Watch Trailer

The Sound of Music (1965) Sinhala Subtitles | සංගීතය හඬ නගන විට…[සිංහල උපසිරැසි සමඟ]

නෙරංජි අද ලස්සන චිත්‍රපටයක් අරගෙන තමයි ඔයාලාව බලන්න ආවෙ. මේ නෙරංජිගෙ දෙවනි උපසිරැසි නිර්මාණය. හැබැයි අඩවියෙ පළවෙන්නෙ තෙවැනි නිර්මාණය විදිහට. ඇයි ඔයාලාට GREEN MILE දෙන්න වුණානෙ. ඉතින් මේ චිත්‍රපටය ගැන අපි දැන් කතා කරමු. 1965 වර්ෂයේ තිරගත වුණ Sound of Music චිත්‍රපටය, දැන් අවුරුදු 47ක් පරණයි. ඒ කියන්…

නෙරංජි අද ලස්සන චිත්‍රපටයක් අරගෙන තමයි ඔයාලාව බලන්න ආවෙ. මේ නෙරංජිගෙ දෙවනි උපසිරැසි නිර්මාණය. හැබැයි අඩවියෙ පළවෙන්නෙ තෙවැනි නිර්මාණය විදිහට. ඇයි ඔයාලාට GREEN MILE දෙන්න වුණානෙ. ඉතින් මේ චිත්‍රපටය ගැන අපි දැන් කතා කරමු. 1965 වර්ෂයේ තිරගත වුණ Sound of Music චිත්‍රපටය, දැන් අවුරුදු 47ක් පරණයි. ඒ කියන්නෙ මේ චිත්‍රපටයෙ රඟපාන පුංචිම කෙනාගෙ වයසත්, දැන් පනහකට වැඩියි. :D. මේක මුලින්ම වේදිකා නාට්‍යක් ලු. ඉන් පස්සෙ තමා චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙන්නෙ. IMDb දර්ශකයේ 7.9 ක අගයක් වාර්තා කර ඇති මෙම චිත්‍රපටය All- time USA BOX Office දර්ශකයේ 199 වන ස්ථානයේ රැඳී සිටිනවා.199 පහළ අංකයක් කියලා ඔබ හිනා වෙයි. ඒත් ඉහළ තියෙන සියලුම චිත්‍රපට තාක්ෂණය අතින්, තත්වය අතින්, මූල්‍යමය අතින් ඉතාම ඉහළ, නැවුම් ඒවා.. එයින් 80%ක් 2000 වසරින් පසු බිහි වුණ ඒවා.. 1980/ 1990 දශක වල බිහි වුණ චිත්‍රපට කිහිපයක් පමණයි, 1965 The Sound of Music චිත්‍රපටයට ඉදිරියෙන් ඉන්න වරම් ලබලා තියෙන්නෙ. සහස්‍රයේ හුඟක් ජනප්‍රිය වෙච්චි විත්‍රපට බොහෝමයක් තවම ඉන්නෙ මේ චිත්‍රපටයට පිටිපස්සෙන්, ඒක නිසා ඔබ මේ චිත්‍රපටය එක පාරක් හරි නැරඹිය යුතුමයි.

ජීවිතය ගැන අලුතින් හිතන්න ඔබව පොළඹන මෙම අපූරු චිත්‍රපටය, සත්‍ය නම් ගම් චරිත සහ සිද්ධි ආශ්‍රයෙන් බිහි වුණ ඇත්තම කතාවක් කියලා ඔබට කිව්වොත් ඔබ පුදුම වෙයි..චිත්‍රපටියෙ පසුබිම් කතාව අන්තර්ජාලයෙන් හොයාගෙන කියවන්න… ඔස්කාර් සම්මාන 10කට නිර්දේශ වී ඉන් පහක්ම සියතට පත් කරගන්න මේ අද්විතීය චිත්‍රපටය සමත් වුණා… ඒ වාගේම වෙනත් සම්මාන උළෙල බොහෝමයකදීත් සම්මාන දිනා ගන්නවා. කොටින්ම 2006 වන විට පවා බොහෝ චිත්‍රපට පරයා එය සම්මානයට ලක් වන්නේ එහි ඇති සුන්දරත්වය හින්දාමයි.

Robert Wise අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍ර පටයේ අපූරු ගීත ගොන්න රචනා කළේ Richard Rodger සහ Oscar Hammerstein විසින්. Julie Andrews සමඟ Christopher Plummer මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවනවා. විත්‍රපටයෙ කතාව නම් චිත්‍රපටය බලලාම රසවිඳින්න. ඒත් නොබලපු එක්කෙනෙක්ට බලන්න හිතෙන ඉඟි කීපයක්ම දෙන්නම්!

ජර්මනිය විසින් ඔස්ට්‍රියාව යටත් කරගෙන පාලනය ගෙන යන අවදියෙ සලස්බර්ග් නගරයෙ කන්‍යා ආරාමෙක කොල්ලෙක් වගේ දඟ වැඩ කරන, නමුත් බොහොම යහපත් සිතුම් පැතුම් තියෙන තරුණියක් ඉන්නවා. ඇගෙ නම මරීයා. කන්‍යා සොයුරියක් වීමටයි, ඇය ඉගෙන ගන්නෙ. මේ නගරෙම වයස අවුරුදු හතළිහක විතර, හමුදා සේවයෙන් විශ්‍රාම අරගත්ත බොහොම නීති ගරුක, දක්ෂ , බොහොම ධනවත් තරුණ කපිතාන් වරයෙක් ඉන්නවා. ඔහු ඔස්ට්‍රියානුවෙක්. තමන්ගෙ රටට බොහොම ආදරෙයි. හැබැයි ඔහුගෙ බිරිඳ මිය ගිහින්. අම්මා නැති දරුවො හත් දෙනෙක් එක්ක..කරදරයට පත් වූ කපිතාන් ගෙදර හමුදා පාලනයක් ගෙනියනවා., කපිතාන් මේ අතර කසාද බඳින්න තීරණය කරනවා…ඇය ධනවත් වැන්දඹු කාන්තාවක්. ඉතින් අම්මා නැති දුකින් ඉන්න මේ දරුවන් හත්දෙනාට මොනා වෙයිද? මරීයාගෙ අනාගතයට කුමක් වෙයිද? එන්න එන්නම ඔස්ට්‍රියාවෙ තත්වය දරුණු වෙනවා. දෙවනි ලෝක යුද්ධයට නාසි හමුදාව වෙනුවෙන් කැප්ටන් නැවත සේවයට කැඳවයිද?කැප්ටන් ට රටට තියෙන ආදරය කැප කරලා සතුරන්ට එක් වෙන්න වෙයිද? කැප්ටන් ගියොත් දරුවන්ට කුමක් වෙයිද? ඒ ඔක්කොටම විසඳුම් දැනගන්න මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

මේ චිත්‍රපටය ගීත ගොඩක් තියෙනවා. පරිවර්තනයෙදි නෙරංජි, ඒ කියන්නෙ මම, ඒ ගීත තාල ගැන හුඟක් හිතුවා..ඉන්පස්සෙ බොහොම පරිස්සමට උපරිම අර්ථය එන්න ඒක කළා. ලස්සනට ආවා කියලා හිතෙනවා…. ඒත් ඉතින් මම එහෙම කිව්වාට වැඩක් නෑ. ඔයාලා නෙ කියන්න ඕනෙ.. හතරවෙනියට ඔයාලා කැමතිම තව චිත්‍රපටයක් අරගෙන එනකම් මේකට කමෙන්ට් එකක් දාන්න කියලා ඔබට ආරාධනා කරනවා….

෴මීට කලින් හරේ සොහොයුරා විසින් පල කළ ලිපිය෴

මේ කියන්න යන්නෙ නිෂ්පාදනයෙන් ටිකක් පරණ ඒත් රසයෙන් පරණ නොවෙන තවත් චිත්‍රපටියක් ගැනයි. මුලින්ම මගෙ චිත්‍රපටි ලෝලී මිතුරෙක් මාර්ගයෙන් තමයි හොඳට හම ගිය වීසීඩී තැටි තුනකින් මට මේක ලැබුණේ. ඒ 2003 අවුරුද්දෙ අන්තිම හරියෙදි. ඒව මට දෙන්න මාස ගානකට කලින් ඉඳන් මගේ මිතුරා මේ චිත්‍රපටිය ගැන හොඳ කියමින් හිටපු නිසා මම හැකි ඉක්මනින්ම මේක බලන්න ගත්ත. ඒත් මුල් පැය කාලක් බාගයක් යනකල් මට මේක ඇල්ලුවෙම නෑ. නමුත් ඉන් පස්සෙ මම මේකට කොයි තරම් වහ වැටුණද කිව්වොත් දැන් වෙනකොට මේ චිත්‍රපටිය 7-8 වතාවක් බලල ඇති. Sound of Music චිත්‍රපටිය එකපාරක් විතරක් නරඹපු කෙනෙක් ගැන මම දන්නෙත් නෑ.

කතාව ඇර‍ඹෙන්නෙ 1930 ගණන් වලදි ඔස්ට්‍රියාවෙ ජීවත්වෙන මරියා කියන තරුණියගෙන්. ඇය පූජකවරියක් වෙන්න බලාපොරොත්තුවෙන් හිටියත් ඇය ඊට වඩා ස්වභාවධර්මයට ආදරය කරන නිසා පල්ලියෙන් ඇයව යවනවා අම්මා මිය ගිය ළමයින් 7 දෙනෙක්ව බලාගන්න ඒ ළමයින්ගෙ ගෙදරට. ළමයින්ගෙන් මරියාට හොඳ පිලිගැනීමක් ලැබෙන්නෙ නෑ. ඒත් ඇය උපායෙන් ළමයින්ගෙ සිත් දිනාගන්නව. ළමයින්ගෙ හිත විතරක් දිනාගෙන නතර වෙන්නෙත් නෑ 😉 පියා හමුදා ප්‍රධානියෙක් නිසා දැඩි නීති රීති යටතේ පාලනය වෙන නිවස මරියා වෙනස් කරනව. ඒ අතරෙදි දෙවෙනි ලෝක යුද්ධය ආරම්භ වෙන අවදියෙදි ජර්මානු බලපෑම මේ පවුලට එල්ල වෙනව.

කතාව පැය තුනක් දිගයි. ඒ වගේම අතරින් පතර තියෙන ගීත අතිශය මියුරුයි. ඒ නිසා කතාව කම්මැලි නම් නෑ. මුලදි නුහුරු ගතියක් දැණෙන්න පුළුවන් වුණත් බලාගෙන හිටියොත් මේක ජීවිත කාලෙදි බලපු ලස්සනම චිත්‍රපටියක් වෙන එක අනිවාර්යයි.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,655 downloadsDownload The.Sound_.of_.Music_.1965.SinhalaSubs.Baiscopelk.zip48 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙරංජි සුලක්ඛනා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/08/07

Subtitles by

නෙරංජි සුලක්ඛනා

Subtitles

2,655 downloadsDownload Subtitles48 KB

116 comments

  1. chamila

    :( :P

  2. ~RaසිකYa~

    නාට්‍යමය බයිස්කෝප් නම් එතරම් අල්ලන්නෙ නැ එත් Life is Beautiful වගේ කොර කතා තියන නිසා අතහරින්න හිතෙන්නෙත් නැ...ඕනෙ එකක් ඔන්න බෑවා..!
    වාසල සහෝටත් හරේ සහෝටත් ගොඩක් ස්තූතියි...

  3. uda

    ෂා !! මාර ආතල්ල්ල්ල්ල්ල්ල්ල්ල්
    මම හොය හොය හිටපු එකක්-නම දැනං හිටියෙ නෑ.
    ස්තුතියි ඩොඩාරියක්
    නොම්මර 1යි! ංහා............................

  4. chamath

    ela ela onna math banna danawa .me daw tike enn bari une man machn eka wikunala aluth ekk gatta nisa ekai onna math banna dama thnks saho

  5. උදය

    thanks macha.....

  6. mewi

    kammali wage hithunath balannath hithna nisa baami... sthuthi

  7. පොඩි මෑන්

    බාමි බාමි
    බොහොම ස්තූතී...

  8. kathu

    පරණ films නම් මම බලන්නෙ නෑ.. මෙකෙ සිංහල teledrama එකක් තිබුනා නේද.??

  9. ඔස්කා

    මමත් කැමතිම ෆිල්ම් එකක්.. එල

  10. පුන්නා

    මමත් බානවා.........තැන්කූ....

  11. තාරක වීරසේකර

    මම මේක කලින් කිහිප වතාවක් බලලා තියෙනවා. මේකෙ මම ආසම ගීතය වන්නේ My favourite things කියන එක. අහලා බලන්න හරිම ලස්සනයි. (දැන් ඒක විකෘති කරලා tv දැන්වීමකත් යනවා)

  12. රවා

    මෙ ෆිල් එක සුපිරි. නට නට පැද්දි පැද්දි බැලුව හැකියි..

  13. අමිත් අයියා

    baanna damma thanks

  14. තිසර

    සෑහෙන කාලෙකට පස්සේ මේ පැත්තේ එන්න වුනේ. ඒත් Sound of Music නම දැක්කම නෑවිත් කොහොමද? ඕස්ට්‍රියාව කියන රට එක රැයකින් ලොව පුරා ජනප්‍රිය කරවන්න මේ චිත්‍රපටයට හැකි වුනා. Rogers & Hammerstein's ඉදිරිපත් කල සංගීතමය චිත්‍රපට අතර මෙය ඉදිරියෙන්ම. ගෙදර ඔක්කොටම එකතු වෙලා බලන්න පුළුවන් පවුලේ බයිස්කෝප් එකක්. තවමත් ඕනම පාසලක විවිධ ප්‍රසංගයකට, ඉංග්‍රීසි දිනයකට මෙහි ගීතයක් වරදින්නේ නැහැ.

    එළ, ළමයි ලපටි ඉන්නවනම් ‍අනිවා පෙන්නන්න.....

    (අර සිංහල ඩ්‍රාමා එක නම් එච්චර කොලිටි නෑ. ඒත් අපේ වැඩක් රටේ වැඩක්නේ..උත්සාහය අගය කරමු.)

  15. jeewithemal

    පුදුම තරම් සෞදර්යාත්මක නිර්මාණයක් .... ලස්සනම ලස්සන ‍ෆිල්ම් එකක් මේක.... ස්තූති.... මේකේ කොලිටි කොපියක් හොය හොය උන්නේ....

  16. ashan kandy

    හොද නැද්ද මෙ වගෙ එකකට සිනoහල සබ් දැම්මනම්. පට්ට නේ. කමක් නැ ඔන්න ඔහේ බානවා .මෙ දවස් වල හොද එවා අඩුවක් පෙනවා. අලුත් එවා මොකුත් නද්ද? :P

  17. Supun

    Matha banno onna ehenam
    Guna (a)guna kiyannamko

  18. Janaka

    onna ehenam bawa machan.ela fuilm 1k thami meka.

  19. AL1717

    Onna Ethin Ochara kiyana Nisa DL Karalama Balamuko....

    Thanks Machan Mewage Story Gena Apata Kiyanawata

  20. h

    මමත් මේක බලන්න සෙට් වුණ කාලෙ මේ වගේ ඒවා පේන්න බැරුවයි හිටියෙ. ඒ දවස් වල මම වෙඩි තියාගන්න ගහ මරාගන්න ලේ හලාගන්න ඒව තමයි හිටු කියල බැලුවෙ. ඒ වුණාට මේ වගේ චිත්‍රපටි මගේ රසවින්දනය පුළුල් කලා සහ වෙනමම මානයකට අරන් ගියා කිව්වොත් මම වැරදි නෑ.... :D

  21. ඉදුනිල්

    yako mama eye dapu coment eka koooo???

  22. සයිL3න්ට්[කිL3ර්]

    ෂා පටේ පට්ට තැන්කූ වේවා වාසල සහෝ.... :lol:

  23. Namila

    mamanam parana english film balanne ne :P
    anyway thankz

  24. පුන්නා

    The Sound of Music film 1කේ ඉංග්‍රීසි උපසිරස මෙන්න මේ Link1න් බාගන්න පුළුවන්. මම මේ film 1, 5 වතාවක් බැලුවා.ඒත් තාම එපා වුණේ නම් නෑ.පට්ට film 1.ඔයාල අනිවා බලන්න.

  25. ෂාන් මල්ලී

    නියම ෆිල්ම් එකක් තමයි මමත් බැලුවේ ලගදි, ඇත්තටම මරැ

  26. හොට්ටා

    පට්ට පට්ට බොහොම තුති මේ වගේ සුවිශේෂී නිර්මාණ දෙන එකට නෙරන්ජිට ජයම වේවා

  27. vee

    මෙන්න ෆිල්ම්ස් මැක්සා :)

  28. lasidu

    සුපිරි වගේ බලමු :)

  29. Fernando

    THX NAGO MEYATH DAN MAXXA AWA DENNE

  30. සමීර කරැණාරත්න

    පට්ට පට්ට
    ස්තුතී සහෝ....!

  31. wall e

    මේවා තමා බයිස්කෝප් ජය වේවා

  32. Harsha Lahiru

    Thanks Bro Good Job.............

  33. අසංක

    අගනා අනගි
    වැඩක්

    3 වෙනි එකත් සබ් දෙනකම් බලාගෙන ඉන්නවා

  34. උදාර

    ජය වේවා

  35. elakiri

    එල අති කියලා හිතෙනවා ඔන්න බාන්න දැම්ම

  36. kalinga

    මේවා තමයි ඉස්සර ඉදලා අද වෙනකම් තියෙන හොදම දේ..මේවගේ වටිනා ෆිල්ස් එකක් සබ් දුන්න සොහොයුරියටත් බයිස්කෝප් එකටත් බොහොම තුති

  37. mihin ලංකා

    බොහෝ පින්

  38. chamath cafe

    ඔන්න මමත් බානවා..ලස්සන කතාවක් වගේ පැරණි උනාට මොකද කතාව පට්ට නම්

  39. pubudu

    balamu balamu thx kiwuwa

  40. quik

    thnxxxxxxxxlotttttttttt

  41. pathum

    මාගේ ආචාරය මේ බයිස්කෝප් අඩවියට අලුත් ෆිල්ම්ස් දෙන අතරේ විශ්ව සිනමාවේ අග්‍රගණය නිර්මාණ අපට දීම ගැන,,ඔයාල කරන සේවයට මාගේ උත්තමාචාරය

  42. nishantha

    supiri nanagi wadey

  43. rusuru | රුසිරු

    එලම පහරක් නේ :) වැඩේ කරැගෙන යන්න සුභ පැතුම්

  44. f_live

    ඔයා නම් මාරයි දෙන්නෙම සුපිරි ෆිල්ම්ස්නේ අන්න එහෙමයි ඉන්න ඕනේ පරණ ෆිල්ම්ස් දුන්නහම කමෙන්ට් අඩුයි නමුත් මේවායේ වටිනාකම කවදත් ඉහලයි,,මේවා එක්කෙනක් හරි දවසක බලලා ජීවිතය පාඩමක් ගත්තොත් එපින් අයිති ඔයාටයි,, ඔයා ලොකු දෙයක් කරලා තියෙන්නේ .... ජය වේවා#

  45. darshana

    Maxxama maxxa mey wagey film sub dammahama thawath lassanai

  46. අජන්ත

    ආසාවෙන් බලන්න පුළුවන් එකක් වගේ..බයිස්කෝප් පට්ටම සයිට් එකට සුභ පැතුම්

  47. ganidu

    බොහෝ පින් වේවා !!!!

  48. tharanga

    Thanks shodariya

  49. Neranji

    මේ මගේ තුන්වෙනි සබ්ටයිටල් එක තමයි.... දැන් තුනක්ම දුන්නා...
    අරන් බලන්නකො ස්තූතියි

  50. dj

    නියමයි කියන්නේ පට්ට හොදේ

Load more comments