මගේ නම නවින් නිසල් ධනුෂ්ක , මතක ඇති මම මිට ඉස්සල්ලා ගෙනාවා King Kong (1933) ෆිල්ම් එකට සිංහල උපසිරසියක්, මේ ඒ ෆිල්ම් එකේ දෙවන කොටස කියලා මේක හදුන්වන්න පුළුවන් . මේකේ නම වෙන්නේ The Son of Kong (1933). ඒ කියන්නේ කින්ග් කොන්ග් ගේ පුතා ගැන , මම උපසිරසි ගැන්වූ King Kong (1933) මේ ෆිල්ම් එක […]

මගේ නම නවින් නිසල් ධනුෂ්ක , මතක ඇති මම මිට ඉස්සල්ලා ගෙනාවා King Kong (1933) ෆිල්ම් එකට සිංහල උපසිරසියක්, මේ ඒ ෆිල්ම් එකේ දෙවන කොටස කියලා මේක හදුන්වන්න පුළුවන් . මේකේ නම වෙන්නේ The Son of Kong (1933). ඒ කියන්නේ කින්ග් කොන්ග් ගේ පුතා ගැන , මම උපසිරසි ගැන්වූ King Kong (1933) මේ ෆිල්ම් එක තමා කොන්ග් කතා මාලාව මුල්ම කතාව වෙන්නේ.
මේ ලෝක ඉතිහාසයේ කින්ග් කොංග් ගැන සදහන් වෙන දෙවන වතාව , එකම අව්රුද්දෙ මෙම ෆිල්ම් දෙකම නිෂ්පාදනය කරලා තියෙන්නේ . වර්තමානය වන විට කින්ග් කොන්ග් ගැන සදහන් ෆිල්ම් විශාල ප්‍රමාණයක් මෙන්ම , දැවැන්ත ගොරිල්ලෙකු ගැන සදහන් වෙන ෆිල්ම් විශාල ප්‍රමාණයක් නිර්මාණය වී අවසන් . එහෙනම් මේ ෆිල්ම් එක ගැන විස්තර ටිකක් බලමු . මේ මගේ 24 වන සිංහල උපසිරැසිය ! ඒ වගේම මේ ෆිල්ම් එක නරබනවා නම් King Kong (1933) මේ චිත්‍රපටය නරබන්න වෙනවා මෙය නැරබීමට පෙර.
සමහර අයට කුතුහලයක් එහෙම ඇතිනේ මෙච්චර පරණ ෆිල්ම් එකක ආදායම් වියදම් ගැන. ෆිල්ම් එක අද්‍යක්ෂනය කරලා තියෙන්නේ “Ernest B. Schoedsack”. නිෂ්පානය කරන්න වියදම් වෙලා තියෙන්නේ ඩොලර් $250,000 මුදලක් . ඒ වගේම ෆිල්ම් එක ලොව වටා ප්‍රදර්ශනයෙන් ඩොලර් $1,342,880 (ඩොලර් මිලියන 1.3) මුදලක් උපයගන්න පුළුවන් වෙලා තියෙනවා , ඒ කියන්නේ සාර්ථක ෆිල්ම් එකක්. ඊළගට වැදගත් චරිත කිහිපයක් බලමු.
කාර්ල් ඩේන්හැම් – හැමෝටම මේ චරිතේ මතක ඇතිනේ , ප්‍රධානම චරිතේ . ඒ වගේම මේ චිත්‍රපට දෙක පුරා ඔහුගේ චරිතය වෙන්නේ ගවේෂකයෙකුගේ චරිතය. ඔහුගේ ඇත්ත නම වෙන්නේ “Robert Armstrong”. ඔහු සම්මානනීය විශිෂ්ට නළුවෙක්. ඒ වගේම ඔහු November 20, 1890 මිචිගන් වල ඉපද , April 20, 1973 කැලිෆෝනියා වලදී මිය ගියා.
කපිතාන් එන්ගල්හොන් – කාර්ල් ඩේන්හැම් ගේ සියලුම ගවේෂණයන් සදහා යොදාගත්තේ “එන්ගල්හොන්” ගේ නැව . ඒ වගේම ඔහුත් අති විශාල චිත්‍රපට ප්‍රමාණයක රගපෑ දක්ෂ නළුවෙක්. ඔහුගේ ඇත්ත නම වෙන්නේ “Frank Reicher”. ඔහු December 2, 1875 මියුනිච්, ජර්මන් වල ඉපද January 19, 1965 කැලිෆෝනියාවලදී මිය යනවා.
King Kong (1933) – ලොව වටා ප්‍රදර්ශනය පටන් ගත්තේ , 7 April 1933.
The Son of Kong (1933) – ලොව වටා ප්‍රදර්ශනය පටන් ගත්තේ , 22 December 1933.
එහෙනම් අපි බලමු King Kong (1933) මේ ෆිල්ම් එකේ අන්තිමට මොකද උනේ කියන එක. මේ ෆිල්ම් දෙකම අව්රුදු 84ක් පරණ වෙනවා . කාර්ල් ඩේන්හැම් කින්ග් කොන්ග් ව නිව්යෝක් වලට ගෙනත් ප්‍රදර්ශනය කර කර ඉන්න අතර වාරයේ ඌ දන්වැල් කඩාගෙන පැනලා ගිහින් නගරය විනාශ කරලා මිනිස්සු මරලා ලොකු විනාශයක් කරනවනේ. ඒ හැමදේටම වග කියන්න උනේ කාර්ල් ඩේන්හැම් ට. උසාවියෙන් නඩු වගේම දේපල වල අයිතිකරුවන් ඩේන්හැම් ගෙන් වන්දි ඉල්ලගෙන එනකොට ඩේන්හැම් නගරයෙන් පැනලා ගිහින් හැන්ගෙනවා. එතන ඉදන් තමා කතාව ගලාගෙන යන්නේ . මේකේ නැවත ගවේෂණයකට ඩේන්හැම් යනවා ඒ වගේම නිධානයක් හොයන්න මේ පාර යන්නේ. මේකේ තුන්වෙනි කොටසක් කියලා එකක් නැහැ. මේකෙන් ෆිල්ම් දෙක ඉවර වෙනවා.
මම හැමෝටම ආරාධනා කරනවා පුළුවන් නම් මේ චිත්‍රපටය නරබන්න කියලා. එහෙනම් මම අදට සමු ගන්නවා .
සුබ දවසක් !

Due to copyright issues, we do not provide any torrent links.
The.Son.of.Kong.1933.1080p.BluRay.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,067 downloadsDownload The.Son_.of_.Kong_.1933.Baiscopelk.com_.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/neween-nisal-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
17 comments
podda
asitha
Elama saho thanks
KAVINDA GAMAGE
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.එල්.සී . දමැල්
කියලා වැඩක් නැහැ සුපිරි
ස්තුති sub එකටKantha_DLA
2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Hasitha madhushan
Thank you so much.....
Udara Damith B/K
එල
කලින් එකත් බැලුවා
මේවගේ පරණ ඒවාට සබ් දෙන එක හෙන වටිනවාgihan perera
Niyamai bro...digatama karamu...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Jaya
අඩේ බන් මේ වගේ පරණ එව්වා දෙනකොට තරහා නැතුව ඩවුන්ලෝඩ් ලින්ක් එකකුත් දනොකො
madusara manawasinghe
yify eke naedhdha?
Milinda
Old is Gold! I'm very like to old movies, Thak you so much!
දිල්ශාන් සචින්ත
උබ කිව්වා වගේම 19බරගනන්වල එකකට දුන්නා නේ එහෙනම්.. මමනම් විස්වාස කරේම නෑ..
Withanage Priyantha Dayakeerthi
පරණ ෆිල්ම් එකක් දැකීමත් සතුටක්. හැකිනම් IMDb 250 තුළ ඇති දැනට සබ් නොකළ පරණ ෆිල්ම්වලට ඉදිරියේදී උපසිරසි ලබාදෙන්න. මෙයත් නරඹනවා. ස්තුතියි!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sohan Jayasooriya
තෑන්ක්ස් අයියෙ සබ් එකට.. old is gold කියනවනේ.. අනිවා බලනවා.. ජය වේවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks saho sub ekata!!! king kong set eka complete karana ekanam maru.