ඔන්න මම අරන් ආවා ටින්කර්බෙල් විත්‍රපට මාලාවෙ අළුත්ම චිත්‍රපටිය. Tinker Bell and the Legend of the NeverBeast. බයිස්කොප් අඩවියෙන් ඉතිරි චිත්‍රපටි හයටම උපසිරසි ලබා දීලා තියනවානේ. හත්වෙනි අළුත්ම චිත්‍රපටිය තමයි මේ.මේ වෙනකොට IMDb අගය 6.9/10 න් අරන් තියනවා. ටින්කර්බෙල් චිත්‍රපටි හතෙන්, හය වෙනි චිත්‍රපටි…

ඔන්න මම අරන් ආවා ටින්කර්බෙල් විත්‍රපට මාලාවෙ අළුත්ම චිත්‍රපටිය. Tinker Bell and the Legend of the NeverBeast. බයිස්කොප් අඩවියෙන් ඉතිරි චිත්‍රපටි හයටම උපසිරසි ලබා දීලා තියනවානේ. හත්වෙනි අළුත්ම චිත්‍රපටිය තමයි මේ.මේ වෙනකොට IMDb අගය 6.9/10 න් අරන් තියනවා.
ටින්කර්බෙල් චිත්‍රපටි හතෙන්, හය වෙනි චිත්‍රපටියත් එක්ක ටින්කර්බෙල් ගැන විතරක් නැතුව අනිත් සුරඟනන් ගැනත් කතා කරන්න පටන් ගත්තානෙ. කලින් චිත්‍රපටියෙ ඒ කියන්නෙ The Pirate Fairy(2014) හි ප්‍රධාන චරිතය වුනේ සරීනා කියන සුරඟන. ඒවගේ තමයි මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය ටින්ක් නෙවෙයි. ෆෝන්. යාළුවන්ට මතකයිනේ ෆෝන්,සතුන් බලාගන්න සුරඟන. එයා ගැන තමයි අද කතාව.
කතාව පොඩ්ඩක් කියන්නම්කො එහෙනම්. ෆෝන් කියන්නෙ සතුන් බලාගන්න සුරඟනක්. එයාගෙ රාජකාරිය තමයි තුවාල වෙලා ඉන්න සත්තුන්ට බෙහෙත් කරන එක,කුරුළු පැටවුන්ට පියාඹන්න උගන්වන එක, හා පැටවුන්ට පනින්න උගන්නන එක වගේ තව ගොඩක් දේවල්. හැබැයි අනිත් අය අහිංසක සත්තුන්ට විතරක් උදව් කරාට ෆෝන් නම් හැම සතෙක්ටම උදව් කරනවා. උදාහරණයක් විදියට සුරඟනන් කන උකුස්සන්ට පවා. මේ නිසා සුරඟන නිම්නය කරදරේ නොවැටෙනවාමත්ම නෙවෙයි. අන්තිමේදි රැජිණගෙ ඉල්ලීම නිසා ෆෝන් තීරණය කරනවා ආදර්ශමත් රටවැසියෙක් වෙන්න.ඒත් සුරඟන නිම්නයට පායපු වල්ගා තරුවත් එක්ක කැලෙන් ඇහෙන අමුතු ගෙරවිලි සද්දෙ බලන්න නොයා ඉන්න නම් ෆෝන්ට හිත හදාගන්න බැරිවෙනවා. ඒ ගියාම මුණගැහෙන යෝධ ලොම් පිරුනු රාක්ෂයයි ෆෝන්, ටින්ක් ඇතුළු සුරඟනන් ගැන කතාව තමයි මේ. එහෙනම් බලන්නකො රාක්ෂයා ඇත්තටම සුරඟන නිම්නය විනාශ කරයිද කියලා.
කියන්න ඕන මම හොද ටින්කර්බෙල් රසිකාවියක්. ටින්කර්බෙල් චිත්‍රපටි ඔක්කොම එකක් නෑර බලලා තියනවා. මේ චිත්‍රපට ඔක්කොගෙන්ම මේක තමයි ලස්සනම චිත්‍රපටය. පෞද්ගලිකවම ටින්කර්බෙල් චිත්‍රපටි හතෙන් මම කැමතිම චිත්‍රපටිය. 10/10 ම ලකුණු දෙන්න පුළුවන් මට නම්. මම සත්තුන්ට කැමති නිසාද මන්දා මේ චිත්‍රපටිය ගොඩක් ආසාවෙන් බැලුවා. අන්තිම ටික නම් ඉතින් ටිකක් විතර කදුළු පෙරමින් බැලුවෙ. ඒත් හරිම ලස්සන කතාවක්. හැමෝටම බලන්න ආරාධනා කරනවා. (අප්පා මම මෙච්චර දිග ලිපියක් ලිව්වමද කොහෙද)
“පොතක් දිහා, පිටින් තියන කවරෙ බලලා පොත ඇතුලෙ තියන දේ තේරුම් ගන්න බෑ. ඒ වගේම තමයි සතෙක් දිහා, සතාගෙ උල් දත් දිහා බලලා සතාගෙ හැටි තේරුම් ගන්නත් බෑ.”
තව චිත්‍රපටියකින් හමුවෙමු.ජය….
566 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න
410CCCBFE06B09B72E709576EB10CE3BACA378D6700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
FF3A3773AC4BCE13CC26FFF0CC5C2E249BE360BE1.23 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
E306EAE157E4FB3301F14ADC631C59D01963CA2C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,466 downloadsDownload Tinker-Bell-And-The-Legend-Of-The-NeverBeast-2014.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
75 comments
nimantha
chathura madusanka
ela eaaaaa thanks
නලින් පෙරේරා
ස්තුතියි නිර්මාණි...
හොදම කොපියක්නේ දිලා තියෙන්නේ.. අනිවා බැමක් සමඟ බැලිල්ක් තමයි ඉතිං
ජය වේවා!
Waruna
Thank you veryyyyyyyyy muchhhhhh!!!!!!!!!!!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :shalitha
Wooooow. Thanks
janith dulanjana
බොහොම ස්තුති..මාත් ඔයා වගේම ටින්ක බෙල් ට ගොඩක් අස කෙනෙක්..
Sajith Anthony
ස්තුතියි නිර්මාණි…
ජය වේවා!
අසිත
පුදුම වැඩක් කියන්නේ animation ෆිල්ම් එකක් දැක්කම තාමත් බලනකම් ඉවසිල්ලක් නෑ.පොඩි ඈයෝ වගේ.එත් දැන් ඉන්න පොඩි ඈයො නම් මේවා බලන්නේ නෑ.මම හිතුවා නිර්මාණිම (කාටුන් අක්කි) මේක දෙවි කියල.බොහොම පින්.ඊයේ තමයි bluray ආවේ.අද සබත් දීලා.පට්ටයි හොදේ.ජයම වේවා!!
Dhanushka
Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
දමිත්
නියමයි සහෝ..
උපසිරැසියට ස්තුතියි...
ජයෙන් ජය...Jack
නියමයි අක්කේ.
අපිට දැන් ඇනිමේශන් වලට වෙනමම කෙනෙක් ඉන්නවනේ.
බොහෝම ස්තුතියි සබ් දුන්නට ගොඩක් ස්තුතියි.
ලිපියත් හොදයි.
ජය.hasith lakshan
thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි නිර්මාණි උපසිරැසියට..
මමත් ගොඩක් ආස කරන කතාවක්...
ජය!!!බ්ලැක් පැන්තර්
ආ... කාටූන් අක්කි සබ් එක දීලා තියෙන්නෙ...
ඊයේ දවසම නිදි මරාගෙනම සබ් එක කළා කියලා ආරංචියි... :D
සබට බොහොම ස්තූතියි අක්කේ...
ජය...!!!
ආ... ලිපිය ඔයිට වඩා ලියන්ඩ ඕනා. ඔය මදි... :3 :vනිර්මාණි විජේසිංහ
ඈ මේත් මදිද.මේ ටිකත් ලියා ගත්තෙත් බොහොම අමාරුවෙන්.
Kalindu Kalhara
Fatta Movie Eka
D.Chamara
aniwarayan balan kathawak thankss...
channa
බොහෝම ස්තුතියි සබ් දුන්නට
මාත් ටින්ක බෙල් ට ආස කෙනෙක්thisal
තැන්ක්ස් අක්කෙ සබට ඇනිමෙශන් නම් අනිවා බලනවා
Keshan Wasala
ගොඩක් ස්තුතියි කාටුන් අක්කේ :D මෙව්වා නම් එකක්වත් මගහරින්නේ නෑ ..
වරුණ රංගජිත් (වරූ)
නිර්මාණි නංගිගේ තවත් ලස්සන නිර්මාණයක්...
මම ගොඩක්ම ආස කරන ඇනිමේෂන් කතාවක් මේ සෙට් එක..
අනිවා ඉතින් බෑමක් තමයි...
පරණ ටික ඔක්කොම තියේ බාගෙන..
මේකත් ඒ එකතුවටම එකතු කරන්න ඕනි..
සබ් එකට ගොඩක් ස්තූතියි නංගී..
ජයෙන් ජයම වේවා...නිර්මාණි විජේසිංහ
නියමයි අයියේ.
Kulanjana Maduranga
niayamai…mm asama animation movie set 1k.mekath aniwa balanawa.thanks NIRMANI akki..sub ekata..digatama sub demu.jaya wewa......
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඔන්න අක්කන්ඩියේ මේක මග බලාන හිටය චිත්‍රපටියක්.
උපසිරසියට බොහෝම පිං... :)
තවත් හොඳ හොඳ ඇනිමේශන් චිත්‍රපටි දෙන්න හැකියාව කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මෙන්න මම ගත්තා.ආයු -බෝ - වේවා !!!
නිර්මාණි විජේසිංහ
සියළුම දෙනාගේ අදහස් වලට බොහොම ස්තූති වේවා.. http://www.baiscopelk.com/wp-includes/images/smilies/icon_s…
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අහ්හ්, කාටූන් අක්කි තවත් එකක් අරං ඇවිත් නේද?
නියමයි නියමයි...
ඒත් මටනම් ඒ හැටි මතකයක් නැහැ කලින් එව්වා බැලුවද කියලා..
එහෙම නොබලා මේක කෙලින්ම බැලුවට කමක් නැද්ද?
මොකද මමත් ලේසියෙන් ඇනිමේෂන් එව්වා නම් අතාරින්නෙ නැහැ..
අනික මමත් මොනතරම් මහන්සි වුනාද මේ ෆිල්ම් එක වෙනුවෙන්..
ඒත් ඒ මහන්සිය අපරාධේ ගියා..
මොනා කරන්නද?
බොහොම ස්තුතියි කාටුන් අක්කි උපසිරසියට..
ජය වේවා!!!නිර්මාණි විජේසිංහ
කලින් එව්වා එක්ක මේක සම්බන්ධ නම් නෑ.
ඒවා නොබලා මේක බැලුවට අවුලක් නෑ.ඒත් ඒ ටිකත් බලන්න.නියම ෆිල්ම් ටිකක් නෙ.අනේ ඔව් ඔයා සෑහෙන්න මහන්සි වුනානෙ නේද? හෙ හේ.
pamuditha
Thank U වේවා ! ;)
තවත් ලස්සන animation අරගෙන එන්න.sanjeewa
සබ් එකට බොහෝම ස්තූතියි!
samadhi
oh..........thank u very much...
it's show time 4 me & my nephew...
wish u all the best 4 your great effort...me
Thanks
Shaminda
Thank you sis....
shiran
thanks,,,,,,,,
thawath animation eakkin hambemu,,thank you so much........
Buddhi J Amarakoon
නියමයි අක්කෙ...
BrRip එක out වුන දවසෙම සබ් එකත් දැම්මා...
ජය වේවා...Tharindu
bohoma sthuthi nirmani....math banna damma onna....sub eka enakam baalgen hitiye...:-)
tharindu
Torrent link tika dala thiyena vidiya super . obata jaya
Yenu
Thank you...digatama sub denna..
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!eagle
nice work obata jaya ... i like tinker bell all series
Sanjaya
බොහෝම පිං නිර්මානි සහෝ. කලෙකින් ලස්සන කාටුන් පිල්මි එකක් අරන් ඇවිත්.මෙි වගේ ඒවා තවත් දෙන්න.
Gayan Lakshitha
Thank you very much cartoon akki....
1080p torrent eka aran english sub ekka beluwa
sinhala sub deela thiyanawa kiyala danne adane :(
kohomaunath ayeth balanawa sinhala sub ekka :D
thawath cartoon ekak ikmanatama oni akkiyooo :)දීප්ත තුෂාර
Great Work Sister.
Amil
බොහෝම ස්තුතියි සබ් දුන්නට..... ගොඩක් ස්තුතියි.
ලිපියත් හොදයි.cheeya baba
මයා ඇයි කාටුන්ම ගෙන්නේ එලකිරි චිත්‍රපිටයකුත් දෙන්න කෝ පුලුවන් නම් color of night 1994
Sameera Mayadunna
පිං සිද්ද වෙච්චාවේ... තව ඇනිමේෂන් එකක සබක් ඕනි අහ්!
niranji
thanx nirmani.....i like tinker bell all movies.please give us more animation movies...please...
all the best my dear....Nipun
Thanks akke subtitle ekata... Niyamai...
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !zidath
@downloading
ThanxsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSs
Good luckKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkK
sahan
thank you...ela..
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks sub ekata.....!