ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම මගේ එකසිය දොළොස් වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඇත්තටම මේක රොයිලි සහෝදරයාට හිමි වූ චිත්‍රපටයක්. මොකද එයානේ මේකේ පළමු කොටසට උපසිරසි නිර්මාණය කලේ. කොහොම හරි එකදවසක් නිකම් මට මේක දෙනවද අහපු එකේ ප්‍රතිපලය තමා මේ. අද උදේ තමා වෙබ් පිටපත නිකුත් උනේ. ඉතින් අද දවස ඇතුලතම IMD…
ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම මගේ එකසිය දොළොස් වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඇත්තටම මේක රොයිලි සහෝදරයාට හිමි වූ චිත්‍රපටයක්. මොකද එයානේ මේකේ පළමු කොටසට උපසිරසි නිර්මාණය කලේ. කොහොම හරි එකදවසක් නිකම් මට මේක දෙනවද අහපු එකේ ප්‍රතිපලය තමා මේ. අද උදේ තමා වෙබ් පිටපත නිකුත් උනේ. ඉතින් අද දවස ඇතුලතම IMDb අගය 8.1 වන මේ චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔයාලට අරගෙන එන්න මට පුළුවන් උනා.
ඇත්තටම මෙම චිත්‍රපටයට පදනම් වෙන්නේ නෝර්වේයානු (අතීත බටහිර ජර්මන්, නොර්වේ ආදී ප්‍රදේශයන්ගේ) දේව ඉතිහාසයට සම්බන්ද කතාවක්. ඇත්තටම ඔයාල දැනටමත් දන්නවා ඇති කියල හිතෙනවා මේ, තෝර්, ලොකි වැනි චරිත මාවල් කොමික් අරගෙන තියෙන්නේ මෙම නෝර්වේයානු දේව ඉතිහාසයෙන්. ඉතින් මේ කතවා සම්පුර්නම පදනම් වෙන්නේ තෝර්ගේ ලෝකය වන ඇස්ගාඩ් ලොවේ ඉරණම සම්බන්දයෙන්. ඔයාල අපි දන්නා මහා බාරත් යුද්දය, රාම රාවනා යුද්දය වැඩි හින්දු දේව ඉතිහාසයේ ප්‍රසිද්ද යුද්ද මෙන්ම මෙම නෝර්වේයානු දේව ඉතිහාසයේ තිබෙනවා ඇස්ගාඩ් දෙව් ලොව අනාගතයේ දෙවියන් අතර ඇතිවෙන යුද්දයකින් විනාශ වෙන බව. ඉතින් සරලවම මෙහි දක්නට තිබෙන්නේ එම ඉතිහාස කතාවේ කොමික් වර්ෂන් එකක්.
ඉතින් මෙහි සිටිනා චරිත ඔයාලට පොඩ්ඩක් කොමික් වලින් බැහැරව තේරුම් කරදෙන්න මම පොඩි උත්සාහයක් ගන්නම්. ඉතින් තෝර්. මෙයා තමා අකුණු, ගුගුරුම්, කුනාටු , ඕක් ගස් වලට ප්‍රධාන දෙවියා. ඒවගේම ඇස්ගාඩ් දෙව් ලොව ආරක්ෂකයා වගේම මනුෂ්‍ය ලොව රැකවලා. දේව ඉතිහාසයට අනුව මොහු තමා මිනිස් ලොව ස්වභාවික විපත් පාලනය කරන්නේ. Mjölnir ලෙස හඳුන්වන මිටිය තමා මොහුගේ ආයුදය. ඊළඟට ලොකි. මොහු තෝර් ගේ සහෝදරයෙක් ලෙස මාවේල් විශ්වයේ සඳහන් වුවත් සැබෑ දේව ඉතිහාසයේ එවැනි පැහැදිලි සදහනක් නැහැ. පසුකාලින ඉතිහාස කතාවක පමණක් මොහු ඔඩින් නැතිනම් තෝර් ගේ පියාගේ තවත් එක් පුතෙක් ලෙස සඳහන් වෙනවා. ඊළඟට මෙහි දක්නට ලැබෙන හෙලා නැතිනම් මරණයේ දෙව්දුව ඇත්තටම දේව ඉතිහාසයේ දක්නට ලැබෙන්නේ ලොකි ගේ දියණියක් වශයෙන්.
ඊළඟට කොමික් චරිත කිහිපයක් ඔයාලට මෙහි දක්නට පුළුවන්. හල්ක්, මායා දොස්තර (ඩොක්ටර් ස්ට්‍රේන්ජ්), සහ කුඩා දර්ශනයක් සඳහා බ්ලැක් විඩෝ ඒ අතරේ ප්‍රධානයි. ඒවගේම චිත්‍රපටය අවසන් ඇවෙන්ජර් චිත්‍රපටය සිදුවීම් සිදුවී වර්ෂ දෙකකට පසු වෙන සිද්දියක් ලෙස තමා පෙන්වන්නේ. ඔයාලට මතක ඇති හල්ක් යානයක නැගිලා වේගයෙන් පියඹා යනවා. ඒවගේම ඊට පස්සේ තෝර් විවිධ වීර ක්‍රියා සිදුකරමින් විශ්වය පුරා ගමන් කරනවා. චිත්‍රපටයේ නොපෙන්නුවත් නෝර්වේයානු දේව ඉතිහාසයේ විශාල සත්වයන් සමග සටන් කිරීම, විශ්වයේ තිබෙන දුර්ලභ වස්තුන් සොයා ගෙන යන ගමන සිදු වුවා යැයි අපට සිතන්න පුළුවන්. චිත්‍රපටයේ ආරම්භයේ එක් ස්ථානයක ඔහු එවැනි සඳහනක් කරන හින්දා.

මෙම දේව යුද්දය සටහන් වන නොර්වෙයානු රුප සටහනක්
කොහොම හරි කලින් කිව්වා වගේ ඇස්ගාර්ඩ් දෙව්ලොව විනාශ වෙන දේවයුද්දය තමා මේ චිත්‍රපටයේ පෙන්වන්නේ. තෝර්, ලොකි සහ තෝර් ගේ වැඩිමල් සහෝදරිය ලෙස මෙහි හඳුන්වන හෙලා සහ හල්ක් මිට මැදිවෙන ආකාරය ඔයාලට මේකෙන් බලන්න පුළුවන්. ඒවගේම තෝර් සහ හල්ක් හමුවීම සිදුවෙන ආකාරය සහ මෙම යුද්දයට වටපිටාව සකස්වීම ඉතාමත් පැහැදිලිව පෙළගස්වා තියෙනවා. ඒත් දෙයක් කියන්න ඕනා. මොකද මේක චිත්‍රපටයත් මාවේල් චිත්‍රපට වලට ලඟදි හැදිලා තිබෙන අවාසනාවන්ත රෝගය වන කොමික් කොමිටේල් කිරීමේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙලා තියෙනවා කියල මට පුද්ගලිකව හිතෙනවා. මොකද අකුණු වලට අධිපති දෙවියන් මේ චිත්‍රපටයේ කුඩා ටිසර් (විදුලි ස්පන්ධන) මෙවලමක් අධාරයෙන් අඩපන කිරීම සහ සම්පුර්ණ දෙව් ලොවක් තුල පිරිසක් යානාවකට පැටවීම වගේ දේවල් ටිකක් විතර පැටලිලි සහිතයි. කමක් නැ කොමික් නේ. සමහරු තර්ක කරනවා වගේ කොමික් වල මොනවද ඇත්ත කියල කියන මතේ පිහිටා ඉඳිමින් මට කියන්න පුළුවන් මෙම චිත්‍රපටය ගොඩාක් රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් කියල. කුණු තක්කාලි අගය 92% සහ IMDB 8.1 ඉතින් ලේසියෙන් ලැබෙන්නේ නැනේ. ඒවගේම මෙහි තෝර් සහ ලොකි ඇමරිකානු ඉංග්‍රීසි උච්චාරනයත්, ඇස්ගාර්ඩ් සහ සකාර් වැසියන් තරමක් පැරණි ඉංග්‍රීසි වලට සමාන භාෂාවක් භාවිතා කරන හින්දා උපසිරසියේ සිංහල දෙබස් යෙදීමේදී ඒ බාෂා ආකාරයන් යොදාගැනීමට මම සැලකිලිමත් උනා.
ඉතින් තෝර් චරිතයේත් පැහැදිලි වෙනස්කම් කිහිපයක් මෙම චිත්‍රපටයේ දක්නට ලැබෙනවා. එකක් තමා ඔයාල අපි තෝර් චරිතයේ දැක්ක දිගු කොණ්ඩය දක්නට නොලැබීම. එත් ඉතින් මාවෙල් හි අපි ඔක්කොම දන්නා ස්ටේන් ලිම මෙම කොණ්ඩය කපා දැමීමේ දර්ශනයට පෙනී සිටින හින්ද එයාලට හොඳ නම් අපිට හොඳා කියන කියමනට එකඟ වෙන්න වෙනවා. ඒවගේම තෝර් ගේ මිටිය චිත්‍රපටයේ පළමු විනාඩි විස්ස අතුලේදීම දුවිලි වෙලා යනවා. ඩොලර් මිලියන එකසිය අසුවක් වියදම් කරලා ඩොලර් මිලියන අටසිය පනහකට වැඩි මුදලක් හොයල තියෙන හින්ද මෙම වෙනස් කම් ලොව කොමික් රසියකින් පිළිඅරගෙන කියල අපිට හිතන්න පුළුවන්.
ඉතින් ඔන්න ඔයාලට මෙම චිත්‍රපටය රසවිඳින්න කියන ගමන් තව දෙයක් කියන්න අවස්ථාවක් කර ගන්නවා. ගිය පාර මම දැක්කා කමෙන්ට් එකක් මමත් අලුත් චිත්‍රපට වලට හැරුණද පරණ ඒවා කරන්නේ නැත්ද කියල. එහෙම දෙයක් නැහැ. ඊළඟට මම ඔයාලට අරගෙන එන්නේ පරණ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරසියක්. ඉතින් ඒකත් එක්ක හමුවෙමු.
බුදු සරණයි…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා යාවත්කාලින කර ඇත.
66,834 downloadsDownload Thor-Ragnarok-2017-BR.zip161 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
377 comments
sheyya
විමා
එලම එලම
කලින් බැලුව හෝල් එකෙන්ම
එහෙමයි කියල ආයේ නොබලා ඉන්න බැහැනේ
මෙන්න ගන්නවා :DSandarugunawardana
Niyamaiiiiii
sanjaya kumara
THANKS SUB EKATA......
podda
elama!!! thanks sub ekata
Vimukthi2001
එලම බ්‍රෝ සුපිරි tanx
තරිඳු පෙරේරා
බොහොම ස්තුති සහෝ සබ් එක ගන්නවා මේ වගේ ටව සබ් කරන්න ශක්තිය ලැබේවා ඒ වගේම ඔබේ අනාගතයට සුබ පතනවා
GeethD
THANKS SUB EKATA
pasinduadhithya
enakan balan hitiyeee.thank you saho ikmanata dunnata
Z3RO
hammo elama
විදුෂාන් සජිත්
:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)
Mokshaya
Thanks bro....
ඉසුරු සම්පත් සිරිසේන
උපසිරසියට ස්තුතියි අසංක අයියේ!
Malinda
story eka gena echchara kemeththak ne wage? :D mama nam enakam balagena hitapu kathawak.
gihan perera
ගොඩක් ස්තුතියි..මෙික දෙනකන් බලන් හිටියේ..දෙවි පිහිටයි සහෝ...දිගටම උපසිරැසි දෙන්න...
Anuruddha Leo
හම්මේ හවස මේ ගැන කතා කළා විතරයි.........තැන්ක්ස් අයියා උපසිරසට
kalanagunasekara
elmaaa
Lushan Tharinda
Subata thanks bro...
Blu-ray eka awama update karanna karanno...Helili Hemamali
අයියගෙ උපසිරැසියක් නම් ආයි අහන්න දෙයක් නෑ, ස්තූතියි. තවත් සුපිරි නිර්මාණයක් අරන් එන්න.
saihns
එල පුතී එල...
adMark
Ela bro .jaya wewa
LoneWalker
Thanks
rihanakash521
Thnz macho
geeganagamage
ගොඩක් ස්තුතියි මේක එනකම් ගොඩක්කල් බලාගෙන හිටියා . ඔබ සැම අප වෙනුවෙන් මේ කරන උතුම් සේවය අප සැමට ගොඩක් වටිනවා . ඒ වගේම Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට . එත් මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
බුදු සරණයි , දේවි පිහිටයි .Tharindu_Rukshan_Perera
බොහෝම ස්තුතියි සහො උපසිරැසියට මේ බ්ලුරේ එක එනකල් ඉදලම බලනවා තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
ආසිරි ප්‍රියන්ත
යෙන්න බ්ලුරේ කොපි වන්දෙට්ට මා, ඉදු වෙබ් ඩි එල් කොපි නල්ල සුබ්ම්,
නාන් සජෙසමා ඉදු වෙබ් කොපි පාක්කරංග.
නන්රි.Udara Damith Dissanayaka
හි
macrocomlk
ammo meka enakal tama balan hitiye....thanks machan
TharakaWAS
Thanks
Sampath23
PAtta thanks
shanaka herath
elama
ආසිරි ප්‍රියන්ත
තද තද බ්‍රෝ,
අපිනම් සබ එක්ක සයිට් එකේ දෙන්න කලින්ම බැලුවා,
සබ එක කුණුකොල්ලෙට අන්ඩර්කට් මාර්ගෙන් හම්බුනා, අඩු ගාණකට.
සබ එක එලටම තිබ්බා ඈ.
ජය වේවා.
තව අරං එමු ගිඩි ගිඩි ගාලා.Shalin kavinda
Fattama supiri...thnxx
Thisal
thanks mcn
Iman Kasthuri
Thanks brother. ikmnt dunnata!
Milan Sadaruwan
THANKS bro..........
Amalka Himeshan
Thanks machan sub ekata
janithchandimal
thanks
Avindu Umesh Gunasinghe
tnx..bro.meka enakmmai hitiye..elama.
nirodha uthpala
Brrip eanakan ivasanna vena ceen eakak thiyenne. Thx for sub bro update eaka apu gaman suba brrip valata update eaka ona kollo.thx for the sub digatama demu obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
Ruwan18
PATTA THANKS SAHO
Ashan Maduranga
sub ekata thanks bro
Pasan wijewardhana
Ammoh atiyntnm thnkz bolaw
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි කිව්වා උපසිරැසියට..
ඕං එහෙනම් ගත්තා
දිගටම සබ් දෙමු ආ.. :P
ඔබට ජය!malidu8
Ela
kumaradasa
Sub ekata thanks bro
Prabodha Madhusankha Hettiarachchi
marai bro ikkamata sub eka dala neee. Supiri..
Kc96
thankz bro
johnnysand
තෑන්ක්ස් බ්‍රෝ සබට...
Chathura Abesiriwardhana
තද තද බ්‍රෝ,
Gathsara Umesh
Hmooo enkm ifya thrmk...
Jl eka blala mta DC epam unaa..monw unth mm assm DC...eth JL ek cha un hinda mek enkm thma ifiye..bohoom sthuthiyi ayyee..oyage subnm aye kiynn detk nee supper....
Ikmaninm thawath upasiresiyakin hmuwemu...jayawewaa ethek obata.........shan AC
thnx broo.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Thor: Ragnarok (2017) Sinhala Subtitles | ලොවක් විනාශ කල පවුල් ප්‍රශ්නය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/01/Thor-Ragnarok-2017-1.2.jpg)
1st