කොහොමද යාලුවනේ! ඔන්න තවත් උපසිරැසියක් අරන් ආවා. 2018 දී ආපු Princess Switch (කුමරියගේ වෙස් මාරුව) මතක ඇතිනේ. අපේ බාසුර ඉන්ද්‍රචාප සහෝදරයා උපසිරැසි අරන් ආවේ. ඉතින් ඒ ෆිල්ම් එකේම දෙවනි කොටස තමයි මේ. ඉන්ද්‍රචාප සොහොයුරාට වගේම බයිස්කෝප් ටීම් එකටත් ගොඩක් ස්තූතියි මේකට මට අවස්තාව දුන්නට. මේ ෆිල්ම් එක ඩිර…

කොහොමද යාලුවනේ! ඔන්න තවත් උපසිරැසියක් අරන් ආවා. 2018 දී ආපු Princess Switch (කුමරියගේ වෙස් මාරුව) මතක ඇතිනේ. අපේ බාසුර ඉන්ද්‍රචාප සහෝදරයා උපසිරැසි අරන් ආවේ. ඉතින් ඒ ෆිල්ම් එකේම දෙවනි කොටස තමයි මේ. ඉන්ද්‍රචාප සොහොයුරාට වගේම බයිස්කෝප් ටීම් එකටත් ගොඩක් ස්තූතියි මේකට මට අවස්තාව දුන්නට. මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ Mike. මෙයා ගොඩක් රොමෑන්ටික් ෆිල්ම්ස් අධ්‍යක්ෂනය කරලා තියෙනවා. Love at first bark, the bridge, Royal matchmaker, miss christmas වගේ ෆිල්ම් mike ගේ ෆිල්ම්ස්. ඉතින් මේකත් ඒ වගේම Romance comedy ගනේට වැටෙන ෆිල්ම් එකක්. කලින් ෆිල්ම් එකේ හිටපු සෙට් එකමයි මේකෙත් ඉන්නේ. අලුත් චරිත කීපයකුත් එකතු වෙලා තියනවා. Vanessa Hudgens තමයි ප්‍රධාන චරිතේ, ස්ටේසි. මතකයිනේ High school musical එකේ Vanessa ගේ රගපෑම. Sam Palladio සහ Nick Sagar තමයි අනෙක් ප්‍රධාන චරිත දෙක, එඩ්වර්ඩ් සහ කෙවින්ට පණ පොවන්නේ. Princess Switch එකේදිත් ඒ දෙන්නා හිටියා මතකයිනේ. ඉතින් මේ ෆිල්ම් එක IMDb එකේ 5.3ක අගයක් සටහන් වෙලා තියනවා. 2020ට ආපු අලුත්ම නත්තල් චිත්‍රපටියක්. නෙට්ෆ්ලික්ස් ලා තමයි ෆිල්ම් එක කරලා තියෙන්නේ.
මේ ෆිල්ම් එක ගෙතෙන්නේ මාගරට්, ස්ටේසි සහ ෆියෝනා කියන චරිත තුන වටේ. මාගරට්වයි කෙවින්වයි එකතු කරන පරම පිවිතුරු අරමුණින් ස්ටේසියි මාගරටුයි ආයෙත් වෙස් මාරු කරගන්නවා. මේ දෙන්නා ආයමත් හිටපු විදියට මාරු වෙන්න කලින්, ෆියෝනා, මාගරට්ගේ නෑනා ඇවිත් වැඩේ අවුල් කරනවා. මාගරට්ට ඕන ආයෙමත් කෙවින් එක්ක එකතු වෙන්න. ඒත් ෆියෝනා? එයා මේ වැඩේ සම්පූර්ණයෙන්ම කනපිට ගහනවා. එඩ්වර්ඩ් ටත් මීටර් නෑ වැඩේ. එයත් මේ පෙරලිය දැනගන්නේ අවසානෙට. එඩ්වර්ඩ් මේ ගැන දැනගත්තම මොකක් වෙයිද? ෆියෝනා හදන මේ අවුල මාගරට්ට ලිහා ගන්න පුලුවන් වෙයිද? එඩ්වර්ඩ් ටයි ස්ටේසිටයි අවසානෙට මොනා වෙයිද? කෙවින්ටයි මාගරටටයි එකතු වෙන්න පුලුවන් වෙයිද? ඔය හැමදේටම උත්තර ෆිල්ම් එකේ තියෙනවා. ඉතින් Vanessa ගේ විශිෂ්ට ත්‍රිත්ව නිරූපණය මේ ෆිල්ම් එකට වෙනස්ම රසයක් ලබා දෙනවා. ඉතින් ෆිල්ම් එක බලලාම කියන්නකෝ කොහොමද කියලා. තවත් උපසිරැසියකින් හමුවෙමු!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
5,843 downloadsDownload The.Princess.Switch.Switched.Again_.2020.Baiscopelk.com_.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “JAAL” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
JAAL
Subtitles
23 comments
Supun Kaushalya
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!sampath n perera
thanks........
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
thilina
adee christmas film vagayak evila tynva sub denako plz
The Christmas Chronicles 2
thilina
sub ekta thq
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
indika75
thanks..
kevin D...
Thanks...
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Duleepa
සබ් එකට ස්තුතියි..මගෙ සබ් සෙට් වෙන්නෙ නෑනේ..webrip ෆයිල් එකක් ගත්තෙත්..
mindika
Thanks !!!
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි...
Request...
................The Santa Clause 2 - 2002
The Santa Clause 3: The Escape Clause - 2006Shamal manojan
&
The Christmas Chronicles 2 - 2020
lakshan
thanks .....................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Maxx
බොහොම ස්තුතියි ඔබට
Maxx
Sugala Deshani
thnak you
Nipun Sithimina
princess switch 3 awith thiyenwa ekta sub eka dennako
Udara Uthpala
The princess switch 3 ekath dennako..
MAALNATH
Thanks.....good luck..........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් ජාල්