මම කීව නේද JB වැඩකට බැස්සොත් ආයෙ අහන්ඩ දෙයක් නෑ කියලා. කොහොමද රන්අංගුලියා(Goldfinger) පරදවන්ඩ දරපු වෑයම. කිව්වා වගේම ලේසි වුණේනම් නෑ. සතුරො එන්ඩ එන්ඩ ප්‍රබල වෙනවද මන්දා? වැඩේ කියන්නෙ මේ සතුරො සේරම කොහෙන් කොහෙන්හරි ලෝකව්‍යාප්ත ත්‍රස්ත සංවිධානයට ඈඳිලා තියෙනවනෙ. මේ පාරත් තියෙන්නෙ එහෙම එකක්ම තමයි. මේ ප…

මම කීව නේද JB වැඩකට බැස්සොත් ආයෙ අහන්ඩ දෙයක් නෑ කියලා. කොහොමද රන්අංගුලියා(Goldfinger) පරදවන්ඩ දරපු වෑයම. කිව්වා වගේම ලේසි වුණේනම් නෑ. සතුරො එන්ඩ එන්ඩ ප්‍රබල වෙනවද මන්දා? වැඩේ කියන්නෙ මේ සතුරො සේරම කොහෙන් කොහෙන්හරි ලෝකව්‍යාප්ත ත්‍රස්ත සංවිධානයට ඈඳිලා තියෙනවනෙ. මේ පාරත් තියෙන්නෙ එහෙම එකක්ම තමයි. මේ පාර ලෑස්තිය ලොකු කප්පමක් ඉල්ලන්ඩ. ගිය වතාවෙ සතුරන්ගෙ සංචිත විනාශ කරන්ඩ හැදුවට හරි ගියේ නෑනෙ. මේ පාර ඒක නිසා වෙන ක්‍රමයකට වැඩක් දෙන්ඩයි සැරසෙන්නෙ. මෙන්න මෙහෙමයි වෙන්නෙ වැඩේ. මේ පාර තර්ජනය අපි කවුරුත් හොඳින් අහල තියෙන NATO සංවිධානයටයි එල්ල වෙන්නෙ. උතුරු අත්ලාන්තික සමගි සංවිධානය ලෙස හැඳින්විය හැකි මේ සංවිධානය සකස් කරගෙන තිබෙන්නෙ යුධමය අරමුණු එහෙමත් නැතිනම් ආරක්ෂක අරමුණු වෙනුවෙනුයි. මේ සංවිධානයෙන් කෙරෙන්නෙ ඒ කලාපයේ රටවලට එල්ලවන තර්ජනයන්ට එරෙහිව සාමූහිකව පෙළ ගැසීම. කලාපයේ රටවල් ආශ්‍රිත හමුදාවන්ට විශේෂ පුහුණු අවස්ථා සහ මෙහෙයුම් සංවිධානය කිරීමත් මොවුන් කරනවා. මෑත කාලයේනම් මේ සංවිධානය ගැන නිතර දෙවේලේ අහන්ඩ දකින්ඩ ලැබුණා අපටත්! නේද?
මේ සංවිධානය සූදානම් වෙනවා තමන්ගේ සාමාජික රටවල තෝරාගත් හමුදාංකයකට පරමාණු බෝම්බ ගැන දැනුමක් ලබාදෙන ගමන්ම, පරමාණු බෝම්බ යොදාගනිමින් එල්ල වන තර්ජනයකට මුහුණ දිය යුතු ආකාරය ගැන පෙරපුහුණුවක් ලබාදෙන්නට. කරුමෙ කියන්නෙ මේ පාරත් SPECTRE ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානය ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ සූදානම මේ මෙහෙයුමට ගෙන යන බෝම්බ දෙකම යානාව පිටින්ම උස්සලා තමන්ගේ අරමුණු උදෙසා බළල් අතක් කරගන්නයි. මේක ලොකු සැලසුමක්! මේ යානය පදවන නියමුවා වගේ වෙන්ඩ ඔවුන්ගේ කෙනෙක්ව ප්ලාස්ටික් සැත්කම් මගින් සකස් කරනවා. ඉන් පස්සේ ඔහුට එම නියමුවා අකුරටම අනුකරණය කරන්නට හැකි වෙන්න හඬ පාලන පුහුණුවක්/ උච්චාරණ පුහුණුවක් සහ අනෙකුත් හැම ආකාරයෙන්ම විශේෂ පුහුණුවක් දෙනවා. මොකද NATO කියන්නෙ එසේ මෙසේ සංවිධානයක් නොවෙයි. බොහොම බලගතු සංවිධානයක්. ඔවුනගේ සැකයට ලක් නොවී මේ කටයුත්ත කරගත්තොත් කල්ල මරේ. මොකද ත්‍රස්තයන්ගේ මීළඟ පියවර වෙන්නේ, ඇමෙරිකාවේ හෝ යුරෝපයේ ප්‍රධාන මර්මස්ථානයක් පුපුරුවා හරින්නට හැකි වෙන පරිදි මේ බෝම්බය ඇටවීම. ඉන් පස්සෙ බෝම්බය පුපුරුවා නොහරින්නටනම් ඊට හිලව් වන්නට ඔවුනට කප්පමක් ගෙවන්නටම වෙනවා ලෝක බලවතුන්ට. මේ විදිහට ගියවර අසාර්ථක වුණු Bond නිසා අසාර්ථක වුණු අරමුණ මේ වර සඵල කරගන්නටයි ඔවුනගේ සූදානම. මේ බෝම්බයත් සමග පැහැර ගන්නා යානය ගෙනිහින් හංගන්නේ මුහුද යට. ඔන්න ඉතිං Bondට වැඩ.
නිකම්ම නෙමෙයි, මේ පාරත් අලුත් උපකරණ තියෙනවා. Bond Gadget Pack එකට අලුතින් මේ පාර එකතු වෙනවා Jet Pack එකක්. මේක තනි මිනිසෙකුට ගුවනින් යාහැකි, ජෙට් එන්ජින්වලින් ක්‍රියාකරන කුඩා ගුවන්යානයක් වැන්නක්. මේක ඇත්තටම වැඩ කළ එකක්. මේක කොච්චරනම් සාර්ථක වුණාද කිව්වොත් මේ චිත්‍රපටිය වෙනුවෙන්ම මේක නිර්මාණය කළා වුණත්, මෙය නිපදවපු සමාගම එය විවිධ අවස්ථාවලදී විශේෂ දර්ශනයක් වශයෙන් ක්‍රියාකාරී ලෙස ප්‍රදර්ශනය කරන්නටත් පෙළඹුණා. Bond Gadget ප්‍රදර්ශනයන්හිදී මෙය සාර්ථකව ක්‍රියාකරන අයුරු Bond ලෝලීන්ට දැකගන්නටත් ඉඩකඩ සැලැස්සුවා. ඒ විතරක් නෙමෙයි මෙවර චිත්‍රපටයෙන් සෑහෙන පමණක් දිය යට දර්ශන අඩංගු වෙනවා. දිය යටදී සතුරන් හා ගැටෙන Bondට පාවිච්චියට ගත හැකි වෙන උපකරණ රාශියක්ම මේකේ දැකගන්ඩ පුළුවන්. ඒ අතර කිමිදුම් උපකරණ, දියහෙල්ලයන් වගේම Underwater Jet එකකුත් තියෙනවා. ඒ ඇරුණම දැල්ලන්ගෙන් අල්ලගත්ත කට්ටකමකුත් තියෙනවා. ඒක සතුරන්ගෙන් බේරිලා වහං වෙන්ඩ නිතරම වගේ ප්‍රයෝජනවත් වෙනවා. අනික් කාරණේ තමයි මේ චිත්‍රපටියේ තමයි “මුල්ම වතාවට” Bondගේ දියයට වැඩ කිඩ අන්තර්ගත වෙන්නේ. ගොඩබිම විතරක් නෙමෙයි දියයටත් කරණම් සෙල්ලම් දාන්ඩ මේ වතාවෙ ඔහුට සිද්ධ වෙනවා. කොටිම්ම චිත්‍රපටයෙන් 1/4කට ආසන්න ප්‍රමාණයක්ම මාලුවොත්තෙක්කයි ගෙවෙන්නේ. මේ චිත්‍රපටයත් Oscar සම්මානයකට හිමිකම් කීවා. ඒ ඉහතින් විස්තර වුණු පරිදි මේ චිත්‍රපටය පුරාම විශිෂ්ට ලෙස සංකලනය කර තිබුණු දර්ශන ප්‍රයෝග වෙනුවෙන්. විශේෂම කාරණේ අන්තිමට තියාගත්තා මම. ඒ තමයි Bond සිනමාපටයක ප්‍රථම වතාවට සම්පූර්ණ නිරුවත යොදාගැනීම. මෙතෙක් චිත්‍රපටිවල සමාරම්භයේදී ඇතුළත් වුණ රංගනයට සම්පූර්ණ නිරුවත යොදා ගැනුණේ නැහැ. එය වෙනස් කරමින් සම්පූර්ණ නිරුවත් කාන්තා රූප පෙළක් චිත්‍රපට ආරම්භයේ පෙන්වන රංගනය උදෙසා මෙහිදී භාවිතා වුණා.
එහෙමනම් යාළුවනේ මුල් චිත්‍රපට 03ම ගෙනාව වගේ මේ සිව්වැන්නත් මම අරගෙන ආව ඔයාල වෙනුවෙන්ම. ඔයාලගෙ සතුට වෙනුවෙන්ම. හිතාගත හැකියි නේ මම දරපු මහන්සිය. නමුත් මේ වෙනුවෙන් කෙතරම් මහන්සි වුණත් මට ඒ ගැන ඇත්තටම සතුටක් නෑ. හේතුව මෙන්න මේකයි. මේ දක්වා උපසිරැසි ලබාදීපු 007 චිත්‍රපට ත්‍රිත්වයම එකිනෙකක් දහසකට ආසන්න පිරිසක් බැගින් උපසිරැසිත් එක්ක බාගත කරගෙන තියනවා. නමුත් කමෙන්ට්නම් වැටෙන්නෙ බොහොම අඩුවෙන්, ඒ ගැන නම් බොහොම කණගාටුයි. මේක බොහොම දිග චිත්‍රපට මාලාවක්. සම්පූර්ණ චිත්‍රපට 23යි. තවමත් සිංහල නොවූ ගණන 15ක් විතර වෙනවා. ඒ නිසා අමුතුවෙන් කියන්ඩ ඕනි නැහැ මේ සියල්ලම ඔබ වෙනුවෙන් රසවත් කරන්නට මම ගත යුතු වෙහෙස ගැන. ඒ වගේම මගේ වටින කාලය. ඒ නිසා මම තීරණය කළා ඊළඟ එක ඔයාලට ඕනෙ නම් විතරක් කරන්න. ඔයාලගෙ අදහස් දැක්වීම් මත මීළඟ එක කෙරෙන නොකෙරෙන වග තීරණය කරන්නම්. එහෙනම් නැවත වරක් උපසිරැසක් එක්ක හමුවෙන තුරු ආයුබෝවේවා…..!
Due to copyright issues, we do not provide any torrent links.
1,501 downloadsDownload Thunderball.1965.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
75 comments
ositha
උදාර
පට්ට පට්ට මචං නියමයි හොදේ... මේක දෙනකම් උන්නේ
zumo man
elazzz thnxzzz
notisamanalaya
නියමයි මචං...
Isuru
patta 07 awa digatama denna thxxxxx
quik
thanks
lasanatha!!!!!!
supiri macho :D
wow
wow,... maru :D
tharanga
පට්ට මචෝ අනිත් ඒවාත් ඉක්මනට දෙන්න ...ජය
එරංග
එලස්. දිගටම දෙමු පට්ට්ට
upali
ela ela ela macho
ccnp
Thanks
was
පට්ට සේරම සබ් එක්ක බලන්න ලැබෙනවා කියන්නේ සුපිරි මචෝ නවත්වන්න එපා දිගටම යමු කරගෙන
රොයිලි
අන්න අන්න වැඩේ දෙල් වෙන්න වගේ යන්නේ. මම එකක් බලලා ඉවර වෙලා අනික් එක එනකම් මේ බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. මෙන්න ඒ පාර සමීර සහෝට එපා වෙලා වගේ පෝස්ට් ලියවෙනවා. සහෝ වැරදිලාවත් නවත්වන්න නම් එපා. මේ සීරීස් එකම ඔයාගෙන් අතින්ම හැඩ වුනොත් අනිවා ඒක හොඳ තත්වයක තියෙන වටිනා කියන එකතුවක් වේවි. අපි වෙනුවෙන් වැය කරන වටිනා කාලෙට බොහොම පිං කියන අනේ සහෝ නවත්වන්න නම් එපා ඔන්න.
උදා එහෙන් කියනවා සබ් දාන්න හිතෙන්නෙ නෑ කියලා. මෙන්න මේ පාර සමීරත් අදි මදි කරනවා. කෝ හැමෝම නිකන්ම බාගෙන යන්නෙ නැතුව කමෙන්ට් එකක් දාලා ගමු නේද?
geeth
maxxa maxxxaxaxaxxaxaxaxa anith akath ikmanat denna
hh
thankssssssssss
rusuru | රුසිරු
සුපිරි ඔන්න දිගටම දෙන්න හොදේ
kalinga
කමෙන්ට් නැති උනාට ගණන් ගන්න එපා සහෝ . මොනා කරන්නද අපේ කට්ටිය ඔහොම තාමා දැනටම 100 විතර අරන් ඉතින් කෙමෙන්ට් කියාද.මොකා නොදැම්මත් අපි දානවා.. ජය
ganidu
බොහොම තැන්ක්ස් කිවූවා....
naleen
thx all the best
Fernando
thnksss bro digatam denna
pubudu
ela kiri kollo 007 awa tika nam maxxa
Dilan-
anikath ada hetama denna jaya
eraNga
patta wadak ohoma yamu :D
vee
digatama denna
mihin ලංකා
ජය වේවා..පටන් ගත්ත වැඩේ ඉවර කරමු සහෝ.... මැක්සා
chamath cafe
එල කිරි මචං මෙන්න ෆිල්ම්ස්
dineth
niyamai saho nosali karamu mey wade
Bandula
thnxxx
Dimuthu
Nice Work macho,keep it up,thanks
thusitha
supiri :D
Ashan
wede nam mal 7i macan..
digatama karagena yanna...
ela ela.
ela.“චූටී මල්ලි”
අනිවා අනිවා කොල්ලෝ මාත් දන්නවා
කමෙන්ට් අඩු උනාම කොච්චර හිතට දුකද කියලා
ඒක තෙරෙන්නෙ සබ් හදන කෙනෙක්ටම තමාකමක් නෑ බ්‍රෝ නවත්තන්න එපා මේක දිගටම දෙන්න
වටිනා ෆිල්ම් සෙට් එකක්නෙ අනාගතෙ මේකට එන කට්ටියත් මේවා බලලා සතුටු වෙයිනෙAsanka
thanks saho..........
patta pata patauda
අනිවා සහෝ; එක ඉල්ලීමක් කරන්නම් මේ වැඩේ නතර කරන්ඩනම් එපා. මේක එදා ඉදන් අද දක්වාම උපරිම තලයේ තිබෙන චිත්‍රපට පෙළක්. හිතන්ඩ වසර 50ක් එකම චරිතය එකම ජනප්‍රියත්වය(නෑ... එන්ඩ එන්ඩ වැඩි වෙලා) හැබැයි කොච්චර කල් ගියත් බොන්ඩාට නොලැබෙන එක දෙයක් තියෙනවා.
දන්නවද කවුරුහරි?
නිසැකයෙන්ම ඔහුට කිසිදු උසස්වීමක්නම් ලැබෙන්නෙ නෑ නෑ නෑමයි. හේතුව ඔහු තමා හොදම මිනිහා. හොදම මිනිස්සුන්ට හොදම දේවල් හම්බෙන්නෙ නෑ. හැබැයි හොදම වැඩ කරන්නේ ඒ අය. හොදම වැඩ්ඩොත් ඒ අයමයි. ඔයාත් ඒ වගේමයි සහෝ...හොදම දෙයක් දුන්නත් ආපිට ලැබෙන දෙයක් නෑ...
එතකොට බොන්ඩ් සහ ඔයා එකවගේ ඒ අතින්.
එහෙමයි කියලා බොන්ඩ් වැඩේ අත්තැරියේ නෑ; ඇතැම් වෙලාවක ඔහුත් ඒ ගැන කම්පා නොවුණා නෙමෙයි. නමුත් අත්හැරියේ නෑ... ඔහුගේ රටට, ඔහුගේ සේවය වුවමනාව වෙලාව ආවම ඔහු එතැන ඇති. අපිටත් ඔයාගෙ සේවය ඕනිමයි. ඉතින් අපිටත් වඩා ළගින් බොන්ඩ්ව අදුනන බොන්ඩ්ව ඇසුරු කරන ඔයත් ඒ විදිහටම වැඩ කරයි කියලා විශ්වාසයි සහෝ... ඉතිරි ටිකත් ගේන්ඩ.
ජයෙන් ජය!manjula
patta opata patazzzzzzzzzzz
jaya wewa
nishadip1
Thanks friend,Keep it up!!!
darshana
tnx machan
mudiya / මුදියා
නියමයි සමීර සහෝ.ඔයා කරන්නේ කවුරුවත් කරන්න හිතන්නෙවත් නැති එකක්.මෙච්චර වටින ෆිල්ම් ටිකක් සිංහලෙන් අපිට ගේන්න ඔයා වෙන මහන්සියට ස්තූති කරන්න වචන නෑ.දිගටම 007 කථා ඔක්කොටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ.................................ම ස්තූතියි...!
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ. අනෙක් චිත්‍රපටත් ඉක්මණින් ම උපසිරැසි ගන්වන්න. ස්තුතියි.
නලියා
ස්තුතියි සමිර සහෝ..
ඔයාගේ තිරණය සාධාරණයි.
මේ වෙන මහාන්සිය ගැන අපි දන්නවා
ඔබට
ජය වේවාmaduranga
maxxa bro....ee langa ekath karanna shakthiya labenna ona...
Kasun
super !!!
DoubleM
Ane macho ehema karanna epa... Kauru nathath mama nam denakan inne me set eka balanna. Thanks a lot .... Onna gaththa.
Uraj Deemantha
මම හිතුවා බෝම්බ සහ රෝස කියලා...... :P එල එල ඔහොම යන්..... :D
Rashmika
uda සහෝගෙ කතාව නම් හරියට හරි...මේ සෙට් එකට සබ් දෙන වැඩේ දිගටම කරගෙන යන්න...ජයෙන් ජය.......
හසන්ත වික්‍රමරත්න
කොමෙන්ට් නිසා මේ වැඩේ අතාරින්න එපා සමීර මල්ලි. මොකද ලංකාවේ කෙනෙක් විදිහට ඒක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඒක සාමාන්‍යය දෙයක්. අපි කරන දෙයින් ආත්ම තෘප්තියක් ලබන්න මගේ මහන්සියෙන් කෙනෙක් කොහොම හෝ පහසුවක් විඳිනවානේ කියලා. මම නම් සලකන්නේ මේක එක්තරා පිනක් කියලා. මොකද කිසි දෙයක් බලාපොරොත්තු නොවී තව කෙනෙක් ගේ හිතක් සතුටු කිරීම ඇත්තටම පිනක්. ඒ සතුට ආපහු බලාපොරොත්තු වෙන එක මිනිස් ගතිය උනාට. ඒක එහෙම වෙන්න ඕනේ කියලා හැමෝම නොහිතන එකත් මිනිස් ගතිය. ඒක නිසා කරන වැඩේ ඉවරයක් කරන්න බලන්න. හිත කඩා ගන්න එපා. :D
vidu
patta machan....you only live twice 1 nam onimai...(Y)
Uvais
සහෝ කරන උදව්වටනම් තෑන්ක් යූ වෙරි මච්... දිගටම වැඩේ කරගෙන යන්න.
sudesh
maru maru yaluwa.api innawa oya ekka.anith ewath danna...........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
patta patta macho