මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Paradise Now (2005) පාරාදීසය ගිනිගනී… ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. පහුගිය අවුරුද්දේ…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Paradise Now (2005) පාරාදීසය ගිනිගනී… ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
පහුගිය අවුරුද්දේ අවසාන කාලේ දවසක අන්තර්ජාලයේ සැරිසරනකොට අහම්බෙන් නෙතගැටුන එක්තරා රුසියානු හමුදා සිනමා සිත්තමක පූර්ව ප්‍රචාරක පටයක් එහෙමත් නැත්තං ට්‍රේලර් ( Trailer) එකක් නිසා මටත් අමතක වෙලා තිබුන හරිම සුන්දර අතීතෙකට මගෙ හිත නිකම්ම ඇදිල ගියා.
” ළා හිරිකඩ වැස්සක් වැටුන එක හවස් වරුවක දොඩං ගෙඩි දෙක තුනක් තරමේ උස බටු ඇට සයිස් හිච්චි කොලුවෙක්, බයිසිකලේකුත් පැදගෙන කලබලෙන් වගේ හතිත් දාගෙන ගමේ පුස්තකාලෙට ගොඩ වැදුනා.
ඒකෙ පිරිල තිබුන පොත් රාක්ක ටික දැකල කොලුවගෙ ඇස් දෙක දිලිසෙන්ඩ ගත්තෙ හරියට නිකං නිධන් දූපතට ගොඩ බැස්ස මූදු කොල්ලකාර කැප්ටන් ජැක්ගෙ වගෙයි. කොලුවා පහේ සිස්සත්තෙ පාස් උනොත් එහෙම ගෙදරින් ලැබෙන්ඩ නියමිතව තිබුන තෑග්ග තමයිලුනෙ ඔය ගමේ පුස්තකාලෙ සාමාජික කාර්ඩ් එක. ඉතිං හා හා පුරා කියල තෑගි හම්බුන කාර්ඩ් එකත් කොලුවා සාක්කුවෙං පොඩ්ඩක් එළියට ඇද්දේ මමත් දැං ලොකු මිනිහෙක් කියලා හැමෝටම ආඩම්බරේ පෙන්නන්ඩ වෙන්න ඕනෙ. කොහොමින් කොහොම හරි කොලුවත් ආසාවෙං පොත් රාක්ක ගානෙ පොත් අත ගගා ඇවිදින්ඩ ගත්තයි කියමුකෝ. රැව්ල දෙපැත්තෙං ගෝනුසු වලිග කට් එකට කරකවපු පුස්තකාල මහත්තයගෙ රේඩාර් එකට ඔන්න දැං තමයිලු මේ පොත් අවුස්ස අවුස්ස පුස්තකාලෙ පුරාවටම කරක් ගහන නාහෙට නාහන කොලුවව අහු වෙන්නෙ…
– ඔය ළමයා මොකද මේ කරන්නෙ…?
– මම මේ පොතක් ගන්නයි කියලා…
– ඉතිං පුස්තකාලෙ පොත් නැතුව පාං දෙනවයි කියලද හිතුවෙ…?
– පානුත් තියේනං දෙන්න, අම්ම රාත්තලක් ගේන්න කිව්වා…
(පොඩ්ඩක් නළල රැළි ගස්සලා කණ්නාඩි කුට්ටමටත් යටිං බලපු පුස්තකාල මහත්තයා…,)
– දැං ඔය ළමයා පොතක් තෝර ගත්තද…?
– තාම එකක් තෝර ගන්න බැරි උනානෙ…
( ටිකක් උස රාක්කෙක උඩිං තිබුන නිල් පාට පිටකවරයක් තිබුන පොතක් තෝරලා අතට ගත්තු පුස්තකාල මහත්තයා ඒ පොත අර කොලුවගෙ අතට දුන්නා…)
– ඔය ළමයා එහෙමනං මුලින්ම මේක කියවල එන්නකෝ…
(කොළුවා පොත අතට අරං බැලුව පිටකවරෙ දිහා, ලස්සන නිල්පාට කවරෙ මැද්දෙ මෙන්න ඉන්නවා ගුවන් නියමුවෙකුත්. කොලුවට ආස හිතුනා…)
– බරිස් පලෙවොයිගේ ” සැබෑ මිනිසෙකුගේ කතාවක් ” පරිවර්තනය කරල තියෙන්නෙ දැදිගම වී. රුද්‍රිගු
ඔන්න ඔහොමයිලු මේ කොලුවගෙ පුස්තකාල පාඨක ජීවිතේ පළවෙනිම පොත අතට පත් වෙන්නෙත්, පුස්තකාල මහත්තයයි මේ කොලුවයි හොඳ යාලුවො බවට පත් වෙන්නෙත්. හැබැයි ඒකෙන් පස්සේ ඒ කොලුවා අදටත් රුසියන් පොත් පිස්සෙක් වගේම හොඳම ජාතියේ පොත් ගුල්ලෙක්ලු… ” ඔය පහලින් දාල තියෙන්නෙ පොඩි කාලෙදි ඒ කොලුවව පිස්සු වට්ටපු තවමත් අහු උන වෙලාවට පිටුවක් දෙකක් හරි කියවන ඒ අරුම පුදුම පොත…

අලෙක්සේයි මෙරේස්යෙව්, සෝවියට් ගුවන් හමුදා ප්‍රහාරක යානා නියමුවෙක්. කවුරුවත්ම නොහිතපු විදියට අවාසනාවන්ත එක දවසක අලෙක්සේයිගෙ යානය ජර්මානුවන් සමග සිදු උන ගුවන් සටනක් අතරතුරදී ප්‍රහාරයකට ලක් වෙලා මහා හිම කතරක් මැදට කඩා වැටෙනවා. අලෙක්සේයිට දිවි බේරා ගැනීමට හැකි වේවිද…? අලෙක්සේයිට නැවත පියාසර කල හැකි වේවිද…? නොපසුබස්නා වීර්යය සහ අධිෂ්ඨානය සමග අලෙක්සේයිගේ සිහිනයන් ජය ගත ගැකි වේවිද…? අවසරයි නරඹන්න, ” සැබෑ මිනිසෙකුගේ කතාවක්…! “
Imdb දර්ශකයේ 6.0 ක් සහ Rotten Tomatoes දර්ශකයේ 78% ලබාගත්තු මේ අපූරු රුසියානු සිනමා සිත්තමේ කතාව කියන එක නම් හරිම අමාරු දෙයක්. මොකද මේ සිනමා සිත්තම නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි එකක් නිසා. මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසාවෙන් තවමත් මේ සිනමා සිත්තම රස විදින්න හිතුනෙ නැත්තං මේ සිනමා සිත්තමේ ට්‍රේලර් ( Trailer) එක බලලා එන්න. තෝරා බේරාගෙන රසවිඳීම ඔබට බාරයි…
ළිපිය දික් උනානං ඒකට සමාවෙන්න ඕනෙ. අතීතකාමය හරිම රහයිලුනේ. ඒකයි…, පොත දැක්කනං, පොතේ නම ඇහුනනං හැමෝම වගේ දන්නව ඇති මේ සිනමා සිත්තම මොකද්ද කියලා. ඒ පොත ඇසුරින් මේ සිනමා සිත්තම නිර්මාණය උනා උනත්, යම් යම් නිර්මාණාත්මක අවශ්‍යතාවන් මත සමහර කොටස් පොතට වඩා ටිකක් වෙනස් කරල තියෙනවා. පස්සෙ මට බැනුම් අහන්න වෙයි කියලයි දැන්මම කිව්වෙ. ඒ කොහොම උනත් මට නං පොතේ තිබුන කතාව තරමටම ආසාවෙන් මේකත් රසවිඳිනත් පුලුවන් උනා. තීරණය ඔබ සතුයි…!
තව දෙයක්, මේ සිනමා සිත්තම රිලීස් වෙන්නත් කලින්ම ආසාව වැඩි කම නිසාම වැඩේ බාර ගත්තා උනත් පහුගිය කාලය පුරාවටම වැඩත් එක්ක සෑහෙන්නම කාර්යබහුල උන නිසා හිතපු විදියට වැඩේ ඉවර කරන්න බැරි උනා. ඒ නිසා මෙතෙක් කල් මගේ ප්‍රමාදය ඉවසා වදාරපු ඇඩ්ඩිං මඩුල්ල ඇතුලු හැමෝම සමා වෙන්න ඕනෙ මගෙ ප්‍රමාදයට. ඒ වගේම විශේෂ ස්තූතියක් පිරිනමන්න ඕනෙ අන්තර්ජාලයේ හමු උන මා නොදුටු මිතුරෙකු වන ලක්මාල් ජීවන්තටත්. තිබුන උනන්දුව නිසාම ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින් ඉදලාම මේකේ හොද කොපියක් හොයල දෙන්න කියල එයාට කරපු කරදරය ඉවසා වදාරගෙන කොහොම හරි මට හොඳ කොපියක් රිලීස් උන ගමන්ම හොයල එවපු එක වෙනුවෙන්. ඒත් අන්තිමේ මගෙ අතිනුයි ප්‍රමාද උනේ…
පලි,
සබ් කරන්න මග ඇරුන අලුත්, පරණ භාෂා බේදයක් නැතුව හොද ෆිල්ම් තියෙනව නං පහලින් කමෙන්ට් එකක් දාල යන්න. එහෙමත් නැත්තං ” [email protected] ” එකට මේල් එකක් දාන්න. වෙලාව ලැබෙන විදියට, පුලුවන් විදියකට කරන්නම්…
කාලයේ වැලි තලාවෙන් මැකිලා සැගවිලා ගියපු, හරි අපූරු ආදරණීය දකුණු කොරියානු සිනමා සිත්තමක උපසිරැසියක් සමගින් ළගදීම නැවත හමු වෙමු…
ඔබට ජය…!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
7,831 downloadsDownload The-Pilot.-A-Battle-for-Survival-2021.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
71 comments
CRG
හසිත මධුෂාන්
මමත් සෑහෙනම ආස කරන පොතක්. මගෙ ගාවත් පොතක් තියේ කවද හරි ළමයෙක්ට කියවන්න දෙන්න කියල හරි පරිස්සමට අරන් තියා ගත්තු.
indika 75
මමත් හරිම ආසාවෙන් කියවපු පොතක්.බොහොම ස්තූතියි.
අචින්ත
කාලෙකට පස්සේ සබක් කරන්න ලැබිල වගේ
සුපුරුදු පරිදි ලිපිය කියවල ඉවර වෙනකොට බලන්න හිතිලා ඉවරයි
සබට ගොඩක් ස්තුතියි මචන්..
ඔය කියපු පොත නම් කියවා නැත..ඒකත් වෙලාවක් ලැබුණම අරං කියවන්නම්.Pasindu Nirman
කියවපු අය දන්නව මේකෙ ටියන රහ දෙපාරක් ස්කොලෙ පුස්තකාලෙන්ම පොත අරම් කියෙව්ව එතරමට සුපිරි කතාවක් දැක්කට පස්සෙ නොබල ඉන්න බැ කොමත්
හසිත මධුෂාන්
ෆිල්ම් එක බලන එකයි මනසින් රූප මවා ගන්න ගමන් පොත් කියවන එකයි පුදුමාකාර වෙනස්. පෞද්ගලිකවම මම නං කැමති ඔය දෙවෙනි එකට සහෝ. අනිවාර්යයෙන්ම පොත කියවන්න සහෝ...
හසිත මධුෂාන්
Pasindu Nirman මමත් පුදුමාකාර විදියට ආස පොතක් තමයි...
Anonymous
jurassic world sub plz
හසිත මධුෂාන්
දීල තියෙන්නේ...
Shehan Madushanka
මම කියෙව්ව ලස්සන පොත් අතරින් ගොඩක්ම ලස්සන පොතක් මේ.ස්කෝලෙ හයේ හතේ කාලෙ පුස්තකාලෙන් අරන් කියෙව්වෙ.අදටත් මේ පොතේ pdf එක තියනව ෆෝන් එකේ.
Anonymous
pdf eka denna puluwannam loku udawwak. kiyawanna asa hithuna
හසිත මධුෂාන්
ඔය උඩ තියෙන මේල් එක හරහා මාව සම්බන්ධ කර ගන්න. මම පොතේ කොපියක් එවන්නම්...
යුරාන් ධනුක (දනුවා)
මම කියවපු හොඳම රුසියානු කතාව. ඉතිං නොබල කොහොමද
උපසිරසියට තුතිAnonymous
Thank you for the subtitle...
Anonymous
the sea beast sub ekath one
හසිත මධුෂාන්
ලස්සන ඇනිමේෂන් 1ක් වගේ, බාන්න දැම්මා...
බලලම කියන්නම්...
Anonymous
lightyear sub ekath one
හසිත මධුෂාන්
ලස්සන ඇනිමේෂන් 1ක් වගේ, බාන්න දැම්මා...
බලලම කියන්නම්...
Anonymous
operation romeo eke sub ekath onee
හසිත මධුෂාන්
සමාවෙන්න සහෝ, මම හින්දි බැලෙනවා නම් හුඟාක්ම අඩුයි...
Anonymous
restless 2012 eke sub ekath one
Anonymous
Hello Goodbye and Everything in Between eke sub ekath oneeeee
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Geethi
Thank you very much.
harasha
මම ලමා කාලයේ කියවපු රුසියානු පොත් අතර තියන අමතක කරන්න බැරි පොතක් තමයි මේ සැබෑමිනිසෙකුගේ කතාව. මේ කතාවේ මගේ හිත හුඟක්ම රිදුන තැනක් තමයි අලෙක්සෙයි තුවල ලබලා ඉන්න කොට එයාව බේරගන්න තමන් ආදරෙන් හදපු කුකුල් පැටියාව මරලා සුප් එකක් හදලා අලෙක්සෙයිට දෙන අවස්තාව. ඒක මේ ච්ත්‍රපටයේ තියනවාද දන්න්නේ නෑ. කොහොම උනත් රුසියානු පොත් අපේ ජීවිතවලට අරුතක් ගෙන ආවා. මේ පොතත් අම්මා පොතත් තවමත් මා ලඟ තියනවා ඔබට බොහෝම ස්තූතියි චිත්‍රපටය බළලා තව මොනවා හරි කුරුටු ගාන්නම්
හසිත මධුෂාන්
මමත් සෑහෙනම සංවේදී උන තැනක් තමයි වසීලිසා නැන්දා එයාගෙ එකම පාටිසාන්න්කා කුකුළු පැටියගෙන් අලෙක්සේයිට සුප් එකක් හදන් ආපු වෙලාව.
අවාසනාවකට මේකෙ ඒ කොටස නෑ. මේක 100%ක්ම පොතේ කතාවම නෙමෙයි. සමහර කොටස් වෙනස් කරල තියෙනවා නිර්මාණාත්මක අවශ්‍යතා මත.චතුර
ඇත්ත මචං.මේ චරිත film එකක් වගේ මැවෙනවා
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kantha_DLA
Mama school yana kale keepa warayak
itha aasawen kiyawapu pothak...
Hamoma meka balanna....Kantha_DLA
me pothe sinhala pdf eka thianawanam
link eka ewanna please ..හසිත මධුෂාන්
සමාවෙන්න සහෝ උත්තරයක් එවන්න ප්‍රමාද උනාට. පුලුවන්නම් ඔය උඩ තියෙන මේල් එක හරහා මාව සම්බන්ධ කර ගන්න. මම පොත එවන්නම්.
Bimsara Yashan(ඔලිව)
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. නියම චිත්‍රපටයක් වගේ. අනිවාරෙන් බලන්න ඕනෙ. ජයවේවා!
Cj
බොහොම ස්තුතියි මචෝ sub ekata...
malith madhushan
හසිත අයියේ බොහොම ස්තුතියි උපසිරසට, මේකට සබ් ඒක හොයා හොයා හිටියේ, ඔයාගේ වැඩක් නිසා කොහොමත් සුපිරියටම තියෙනවා.
Anonymous
පොත දැක්කම අතීතෙට ගියා...
Malith Rubasinghe
සැබෑ මිනිසෙකුගේ කතාවක්.. අදටත් ආස ම පොත් වලින් එකක්.. පොත විතරක් දහ සැරයකට වඩා කියවල තියනවා.. දැං Film එකත් බලන්න පුළුවන්, බොහෝම ස්තූතියි සහෝ.. ජය..
Nishan
Thanx bro
harsha
සිනමා පටය බලලා ඉවර උනා විතරයි. අපූරුවට කරලා තියනවා. මේ පොත කියවා තියන අප පොතේ තියනදේම සිනමා පටයෙන් හොයන එක නොකලයුත්තක්. හසිත ඔබට බොහෝම ස්තූතිය් ඔබේ උත්සාහය සාර්තකයි. ජයවේවා
චතුර
මේ මං කියවපු ලස්සනම පොත. බරිස් පලෙවොයිගේ සැබෑ මිනිසෙකුගේ කතාවක්. මේකෙ චරිත අතර මම ජීවත් වෙනවා වගේ. අලෙක්සේයි. ඔල්ගා. කොමිසාර් සහොදරයා. ආදරේ හිතෙන චරිත. ස්තූතියි මේක දුන්නට
Malith samarawickrama
Thanks saho sub ekata
wasantha senadheera
පොත දැක්කම අතීතෙට ගියා ..ගොඩක් ආසාවෙන් කියවපු පොතක්...සබ් එකට ගොඩක් තෑන්ක්ස්..
wasantha senadheera
Anna and the King (1999) මේ වගේ movie එකක සබ් එක නැති එක නං ලොකු අඩුපාඩුවක්....
හසිත මධුෂාන්
මේක ඉස්සර ටීවී 1න් බලල තියෙනව වගේ මතකයි. කොහොම උනත් බොහොම ස්තූතියි ආයෙම මතකෙට ගෙනවට. මමත් ආයෙම බලන්න ඕනෙ. අනිවාර්යයෙන් සබ් එකක් තියෙන්නම ඕනි සිනමා සිත්තමක්...
wishwa
netflix ekata sub danne kohomada me sute eke wenama sub nane netflix walata
මිලින්ද
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
thanks saho
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Thank you so much
Anonymous
Thanks a lot
Emi
thanks brother
හසිත මධුෂාන්
එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න නතර උන හැම දෙනෙක්ටම බොහොමත්ම ස්තූතියි....!
Dewadithya
Thanks for Sub!
Priyantha Dayakeerthi
හසිත මධුශාන් සොයුර,
මෙම නවකතාව මම දැනට හතර වාරයක් කියවා තිබෙනවා. එයට විශේෂ හේතුවක් වන්නේ මා පාසල් යන සමයේ සිටම "සමාජවාදය" අගය කරන කෙනෙක් වීමයි. එමෙන්ම එම ක්‍රමය සහිත රටවලට අදත් ඉතාමත් ගරු කරනවා. එම රටවල් කීපය නිසා තමයි ලෝකය සමබරවී තිබෙන්නේ. මම පොත කියවන විට මවා ගත් ගුවන් යානය ඒ පරිසරය නොවෙයි මේ ෆිල්ම් එකේ තිබෙන්නේ, පරිඝනක හරඹයක්. ඒ නිසා ඒ ගැන වැඩිය කියන්නේ නැහැ. එකිනෙකාගේ රුචිකත්වය වෙනස්. මෙම කතාව 60 70 දශකයේ සිනමාවට නැඟුනා නම් නව කතාව හා රසයක් විඳින්නට තිබුනා. කෙසේ වුවත් නව කතාවට මා ඉතාමත්ම ගරු කරනා නිසා මේ කමෙන්ට් එක දැම්මේ. මම කොහොමත් ඔබේ උපසිරසි නිර්මාණ ඉතාමත් අගය කරනා කෙනෙක්. ඔබ ලෝකයේ සම්මානලාභී සිනමාපට බොහොමයක් අපට ලබාදී තිබෙනවා. ඒවාටත් මෙම උපසිරසියටත් ඉහත වැදගත් ලිපියටත් ඉතාමත් ස්තුතියි!හසිත මධුෂාන්
ඔබේ අදහස හා 100%ක්ම මමත් එකගයි. පොත කියවන විට සිතේ මැවෙන රූප පෙළ නොවෙයි මේ තිබෙන්නේ. ඊට හරිම අඩු වින්දනයක් තමයි මටත් විදගන්න ලැබුනේ...
මම ඔය උඩින් දාල තියෙන 1948 එක බලන්න ඕනි මාත්.ප.ලි සමාජවාදය ගැන නම් මගේ තියෙන්නෙ තරමක් වෙනස් කියැවීමක්...
Priyantha Dayakeerthi
මෙම සැබෑ මිනිසකුගේ කතාවේ පැරණි වර්ෂන් එකක් නැද්ද?
හසිත මධුෂාන්
Story of a Real Man AKA Povest o nastoyashchem cheloveke (1948)
Madhu sooriyabandara
Thanks sub ekata
vishva
sub eka waradie letchik kiyala film ekaka sub ekak enne
හසිත මධුෂාන්
ඒක තමයි මේ ෆිල්ම් එකේ රුසියන් බාෂාවෙන් නම...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasindu Malith
Youth 2017 chinese ekk. Sub ek dennako...
Anonymous
godak hodai. thank sahodaraya..
Nimantha
Thank sago
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anura L
සිංහල සිනමාපටයක් රසවින්දා හා සමාන අත්දැකීමක් විඳිය හැකි වුණා. චිත්‍රපටය අවසානයේ තමයි මතක් වුණේ මෙය රුසියන් එකක් බව. ලෝක සිනමාවේ මෙවන් තවත් විශිෂ්ට සිනමා නිර්මාණ අප වෙතට ගෙන ඒමට ඔබට ශක්තිය ලැබේවා..
Akila Dilhara
Thanks Brother...
Anonymous
සහෝ පුළුවන්නම් fly boys film එකට සුබ කරන්න.ජයවේවා...
Chanuka dilshan
මේ පොත පොඩි කලෙ කියවල තියෙනවා .මේ වෙනකන් නම හොය හොයා හිටියේ .
Chandika
Podikale Amma kiyapu katawk meka.athtatama satutui meka sub dipu ekata
Pasindu Malith
Infiltration 2022 Russian ekk...sub ek dennako.
Tharindu
Thank you for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ෙගාඩක් ස්තුතියි සහෝදරයා. මේ පොත මම දෙපාරක්ම සල්ලි දීලා ගත්තා. ඒ තරම්ම වටිනවා. ස්තූතියි සබ් එකට