Watch Trailer

Scooby-Doo and the Loch Ness Monster (2004) Sinhala Subtitles | ස්කූබි ඩූ සහ ලොක්නෙස් විලේ නෙසීගේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ලොක්නෙස් හයිලන්ඩ් ගේම්ස් කියලා තරඟාවලියක් පවත්වන ඩැෆ්නිගේ ඥාති සහෝදරියක් වෙන ශැනන් බ්ලේක්ව හමුවෙන්න යන ස්කුබී යාළුවෝ සෙට් එකට විසඳන්න වෙන අභිරහසක් තමා මේ කතාවට 6.7 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. මේ කාටූන් එකට පදනම් වෙලා තියෙන කතාව ගැන පොඩි විස්තරයක් කරන්න මට හිතුණා. නොදන්න අයට දැනගන්නත් එක්ක. ලොක්නෙස…

ලොක්නෙස් හයිලන්ඩ් ගේම්ස් කියලා තරඟාවලියක් පවත්වන ඩැෆ්නිගේ ඥාති සහෝදරියක් වෙන ශැනන් බ්ලේක්ව හමුවෙන්න යන ස්කුබී යාළුවෝ සෙට් එකට විසඳන්න වෙන අභිරහසක් තමා මේ කතාවට 6.7 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. මේ කාටූන් එකට පදනම් වෙලා තියෙන කතාව ගැන පොඩි විස්තරයක් කරන්න මට හිතුණා. නොදන්න අයට දැනගන්නත් එක්ක.

ලොක්නෙසී විලේ නෙසී කියන නම අහලා නැති කෙනෙක් නැති තරම් මං හිතන්නේ. ලොක්නෙස් විලේ මෘගයා, ලොක්නෙස් විලේ ආර්යාව වගේ නම්වලින් හඳුන්වන ස්කොට්ලන්තයේ ලොක්නෙස් විලේ ජීවත් වෙනවා කියලා සැළකෙන මේ සත්වයා හඳුන්වන සුරතල් නාමය තමයි නෙසී කියන්නේ. ඉන්නවද නැද්ද කියලා තාමත් මතවාදයන්ට භාජනය වෙන සත්වයෙක් වගේම වාර්තා වැඩසටහන් හා චිත්‍රපටි විශාල ප්‍රමාණයකට පදනම සැපයූ සත්වයෙක්. ඒ වගේම නෙසීව ඇස් දෙකෙන්ම දැක්කා කියලා ලැබිලා තියෙන පැමිණිලි ප්‍රමාණයත් සුළුපටු නෑ. නෙසී ගැන තියෙන සාක්ෂි සළකලා බලද්දි විශාල සිරුරක් හිමි, දිගු වලිගයක්, දිගු බෙල්ලක් හා පාද වෙනුවට වරල් තියෙන අමුතු සත්වයෙක්ව ගල්වල කැටයම් කරන්න ගොඩක් ඉස්සර ස්කොට්ලන්තෙ ජීවත් වුන පික්ට්ස් ගෝත්‍රිකයෝ සමත් වෙලා තියෙනවා. පික්ට්ස් ගෝත්‍රිකයෝ ඒ විදිහට ගල්වල කැටයම් කරපු අනිත් හැම සත්වයෙක්වම අඳුරගත්තත් මේ අද්භූත සත්වයා මොකාද කියලා අඳුරගන්න සත්ව විද්‍යාඥයෝ පවා අපොහොසත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ කාලේදි ක්‍රිස්තු ධර්මය ව්‍යාප්ත කිරීමේ අරමුණින් ස්කොට්ලන්තයට ආපු කොළොම්බා නම් ශාන්තුවරයාගෙන් මේ සත්වයාව පළවා හරින්න කියලා පික්ට්ස් ගෝත්‍රිකයෝ උදව් ඉල්ලුවා කියලත් කතාවක් තියෙනවා.

කොහොමහරි 1933 අවුරුද්දෙි මාමඩූක් වෙදරල් කියලා කෙනෙක් විල් ඉවුරේ තිබිලා යෝධ අඩි සලකුනු වගයක් හොයාගත්තා කියලා කරපු ප්‍රකාශෙත් එක්ක ලොකු ආන්දෝලනයක් ඇකි වුනා. ඒත් පස්සේ හෙළි වුනා වෙදරල් කියන්නේ එක්තරා පුවත්පතක් විසින් එයාලගේ පුවත්පත් අලෙවිය වැඩි කරගැනීමේ අරමුණින් නෙසී ඉන්නවා කියලා බොරුවක් ගොතන්න කුලියට‌ ගත්ත කෙනෙක් බවත්, අර විල් ඉවුරේ තිබුනා කියන අඩි සලකුණු ව්‍යාජ විදිහට සකස් කරපු ඒවා බවත්. ඒ වුනත් තමන් කළේ බොරුවක් නෙමෙයි කියලා ඔප්පු කරන්න වෙදරල් සෑහෙන මහන්සි වුනා. එයා තමන්ගේ පුතාලා දෙන්නත් එක්ක එකතු වෙලා නෙසීගේ ව්‍යාජ ඡායාරූපයක් නිර්මාණය කළා. ඒක කළේ සෙල්ලම් සබ්මැරීන් එකකට සෙල්ලම් මුහුදු නාගයෙකුගේ හිසක් සවි කරලලු. අදටත් නෙසී ගැන අන්තර්ජාලේ හොයද්දි ගොඩක්ම ප්‍රසිද්ධ ඡායාරූපය මේක තමයි. ඒ ඡායාරූපය නිකුත් වෙලා අවුරුදු 61 ක් ගියාට පස්සේ ඒ කිව්වේ 1994 අවුරුද්දෙි තමන් කළේ බොරුවක් කියලා මරණ මංචකයේ හිටපු වෙදරල් විසින් පාපොච්ඡාරණය කළා.


වෙදරල් නිර්මාණය කළ ව්‍යාජ ඡායාරූපය

කොහොම වුනත් මේ සිද්ධි නිසා ඇති වුන ආන්දෝලනයත් එක්ක සබ්මැරීන්, සෝනාර් වගේ උපකරණත් ඇතුළුව විශාල තාක්ෂණික උපකරණ යොදාගෙන නෙසීව හොයන්න සෑහෙන ගවේෂණ ප්‍රමාණයක් ලොක්නෙස් විලේ සිද්ධ වුනා. රොබට් එච් රයින්ස් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම විසින් එසේ සිදුකළ එක් පර්යේෂණයකදී ගත්ත එක අපැහැදිලි ඡායාරූපයක වරලක් වගේ දෙයක් සටහන් වෙලා තිබුනා. 1975 දී මේ ඡායාරූපය විශ්ලේෂණය කරපු පීටර් ස්කොට් කියන බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් නෙසිටෙරාස් රොම්බොප්ටෙරික්ස් ( Nessiteras rhombopteryx ) යන විද්‍යාත්මක නාමය නෙසීට ලබා දුන්නා. ග්‍රීක භාෂාවෙන් ඒකේ තේරුම ”දියමන්තියක හැඩයක් ගත් වරලක් ඇති නෙසී” කියන එක. මේ සිදු කරපු ගොඩක් ගවේෂණ වලදී ලැබුනූ සෝනාර් සටහන් අතර අපැහැදිලි රූ සටහන් කිහිපයක්ම තිබුනත් ඒවා මොනවද කියලා හරිහැටි පැහැදිලි නැති හින්දා නෙසී සිටින බවක් පැහැදිලිව ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් තරම් සාක්ෂියක් නම් හමුවෙලා නෑ.


රොබට් රයින්ස්ට ලැබුනු අපැහැදිලි ඡායාරූපය

2003 වසරේදී ලොක්නෙස් විල් ඉවුරේ කරපු කැණීම්වලදී සර්ව සම්පූර්ණ කොඳු නාරටි 4 ක පොසිල සොයාගැණුනා. මේ අස්ථි ප්ලෙසියොසෝර් නම් ජලජ ඩයිනසෝර් විශේෂයට අයිති බව පසුව හඳුනා ගැනුණා. උගේ ඔළුව පොඩියි. බෙල්ල දිගයි, ඒ වගේම සද්ධන්ත ශරීරයක් වරල් හතරක් හා දිගු වලිගයක් තියෙනවා.


ප්ලෙසියසෝර් ඩයිනසෝරයෙක්

මේ පොසිල ලොක්නෙස් ඉවුරේ තැන්පත් වුනේ කොහොමද කියන එක පොසිල විද්‍යාඥයින්ට ගැටලුවක් වෙලා තියෙනවා. නෙසී ගැන තියෙන ජනප‍්‍රවාද වගේම ඇසින් දැක්කා කියන සාක්ෂිවලින් විස්තර කරන්නෙත් මේ ප්ලෙසියොසෝර් ඩයිනෝසරයෙක්ගේ හැඩරුවමයි. ඒත් ප්‍රශ්නේ තමයි ප්ලෙසියොසෝර්ලා ජීවත් වුනා කියලා සැළකෙන්නේ මහා සාගරයේ. ඒ කියන්නේ කරදිය ජලයේ. ඒත් නෙසී ජීවත් වෙනවා කියලා සැළකෙන්නේ මිරිදිය ජලය සහිත විලක් වෙන ලොක්නෙස් විලේ. අනිත් එක ප්ලෙසියොසෝර්ලා වගේ චලතාපී සත්ව විශේෂයකට ලොක්නෙස් වගේ අධික ශීතලක් සහිත විලක ජීවත් වීමට හැකියාවක් නෑ. අනෙක් වැදගත්ම කරුණ තමයි ප්ලෙසියොසෝර්ලා ඇතුළු අනෙකුත් ඩයිනසෝරයින් ජීවත් වුණේ වසර මිලියන 65 කට විතර කලින්. ඒත් ලොක්නෙස් විල නිර්මාණය වෙලා තියෙන්නේ ඊට වඩා ගොඩක් පස්සෙ කාලෙක. ඔන්න ඔය දේවල් හින්දා නෙසී කියන්නේ ප්ලෙසියසෝරස් සත්වයෙක් නෙමෙයි කියලත් තර්ක කරනවා. ඒ වුනත් සිද්ධ වෙච්ච මෑත කාලීනම පරීක්ෂණ අනුව බහුතර විද්‍යාඥ මතය තමයි නෙසී කියන්නේ විශාල ප්‍රමාණයේ ආඳෙක් වෙන්න පුළුවන් කියන එක. ඒ කොහොම වුනත් නෙසී කියන්නේ ස්කොට්ලන්තේ ලොක්නෙස් විල පිහිටි ප්‍රදේශෙට නම් අති දැවැන්ත සංචාරක ආකර්ෂණයක්.

විස්තර කියන්න ගිය හින්දා ලිපියත් සෑහෙන දික් වුනා. නෙසීව හොයාගෙන ස්කුබී කණ්ඩායම කරන පරීක්ෂණ පවා ඇතුළත් මේ කාටූන් එක හැමෝම ස්කූබි ඩූ රසිකයෝ හැමෝම රස විඳියි කියලා හිතනවා. එහෙනම් ස්කූබි ඩූ ඇනිමේෂන් චිත්‍රපට මාලාවේ පළවෙනිම චිත්‍රපටිය Scooby Goes Hollywood (1979) චිත්‍රපටියේ උපසිරැසියත් එක්ක නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,761 downloadsDownload Scooby-Doo-and-the-Loch-Ness-Monster-2004.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,761 downloadsDownload Subtitles37 KB

16 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) .. ලිපිය නම් සුපිරි..
    ජය වේවා.!

    1. සොහාන් ජයසූරිය

      ස්තූතියි සහෝ.. එදා අර සීන් එකට අවුලක් ගන්නෙපා හොදේ.. ☺☺☺

  2. Randy

    බොහොම ස්තුතියි පුලුවන් නම් scooby and guys who s 2 එකටත් සබ් දෙන්න

  3. malithmadhushan45

    මලේ පට්ට 50 ලඟයි.

  4. මයුර

    අඩෝ පට්ට ලිපිය.
    ඉවර වෙනකම් කියෙව්වා දැනුනෙවත් නැහැ.
    ස්කුබි ඩූ ෆිල්ම් සෙට් එකම
    සයිට් එකට දෙන්න ගත්ත වෑයමත් ස්තූති කරනවා.
    නිවාඩුපාඩුවෙ ඔක්කොම ටික බලන්න ඕන.

  5. යුරාන් ධනුක (දනුවා)

    ලිපියනම් සුපිරියට තියෙනවා
    ගොඩක් ආසාවෙන් කියෙව්වේ
    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ

  6. විහඟ පියුමාල්

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, සොහාන් අයියේ
    ජය වේවා!!...
    SCOOB එකත් ඉක්මනින්ම ඒවි..

  7. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..

  8. SCOOBY

    Thanks sub ekata supiri ela link ekath denna Hollywood ekata supiri SCOOB ekath may 15 release karada Scooby and guys who s 2 ewilanan ekatath sub dennko please thx ela

  9. SCOOB

    Thanks sub ekata supiri ela link ekath denna Hollywood ekata supiri SCOOB ekath may 15 release karada Scooby and guys who s 2 ewilanan ekatath sub dennko please thx ela

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  12. indika75

    thanks..

  13. Udara Damith Dissanayaka

    ලිපිය මරු මල්ලි
    එල එල
    ස්කුබි ඩුබී ඩුඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ

  14. Hiran Eranda

    thanks

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.