ආයුබෝවන්! සුපුරුදු විදියටම අදත් සුපිරිම බයිස්කෝපකට සිංහල උපසැරසි අරගෙන මම ආවා. ඉතින් කලින් දීපු ”Detective K.Secret of Virtuous Widow” බලන්න ඇති කියලා හිතනවා. ඒක හොයා ගන්න බැරි වුණා නම් මට මැසේජ් එකක් දාන්න. ලින්ක් එක එවන්නම්. මේ ෆිලුම නම් හොයා ගන්න කිසිම අමාරුවක් නෑ. හොඳයි ඉතින් මේක 2012 වසරේ නොවැ…

ආයුබෝවන්! සුපුරුදු විදියටම අදත් සුපිරිම බයිස්කෝපකට සිංහල උපසැරසි අරගෙන මම ආවා. ඉතින් කලින් දීපු ”Detective K.Secret of Virtuous Widow” බලන්න ඇති කියලා හිතනවා. ඒක හොයා ගන්න බැරි වුණා නම් මට මැසේජ් එකක් දාන්න. ලින්ක් එක එවන්නම්. මේ ෆිලුම නම් හොයා ගන්න කිසිම අමාරුවක් නෑ. හොඳයි ඉතින් මේක 2012 වසරේ නොවැම්බර් 8 තිරගත වුණ චිත්‍රපටියක්. පැය 2 ක කාලයක් දිවෙන මේ චිත්‍රපටිය ක්‍රියාදාම සහ ත්‍රාසජනක ගණයට අයත් imdb 7.1 ලබාගත් හොඳම චිත්‍රපටියක්.
Choi Hyeong-goo (Jung Jae-young) කියන්නෙ 1986 ඉඳන් 1990 වෙනකන් කාන්තාවන් දස දෙනෙකු ඝාතනය කර පැන යන දරුණු මිනීමරුවෙක් එහෙම නැත්නම් සීරියල් කිලර් කෙනෙක්ව පන්නන පොලිස් පරීක්ෂකයෙක්. ඒ වගේම ඔහු සැක කරනවා තවත් එක් කාන්තාවකගේ පැහැර ගැනීමක් හෝ ඝාතනයකටත් මොහු වැරදිකරු බව. මේ පරීක්ෂකතුමා ඝාතකයාව අල්ලගත්තත් සටනකට පස්සෙ ඔහු පලා යනවා. ඊට කලින් චොයි නිලධාරිතුමා මේ ඝාතකයට තියෙන වෙඩි පහරක් උරහිසට වදිනවා.
චිත්‍රපටිය පටන් ගන්නෙ මේ සිද්දියෙන් අවුරුදු 15 කට පස්සෙ 2005 අවුරුද්දේ මෙම ඝාතන නඩුවේ නීතිමය කාල සීමාව ඉවර වුණාට පස්සෙ. ඒ කියන්නෙ මේ ඝාතකයාට නීතිමය බාධාවක් නෑ දැන්. චොයි නිලදාරිතුමා දැන් බේබද්දෙක්. මෙයාගෙ ඇස් ඉස්සරහම ඝාතනය වුණ ගෑණු කෙනෙක්ගෙ පුතෙක් වහලෙන් බිමට පනිනවා. මේ සිද්දියෙන් අවු. 2 කට පස්සෙ Lee Doo-seok (Park Si-hoo) කියන කෙනා ”ඝාතනයන්හි පාපොච්චාරණය” පොත එළි දක්වනවා නිව්ස් වලට පෙන්වනවා. ඔහු කියන විදියට අවු. 17 කට කලින් වුණ ඝාතන පෙලේ අපරාදකරු මොහුයි. මේ පොතේ ඔහු කල ඝාතන සහ ඒ ගැන හැම විස්තරයක්ම තියෙනවා. උරහිසේ තියෙන වෙඩි පාර පවා මාධ්‍යට පෙන්වනවා. මෙයාගෙ ආකර්ෂණය නිසා පොත හොඳම ආදායම් ලබමින් විකෙණනවා. ඒ වගේම මොහු කල වැරදි වලට අපරාදයට ගොදුරු වූවන්ගෙ පවුල් වලට ගිහින් සමාව අයදිනවා. ඒ වගේම චොයි නිලදාරීවත් මුණ ගැහෙනවා. මේ සේරම නිව්ස් වලට පෙන්වනවා. ඒත් චොයි පිළිගන්නෙ නෑ ඝාතකයා මොහු බව. මෙයා කියන්නෙම පොත ලියපු ලී දෝ සක් වංචාකාරයෙක් බව. මේ නිසා මේ දෙන්නවම සජීවී විවාදයකට රූපවාහිනියට ගෙන්වන්න තීරණය කරනවා.
ඒ අතරම අපරාදයට ගොදුරු වුණ අයගේ පවුල් කීපයක් එකතු වෙලා මේ පොතේ කතෘ ලී දෝ සක්ව පැහැර ගන්න සැලසුම් කරනවා. මේ පිරිසේ නායකයා වෙන්නෙ 11 ස් වෙනියට ඝාතනය කලා යැයි සැකකරන කෙල්ලගෙ අම්මා. ඇයට දැන ගන්න ඕන කරනවා එයාගෙ දුව පණ පිටින්ද මොකද වුණේ කියලා.
ඉතින් කොහොම හරි විවාදය පටන් ගන්නවා සජීවීව. මේ වාදය අතරෙදි ඇමතුමක් එනවා නරඹන්නෙකුගෙන් මෙයා නම කියන්නෙ නෑ J හැටියට තමයි හඳුන්වන්නෙ. මේ j කියනවා ලී දෝ සක් නෙමෙයි ඇත්තම ඝාතකයා ඔහු බව. ඒ වගේම ඔහු ළඟ සාක්ෂි පවා ඇති බව. j මෙහෙම පිළිගත්තට පස්සෙ මුළු රටම සහ හැමදෙයක්ම ව්‍යාකූල වෙනවා. අන්තිමේදි තුන්දෙනාවම එකම වේදිකාවට ගෙන්වන්න තීරණය කරනවා.
එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ. පැය 2 පුරාම ත්‍රාසය කුතුහලය පුරවගෙන ක්‍රියාදාම සමඟ මෙම චිත්‍රපටිය බලන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ j පිළිගත්තට ඝාතකයා ඔහු බව ඇත්තටම ඒ ඔහුද? එහෙනම් ලී දෝ සක් කොහොමද විස්තර ඇතුව පොත ලිව්වෙ? උරහිසේ තියෙන තුවාලෙ කොහොම වුණේ? නිලධාරී චොයිට ඇත්තම මිනීමරුවාව අල්ල ගන්න පුළුවන්ද? බලන්න එහෙනම්. මං තවත් උපසිරසියක් අරන් එන්නම්.
බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
Confession Of Murder 2012 BRRip 720p x264 Korean ESubs – PRiSTiNE
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,556 downloadsDownload Confession-Of-Murder-2012.Baiscopelk.com_.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
24 comments
Obama_SL
saradi
thanks saho...
mithun
සබ් එක ගත්ත සහෝ ස්තුතියි උපසිරැසි ගැන්නුවට සුපිරි වගෙ. The waling කොරියානු චිත්‍රපට නම් කියන්න වචන් ණැ එච්චරම සුපිරි කොරියානු වලට වහ වැටුන ෆිලුමක් tren to busan එකත් සුපිරි දිගටම රිලිස් වෙන හොදම කොරියානු චිත්‍රපට දෙන්න ඔයට ස්තුතියි කොරියානු චිත්‍රපට උපසිරැසි ගන්වන්න ඉන්න මම දකින එකම උපසිරැසි කරුව ඔබට ජය අපෙ සතුට වෙනුවෙන් කරන සෙවෙට තුති
Krishan NiShalya
Confession Of Murder (2012) BluRay 720p x264 700MB -XpoZ
oka wenda oni neda filuma
elama
digatama karamu pahara korian ewa
Good Luck...!
☺☺☺☺☺ඉෂාන් මදුෂ
නියමයි.ස්තුතියි සහෝ සබ් එකට
අසිත
ealam saho thanks
Dulanga
Thanks
Kasun Lakshan
නියමයි සහෝ... සුපිරි තේරීමක්...
දිගටම sub දෙන්නJack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයෙන් ජය...pabasara
wenasma kathawak wage.thxxx sub ekata.digatama korean ewa denna .mokada api balanne korean witharai
Nipuna Udayanga
නියමයි. තෑන්ක්ස් මචන් !
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks..
Kulanjana Maduranga
niayamai…thawa lassana korean drama 1k denn.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanjaya
Thanks Saho....
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!ricadodamien
Thank U Chamal brother & Baiscope team for the sub, enjoyed it very much & i really love the korean movies that u have sub, great work brother, all the best to baiscope team.....................
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
ලෝෂණ
බලන්නම ඔනි එකක් මෙකත්. සබ් එකට තැන්ක්ස් මචන්.
Shaggy
බොහොම ස්තූතියි
Anonymous
Thank you bro!!
Krishani
Thank you ️
Shehan
Sub ek wada nane
Ravindu Heshan - Admin
Dan Wada
Advertisement

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......