Watch Trailer

The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles | වියරු ආගන්තුකයන් සමඟ භීතීයේ රාත්‍රිය [සිංහල උපසිරැසි]

The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles ඇමරිකා එක්සත් ජනපදය: එසේත් නැතිනම් ලොව බලවත්ම රාජ්‍යය, නිදහස් දේශය සහ අවස්ථාවන්ගේ දේශය ලෙසත් ඇතැමුන් මේ රාජ්‍යය හඳුන්වනවා. ලොව පුරා වෙසෙන බහුතරයක සිහින දේශය වෙන්නෙත් මේ එක්සත් ජනපදයම තමයි. ඒත් ඇමරිකාව මේ කියන තරම්ම සුන්දරද? ඇමරිකානු ජනතාව ගොඩක් කරුණ…

The Strangers: Chapter 1 (2024) Sinhala SubtitlesThe Strangers: Chapter 1 (2024) Sinhala Subtitles

ඇමරිකා එක්සත් ජනපදය: එසේත් නැතිනම් ලොව බලවත්ම රාජ්‍යය, නිදහස් දේශය සහ අවස්ථාවන්ගේ දේශය ලෙසත් ඇතැමුන් මේ  රාජ්‍යය  හඳුන්වනවා. ලොව පුරා වෙසෙන බහුතරයක සිහින දේශය වෙන්නෙත් මේ එක්සත් ජනපදයම තමයි. ඒත් ඇමරිකාව මේ කියන තරම්ම සුන්දරද? ඇමරිකානු ජනතාව ගොඩක් කරුණාවන්තද? ආගන්තුක සත්කාර කරන්න ප්‍රසිද්ධ අයද? කණගාටුවෙන් උනත් කියන්න වෙන්නේ ඔවුන් කියන තරම් සුන්දර නෑ කියලා තමයි. මෙහෙම කියන්නේ මමනම් නෙමෙයි, ඇමරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය එහෙමත් නැත්තම් ඔයාලා දන්න විදියට FBI එක තමයි මේ දේ කියන්නේ. ඔවුන් පවසන පරිදි මනුෂ්‍ය ඝාතන සිදුවීමේ වේගය සැසඳීමේදී ලොව 33 ස්ථානයේ පසුවන්නේ එක්සත් ජනපදයි. එමෙන්ම මේවා හුදෙක් සාමාන්‍ය මනුෂ්‍ය ඝාතනමත් නෙමෙයි වින්දිතයන් ඉතා කෘර වධ හිංසනයට ලක් කර සිදුකල ඝාතන විදියට තමයි සැලකෙන්නේ. FBI වාර්තා වලට අනුව සෑම වසරකටම ඇමරිකාව තුළ වධහිංසා පමුණුවා ඝාතනය කිරීම් මිලියන 1.4ක් සිදුවෙනවා.  ඒ කියන්නේ සෑම තප්පර 26.3කට වරක් එක සිදුවීමක් වාර්තා වෙලා තිබෙනවා.   

2008 වසරේදී Bryan Bertino කියන අධ්‍යක්ෂකවරයා විසින් මේ වගේ සත්‍ය සිදුවීම් අළලා The Strangers නමින් චිත්‍රපටයක් නිර්මාණය කරනවා. ඩොලර් මිලියන 9ක් වගේ බජට් එකක් වැය කරලා නිපදවපු මේ චිත්‍රපටය ඩොලර් මිලියන 90කට ආසන්න බොක්ස් ඔෆිස් වාර්තාවකට හිමිකම් කියන්න සමත් වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ දුෂ්ට චරිත ලෙස හඳුන්වා දුන් ඩෝල්ෆේස්, පින් අප් ගර්ල් සහ ස්කෙයාක්‍රෝ යන චරිත 3ත් ලොව පුරා සීග්‍රයෙන් ජනප්‍රිත්වයකට ලක් උනා. නැවත මේ චිත්‍රපට මාලාවේ දෙවන කොටස වන The Strangers: Prey at Night නිකුත් වෙන්නේ ඊට වසර 10කට පසු වීමත් විශේෂත්වයක්. කෙසේ වෙතත් පළමු නිර්මාණය වගේම මෙයත් බොක්ස් ඔෆිස් සාර්ථකත්වය ලබා ගන්න සමත් වෙනවා.

The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles

ඉතිං අද මම අරන් ආවේ මේ චිත්‍රපට මාලාවට අයත් වෙන තුන්වෙනි චිත්‍රපටය. නමුත් මේ චිත්‍රපටයේ වෙනසක් තියෙනවා මොකද මේ නිර්මාණය සැලකෙන්නේ The Strangers චිත්‍රපට මාලාව රීබූට් කිරීමේ පළමු පියවර විදියටයි. ඔයාලට නම දැක්කම ඒක තේරෙන්නත් ඇති. ඒ අනුව The Strangers: Chapter 1 චිත්‍රපටයට එකිනෙකට සම්බන්ධ තවත් චිත්‍රපට දෙකක් නිකුත් වෙන්න නියමිතයි. ඒ චිත්‍රපට දෙකින් එකක් බොහෝවිට මේ වසරේදිම බලාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. කලින් චිත්‍රපට වගේම මේකත් සත්‍ය සිදුවීමක් ඇසුරින් කල නිර්මාණයක්. ඒ වගේම මේක මුල් චිත්‍රපට වලට සම්බන්ධ නැති බවත් මතක් කරන්න ඕන. චිත්‍රපටයේ කතාව පිළිබඳ කියන්න දෙයක් නෑ. මොකද කිව්වොත් කුතුහලය නැති වෙන බව කලින් චිත්‍රපට නරඹලා තියෙන අයනම් දන්නවා ඒ වගේම අළුතින් බලන අයටත් ඒක අසාධාරණයක් වෙන්න පුළුවන්.

The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles

The Strangers: Chapter 1 මේ වෙද්දි 5.1ක IMDb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Horror/Mystery යන කාණ්ඩයන්ට අයත් වෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Renny Harlin විසින්. මෙහි නළුනිළි පිරිසනම් ඉතා සීමිතයි. ඔයාලා රිවර්ඩේල් කතාමාලාව බැලුවනම් ආඩම්බරකාර ශෙරිල් බ්ලොසම් ලෙස රංගනයෙන් දායක උන Madelaine Petschව ඔබට මතක ඇති. ප්‍රධාන චරිතය විදියට අපිට ඇයව බලාගන්න පුළුවන්. සෙසු චරිත වෙනුවෙන් Froy Gutierrez, Rachel Shenton, Ema Horvath සහ Matúš Lajčák නළුනිළි කැල රංගන දායකත්වය ලබා දෙනවා. පසුගිය මැයි 8 වෙනිදා නිකුත් උන මේ නිර්මාණය ඩොලර් මිළියන 36කට ආසන්න ආදායමක් ලබාගන්න සමත් වෙලත් තියෙනවා. කලින් මතක් කලා වගේම මේක බලන්න කලින් මුල් චිත්‍රපට බලන්න ඕන නෑ. ඒත් ස්ලෑශර් චිත්‍රපට වලට කැමති අය නම් ඒවත් බැලුවට පාඩු නෑ. මේ නිර්මාණය ගැන මාව දැනුවත් කලාට බිම්සර සහෝටත්, සනූප මල්ලිටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕන. එහෙනම් සුපුරුදු විදියට ඔයාලත් උපසිරසිය අරගෙන කොමෙන්ට් එකක් දාගෙන යන්න. ඉක්මනටම තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා!        

 

The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,532 downloadsDownload The-Strangers-Chapter-1-2024-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles

Subtitles

4,532 downloadsDownload Subtitles21 KB

10 comments

  1. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට....

  2. Pasindu gayan

    The fall guy 2024 සබ් එක ඕනේ

  3. Vishwa

    එනකම් බලාගෙන හිටියෙ. Thank you sub එකට ❤️

  4. Prageeth

    සුපිරිම බ්‍රෝ......

  5. Ruchira

    Thanks for the sub!!!!!!

  6. Bimsara Yashan(ඔලිව)

    බොහොම ස්තුතියි සහෝ වැඩේ බාරගෙන ඉක්මනින්ම සබ් එකත් කරලා දුන්නට. ජයවේවා!

  7. Anonymous

    film eka nadda

    1. Sanupa Ranmeth - Admin

      අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් ෆිල්ම් එක බාගන්න සහෝ.

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  9. Ghost hunter

    Thank you for this, everyone. , download page eke link ekath me page ekatama add karanam hoda nedd?

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.