

    1. යුරාන් ධනුක

      බොහෝම ස්තුතියි සහෝ

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…..!

  11. Sajmadu

    Ela.ela.niyamai.jaya wewa.

  12. Bandara 1976

    නොවිසඳුණු අපරාධ ගැන හොයාගන්න මෙය නරඹන්න කියලා මම ඔයලගෙන් ඉල්ලනවා

  13. Kapila4499

    thanks for sub ..............

  14. kodagoda

    supiriyak wage tnx bro

  15. Dewadithya

    Thanks for Sub

  16. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  17. dinusha86

    thanks saho...

  18. යුරාන් ධනුක

    බොහෝම ස්තුතියි අදහස් දක්වපු හැමෝටම!!!

  19. ERANDA MALITH

    Sub ek gaththa
    Thanks mco
    Jayawewa!!!

  20. Kasun A.

    palaweni upasiresi nirmanayata suba pethum yuran saho! upasiresiyata thuthi.jaya!

  21. Nimach273

    Thanks sub akta

  22. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Sandun Lakshan

    බොහොම ස්තුති සිංහල සබට.....ජයවේවා :D

    1. Lalith_priyankara

      හොඳයි

  25. prasakr

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  26. malith

    Ela ela

  27. sachithra

    1St ekata suba pethum.mul ekama box office hit ekk lebila thiyenne.ehema wenne kalathurakin sahoo.thawa ekkin hambemu.jaya wewa.

    1. යුරාන් ධනුක

      බොහෝම ස්තූතියි සහෝ

  28. D.Chamara

    bohoma sthuthi sahooo jaya ....

  29. Pramukmili

    thanxx bro….

  30. suranuwan

    thanks bro....

  31. shenal

    thanks bro

  32. Lakshitha

    SUpiri

  33. AsithaDilruwan

    Ela saho thanks

  34. Lalith_priyankara

    Nice sub

  35. kasun3

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  36. akilas

    තරහකට කියනව නෙමේ.උපසිරැසියේ ගොඩක් අඩුපඩු තියෙනවා."come on" කියන්නේ ඉදිරියට එන්න කියන එක නෙමේයි.මේ එක වරදක් පමනයි.තව බොහොමයක් අඩුපාඩු තිබෙයිEnglish වාක්‍යයේ සින්හල තේරුම ඒ ආකාරයෙන්ම පරිවර්තනය කරන්න යෑමෙන් එම වාක්‍යයේ මුඛ්‍ය අර්ථයට බලපෑමක් කරනවා.අඩු පාඩු හදා ගන්න.ඔබගෙ උත්සහය අගය කරනවා.

  37. Kaveen Gayath

    Thanks bro Jaya wewa

  38. aselawikum

    Thanks a lot for sacrifices of your all

  39. tharidu sagara

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
    ජය වේවා!!!

  40. nishannw

    ස්තූතියි සහෝ

  41. sandharu

    Thankss broooo

  42. Bandaramudiyansi

    Thank sabtitel ekta malli

  43. Minethra

    සබ් එකට තෑන්ක්ස් ස⁣හෝ

  44. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  45. Kasunabayasekara

    2009 ekatath sub ekak danna pls Thanks bro

  46. suchroxx

    Thanks Bro

  47. arawindasunimal

    thanks sub ekata (yuran danuka) jayawewa...........

  48. Manawadasunperera

    Thanks bro

  49. Chethi

    Me subtitles ganna baane. No access kiyala vatenava. Log vennath bane

  50. PahasaraDv

    Thankz....

Load more comments