Watch Trailer

Last Action Hero (1993) with Sinhala Subtitles | බයිස්කෝප් එකෙන් ආව සුපිරි වීරයා! [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්,ඉතින් මේ තමයි මගේ ප්‍රථම බයිස්කෝප් ආගමනය.මමත් ගොඩ දෙනෙක් වගේ බයිස්කෝප් අඩවියට ඇවිත් උපසිරැසියක් අරන් ගිය කෙනෙක් තමයි.එත් ඉතින් මටත් හිතුනා නිකන් ඉන්න එකේ උපසිරැසියක් කරානම් හොදයි කියලා.ඒත් උපසිරැසිය කරන්න ගත්තට පස්සේ තමයි තේරුනේ මේක මාර අමාරු වැඩක් කියලා, (මේ මගේ පලවෙනි සබ නිසා වෙන…

හැමෝටම සුභ දවසක්,ඉතින් මේ තමයි මගේ ප්‍රථම බයිස්කෝප් ආගමනය.මමත් ගොඩ දෙනෙක් වගේ බයිස්කෝප් අඩවියට ඇවිත් උපසිරැසියක් අරන් ගිය කෙනෙක් තමයි.එත් ඉතින් මටත් හිතුනා නිකන් ඉන්න එකේ උපසිරැසියක් කරානම් හොදයි කියලා.ඒත් උපසිරැසිය කරන්න ගත්තට පස්සේ තමයි තේරුනේ මේක මාර අමාරු වැඩක් කියලා, (මේ මගේ පලවෙනි සබ නිසා වෙන්නැති ) කොහොමහරි උපසිරැසියක් කරන්නම ඕන එකේ අමාරුව දැනගන්නම්.ඉතින් බයිස්කෝප් අඩවියේ උපසිරැසි කරන හැමෝටම මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ කරන කැපවීමට.මං මගේ පළවෙනි උපසිරැසියට තෝරාගත්තේ ටිකක් පරණ ෆිල්ම් එකක්.හැමෝම දන්නවනේ මේකේ නළුවා කවුද කියලා .Predator, Terminater වගේ අතිශය ජනප්‍රිය සිනමාවල රගපෑව ආනෝල්ඩ් ස්වාසනේගේර් කියන අසහාය නළුවා තමයි මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ.මං මේ ෆිල්ම් එක තෝරාගන්න එක හේතුවක් උනේ ආනෝල්ඩ්ගේ ගොඩක් ෆිල්ම් වලට සබ් දාලා තිබ්බත් මේකට තිබ්බේ නෑති නිසා.ඒ නිසා මං හිතුවා මේකට සබ් කරන්න.ඒ වගේම මේ සබ ඉක්මනටම කෙරුවේ මගේ 18 වෙනි උපන්දිනෙත් මේ 16 වෙනිදා (අද) හින්දා..ෆිල්ම් ඒක ගැන කිව්වොත් Fantasy,Action ගණයට අයත්වෙන්නේ .මේ ෆිල්ම් එකේ IMBb අගය 6.3ක් වෙනවා.ඒ වගේම rotten tomatoes 37% ලැබිලා තියනවා මේකට. පැය 2 මිනිත්තු 11ක ධාවන කාලයකින් යුතු මෙය අද්‍යක්ෂනය කරලා තියෙන්නේ Predator, Die Hard වැනි නියම ච්ත්‍රපට අද්‍යක්ෂනය කල John Mctiernan විසින්. ප්‍රධාන චරිත ලෙසට Arnold shwarzengger, Austin O’brien හා අපි කවුරුත් දන්න Game of Thronesහී Tywin Lannisterට රගපාන Charles Dance යන අය රගපානවා.හරි එහෙනම් තවත් කම්මැලි නොකර කතාව පැත්තට හැරෙන්නම්

ඩැනී මැඩිගන් කියන්නේ පොඩි ළමයෙක් .මෙයා අම්මත් එක්ක තනියම ඉන්නේ.ඒ වගේම මෙයා ෆිල්ම් බලන්න ගොඩක් ආසයි.විශේෂයෙන්ම අර්නෝල්ඩ් රගපාන ෆිල්ම්.ඒ කියන්නේ මේ කතාවේ විශේෂත්වේ තමයි අනොල්ඩ් තමන්ගේම චරිතෙටත් රගපනවා.මෙයා රගපාන ෆිල්ම් වල ඉන්නේ සුපිරි පොලිස් කාරයෙක් ජැක් ස්ලේටර් කියලා.දවසක් ඩැනීගේ යාළුවා,ඒ ෆිල්ම් හෝල් එක අයිති නික් ඉන්දියානු මැජික් කාරයෙක් එයාට දීපු මැජික් ටිකට් එකක් ඩැනීට දෙනවා.එකෙන් වෙන මාන වලට යන්න පුළුවන්.ඉතින් ඩැනී අර ජැක් ස්ලේටර් ෆිල්ම් එක බල බල ඉද්දි එයා ෆිල්ම් එක ඇතුලට යනවා.මෙතනින් තමයි කතාව පටන් ගන්නේ. (මං කිව්වා වැඩිද මන්දා )කම්මැලි නැතුව බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ කියෙව්වා ඇතිකියලා,අනිවරෙන් අඩුපාඩුනම් ගොඩක් ඇති,ඒකට සමාවෙන්න. විශේෂයෙන්ම කියන්න ඕන මේ සබ් එක හදද්දී මට උදව් කරපු සිසිල ප්‍රසාද් සහෝටත්, ශාන් විමුක්ති සහොටත්, මේක දාපු ඇඩ්මින්ටත් බොහොම ස්තුතීවන්ත වෙනවා.ඒ වගේම මං තවත් පරණ ෆිල්ම්වලට සබ් දෙන්න හිතන් ඉන්නේ , ඒ නිසා ෆිල්ම් එක බාගන්න ගමන් comment එකක් එහෙම දාලා යන්නත් අමතක කරන්න එපා හොදේ.

ඉතින් තවත් මේ වගේ බයිස්කෝප් එකක් අරන් එනකන් බයිස්කෝප්වාසි හැමෝටම සුභ දවසක් පතනවා.තෙරුවන් සරණයි !

 

Last Action Hero (1993) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.

2,364 downloadsDownload Last-Action-Hero-1993.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,364 downloadsDownload Subtitles56 KB

31 comments

  1. Harsha

    Ela bro.. GOOD LUCK..

  2. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.පළමු උපසිරැසියට සුබපැතුම්
    බොහොම ස්තූතියි.ජය වේවා!

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. Udaya Fernando

    සබ් එකට ගොඩක් ස්තූතියි. සුභ උපන් දිනයක් වේවා මල්ලි.

  5. nidi

    මධුභාෂණ
    වාසනාවන් ආයුබෝවන් කිිියලා
    සාදරයෙන් බයිස්කෝප් සයිට් එකට පිළිගන්නවා!
    අනාගතයේදී යළි යළිි මෙහිදී ඔබ හමු වේවා!

  6. Lahiru

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ බයිස්කෝප් වලට ගහන්න බයිස්කෝප් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි.

  7. podda

    thanks!! Happy Bday bro!!!

  8. shasith sandaruwan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
    පළමු උපසිරැසියට සුභපැතුම්.
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  9. Sanjaya

    Happy Birthday machan

  10. අසිත

    Happy b'day bro..!!!
    එලම සහෝ තෑන්ක්ස්

  11. Sohan Jayasooriya

    ස්තූතියි සබ් එකට.. දිගටම සබ් දෙමු.. සුභ උපන්දිනයක් සහෝ!!!

  12. දිල්ශාන් සචින්ත

    පළමු වැඩේට සුභපැතුම් සහෝ..
    දිගටම සබ් දෙමු...
    සුභ උපන්දිනයක්...

  13. Withanage Priyantha Dayakeerthi

    සුබ උපන් දිනයක් වේවා! ඒ වගේම පළමු සබ් එකට සුබ පැතුම්!!!

  14. Udara Damith B/K

    සුබ උපන් දිනයක් වේවා
    පළමු සබ් එකට සුබ පැතුම්
    බොහොම ස්තූතියි
    ELA

  15. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Happy b’day bro.

  16. Lasithachamara

    Happy Birthday bro

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    ජයෙන් ජයම වේවා...!

  19. දමිත්

    පලමු උපසිරැසියට සුබ පැතුම් මධුභාෂණ බණ්ඩාර සහෝ.
    පරණ ඒවට සබ් දෙනව කියන්නේ කල යුතුම දෙයක්.
    පරණ ඒවයේ සුපිරි ෆිල්ම් සෙට් එකක් තියෙනවා මඟ ඇරුණු.
    ජයෙන් ජය.

  20. madhbashana bandara

  21. madhbashana bandara

    මගේ පළවෙනි උපසිරසියට සුභපතලා comment කරපු හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.(ඒ වගේම උපන්දිනේටත්)උපසිරසිය කරද්දී මට උදව් කරපු ඇඩ්මින් සහෝලටත් ගොඩක් ස්තුතියි.මේකේ පොඩි අඩුපාඩු ටිකක් තිබ්බා,(ටිකක්මත් නෙමෙයි)ඒකට සමාවෙන්න.ඉදිරියේදී මං තවත් හොද උපසිරැසි ගේනවා කියලා පොරොන්දු වෙනවා.ඉතින්,බයිස්කෝප් වාසි හැමෝටම තෙරුවන් සරණ පතනවා !

  22. Dulanga

    Thanks

  23. Amalka Himeshan

    Thanks machan sub ekata film eka baluva comment eka danna parakku unata sorry

  24. Isampath

    thanks bro......................................

  25. බොබී

    Shane black ‌ගේ අනෙක් ෆිල්ම් වලටත් සබ් ‌දෙන්න මලයෝ. ‌මේවා කම්මැලි නැතුව බලන්න පුළුවන් කතා. ‌මේ සබට ‌‌බොහොම තුති.

  26. supundissanayake

    sub ekata thanks .meka hoda film ekak.

  27. sandesh

    thank u for sub

  28. Pasan

    Thx sahoooo..

  29. Anonymous

    zip file eka extract karanna baa.

    1. Ravindu Heshan - Admin

      Dan wada Saho

  30. Mahesh

    sinhala sub extract karanna baa saho....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.