Watch Trailer

The Red Violin (1998) | රතු වයලීනයේ කතාව..

නාට්‍යමය සහ සංගීතමය චිත්‍රපටි වගේම චිත්‍රපටිය බලන ගමන් සහ ඊට පසුවත් සෑහෙන්න හිතන්නත් ආස අය ඉන්නවනම් මේ චිත්‍රපටිය බැලිය යුතුම චිත්‍රපටියක්. හැබැයි ටිකක් කැපකිරීම් කරන්න වෙනවා. මොකද මේක 1998 හදපු එකක් සහ ජනප්‍රිය ධාරාවෙ එකක් නොවෙන හින්දා සීඩර්ස්ලා අඩුයි. මමත් සෑහෙන්න කාලයක් තිස්සෙ බෑවා 😀 රෙඩ් වයලින්…

නාට්‍යමය සහ සංගීතමය චිත්‍රපටි වගේම චිත්‍රපටිය බලන ගමන් සහ ඊට පසුවත් සෑහෙන්න හිතන්නත් ආස අය ඉන්නවනම් මේ චිත්‍රපටිය බැලිය යුතුම චිත්‍රපටියක්. හැබැයි ටිකක් කැපකිරීම් කරන්න වෙනවා. මොකද මේක 1998 හදපු එකක් සහ ජනප්‍රිය ධාරාවෙ එකක් නොවෙන හින්දා සීඩර්ස්ලා අඩුයි. මමත් සෑහෙන්න කාලයක් තිස්සෙ බෑවා 😀

රෙඩ් වයලින් චිත්‍රපටිය මම අවුරුදු 6-7කට කලින් තමයි VCD වලින් මුලින්ම බැලුවේ. පස්සෙ අහම්බෙන් දැකල DVD එකක් මිලදී අරන් පට්ට ගැහුව ඒක. ඒත් යාළුවෙට දීල ඒක නැති වුණා. ඉතිං ආයෙත් බලන්න ඕන වෙලා ටොරන්ට් එකකින් බාගත්ත. ඒ කතා ටික කිව්වෙ මට තවමත් මේ චිත්‍රපටියෙ අහු නොවුණ සුළු සුළු රසවත් තැන් තියෙන නිසා ආයෙ ආයෙත් මේක බලන්න පුළුවන් බව කියන්නයි.

කතාව ඇරඹෙන්නෙ මොන්ට්‍රියෙල් නගරයේ පැවැත්වෙන පැරණි භාන්ඩ වෙන්දේසියකින්. 17 වෙනි ශතවර්ශයෙදි ඉතාලියෙ වයලින නිෂ්පාදකයෙක් වුණ නිකොලෝ බුසොටි විසින් නිර්මාණය කලා කියල සැලකෙන ජනප්‍රිය රතු වයලීනය මෙහිදී වෙන්දේසි කරනව. මේ වෙන්දේසියේ අවස්ථාව චිත්‍රපටිය පුරා වරින් වර විවිධ කැමරා කෝණ වලින් ඉදිරිපත් වෙන ගමන් රතු වයලීනයේ කතාව අපිට කියනව.

රතු වයලීනය නිකොලෝ බුසොටි විසින් පල්ලියට භාරදෙනව. 18 වෙනි සියවස පුරා ඔස්ට්‍රියානු ආශ්‍රමයක තියෙන වයලීනය අහිකුණ්ඨක කණ්ඩායමක් හරහා එංගලන්තයට පැමිණෙනව. එහිදී ධනවත් වයලින් වාදකයෙක් සතුවෙන රතු වයලීනය පසුව චීනයට ගෙන යනව. චීන විප්ලවය අවදියෙ බටහිර සංගීතය දේශප්‍රේමීන් විසින් තහනම් කරල තියෙන කාලෙක ‍රතු වයලීනය සැඟවිලා තිබිල අවසානයේ වර්තමානයේ වෙන්දේසියෙදි වෙන්දේසි වෙනව. වෙන්දේසියෙදි මේ වයලීනයේ අතීත හිමිකරුවන් වෙලා හිටිය පාර්ශවයන් වල උරුමකරුවන් විසින් වයලීනයට ලංසු ඉදිරිපත් කෙරෙනව.

මේ සරලව වයලීනයේ කතාව වුණාට මේකෙ පසුබිම් සිදුවීම් සහ ඉතිහාසය වර්තමානය සමග සම්බන්ධ කරන විධිය වගේම වර්තමානයේ සිදුවීම් විවිධ නිරූපන ඔස්සේ ගලාගෙන යන විධිය හරිම අපූරුයි. ඒ වගේම මෙහි තියෙන සංගීතය වයලීනය කියන සංගීත භාණ්ඩයට වශී වෙන්න තරම් අතිශයම සුන්දරයි. විශිෂ්ඨතම සංගීතයට ඔස්කාර් වෙලත් තියෙනව ඕං.

ඉතිං චිත්‍රපටිය බලන්න වටිනව කියල හිතෙනවනම් බාල බලන්න. ජනප්‍රිය අයට කියල රඟපාන්න ඉන්නෙ නම් සැමුවෙල් ජැක්සන් සහ ජේසන් ෆ්ලෙමින් තමයි.

ලිපිය: හරේ සොහොයුරාගෙනි

 

 

ගෝලයාගෙන් පණිවුඩයක් : දැන් ඔයාලට Aladin සහ 3 Idiots හින්දි චිත්‍රපටි දෙකම, සිංහල උපසිරැසි සහිතව බාගන්න පුළුවන්.. 🙂

31 comments

  1. අමල් ප්‍රසාද් සමරවීර

    mama ada1 niyamaiiiii!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. අමල් ප්‍රසාද් සමරවීර

    tikak parana story1k unata balanna one.. baiscorp1k dena ekakne.. nobala kohomada

  3. chamath

    ela saho onna math meka bagatha ela thanks saho

  4. kasBuwa

    elazz sahooooo !!!!!!!!!!!!!!!

  5. uda

    පට්ට කතාවක්නේ අද දීල තියෙන්නේ,
    මම මේ වගේ කතාවලට පට්ටම ආශයි.
    මාර හැපි ඉතින්.
    thanks... umm..ah
    love ya bra!

  6. Anonymous

    නියම film එකක්.

  7. තිසර

    පට්ට... මට ඉස්සර වෙලාම හම්බවුනේ භාෂාව වෙනස් වර්ෂන් එකක්. ආයෙත් ට්‍රයි කරලා ඉන්ග්ලිෂ් එක හොයාගෙන බැලුවා.

  8. madusanka gayan

    maxx....zzzzaaaaaaaa............

  9. Anonymous

    thank you

  10. kathu

    Trailer එක දැක්කම මටත් බලන්න අාස හිතුනා.. ඔන්න trailer එක මෙතනින් බලන්න...

  11. chamila

    bamido nobamido kiyala hithune mata........

  12. buratheno

    හැමදාමත් ඇක්ෂන් ගොඩවල් දැකල දැකල එපාවෙලා ති‍යෙන වෙලාවෙ මෙහෙම ෆිල්ම් එකක් දුන්න එකට බොහොම පිං මචං.. ඔන්න මාත් බාන්න දැම්ම කාලෙකට පස්සෙ.. තෑංකු වේවා..!!

  13. ashan kandy

    mechcharama kiyana eke onna danawa putho.... thanks.. :P

  14. A.A.I. Sanjewa

    Thanks for your commitment....

  15. A kiyala hithamu

    mallilage weda dekkama hari sathutui. oya aya sinhala basawata karana sewaya campus ekakata karannath be. good luck.....

  16. AL1717

    Onna Etin Kiyana Nisa Bala Ballanmko Kohomada Kiyala
    Thanks Machan.

  17. රොබින්හුඩ්

    ලස්සන කතාවක් වගේ...ස්තූතියි සහො!

  18. bandara00007

    බොහොම ස්තුති මෙ ෆිල්ම් එක අපට ඩුන්නට. එක ගොඩක් රස වින්ඩ. නවතත් ස්තුති . මෙ මගෙ පලවෙනි cඔම්මෙන්ට් එක. ඩුන්නෙ ඔයට

  19. Anonymous

    ane manda ithin

  20. Anonymous

    අනෙ මන් ඩ

  21. himasuru

    mama meeka kaalekata kalin baluwa... hari apuuru film 1k...

  22. Ramraj

    ම්හ්....බලන්න කම්මැලියි.

  23. RUSHA

    ko ban eka na kiyanawane?

  24. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||
    | :P |
    :) තුති……. :)

  25. සාරංග ලියනගම

    Thankz

  26. අමිල පසන්

    මේ link 1 hive 1ට copy කරලා විනාඩි 10න් බාගත්ත හැකි......

    magnet:?xt=urn:btih:1134D1F60D15D2AA038DF79A32FA7DFF0B9A4161&dn=the+red+violin+1998+720p+divx+hd+h+264+moviesbyrizzo&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80%2Fannounce&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337

  27. Lakshansilva18

    Ko bn sub eka ?

  28. mariyan12

    ko meke sub eka
    denna plzzzz

  29. mariyan12

    sub eka denna plzzz

  30. mariyan12

    sub eka dendaaa plzzzzzzzzzzzz

  31. Anonymous

    Devil's violinist movie eke sinhala sub dennna pluwanda