“මරණය කියන්නේ අපි කාටත් පොදු දෙයක්. අපි මැරුණම ස්වර්ගයේ හෝ නරකාදියේ උපදිනවා කියල තමයි කියන්නේ. ඒත් කෙනෙක් එහෙම මරණයට පත් වෙලා, එයාට ජීවත් වෙන්න තවත් අවස්ථාවක් හම්බවුණොත් මොකද වෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න, ඒක මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියල. ඒ කෙනාගේ ජීවිතේ කණපිට ගැහිලා යන්න පුළුවන්.” ඉතින් මං අද අ…

“මරණය කියන්නේ අපි කාටත් පොදු දෙයක්. අපි මැරුණම ස්වර්ගයේ හෝ නරකාදියේ උපදිනවා කියල තමයි කියන්නේ. ඒත් කෙනෙක් එහෙම මරණයට පත් වෙලා, එයාට ජීවත් වෙන්න තවත් අවස්ථාවක් හම්බවුණොත් මොකද වෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න, ඒක මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියල. ඒ කෙනාගේ ජීවිතේ කණපිට ගැහිලා යන්න පුළුවන්.”
ඉතින් මං අද අරගෙන ආවේ ඔන්න ඒවගේ කෙනෙක්ට වුණු කතාවක් ගැන. ඉතින් මේ නිවාඩු පාඩුවේ හැමෝම හොදින් ඉන්නවා කියල හිතනවා. ගෙදරටම වෙලා ඉන්න. අත්‍යවශ්‍ය කටයුතු වලට විතරක් එළියට යන්න කියන ගමන් මං චිත්‍රපටය දිහාවට හැරෙන්නම්. Ateet කියන්නේ ZEE5 ආයතනය විසින් ඉදිරිපත් කරන ලද ත්‍රාසජනක චිත්‍රපටයක්. රජීව් කන්ඩෙල්වාල්, ප්‍රියමානී රාජ් හා සංජේ සූරී යන නළුවන් ප්‍රධාන චරිතයන්ට පණ පොවයි. මේ ෆිල්ම් එකේ නමම තමයි කතාවේ ප්‍රධාන චරිතයටත් යොදාගෙන තියෙන්නේ. “අතීත්” කියන වචනේ තේරුම වන්නේ අතීතය කියන එක.
තුන්කොන් ආදර කතාවක් වන මෙම අද්භූත කතාවේ අන්තර්ගතය වන්නේ මෙසේය. අතීත් කියන සෙබලා එයාගේ යාලුවා වන කර්නල් විශ්වා එක්ක එක මෙහෙයුමකට යනවා. ඒ යන අතර තුරේ විශ්වා අතීත් හා එයාගේ කණ්ඩායමේ අයටයි ද්‍රෝහි වෙලා හැමෝම මැරෙනවා. අතීත් මැරෙන්නේ විශ්වගේ අතින්ම. විශ්වා අතීත්ව මරන්න හේතුව වෙන්නේ, අතීත්ගේ බිරිදට විශ්වට හිත යන නිසා. අතීත් මැරුණට පස්සේ විශ්වා ජාන්වී හා සනා යන අතීත්ගේ බිරිඳයි දුවයි එක්ක ජීවත් වෙනවා. ඒත් ටික කාලයක් යද්දී බල මූල්ස්ථානයට ආරංචියක් එනවා අතීත් ආයෙම ජීවත් වෙනවා. හැමෝටම මේක හරිම පුදුමයක්. විශ්වාටත් හිතාගන්න බෑ එයා කොහොමද ආයේ ආවේ කියල. ඉතින් එයා තමන්ගේ දුවත් එක්ක කාලය ගත කරන්න හැදුවත් එයාට ඒක ඉශ්ට කරගන්න හම්බවෙන්නේ නෑ. ඒ විශ්වා නිසා. කතාවේ අද්භූත ගතිය වන අතීත් ආයෙම එන ගැන කිසිම විදියක් චිත්‍රපටයේ සදහන් වෙලා නෑ. ඒත් එයා එක් ආත්මයක් හෝ යක්ෂයෙක්ගේ වෙස් ගත්ත විදියක් තමයි පෙන්නන්නේ. ඉතින් ඔයාලාම බලලා ඉන්නකෝ ඉස්සරහට මොකක්ද වෙන්නේ කියල. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයක් අරන් ඔයාලව හම්බවෙන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝටම බුදුසරණයි! දෙවිපිහිටයි!🙏S T A Y S A F E !

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම TRUE WEB පිටපත් සඳහා අදාළ වේ.
5,199 downloadsDownload Ateet-2020.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
16 comments
RuwanLakshan93
Isirajanith
Thanks sub ekata supiri pluwanman Netflix The Main Event sub dennko
Kavinu
ජය වේවා!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
godaak sthuthi sahooo
kanchanalankani
saho hoda crime seen thiyana indiyan film tikak one me dawaswala okkama balala den balanna film ne
isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට ... ජය වේවා !!
nish47
ස්තූතියි සහෝ
D.Chamara
bohoma sthuthi saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
mindika
Thanks !!!!
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Anonymous
thanks
the paramedic and no scape movie 2 sub naddooo thankNeon
sagoo
Advertisement
![Ateet (2020) Sinhala Subtitles | මරණයෙන් නැඟිට නැවත ආ අද්භූත සෙබළා..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/Ateet-2020.jpg)

බොහෝම ස්තූතියි සහෝ....