Watch Trailer

The Unforgivable (2021) Sinhala Subtitles | වැරැද්ද කාගෙද? [සිංහල උපසිරසි] 18+

ජාත්‍යන්තර සිනමාපට දර්ශකය 57K+ අධික ප්‍රේක්ෂක මනාප සංඛ්‍යාවකින් 7.2/10 ඉහල අගයකට කරකැව්ව, Netflix තුල 2021 වර්ෂයේ වැඩිම නැරඹුම් වාර හිමි චිත්‍රපට 10 අතරට එක්වෙන්න සමත් උන වගේම, දෙසැම්බර් මාසය තුල Netfilx හි වැඩිම නැරඹුම් වාර අතර දෙවැනි තැනට පත්වෙන්න ලැබුන The Unforgivable සිනමාපටයේ සිංහල උපසිරැසි ත…

ජාත්‍යන්තර සිනමාපට දර්ශකය 57K+ අධික ප්‍රේක්ෂක මනාප සංඛ්‍යාවකින් 7.2/10 ඉහල අගයකට කරකැව්ව, Netflix තුල 2021 වර්ෂයේ වැඩිම නැරඹුම් වාර හිමි චිත්‍රපට 10 අතරට එක්වෙන්න සමත් උන වගේම, දෙසැම්බර් මාසය තුල Netfilx හි වැඩිම නැරඹුම් වාර අතර දෙවැනි තැනට පත්වෙන්න ලැබුන The Unforgivable සිනමාපටයේ සිංහල උපසිරැසි තමා අද මගේ 19වැනි උපසිරැසි ගැන්වීම විදියට ඔයාලට අරගෙන එන්නෙ. ඒ වගේම කියන්න ඕනෙ ලොවපුරා සම්මාන උළෙලවල් නියෝජනය කරමින් සම්මාන පවා දිනාගෙන තියන අතරෙම මෙවර ඇකඩමි සම්මාන උලලේදිත් සම්මාන කීපයකට වග කියයි කියල මට නිකමට හිතෙනවා.

Ocean Eight, Bird Box, Gravity වගේ සුපිරි චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක උන Sandra bullock ප්‍රධාන චරිතයට පණ පොවන අතරෙම Jonathan Berntha, Aisling Franciosi වගේම ඉස්සර අපි ජාතික රුපවාහිනියේ ආසාවෙන් බලපු Swiss Family Robinson කතා මාලාවේ තාත්තට නැත්තම් Robinson ට පණ පෙව්ව Richard Earl Thomas යන අය මේකෙ අනිත් චරිත වලට දායක වෙනවා. Drama/Thriller කාණ්ඩය යටතේ නොවැම්බර් මාසෙ 24 දින නිකුත් කරපු මේ ෆිලුම Netflix හරහා එලියට එන්නෙ දෙසැම්බර් 10 වෙනිදා. Thriller බලන අපේ බයිස්කෝප් යාළුවෝ මේක අනිවාර්යෙන් බලන්න ඕන ෆිලුමක්.

සහෝදර බැඳීම කියන දේට සම කරන්න මේ ලෝකෙ කිසිම බැඳීමක් නෑ නේද. ඒ බැඳීම ගැන ලස්සනට හිතට වදින ෆිල්ම් එකක් තමා මේ ෆිලුම. රූත් (Sandra bullock) පොලිස් නිලධාරියෙක් මිනීමැරීමේ චෝදනාවකට අවුරුදු 20කට හිරේ ගිහින් නිදහස් වෙනවා. රූත්ට ඉන්නව නංගි කෙනෙක්. රූත් හිරේ යද්දි එයාගෙ නංගිගෙ වයස අවුරුදු 5යි. ඉතින් රූත් එලියට ඇවිල්ල නංගිව හැමතැනම හොයනව. ඒ අස්සෙ රූත් එළියට එනකම් බලන් හිටිය කෙනෙක් එයා පස්සෙන් යන්න පටන් ගන්නව. ඉතින් මෙතනින් එහා වචනයක් වත් කිව්වොත් ඇත්තටම කතාව වැඩක් නැති වෙනව. රූත් පොලිස් නිලධාරියාව මැරුවෙ ඇයි? එයාට නංගිව හොයාගන්න පුළුවන් වෙයිද? රූත් පස්සෙන් එන කෙනා කවුද? මේ හැමදේම ෆිල්ම් එක බලලම දැනගමු නේද. වැරදි අඩු පාඩු තිබ්බොත් සමාව දෙන්න හොඳේ. ෆිලුම සබ් කරන්න අවසර දුන්න තිසර සහෝට ස්තූති කරන ගමන් දැනට සමුගන්නවා.

බයිස්කෝප් සහෝදර සහෝදරියන්ට සහ ලක්වාසී සියලුම දෙනාට සුභම සුභ නව වසරක් වේවා!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,462 downloadsDownload The.Unforgivable.2021.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුජිත් ප්‍රියංකර

Subtitles

7,462 downloadsDownload Subtitles38 KB

29 comments

  1. Anonymous

    Thanks for sub

  2. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

    1. Avinda

      Harry Potter aluth ekata sub eka dennako ikmanin ♥️

  3. Kushan

    Sub akta thanks

  4. Anonymous

    Thanks jayawewa.....!

  5. Anonymous

    Sub ekata thanks,Ane Don't look up ekatath sub eka dennako

  6. Anonymous

    Superb

  7. Anonymous

    Harry poter return to hogwarts මේකට සබ් එක දෙන්නකො

    1. Anonymous

      Hambunada

  8. Anonymous

    Thanks

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Akila Dilhara

    Thanks Brother

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  13. Anonymous

    තෑම්ක්ස් බොම්ක

  14. Mano

    Godak sthuthi.. Jaya wewa!

  15. indika 75

    thanks..

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  17. Naveen

    උපසිරසියට තුති

  18. mevin

    thanks

  19. Buddhika Lakmal

    ♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  20. Malith samarawickrama

    Thanks bro sub ekata

  21. නෙත්මි

    Harry potter අලුත් 1ට සබ් දෙන්නකෝ අයියේ..

  22. Anonymous

    how to download the movie

  23. Nishan

    Thanx bro

  24. Dewadithya

    Thanks for Sub!

  25. Lakshansilva18

    Thanks for sub Film eka lassanai

  26. Dhananjaya Gamage

    thanx wewa mchnla
    ubala hinda thamai athal eke film 1k balanne
    jaya wewa !!!!!!!!!!!!!!!!!!1

  27. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!