දුෂිත පොලිස් නිලධාරින් නම් ඕන තරම් දැකලා ඇති. දුෂිත කියලා අදහස් කලේ වැරදි දෙයක් නම් නෙවෙයි. තමන්ගේ රාජකාරිය පසෙකලා මුල්‍ය වාසියක් ඇතිව හෝ නැතිව ජරා වැඩ කරන අය. විදෙස් රටවල් කියලා බොරුවට ලංකාව සුද්ද කරන්නේ මොකටද. ලංකාවෙත් ඉතින් පදුරකට පයින් ගැහුවත් එහෙම අයව ඕන තරම් අද සමාජේ හොයාගන්න පුලුවන්. මේක දැන…

දුෂිත පොලිස් නිලධාරින් නම් ඕන තරම් දැකලා ඇති. දුෂිත කියලා අදහස් කලේ වැරදි දෙයක් නම් නෙවෙයි. තමන්ගේ රාජකාරිය පසෙකලා මුල්‍ය වාසියක් ඇතිව හෝ නැතිව ජරා වැඩ කරන අය. විදෙස් රටවල් කියලා බොරුවට ලංකාව සුද්ද කරන්නේ මොකටද. ලංකාවෙත් ඉතින් පදුරකට පයින් ගැහුවත් එහෙම අයව ඕන තරම් අද සමාජේ හොයාගන්න පුලුවන්. මේක දැන් ඕනෙම රටකට බලපාලා තියෙන ප්‍රශ්නයක්. එතකොට එහෙම දුෂිත නීතිඥයෝ නැද්ද? අපොයි ඉන්නවා. ඇයි ඔය කරන්න තියෙන හැම ජරා වැඩක්ම, මිනීමැරුම් කරලා හිරේ ගියපු ලොකු ලොක්කන්ගේ බාල ගෝලයෝ හිරේ යන්නේ නැතුව නීතිඥයෝ පගාවට දෙකට තුනට නැවිලා ඒ අය වෙනුවෙන් කතා කරලා ඉදිරිපත් වෙන්නේ. ෆ්‍රෑන්ක් වෙලේරා කියන්නේ නිකන් හරි එයාට ගෙනිච්චොත් කෙනෙක්ව නිර්දෝෂී කරලා ඒ කෙනාව හිරේ නොයා මොනම විදිහකින් එයාගේ කට පාවිච්චි කරලා බේරගන්න කෙනෙක්. මේ වගේ දේවල් කරලා තමන්ට සැපවත් විදිහේ ජිවිතයක් ගත අරන්න පුලුවන් තරම් මුදල් උපයන කෙනෙක් තමයි ෆ්‍රෑන්ක් කියන්නේ. ලස්සන ගෙදරක් තියෙනවා. ඕන තරම් වාහන තියෙනවා. ඒ වගේම හොද බිරිදක් වගේම ලස්සන පුංචි කෙලි පොඩ්ඩකුත් හිටිය කෙනෙක්. දුෂිත නීතිඥයෙක් වුණා හෝ නැතා සාමාන්‍යයෙන් ඒ අයට හතුරෝ බිහිවෙන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. දවසක් තමන්ගේ දුවගේ ඉස්කෝලේ හැකියාවන් ඉදිරිපත් කරන ප්‍රසංගයට සහභාගී වෙන්න බැරි වෙනවා. කාර්යාලයේ වැඩ නිසා වගේම මගදී එයාට අහුවෙන මාර්ග තදබදය නිසා. මෙයා කොහොම හරි එතනට යද්දී ප්‍රසංගය ඉවරයි. හැමෝම තම තමන්ගේ ගෙවල් වලට යනවත් එක්ක. ඒත් එයාගේ බිරිදයි ළමයි නැහැ. මේ දෙන්නා ගෙදර යන්න ඇති කියලා හිතාන ෆ්‍රෑන්ක් ගෙදර යද්දී මේ අය ගෙදරත් නැහැ. පොලිසියේ කෙනෙක් ගෙදරට ඇවිල්ලා ෆ්‍රෑන්ක්ව තැනකට එක්කන් ගියහම තමයි ෆ්‍රෑන්ක්ගේ බිරිදවයි, ළමයාවයි බලාගන්න ලැබෙන්නේ අතහැරලා දාපු තැනක වතුර බැහැලා යන තැනක තිබිලා ඒකත් මළ කදවල් දෙකක් විදිහට.
මේ සිද්දීන් වෙන්න සැහෙන්න කාලෙකට කලින් ස්ට්‍රෝඩ් කියලා පොලිස් නිලධාරියෙක්ගේ අවුරුදු 12 වයස ගෑනු දරුවෙක්ව පැහැරගෙන යාමක් සිද්දවෙලා තියෙනවා. මේක කරපු කෙනාව හොයාගෙන අත්අඩංගුවට අරගෙන පවා තියෙනවා. සැකපිට අත්අඩංගුවට අරගෙන තියෙන්නේ නීතිඥයෙක්ව. ඒ ළමයව පැහැරගෙන ගිහින් විතරක් නෙවෙයි. පස්සේ මරලා දාලත් තියෙනවා. ඒත් ඒ සැකපිට අත්අඩංගුවට ගත්ත නීතිඥයා වෙනුවෙන් නඩු කියලා වෙනින් නීතිඥයෙක් ඒ කෙනාව බේරගෙන තියෙනවා. නඩු කියලා බේරගත්ත නීතිඥයා කවුරු වෙන්න ඇතිද? එතකොට මේ නිලධාරි ස්ට්‍රෝඩ්ගේ දුවගේ මරණයයි, ෆ්‍රෑන්ක්ගේ බිරිදගෙයි දුවගෙයි මරණේ අතරේ සම්බන්ධයක් තියද? එහෙම සම්බන්ධයක් තියෙනවනම් මේ දෙන්නා අතර මොනවයින් මොනවා වෙලා මේ දේවල් කෙළවරක් වෙයිද?
මේ සතියට අරං එන තුන්වෙනි උපසිරැසිය. ඒකත් අහම්බෙන් සෙට් වුන සුපිරියක්. මේක නම් මේ සිසිල සහෝ බාරගෙන තිබිලා එයාගේ විභාග කටයුතු නිසා මට බාර දුන්නා. ඒ හන්දා ස්තුතිය ලැබෙන්න ඕන එයාට. Ninja (2009), Ninja: Shadow of a Tear (2013), Undisputed II (2006), Undisputed III (2010), Boyka: Undisputed (2016) වගේ සටන්කාමි චිත්‍රපට නිර්මාණයට දායක වුනු Isaac Florentine අතින් තමයි මේ අද ගෙනාපු චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙන්නේ. The Exorcism of Molly Hartley (2015) වගේ ත්‍රාසජනක චිත්‍රපටි ගණනාවක්ම සදහාම දායක වුනු Matt Venne තමයි මේකේ තිර පිටපත ලියලා තියෙන්නේ. සෝරෝගේ චිත්‍රපට නරඹපු කෙනෙක් නම් Antonio Banderas ව අමතක වෙන්න විදිහක් නැහැ. මොකද The Mask of Zorro (1998), The Legend of Zorro (2005) වල ප්‍රධාන චරිත වලට දායක වුණේ ඔහු නිසා. එයා තමයි මේ චිත්‍රපටයේදී අපිට ෆ්‍රෑන්ක් වෙලේරාගේ චරිතයෙක් දැකගන්න ලැබෙන්නේ. Cristina Serafini නම් ඉතාලියානු නිලියක්ව තමයි අපිට ටික වෙලාවකට හරි සූසැන් වෙලේරා නොහොත් ෆ්‍රෑන්ක්ගේ බිරිද හැටියට දැකගන්න ලැබෙන්නේ. Star Trek චිත්‍රපට මාලාව The Bourne Supremacy (2004), Pete’s Dragon (2016) යන චිත්‍රපට වලට අමතරව මිට දින කිහිපයකට පෙර නිකුත් වුනු Thor: Ragnarok (2017) වගේ චිත්‍රපට රැසකට දායක වූ Karl Urban තමයි මේ චිත්‍රපටයේ පොලිස් නිලධාරි ස්ට්‍රෝඩ්ගේ චරිතයට දායක වී තියෙන්නේ. මේ චිත්‍රපටය නිකුත් වන දිනය විදිහට සදහන් වෙලා තියෙන්නේ නම් 2017 ඔක්තෝබර් 27 වැනිදා. හරියටම අද දවසේ ඉදන් (29) බැලුවොත් දවස් දෙකකට කලින්. ඒත් ඉතින් මෙහෙම දේවල් මිට කලින් ඕන තරම් වෙලා තියෙනවා කියලා අමුතුවෙන් මතක් කරන්න ඕන නෑනේ. IMDb දර්ශකය තුල 5.8/10 ක අගයකුත්, Rotten Tomatoes වගේ ලේසියෙන් හොද අගයක් නොලැබෙන දර්ශකය තුල 60% වගේ ඉහල අගයකුත් ලබාගෙන තියෙනවා. Action, Drama යන කැටගරි වලට අයත් වෙන මේ චිත්‍රපටය පැයකුත් විනාඩි විසි හතකුත් පුරාවටම ධාවනය වෙනවා. නිකන් බොරු කියන්නේ ඕන නෑනේ. Taken, John Wick චිත්‍රපට වල මෙන් ක්‍රියාදාම වලින් පිරුණු කිසිම කම්මැලි කමක් නැතුව මේක ධාවනය වෙන මුළු කාලය පුරාවටම බලන් ඉන්න පුලුවන් කියලා කිසිම සැකයක් නැතුව කියන්න පුලුවන්. මං කියන්නේ බොරු කියලා හිතෙනවනම් විනාඩි දෙක තුනක් වැය කරලා මේකේ පූර්ව ප්‍රචාරක පටය නරඹලා ඉන්නකෝ.
එහෙනම් ඉතින් බලන්නකෝ කොහොමද මේ චිත්‍රපටය කියලා. අදට මං ගිහින් එන්නම්. ජය!!
Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා ගැලපේ.
8,386 downloadsDownload Acts-Of-Vengeance-2017.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
36 comments
Sohan Jayasooriya
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා...!විදුෂාන් සජිත්
:-) උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ, ජය වේවා....! :-)
oshanda
බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ
අසිත
elama saho thanks
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!malith madhushan
thanx saho sub ekata
buddika
thanx bro sub ekata
Nishan Fernando
Thanx bro
gihan perera
Thanks bro.....well done...good luck....
sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
Palitha de Silva
බොහොම ස්තූතියි ...
Jack
නියමයි මචෝ...
සුපිරි කතාවක් වගේ..
අනිවාඅ බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය....Hemantha De Silva
Thanks...
සදෙව් බණ්ඩාර
සිංහල උපසිරසි වලට ස්තුතියි.
සිසිල ප්‍රසාද්
උපසිරසියට වගේම නැහැ බැහැ කියන්නේ නැතුව සබ් එක බාරගෙන ඉක්මණට කරලා එව්වට බොහොම ස්තුතියි, සහෝ.
ජය!kevin D...
thankz...
Buddi
Thanks......
sandaru maxx
thank you so much brother.....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sulakshana Thilakarathna
පට්ටම බයිස්කෝප් එකක් සහෝ බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට ජයෙන් ජයම වේවා!!!
AWNCK
Thanks bro
thisal
ස්තූතියි
Mahesh
Sub ekata thanx
Ravin
Thanks for the sub
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Devinda
Ty chamara malli....puluwnnam sathiykata eka gane hari Exorcist Series ekata sub eka dennako...Plz....
දමිත්
බොහොම ස්තුතියි චාමර සහෝ උපසිරැසියට.
ජයෙන් ජය.Dulanga
Thanks
tharangani
thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
බොහොම ස්තූතියි
Prasad
thnax sub ekata
Thiedi
Thanks Machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි සහෝ සබ් එකට..