ඔන්න මම තවත් ස්පාඤ්ඤ සිනමා නිර්මාණයකට උපසිරැසි අරං ආවා. Durante la tormenta නමින් 2018 නොවැම්බර් 13 දින ස්පාඤ්ඤයේ මුල්වරට ප්‍රදර්ශනය වූ මේ නිර්මාණය Mirage නමින් 2019 මාර්තු වලදී ලොව පුරා විවිධ රටවල් වල ප්‍රදර්ශනය ආරම්භ කළා. මේකෙ අධ්‍යක්ෂණය Oriol Paulo ගේ. රචනයට ඔහු සමග Lara Sendim දායක වෙලා තියනවා.…

ඔන්න මම තවත් ස්පාඤ්ඤ සිනමා නිර්මාණයකට උපසිරැසි අරං ආවා. Durante la tormenta නමින් 2018 නොවැම්බර් 13 දින ස්පාඤ්ඤයේ මුල්වරට ප්‍රදර්ශනය වූ මේ නිර්මාණය Mirage නමින් 2019 මාර්තු වලදී ලොව පුරා විවිධ රටවල් වල ප්‍රදර්ශනය ආරම්භ කළා.
මේකෙ අධ්‍යක්ෂණය Oriol Paulo ගේ. රචනයට ඔහු සමග Lara Sendim දායක වෙලා තියනවා. Oriol Paulo කියන්නේ විශිෂ්ඨ ස්පාඤ්ඤ අධ්‍යක්ෂක වරයෙක්. මෑතකදී අපේ බයිස්කෝප් අඩවියෙන් ලබාදුන්න The Body (2019) හින්දි ප්‍රතිනිර්මාණයට පාදක වුණ මුල් නිර්මාණය වන 2012 දී නිර්මාණය වුණු The Body චිත්‍රපටිය හා Badla (2019) හින්දි ප්‍රතිනිර්මාණයට පාදක වුණු, කලින් මම උපසිරැසි අරගෙන ආපු The Invisible Guest (2016) චිත්‍රපටිය කියන දෙකම අධ්‍යක්ෂණය හා රචනය මෙයාගෙ. ඒ වගේම මම කලින් අරගෙන ආපු Boy Missing (2016) රචනා කලෙත් මෙයා. ඉතින් ඒවා වගේම මේකත් ගොඩක් ජනප්‍රිය වුණු නිර්මාණයක්.
Adriana Ugarte, Chino Darín, Javier Gutiérrez, Álvaro Morte වගේ අය රංගනයෙන් දායක වුණු Drama, Fantasy, Mystery වර්ගයේ නිර්මාණයක් වුණු මේකට IMDB දර්ශකයේ 7.4 ක අගයක්, කුණු තක්කාලි 75% ක්, ගුගල් පරිශීලකයන් ගෙන් 94% ක් වගේ ඉහළ ලකුණු ප්‍රමාණයක් ලැබිල තියනවා. ඉතින් අපි කතාවත් පොඩ්ඩක් බලමු.
1989 නොවැම්බර් 9 වෙනිදා යුරෝපා ඉතිහාසයේ වැදගත් දිනයක් වෙන්නේ ජර්මනියේ ප්‍රකට බර්ලින් පවුර බිඳ වැටිලා අවුරුදු 27 කට පස්සෙ කොටස් දෙක එකට එකතු වීම නිසා. හරියටම එදාම ස්පාඤ්ඤයට දවස් 3ක් එක දිගට පවතින අකුණු කුණාටුවක් ඇති වෙනවා. නිකෝ කියන්නෙ පොඩි ළමයෙක්. එයා කැමරාවක් ටීවී එකට සෙට් කරලා තමන්ගේ වීඩියෝ එකක් කරන්න ලැස්ති වෙනවා. ඒ අතරතුරේ ඉස්සරහ ගෙදරින් ඇහෙන සද්දයක් නිසා එහෙට ගිහින් බලද්දි ගෙදර අයිති ඇන්ජල් ගෙ නෝනා මරල දාල. ඇන්ජල් ලේ ගෑවුණු පිහියකුත් අරගෙන එනවා. නිකෝ ගෙදරින් පැනල දුවද්දි වාහනේකට හැප්පිලා මැරෙනවා. ලේ ගෑවුණු පිහියත් අරං පාරට ආව නිසා තවත් අය ඇන්ජල්ව දකිනවා.
හරියටම අවුරුදු 25 කට පස්සේ, 2014 නොවැම්බර් 9 වෙනිදා කලින් එකට හරියටම සමාන පැය 72 ක් තියන අකුණු කුණාටුවක් එනවා. ඒ වෙද්දී කලින් නිකෝ හිටපු ගෙදර ඉන්නෙ අලුතෙන් පදිංචියට ආපු වේරා කියන හෙදිය, ඇගේ සැමියා ඩේවිඩ් සහ කුඩා දියණිය ග්ලෝරියා. එයාලට හදිස්සියේ ගෙදර තිබිල හම්බවෙනවා පරණ කැමරාවයි ටීවී එකයි. ඒ එක්ක තියන ටේප් රෙකෝඩ් දාල බලද්දී ඒවායේ තියෙන්නේ නිකෝ ගිටාර් ගහන වීඩියෝ. එදාට හරියටම අවුරුදු 25 ක් සම්පූර්ණ වෙන නිකෝ මියගිය දවසේ කරපු අන්තිම වීඩියෝ එකත් බලල ටේප් එක අයින් කරාටත් පස්සෙ ටීවී එක ඉබේම වැඩ කරන්න ගන්නවා. එදා නිකෝ අන්තිම වීඩියෝ එක කරන්න කලින් ටීවී එක දාද්දි ඒකෙ ගියපු බර්ලින් පවුර බිඳ වැටීමේ ප්‍රවෘත්තිය නැවත විකාශය වෙන්න ගන්නවා. මේ අරුම පුදුම සිදුවීම ගැන එදා රෑ කෑමට ඔවුන්ගේ නිවසට ආපු ඔවුන්ගේ අසල්වැසි මිත්‍රයා අයිතෝර් ට කිව්වට එයා ඒක පිළිගන්නේ නෑ.
අයිතෝර් කියන්නේ වේරා ට කාලෙකට කලින් දුම්රියේදී හමුවුණු මිත්‍රයෙක්. එයා වේරාට කැමැත්තෙන් හිටියත් වේරා අයිතෝර් හරහා හඳුනාගත්ත, ඔහුගේ මිත්‍රයෙක් වෙන ඩේවිඩ් එක්ක විවාහ වෙනවා. අයිතෝර් ටීවී එකේ කතාව පිළිගත්තෙ නැතත් වීඩියෝ ටේප් ගැන කියනවා. නිකෝ කියන්නෙ තමන්ගෙ පොඩිකාලෙ හොඳම යාළුවා බවත්, අවුරුදු 25 කට කලින් වුණු සිදුවීමත් එයා විස්තර කරනවා. ඒත් අයිතෝර් ගෙ අම්ම ඒවා කියනවට කැමති නෑ. එදා රෑ නින්දට ගිය අතරේ වේරා ට ආයෙත් ටීවී එකේ සද්දෙ ඇහිලා ඇහැරෙනවා. ගිහින් බැලුවම අතීතයේ ඉන්න නිකෝට ටීවී එක හරහා වේරාත්, වර්තමානයේ ඉන්න වේරට ටීවී එක හරහා නිකෝත් පේන්න ගන්නවා. වීඩියෝ කෝල් එකක් වගේ. දෙන්න කතා කරනවා. එහා ගෙදර සද්දේ ඇහුණාම නිකෝ යන්න හදද්දී වේරා ඔහුව නවත්තන්න උත්සාහ කරනවා. යන්න එපා, ගියොත් හැප්පිලා මැරෙයි කියල නිකෝගේ ජීවිතේ බේරන්න බලනවා.
නිකෝ ඒ කියන දේ අහල නවතියිද? එහෙම නැවතුණොත් එයාගෙ ජීවිතේ බේරෙයි. හැබැයි එහා ගෙදර වුණු මිනීමැරුම එළි වෙන එකක් නෑ. එතකොට අතීතය වෙනස් වීම වර්තමානයට කොහොම බලපායිද? ෆිල්ම් එක අරගෙන බැලුවම ඒවා දැනගන්න පුළුවන්.
අතීතයේ වෙන යම් දෙයක් වෙනස් කිරීම අනාගතයට බලපාන්නේ කොහොමද? කාලතරණ සංකල්පයට විරුද්ධව ඉදිරිපත් වෙන විරුද්ධාභාෂ ගොඩක් තියනවා. ප්‍රසිද්ධ එකක් තමයි Grandfather paradox කියන්නේ. ඒකට අනුව යම්කිසි කෙනෙක් අතීතයට යනවා. ගිහින් තමන්ගෙ සීය කුඩා කාලයේම මරල දානවා. සීය කුඩා කාලයේ මැරුණ කියන්නේ කාල සංචාරකයා ගේ අම්ම හෝ තාත්ත දෙන්නගෙන් කෙනෙක් ඉපදෙන්න විදියක් නෑ. ඒ කියන්නේ කාල සංචාරකයා ඉපදෙන්න විදියකුත් නෑ. එතකොට ඔහුට අතීතයට ගිහින් සීයව මරන්නත් බෑ. ඒ කියන්නේ අතීතයේ වෙනසක් කරන්න බෑ.
ගිහින් පොඩි වෙනසක් කරා කියල හිතමු. ඒත් අනාගතයේ ඒකෙ බලපෑම ලොකු දෙයක් වෙන්න පුළුවන්. මේ කතාවම අරගෙන බලන්න. වේරා එපා කිව්වට නිකෝට එහා ගෙදරට ගිහින් බලන්නම ඕන. ඒත් ටිකක් සැකයක් ඇතිවුණු නිසා තනියම යන්නෙ නැතිව යාළුවා අයිතෝර් වත් එක්කගෙන යනවා. ඒ ගිහින් වාහනේට හැප්පිලා මැරෙන්නෙ අයිතෝර්. එහෙම මැරුණ නම් එයා වේරගේ යාළුවෙක් වෙන්න විදියක් නෑ. එහෙනම් වේර ඩේවිඩ් දෙන්න මුණ ගැහෙන්නෙත් නෑ. ඒ දෙන්නට දුවෙකුත් නෑ. වර්තමානය තනිකර වෙනස් වෙලා. (නෑ නෑ, කතාවෙ එහෙම දෙයක් වෙන්නෙ නෑ)
එහෙමනම් කතාව අරගෙන බලන්න. කාලතරණයේ ගැටළු ගැන වැඩිය හිතන්න යන්නෙපා. බයිස්කෝප් කණ්ඩායම ඇතුළු හැමෝටම ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
9,676 downloadsDownload Mirage-2018.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
21 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Shaggy
Thank you very much
indika75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kasun Lakshan
නියම කතාවක් , ලබා දුන් උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!!!!
Kasun Lakshan
තව Spanish Mystery , Crime , Thriller Mind Blowing Films දෙන්න සහෝ...
ගොඩාක් ස්තුතියිraviz
Thank you......!
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් බයිස්කෝප් අඩවියෙන් මින් පෙර උපසිරැසි ලබාදුන් The Silence of the Lamb - 1991 ත්‍රාසජනක චිත්‍රපටය අයත් චිත්‍රපට එකතුවේ අනෙකුත් චිත්‍රපට කිහිපය සදහා උපසිරැසි දෙන්න පුලුවන්ද?
Manhunter - 1986
Hannibal - 2001
Red Dragon - 2002
Hannibal Rising - 2007Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
R_deshan
පට්ට පහරක්...මේකෙ කතාව තව ටිකක් සංකීර්ණ කරා නම් dark මට්ටමේ tv series එකක් උනත් හදන්න තිබ්බා.සබ් එකට තෑන්ක්ස් සහෝදරයා!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Lakshansilva18
thanks for sub, spanish ewanam maru
සාරංග ජේ. ලියනගම
Thanks
Anonymous
film eka downlod kra ganna bane
indika
thanks for the sub titles...
ravindu virasinha
godak tnx sub denawata godak movie walata sub gatta mama
chamara
tnx broo oyalage me wadeta. Apita deiyane kiyala athel eke film ekk blanna puluwan oyala nisa. Good luck brothersss
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Advertisement
![Mirage (2018) AKA Durante la tormenta Sinhala Subtitles | ජීවිතයක් වෙනස් කල කුණාටුව [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/mirage-2018-movie.jpg)
Meka mn kalin balala thynow
Supirima paharak
Kaztya aniwa blannn.....
Thwath spanish thriller film tikak demu saho
Jaya wewa!!!