Watch Trailer

The Wild Thornberrys Movie (2002) with Sinhala Subtitles | තෝන්බෙරි පවුලේ අප්‍රිකානු සවාරිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වාසි හැමෝටම සුභ දවසක් !ඉතින් මේ මගේ දෙවෙනි උපසිරැසිය.😀මං මුලින්ම උපසිරැසි කලේ Last Action Hero (1993) ෆිල්ම් එකට. ඒ කරපු උපසිරැසියට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා.ඉතින් එකට හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මං දෙවෙනි උපසිරසියට තොර ගත්තේ animation ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකනම් ටිකක් පරණයි.ඇත්තටම ක…

බයිස්කෝප් වාසි හැමෝටම සුභ දවසක් !ඉතින් මේ මගේ දෙවෙනි උපසිරැසිය.😀මං මුලින්ම උපසිරැසි කලේ Last Action Hero (1993) ෆිල්ම් එකට. ඒ කරපු උපසිරැසියට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා.ඉතින් එකට හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මං දෙවෙනි උපසිරසියට තොර ගත්තේ animation ෆිල්ම් එකක්.

මේ ෆිල්ම් එකනම් ටිකක් පරණයි.ඇත්තටම කිව්වොත් මේක රූපවාහිණි චිත්‍රපට මාලාවක්.මේ එක විකාශනය වෙන්නේ (1998–2004) කාලේ.මේ series එකට සමගාමිව ෆිල්ම් කිහිපයක් නිර්මාණය වෙනවා.ඒ The Wild Thornberrys:The Origin of Donnie (2001), The Wild Thornberrys Movie (2002) සහ Rugrats කථාමාලාව සමග සම්බන්ධ වෙන Rugrats Go Wild (2003) කියන ඒවා.චිත්‍රපටියේ විස්තර ගැන කිව්වොත් මේකට IMDB අගය 5.3ක් හිමිවෙලා තියෙන අතර Rotten Tomatoes 80%ක් ලැබිල තියෙනවා. ඩොලර් මිලියන 25ක් වියදමින් නිර්මාණය කරපු මේ චිත්‍රපටියේ දළ අදායම ඇමරිකන් ඩොලර් මිලියන 40ක් මේක Cathy Malkasian, Jeff McGrath සහ Charlie Adler යන අධ්‍යක්ෂකවරු තිදෙනා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ..හඩකැවීම් ශිල්පින් විදිහට එලියිසා තොන්බෙරිට Lacey Chabert, ඩාවින්ට Tom Kane, ඩෙබරා තොන්බෙරිට Danielle Harris සහ නයිජල් තොන්බෙරිට Tim Curry ආදී ශිල්පින් දායක වෙනවා.මේ කිව්වා ඇතිනේ.

එහෙනම් කථාව පැත්තට හැරෙමු. එලයිසා තෝන්බෙරිට සත්තුන්ට කතාකරන්න පුළුවන් බලයක් ලැබෙනවා මායාකාරයෙක් උගුලකින් බේරගත්තට පස්සේ.මේ කතාවේ නං ඒකගැන පොඩි හැදින්වීමක් කරන්නේ.මේක පටන්ගන්නේ එලයිසා තෝන්බෙරි ඇතුළු තෝන්බෙරි පවුල අප්‍රිකාවට ගිය සවාරියකින්.ඒ වෙද්දී එලයිසාට අවුරුදු 12යි.මේ අය වනජීවින් ගවේෂණය කරනවා.ඉතින් දවසක් එලයිසගේ යාළු චිටා පැටියෙක්ව දඩයක්කාරයෝ පැහැරගන්නවා.මේ චිටා පැටියව පැහැරගත්ත දඩයක්කාරයෝ දවස් ගානකට පස්සේ තියෙන සුර්යග්‍රහණ දවසේ විදුලි වැටවල් ගහලා එක තැනකට එක්වෙන අලින් දහස්ගානක් මරන්න යනවා.ඒ අතරේ එලයිසට එයාගේ සත්තුන්ට කතාකරන බලයත් නැති වෙනවා.එයයි එයාගේ යාළු ඩාවින් චිම්පන්චියගෙයි පවුලේ අනිත් අයගෙයි ගොඩක් වැඩ ෆිල්ම් එක බලලම දැනගන්නකො..

ඒ වගේම කියන්න ඕනි මේ උපසිරසියටත් මට සිසිල ප්‍රසාද් සහෝ ගොඩක් උදව් කළා.එකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.ඉතින් උපසිරැසිය ගන්න ගමන් comment එක්ක එහෙම දාලා යන්නත් අමතක කරන්න එපා.එතකොටයි තව උපසිරැසි ඉක්මනටම කරන්න හිතෙන්නේ.☺

එහෙනම් තවත් බයිස්කෝප් එකක් එක්ක මුනගැහෙනකම් බයිස්කෝප් වාසි හැමෝටම තෙරුවන් සරණයි !

5.3/10

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා වලංගු වේ.

2,476 downloadsDownload The-Wild-Thornberrys-Movie-2002.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/madhubhashana-bandara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුභාෂණ බණ්ඩාර

Subtitles

2,476 downloadsDownload Subtitles38 KB

16 comments

  1. pasindu

    ස්තූතියි සහෝ.
    පුළුවන්නම් ඔය කථාමාලාවට සබ් දෙන්නකො

  2. Sohan Jayasooriya

    ස්තූතියි සබට

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 -2017 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  6. Udara Damith B/K

    ela

  7. Helili Hemamali

    ඔහොම යමු සහෝ. ස්තූතියි උපසිරැසියට.

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. අසිත

    meka mama satalite tv eke baluwa
    godak lassana adarshmath kathwak...
    thanks

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..!

  11. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  12. දමිත්

    බොහොම ස්තුතියි මධුභාෂණ සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය.

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. kavii

    404 not available.. fix this machoo

  15. Minindu Tharushapriya

    Thank you.....

  16. Nishantha Pradeep

    elama brother