මිට හරියටම දින 487 කට කලින් තමයි මම අන්තර්ජාල සිංහල උපසිරසිකරනයේ මහගෙදර එක්ක එක්කාසු වුණේ. එදා මම මුලින්ම ඔබ වෙත අරගෙන ආවේ Dr. No (1962) එහෙම නැති නම් හැමෝම දන්නා මෑතකදී අපේ 001 අවසාන කල ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ පළමු වැන්න. කොහොම කොහොම හරි ඔය ආරම්භයත් එක්ක මාස 4 යන්න කලින් මගෙන් උපසිරසි 50 ලබා…
මිට හරියටම දින 487 කට කලින් තමයි මම අන්තර්ජාල සිංහල උපසිරසිකරනයේ මහගෙදර එක්ක එක්කාසු වුණේ. එදා මම මුලින්ම ඔබ වෙත අරගෙන ආවේ Dr. No (1962) එහෙම නැති නම් හැමෝම දන්නා මෑතකදී අපේ 001 අවසාන කල ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ පළමු වැන්න. කොහොම කොහොම හරි ඔය ආරම්භයත් එක්ක මාස 4 යන්න කලින් මගෙන් උපසිරසි 50 ලබාගන්න අපේ විකියා සහෝ සමත් වුණා.. ඒ The Croods (2013) | ලොව මුල්ම සවාරිය…. එක්කයි.
කොහොම නමුත් ඊළග උපසිරසි 50 වෙනුවෙන් නම් මාස 12 වගේ කාලයක් වය කරන්න සිද්ධ වුණා මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක. කොහොම හරි අවසානයේ 99 ක් කරලා දෙන්න හොඳ චිත්‍රපටියක් එනකම් තවත් සති කිහිපයක කාලයක් බලාගෙන ඉන්න සිදුවුණා… මම ඉතින් මහා ඉංග්‍රීසි කාරයෙක් නෙමෙයි. එහෙව් මට මේ ගමන එන්න උදව් වුණ ලොකු පිරිසක් ඉන්නවා. මුලින්ම මගේ ගෙදර උදවිය මුවින් නොබැණ අන්තර්ජාල බිල්පත්, විදුලි බිල්පත් ගෙවනවානේ. ඉතින් මහා රෑ වෙනකම් මේවා දාගෙන හිටියා වුණත්. ඊළගට මගේ මිත්‍රයෝ ටික.. එකෙක් කැමති වුණේ නැහැ මේ වැඩේට, “උඹේ වැඩක් බලාගනින් බං, සල්ලි අතට එන වැඩක් කරපන්” කියලයි කිව්වේ.. හැබැයි එකටත් ස්තුතියි.
ඊළගට මතක් කරන්න ඕනේ මට අලුතෙන් ලැබුණ ජිවිතයට අමතක නොවෙන මිත්‍රයන් ටික, මුලින් කාටත් මල වදයක් වෙන අපේ විකියා එහෙම නැති නම් තරිදු අයියා, ඒ කාලේ ඉදලා මල්ලි මෙන්න Box office hit එකක් ඇවිත් තියනවා කරමු කරමු කියලා හැමදාම මගේ මුහුණු පොතේ ගිණුමට, දුරකථනයට වද දුන්නා… ඒ වගේම ඒ උත්තමයා නොදන්නා අයුරකින් මගේ ජීවිතයත් ලොකු අවුලක වැටෙන්න නොදී ගලවා ගත්තා, ඒකට බයිස්කෝප් අඩවියට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන්ම විකියාට. ඊළගට අපේ හසා “මාමා”. මම මෙතෙක් හවුලේ එක උපසිරසි 2න් එකක් කළෙත් ඔහුත් එක්කයි, අමාරුවේ වැටුණ ඕනෙම වෙලාවක බේරාගන්න ඉන්නේ ඔහු තමයි, මගේ උපසිරසි වෙනුවෙන් බොහොම උදව් කරන මිත්‍රයෙක්. ඒක නම් නොකියාම බැහැ. විශේෂයෙන්ම ස්තුතියිවන්ත වෙන්නේ ඕනේ ඒකට. ඊළගට අපේ රොයිලි අයියා වචන බැරි වෙන ගලපාගන්න බැරි වෙන තැන නිරවුල් කරන්න ඉන්නේ ඒ උත්තමයා තමයි. ඒ වගේම ඔබලා වැඩිය නොදකින පසුපස ඉදලා ලොකු සේවයක් කරන දෙන්නෙක් ඉන්නවා කෙනෙක් අපේ වාසල අයියා. අනික් කෙනා තමයි පොතේගුරා. ඔහුගේ නොමසුරු පරිත්‍යග නැති වෙන්න අද මෙහෙම වෙබ් අඩවියක් නැහැ… මේ හැමෝම වගේම තමයි දැන් අතුරුදහන් වෙලා ඉන්න උදා සහෝදරයාත් මගේ පිලි ලේඛන ගැන බොහොම උදව් පදව් කල ඒ වගේම උපසිරසි පවා කරන්න උදව් කල කෙනෙක්. ඒ වගේම හැමවෙලේම අපේ වැරදීම හොයන ආසිරියා මාමා.. කොහොම නමුත අනික් අයට වඩා මගේ වැරදි වැඩි නිසා ආසිරියා දැන් කියන්නෙත් නැහැ මට වැරදි නම්. එපා වෙලා වෙන්න ඕනේ. මම හිර වුණ ගමන් බොහොම කැමැත්තෙන් භාර අරගෙන ඔය වයිකින්ග් එක එහෙම අදින බයිස්කෝප් රෝමියෝ විමා (BA).. දිනිදු අයියා, දිදුල අයියා වගේම ඉදලා ඉදලා අපිට අවුලක් වෙන වෙලාවටම එන පුබුදුවා. මේ ඔක්කොටම බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ කිසිම කෙනෙක් මම පුද්ගලිකව හමුවෙලා නැහැ තවම. නමුත් හැදාම දකින කතා කරන සමහරුන්ට වඩා ලොකු බැදීමක් තියන බොහොම හොඳ සහෝදර පිරිසක්.
ඒ වගේම තමයි මම කල උපසිරසි බාගත කරගෙන කමෙන්ටුවක් එහෙම දාලා ගිය පිරිස. ඒ වගේම කමෙන්ටුවක්වත් නොදා ගිය පිරිස. මේ ඔක්කොටම හා නම් වශයෙන් කියන්න බැරි වුණ කෙනෙක් එහෙමත් ඉන්නවා නම් ඔක්කොටම බොහොම ස්තුතියි.
පොඩි දෙයක් අවසාන වශයෙන් කියන ඕනේ. බයිස්කෝප් රේස් යන්නේ නැහැ. අපිට මේ කිසිම රුපවාහිනි කතා මාලාවක්, චිත්‍රපටියක් අයිති නැහැ. අපි කරන්නේ අපේ රටේ පුංචි මිනිස්සුන්ට බලන්න ලේසි වෙන්න ඒ හොර පාරෙන් අන්තර්ජාලයට එන පිටපත් සඳහා සිංහල උපසිරසි නිකුත් කිරීම පමණයි. ඉතින් අපේ ගමන අපි යනවා. හොඳයි කියලා හිතෙන එකක් තියනවා නම් හැකි නම් ඔබත් එක්ක මේ වගේ බෙදාගන්නවා. මම හිතනවා එකෙන් ලංකාවේ එක පුද්ගලයෙක් හෝ අවංකව වැඩක් ගත්තා නම් මම මේ කියන කතාව දන්නවා ඇති. ඉතින් එක්වෙන්න හැමදාම බයිස්කෝප් එක්ක. සිනමාවේ සිමා මායිම් ඉක්මවා යන්නට. අද නම් ලිපිය බොහොම දිගයි, දැන් හැරෙමු චිත්‍රපටය පැත්තට.

2011 වසරේ සිනමා ලෝකයම මවිත කරමින් ඔබ අපි අතරට ආව ක්‍රියාදාම වරුසාවක් වුණ The Raid: Redemption අමතක නැතුව ඇති කාටත්. හොලිවුඩය සුපිරි විශේෂ බලකා ක්‍රියාදාම ඇතුළත් චිත්‍රපට කොතෙකුත් හදයි. නමුත් මගේ මතය හැටියට ඒ තමයි ලෝකේ හැදුව හොඳම චිත්‍රපටය ඒ කාණ්ඩයෙන්. ඉතින් දැන් ඔන්න මේ වසරේ ඔවුන්ගේ සුදානම තමයි Undercover agent කාණ්ඩය ආක්‍රමණය කිරීම. ලේසි නැහැ. මේ කොටස විටෙක 007 පවා අතතියන කොටසක්. නමුත් Gareth Evans මේ වතාවෙත් සාර්ථකයි කියලයි මට නම් කියන්නේ තියෙන්නේ. ඔහු තමයි මෙවරත් අධ්‍යක්ෂණය වගේම පිටපතත් නිර්මාණය කරන්නේ. IMDB ගැන කියනවා නම් 17 000+ ප්‍රේක්ෂක මනාපයෙන් 8.8 වගේ විශාල මනාපයක් දිනාගෙන තියනවා. විචාරක මනාපයත් බොහොම ඉහළයි. හැබැයි මේ වතාවේ කාලය පැය 2 මිනිත්තු 30. ඒ කියන්නේ මුල් වතාවේ වගේ ක්‍රියාදාම දෙතුන් ගුණයක් වැඩි.
මේක ඇත්තටම මුල් චිත්‍රපටයට කලින් ලියවුණ පිටපතක්. කොහොම කොහොම හරි මුදල් ප්‍රශ්න නිසා මුලින් ආවේ The Raid: Redemption. මේ සිදුවීම් පෙළ දිව යන්නේ මුල් චිත්‍රපටය අවසන වෙලා පැය 2ක් ගතවුණාට පසු සිදුවීම් හා වසර දෙකක් ගතවුණා තැන සිදුවීම් එක්කයි. මතක ඇතියේ පොලිස් භටයන් හට අපායක් වුණ ගොඩනැගිල්ලෙක් රාමා එළියට එන්නේ ඔහුගේ සහෝදරයාගේ උදව්වනේ. මේ වතාවේ කතාව ආරම්භයේදීම ඔහු මරා දමනවා. ඒ පාතාලයේ එක පවුලක මුලිකයෙක්. මේ සිදුවීම එක්ක අකමැත්තෙන් වුණත් රාමා රහස් ඔත්තුකරුවෙක් හැටියට යනවා පාතාල ලෝකයට. ලේසි පාරෙන් නෙමෙයි හිරේ එහෙමත් ගිහින් ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන, නමුත් අවසානයේ ඒක පාතාල පවුල් යුද්ධයක් වෙලයි නතර වෙන්නේ. ඒ කතා ඔබම බලාගන්නකෝ. ක්‍රියාදාම ඉවරයක් නැහැ කියලා විතරක් මතක් කරන්නම් ආයෙත්.
මෙහි අවසානයේ ඇති කුස්සියක සටනක්. ඒ සටන දින 10ක් රූපරාමු වාර 196 ගිහින් තියනවා ගන්න. අධ්‍යක්ෂක වරයා ඒ අවසාන සටන නිර්මාණය කිරීම වෙනුවෙන් සති 6ක් කාලය කැප කරලා තියනවා. Iko Uwais අපේ ප්‍රධාන නළුවා ඇතුළු මේ සටන් නළුවන් චිත්‍රපටයට පෙර මාස 6 එකට සටන් පුරුදු වෙලා තියනවා සටන් ජවනිකාවල තියන ඒ තාත්වික බව ලබාගන්න හා ඔවුන්ගේ අනොන්‍ය සුහදතාව හදාගන්න. එහෙම වෙහසක් යොදා හැදුව මේ චිත්‍රපටය එහෙම අපි අතට ඇවිත් තියනවා. නැරඹීම ඔබට බාරයි.
හැමෝටම ආරාධනා කරනවා මගේ “ෆේස්බුක් පිටුවෙන්” මාව කෙළින්ම අමතන ලෙසට. එහෙනම් තවත් උපසිරසියක් සමග හමුවෙමු, ඔබ සැමට ජය වේවා !! අද ලිපිය දිගයි. ඒකට සමාවෙන්න…!!!
ad647ebed82642338d4cffee1b9b790e18e9612d 3a39cced75f86717df2177e89cc28bd1713e1cb9 30cbf3ca87e4ff81ea5b603b70bb72c8bbec6023 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,051 downloadsDownload The-Raid-2-2014.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
154 comments
TREDTive
Saketha Pulasthi
මම හිතුවේ X-men days of future past එක දෙයි කියලා. කමක් නෑ මේකත් අලුත් එකක්‍නේ. උපසිරසියට බොහොම ස්‍තූතියි.
Saketha Pulasthi
1 :) :) වෙනි උපසිරසියට සුබ පැතුම්
රවිඳු නිපුන්
සුපිරියි අයියෙ!!!
අපි නම් බලාගෙන හිටියේ 100වෙනි එකට හොඳ එකක් දෙනකල්..
මේ තියෙන්නේ නියම බඩුවක්!
100වෙනි උපසිරසියට සුභ පැතුම් !!!
දිගු ගමනකට සුභ පතනවා...
ඒ වගේම සබ් එකට බොහොම තුති!!Gayan
Suba patum machan 100 veni upasirasi nirmanayata tava vadi vadiyen upasirasi denna labeva!!!.
richi
thanks...aiye...!
DDSameera
අනිවා බලනවා..!!!! මේක නම්...
jayasooriya
unusum suba pathum. 100 weni sub ekata dila thiyenne pattama film ekak. thanks
ලක්ෂාන් නිලංක
සියවෙණි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් සහෝ....තව ඉදිරියට යමු......ජය වේවා.....!
යුශාන් පියුමාල්
100 වෙනි උපසිරැසට සුභපැතුම්..
ඔන්න එහෙනම් මමත් මේක බාන්න දැම්ම මේක නොබල බෑනොව සමීර සහෝ මේ පාර ගෙනත් තියෙන්නෙ බොක්ස් ඔෆිස් එකක් නෙව තව මේ වගේ පට්ට බයිස්කෝප් ගේන්න හොදද.....mavitha
Thanxxxxxx
chandana
Suba patum machan. thanks
Nishantha
ජයෙන් ජයම වේවා සහෝ........................
Niva
100k karana amarui, eth oya eken labena thrupthiya gattha. mata oya kocchara thrupthimathda kiyala danenawa. apita me tharam sub dunnata wagema, issarahatath saub denna welawa, sahakthiya labewa pathanawa. bohoma sthuthi, eth mage hithe thiyana sthuthiya kiyanna sthuthi kiyana wachanaya madi. man aith kiyanawa, sthuthi godak!
aja
සුබ පැතුම් අයියේ.....! 200 ත් හෙට අනිද්දම ඕනි. අපි කවදත් බයිස්කෝප් එක්ක ඉන්නවා
sampath
බොහෝම ස්තූතියි සබ් දැම්මට 100ට සුභපැතුම්..
viraj
100වෙනි උපසිරසියට සුභ පැතුම්^^
CHAMEE
thanks sahoooo
100 ta unusum suba pethum...Thanuja Hasakelum
Finally!!!! Gindara show ekak meka...... eeelaga eke tony jaath innwa...
Thank you,,,,,,දිනිඳු සම්පත්
ඔන්න එහෙනම් සති ගානක් බලාගෙන ඉඳලා සමීර කොලුවා 100ක් දාගත්තා.. බොහොම සතුටුයි. ඒ වගේම මමත් ඔන්න මුළු හදවතින්ම උඹට සුභපතනවා. ඒ වගේම අධ්‍යාපනය වෙනුවෙන් සහ තමන්ගෙ පෞද්ගලික දේවල් වෙනුවෙන් වැය කරන්න තිබුන කාලය අපි වෙනුවෙන් වැඩ කරපු එකට බොහෝ......ම ස්තූතියි කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම තව තවත් අපිට සිංහල උපසිරැසි ලබා දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලත් මං ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!!!
Rakitha ranathunga
Ela ela mavho
150 tath yanna shakthiya lebewa!deleepa
මචං පුලුවන් නම් DRIVE(1998) චිත්‍රපටිය සබ් කරලා දියන්කෝ ඒකත් ක්‍රියාදාම ගොඩක් තියෙන එකක් හැබැයි ඉතින් ඉංග්‍රිසි අනික නඵවා වෙන්නේ Mark Dakascos මාරම චිත්‍රපටිය සබ් කරලා දෙන්න කියලා කාරැණිකව ඉල්ලනවා ඔබට ජය
mudiya / මුදියා
ඔන්න අපේ සමීරයාත් 100 ගහලා.
හරිම සන්තෝසයි බොලව්.
ඇත්තටම පුතේ උඹ දුන්න සබ් වැඩි හරියක් මං බලල ඇති.
බේට්ස් මොටෙල් එහෙම මරු ටීවී සීරීස් එක.
එහෙනම් ඔන්න මේ සබ් 100 කරද්දි උඹට සහයෝගයක් වුන පවුලේ සියළු දෙනා ඇතුළු හැමෝටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව.
ඒ වගේම ඔයාගෙත් පෞද්ගලික ජීවිතය සාර්ථකව ගත කරන ගමන් ඉස්සරහටත් අපිට සබ් ගේන්න කියල ඉල්ලනව.
ජයවේවා.බොහෝ.................................................................................................ම ස්තූතියි...!Anjana Ishan Krishaja
නියම ෆිල්ම් එකක් තොරාගෙන තියෙන්නේ 100 ය ගහන්න. අපේ සුභ පැතුම්.
Wishvanath
උණුසුම් සුභ පැතුම්
තවත් උපසිරසි ලබා දීමට ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.Rashmika
සමිිර සහෝගෙ ශතකය වෙනුවෙන් මගෙ උණුසුම් සුභ පැතුම්.
සහෝගෙ මුල්ම sub එක dr.no වගේම ඔය සියය අතරෙ බාගයකටත් වඩා මම අනිවා බලල ඇති
ඉතින් ඉක්මනින්ම ද්විත්ව ශතකයත් ලබා ගන්න ඔය ඇගිලි වලට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!!!!ඒවගේම උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..
ජයවේවා!!Sameera
wish u all the best sameera
Lakshyan
100 වෙනි උපසිරැසියට සුභ පැතුම්! ජයවේවා!! :D
අසෙල්
සුභ පැතුම් සමීර සහෝ…ඔයා ගොඩක් කැප වෙලා තමයි අද වෙනකොට 100වෙනි උපසිරැසියත් අපට ලබා දෙන්නේ.ඉදිරියටත් තව තවත් සබ් දෙන්න හැකියවා ලැබෙන්නේ කියලා ප්‍රර්ථනා කරනවා.
ආහ් තව දෙයක් අද දිපු උපසිරැසියටත් ගොඩක්ම ස්තුතියි.දිගටම දෙමු.ජය! :P :P :Pmihan
උපසිරැස 100 ට උණුසුම් සුභපැතුම්,
සුභ අනාගතයක් සහෝ , ජය වේවා ! :D
Asitha
Thanks bala bala hitiya film ekak.tamange kalaya,mudal,sramaya kepa karala anunta karanne loku sewayak.eke watinakama kiyala nimak karanna ba.Jaya wewa..!! Ikmanata ""150"" ta yanna magen suba pathum..!
ANJANA
GOOD LUCK!!!..thanks SUB EKATA..
තිසර නියෝ (Thisara Buddhika)
මුලින්ම කියන්න ඕනි 100වෙනි උපසිරසියට මුළු හදවතින්ම උණුසුම් සුබ පැතුම්. ඒ වගේම මෙච්චර කල් තමන්ගේ කාලය, ශ්‍රමය, මුදල් වැය කරමින් මෙසේ උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තූතියි. ඒ වගේම කිව්ව විදියටම රේස් යන්නේ නැතුව ගුණාත්මක උපසිරසි ලබා දුන්නාටත් බොහොම ස්තූතියි.
ඔය 100න් අඩුගානේ බාගෙකට වඩා මං බලල තියෙනවා. ටිකක් පරණ එකක් උනත් අන්තිමට පෙරේද බැලුවේ Warm Bodies එක. අනිවා ඊළඟ data හම්බුනාම අනිවා මේකත් බලනවා.
තව තවත් උපසිරසි ලබා දෙන්න හැකියාව ලැබේවා. ඒ වගේම ඉක්මනටම 150, 200,..... උපසිරසි ලබාදෙන්න හැකියාව ලැබේව..
ජයවේවා......sumith
ඉදිරියටම යමු අපේසුබපැතුම් 100 ට
LAKSHAN
100 වෙනි උපසිරැසට සුභපැතුම්................................
sumith
ඉදිරියටම යමු අපේසුබපැතුම් 100 ට ...................
Ayesh
සුභ පැතුම් 100 වෙනි සබ් එකට.. ගොඩාක් ස්තුතියි..
Sisira Hegoda
100 වෙනි උපසිරසියට සුභ පැතුම්
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි සැමී අයියේ.
99 නැවතිලා 100ට සුපිරි එකක් එනකම් බලන් ඉදලා,
100ට සුපිරිම භාන්‍ඩයක් නෙ දීලා තියෙන්‍නේ.
එල එල,
මම ඔයා සබ් දීපූ වයිකිං පලමු කතා සමය ඉතා ආසාවෙන් බැලුවේ,
ඒකේ සබ් එකත් එලටම තිබ්‍බා. නමුත් ඒකේ 2වැනි කතා සමය තාම බලන්‍න බැරි උනා.
ඒ වගේම ඔයා සබ් දීපූ "ලෝකේ පලමු සවාරිය" "කෲඩ්‍ස්" එකත් ආසවෙන් බැලුවේ.
මෙපමන කල් තමන් ගේ වටිනා කාලය කැප කරමින් අප වෙනුවෙන් මේ කල
සත් කාර්‍යයට ගොඩාක් ස්‍තූතියි. ඒ වගේම ඒ ස්‍තූතිය ඔයාගේ පවුලේ අයටත් හිමිවිය යුතුයි.
ඔයාට වගේම මගේ යහලුවන් ගෙනුත් මම කල සබ් 6,8කට බැනුම් තමා ඇහුවේ.
මටත් ඔයාට ඔයාගේ මිතුරන් කිව්‍ව වගේ දේවල් තමා මගේ මිතුරනුත් කිව්‍වේ.
නමුත් අන් අයගේ සතුට වෙනුවෙන් මේ කාර්‍යය දිගටම කරන් ආවට ස්‍තූතියි.
ඒ වගේම තවත් පුලුවන් උපරිම කාලයක් මේ කාර්‍යය කරන් යන්‍න කියා ඉල්‍ලා සිටිනවා.
ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්‍ථක වේවා කියා පතමි.
ඒ වගේම 100 වෙනි උපසිරැසි නිමැයුමට හෘදයාංගමය සුභ පැතුම්.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!nilanka anuruddha
jayawewa saho...ubala tamai real porawal.
nilanka anuruddha
100ta suba pathum...patta film eka...sub hadanna kana katta we know machan..thanx me karana wadeta.api bokkenma ubalath ekka innawa.aniwa.
Ishan sagara
Pattama Patta machan. Thank you so much
thiliya
100 veni nirmanayata unusum subapathum saho.. Sthuthi :)
SiLeNt $
Niyamy...thxn congrazzzzzz.....................................................
Chaminda Lakruwan
tmx macho me wage nirmanayak kalatha
Aditha Praween
නියමයි අයියේ !
100 වෙනි නිර්මාණයට සුභ පැතුම් !
නියම චිත්‍රපටියක් තමයි දීලා තියෙන්නේ .
ඉදිරියට යන්න සුභ පතනවා .ඔයාගේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !
:Dshanon
Thanx Dude.. You all are doing grate job...excellent..keep it up..cheers..!!
#ChalinduDeshan (කිනා)
Suba pethum machan 100ta.
Digatama demu. Jayama wewa...rejith ranga
100 වෙනි නිර්මාණයට සුභ පැතුම් !
Bobby
Gods bless you.
Bobbyනලින්
ස්තුතියි සැමියා මේකට සබ ගෙනාව එකට!
100 වෙනි කඩ ඉම පහුකරන අද දවසේ ... උඹට මගෙන් උණුසුම් සුභ පැකුම් මලේ!
එදත් අදත් හෙටත් නුඹ ගේ සියළු පැතුම් ඉටු වෙන්න ඔනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා!
ජය වේවා!
kavindu
Suba Pathum Saho... (Y)
janaka
thnx wewa....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Raid 2 (2014) | ඔත්තුකරුවාගේ පලිගැනීම (100) [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/The-Raid-2-20141.jpg)

Subapathum mchn.sub ekata istutei.