“රටම දුවන්න ගත්තම අපිත් ඒ මැද්දට පැනලා දුවන්න ඕන.. එහෙම නැතුව තනියම දුවන්න හිතුවොත් නිකන්ම අතුරුදහන් වෙලා යාවි..!” ” තමුසේලා ගියේ කොල්ලෝ ආරක්ෂා කරන්නද..? “ හතරකටවත් ගැහුවනම් කොල්ලෝ එකෙක්වත් ඉන්නේ නෑ සෙරෙප්පු ගලවගෙන හැරිලාවත් බලන්නේ නැතුව දුවන්නේ.. රුපියල් දෙසිය පනහක් අරගෙන කාලේ බෝතලේටයි,බුරියානි…

“රටම දුවන්න ගත්තම අපිත් ඒ මැද්දට පැනලා දුවන්න ඕන..
එහෙම නැතුව තනියම දුවන්න හිතුවොත් නිකන්ම අතුරුදහන් වෙලා යාවි..!”
” තමුසේලා ගියේ කොල්ලෝ ආරක්ෂා කරන්නද..? “
හතරකටවත් ගැහුවනම් කොල්ලෝ එකෙක්වත් ඉන්නේ නෑ සෙරෙප්පු ගලවගෙන හැරිලාවත් බලන්නේ නැතුව දුවන්නේ..
රුපියල් දෙසිය පනහක් අරගෙන කාලේ බෝතලේටයි,බුරියානි එකටයි එන දේශපාලනඥයෙක්ගේ සෙනඟක් නෙවෙයි සර් ඒ..!
ශිෂ්‍යයෝ..!
ශිෂ්‍යයෝ එහෙම දුවන්නේ නෑ සර්..!
එයාලා මහජනතාවට කරදරයක් වෙන නිසා තමයි ඉරිඳ දවසක් බලල පාරට බැස්සේ..!
ඒ අතර අනාගත දිසාපතිලා,පරිපාලන නිලධාරි ඇයි තව රට පාලනය කරන දේශපාලඥයොත් ඉන්නවා..
ශිෂ්‍යයෝ කරපු දේ වැරදියි තමයි හැබැයි එයාලට එහෙම කරන්න වෙච්ච හේතුවත් වැරදියි..!
——————————————————————————————————————————-
“මේ ලෝකේ ජීවත්වෙන හැමෝම මොනම හරි අසාධාරණයකට ලක්වෙලා පීඩාවට පත්වෙලා ඉන්නේ..!
ඉතින් ඒ හැමෝම තමන්ට වෙච්ච දේවල් වලට පලිගන්න ගියොත් මේ ලොකේ සොහොනක් වෙයි..!”
මම මේ දෙවල් කරන්න යන්නේ පලිගන්න නෙවෙයි.! මම පලිගන්න හිතුව නම් එදාම මට අාපු තරහට ඒ වැඩේ කරන්න තිබ්බා.!
මම මේවා කරෙ අපරාධ කරපු උන්ව නීතීය හමුවට පමුණලා දඬුවම් කරවන්න.!
ඒත් ඒ නීතීය අපරාධ කරන උන්ව ආරක්ෂා කරද්දි අපරාධ කරන උන් කවදාවත් අපරාධයක් කරන්න බය වෙන්නේ නෑ.
එතකොට උන් බය වෙන්නේ කොහොමද..?
දරුණු කෘෘර විදියට දඬුවමක් දුන්නොත් නම් බය වෙයි.! අන්න ඒ බයත් එක්කම උන් නිදාගන්න ඕන. අපරාධයක් කරොත් බරපතල දඬුවම් ලබන්න වෙනවා කියලා උන් දැන ගන්න ඕන.
කාන්තාවකට ඕනම වෙලාවක විශේෂයෙන් රෑකට තනියම ඇවිදන් යන්න පුලුවන් කවද්ද..?
අන්න එදාට තමයි නියම නිදහසක් අපි ලබලා තියෙන්නේ කියලා පොත් පත් වලින් කියවලා නැද්ද..?
අනෙකුත් චිත්‍රපට මෙන් සාම්ප්‍රදායික ක්‍රියාදාම හා ත්‍රාසය මුසු සිනමා නිර්මාණ වලට වඩා අරුත් රසයෙන් ඔබ්බට ගිය මෙම සිනමා පටය සමාජයටද පනිවිඩයක් නිකුකිරිමට සමත්ව ඇත.ඉන්දීයාව දැඩි ලෙස මුහුණ පා ඇති ගැටලුවක් වන ස්ත්‍රී දූෂණය පිළිබඳව සැකෙවින් විස්තර කෙරෙන අතරම සමාජයේ ඉහල පෙලේ ධනවත් සහ බලවතුන් හමුවේ නීතීය ක්‍රියාත්මක වන ආකාරය ගැනද මෙයින් සත්‍ය ලෙසම අපද සැබෑ ජීවිතේදි දකිනා ලෙසම පෙන්වා දී ඇත.
Jayam Ravi දමිළ සිනමා රසිකයෝ ඇරුනම ඉන්දියානු සිනමා රසිකයිනුත් බොහොමයක් දෙනා දන්නා හඳුනනා දකුණු ඉන්දීය රංගන ශිල්පියෙක්.! තවත් විදියකින් කිව්වොත් දකුණු ඉන්දීය සිනමා ක්ෂෙත්‍රයේ පෙරලියක් වෙනසක් කරපු නළුවෙක් Miruthan 2016 දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රථම zombie චිත්‍රපටය, Tik Tik Tik 2018 දකුණු ඉන්දීය සිනමාවේ වගේම සමස්ථ ඉන්දීය සිනමාවේම ප්‍රථම අභ්‍යාවකාශ සිනමා සිත්තම රඟදක්වමින්..! ඊට අමතරව Thani Oruvan 2015 , Bogan 2017 , Vanamagan 2017 මෙන්න වගේ විශේෂ චිත්‍රපට සඳහාද රංගනය සපයමින් තම රංගන හැකියාවන් පිලිඹිබු කර ප්‍රේක්ෂකයින්ගෙ මෙන්ම විචාරකයන්ගේද පවා ඉමහත් පැසසුමට ලක්වුන රංගන ශිල්පියෙක්.!
Adanga Maru 2018 කියන්නෙ 2018 වසරේ අවසානයේ දෙසැම්බර් 21 දින දා සිට තිරගතවුන ක්‍රියාදාම සහ ත්‍රාසය වර්ගීකරණයට අයත් වුන විශිෂ්ඨ සිනමා නිර්මාණයක්..!මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Karthik Thangavel නම් අධ්‍යක්ෂකවරයා විසින් වන අතර මෙහි කතාවද ලියා ඇත්තේ ඔහු විසින් ය. මෙම චිත්‍රපටයේ තිබේනා තවත් විශේෂ කරුණු කීපයක් පහතින් මෙසේ දැක්විය හැක.
- මෙම චිත්‍රපටයේ මකා දමන ලද දර්ශන ත්‍රිත්වයක් ඇත. (එය නැරඹීමට අවශ්‍ය කෙනෙක් සිටිනම් Youtube අඩවියෙන් නැරඹිය හැක.)
- මෙම චිත්‍රපටය සඳහා CBFCනොහොත් ඉන්දීය සිනමා සහතික කරණය කිරිමේ මණ්ඩලය. විසින් මේ සඳහා U/A වර්ගීකරණය
- යටතේ ප්‍රදර්ශණය කිරිමට අවසර ලබාදී තිබෙනවා (U/A සහතිකය යනු කුඩාදරුවන් සිය මාපියන්ගේ මඟපෙන්වීම යටතේ නැරඹිය යුතු බවට දන්වා ඇති සහතිකය.)
- මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරිමට ඉන්දීය රුපියල් කෝටි 15 ක් වැයවි තිබෙන අතර ප්‍රථම 10 තුලදි ඉන්දීය රුපියල් කෝටි 2.83 ක් ලබාගෙන ඇත.
- මෙම චිත්‍රපටය Karthik Thangavel නම් අධ්‍යක්ෂක වරයාගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය හා ප්‍රථම සිනමා කතා රචනය වේ.
කතාව මෙහෙමයි SI සුභාෂ් කියන්නේ තමිල්නාඩු පොලිසියේ අපරාධ අංශයට නවතමයෙන් පත්වීම් ලබා බැඳුන අවංක පොලිස් නිළධාරියෙක්.! තමන් ඉදිරියේ සිදුවන අසාධාරණ කම් දෙස ඉවත බලා සිටිමට නොහැකි මොහු ඒවාට එරෙහිව තමන් උගත් නීතීය ක්‍රියාත්මක කිරීමට ගොස් තම ජිවිතයම අනතුරේ දාගන්නා නිළධාරියෙක්.!
ඉතින් මේ SI සුභාෂ් ට වගේ එයාගේ පවුලේ අයට සිදුවන අබැද්දිය ගැන කියැවෙන මෙම කතාව ගැන කියැවෙන මේ සිනමා සිත්තම ඔබත් නරඹා රසවිඳ ඔබත් වැඩිහිටියෙක් නම් පියෙක් නම් මවක් නම් එසෙමත් නැතිනම් සමාජයේ වඟකීමක් ඇති පුද්ගලයෙකු නම් සැබෑ ජිවිතයේ පවා සිදුවන මෙවැනි ඛේදනීය සිදුවීම් වලට තුඩුදෙන හේතු සාධක හඳුනාගෙන තමන්ගේ දරුදැරියන් හටද යම් මඟපෙන්වීමක් ලබා දෙමින් කිසියම් පනිවිඩයක් සමාජයේ අන් අයටත් ලබාදෙන ලෙසට ඉල්ලා සිටිමින් අදට මා සමුගන්නවා. එසෙනම් ඔබගේ වටිනා අදහස් උදහස්ද පලකරන ලෙසටත් මතක් කරන අතරම මෙම චිත්‍රපටය සඳහා උපසිරැසි කිරිමට අවස්ථාව සලසා දුන් අප වෙබ් අඩවියේ සංස්කාරකවරයෙකු වන සුධීර සහෝට ස්තූති කරන අතරම තාරක නුවන් දිල්හාර සොයුරාට විශේෂ ස්තුතියද පිරිනැමීමට කැමතියි.!
ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper True HD / Proper True WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
27,894 downloadsDownload Adanga-Maru-2018.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
100 comments
Tharaka Nuwan Dilhara
ashanpe
download karaganna link eka dannko......
sashan
Thanks jaya weva
sathyajith
Thanks for the sub
baicope_text2
තැන්ක්ස් සබ් එකට
dsdkavishka
Thenks for sub
Narada001
Ft bn
Ruwankumara
ela kiri thank you broooo :)
danakal balan unne sub ekaEranga Sandaruwan
කිවුව වෙලාවටම දීලා නේ. එල එල.
මේකා ආවා කියන්නේ 2.0 මාරි 2 සීරෝ ඒම ලඟ ලඟම එයි නේ. පට්ට පට පට.උඔඅ සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..Jumanji
බොහොම ස්තුතියි
CKD dass
උපසිරැසි ලබා දිම පිළිබදව ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.බුදු සරණයි!
Sarojalakmali
Thanks saho
rangika Kariyawasam
බෝම පිං සහෝ.බොහෝමත්ම ස්තුතියි ..ජයවේවා
Ayesh Prashan
Thank You
Eranda Malith 2.0
බොහොම ස්තූතියි මචෝ
චානක ඉඳුනිල්
බොහොම ස්තූතියි සබ් එකට,
එනකල් බලන් හිටිය ෆිල්ම් එකක්,snak
thanks enakal balan wenada wage hitiye mekath... patta sthuthiyi
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... M.t.R.පට්ට...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
Udaya Saman
ඔන්න ඉතින් ජෙයම් රවීගේ ෆීල්ම් එකත් දීල නොවැ තරිදු අයිය .බාරගන්න කියපු එක බාරගන්න බැරිවුනා තාම තරිදු අයියේ.උපසිරසියට බොහොම තුති...
isuru srinath sjs
ජයවේවා ❤️
Dragonwhite
kawadda nne kiyala bala bala hitiye thanks kollo
VTDilshan
Thanx bokkh.........
Gathsara Umesh
Bhooooooooom Sthuthi ❤️
damith_janaranjana
Thanks bro
harshani11112
ස්තුති තරිඳු සහො....
තෙරැවන්සරණයිPrabodha Madhusankha Hettiarachchi
Goodak sthuthi sahooo sub ekata...
Dinesh Buddika
Thanks.................
Chaturangagayan
ස්තුතියි සබ් එකට ....
subodha
Thanks
Amilaprasad814
Thanks bro....
Sanjeewa2010
Thnxxxxxxxxxxxxxxxx
sampath n perera
thanks
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......
ජයවේවා .......Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Asitha B Upathissa
Thank you
ඔෂද ධනංජය
thanx sahoo..
tharindukavinda626
thanks brooo....
Rusithlakshan99
Thanks bro
darshana100
thanks yalu jaya wewa
Kumara4
Film eka pn eke play karanna be...puluwannm update karanna
Madhura prasad
තුති වේවා බ්‍රෝ
ඩොක් අයියා
බා ගත්තා මල්ලියෝ
dhanush4343
ෆිල්ම් එකයි සබ් එකයි දෙකම සුපිරි සහෝ...නියමයි
DilanDilshan
jaya wewa saho..
prasakr
බොහෝම ස්තූතියි උපසිරැසියට ...... ජයවේවා...
thilz
thank u
Maxxx
Elaaaa
Lasantharathnasirirox
බලාගෙන හිටියෙ සහෝ...දිගටම හොඳ නිර්මාණවලින් හමුවෙමු....ස්තුතියි.
D.Chamara
bohoma sthuthi sahooo
NuwanK
Thank u bro..
Kawi Jayasinghe
Tnx brdh
Advertisement

ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන්
ගොඩක් ස්තුතියි උපසිරසියට
ජයෙන් ජය..!!!