Watch Trailer

Shikara (2020) Sinhala Subtitles | කාශ්මීරයට ලියුමක්… [සිංහල උපසිරැසි]

ශාන්ති… ටජ් මහල බලන්න යන එක ඔයාගෙ හීනයක් වුනා. මට සමාවෙන්න ශාන්ති, ඒකට මට අවුරුදු 30ක් ගියා. ඔයාට තව හීනයක් තිබුනා. ආපහු කාශ්මීරෙ අපේ ගෙදරට යන එක. ඔයාගෙ අලු කාශ්මීරෙ මිහිදන් කරන එක. මම ඔයාගෙ හීන දෙකම හැබෑ කලා ශාන්ති. මම ඔයාව ආපහු කාශ්මීරෙට එක්ක ආවා. අපේ ගමේ ගෙදරට. අපි ආපහු ආවා ශාන්ති. අපේ ජීවිතෙ […]

ශාන්ති…
ටජ් මහල බලන්න යන එක ඔයාගෙ හීනයක් වුනා.
මට සමාවෙන්න ශාන්ති, ඒකට මට අවුරුදු 30ක් ගියා.
ඔයාට තව හීනයක් තිබුනා.
ආපහු කාශ්මීරෙ අපේ ගෙදරට යන එක.
ඔයාගෙ අලු කාශ්මීරෙ මිහිදන් කරන එක.
මම ඔයාගෙ හීන දෙකම හැබෑ කලා ශාන්ති.
මම ඔයාව ආපහු කාශ්මීරෙට එක්ක ආවා.
අපේ ගමේ ගෙදරට.
අපි ආපහු ආවා ශාන්ති.
අපේ ජීවිතෙ පටන් ගත්තු කාමරේට.
ලතීෆ් එයාගෙ එලාම් ඔරලෝසු 8 හංගපු තැනට.
අපි ආයෙමත් මෙහෙ ඉඳීවි.
ඔයාට කියන්න සුබ ආරංචියක් තියෙනවා.
මම මගෙ ඉතුරු ජීවිත කාලෙම
මෙහෙ දරුවන්ට උගන්නනවා..
ඒ වගේම හැම රෑකම මම ඔයාට ලියුමක් ලියනවා.
ඒ කියන්නෙ අවුරුද්දකට ලියුම් 365ක්.
පිලිතුරු ලියන එක ගැන වද වෙන්න එපා.
ඇමෙරිකාවෙ හිටපු විවිධ ජනාධිපතිවරුන්ට
ස්තූතිවන්ත වෙන්න…
මම පිලිතුරු බලාපොරොත්තු වෙන්නෙ නෑ.
හැබැයි අපි ආයෙ මුන ගැහුනම…
හැම ලියුමකටම උත්තරයක් ඕනෙ.
මම ඒ දවස එනකන් බලන් ඉන්නවා.
ඔයාගෙම ශිව්.

කාශ්මීරය! සුන්දරම නිම්නයක් වුනත් හැමදාම යුද්දයක් නම් වැරදුනේ නෑ. අද වන විට ඉස්ලාම් ජාතිකයින් වැඩි ප්‍රමාණයක් ජීවත් වුනත් එකල, හින්දු ජාතිකයින් බොහෝ පිරිසක් කාශ්මීරයේ ජීවත් වුනා. 1990 අවුරුද්දෙදි මුස්ලිම් ජනතාව විසින් හින්දු ජනතාවට ඉස්ලාම් ආගම වැලඳ ගන්නා ලෙස බල කලා. එසේ නොකරන බොහො අය මරා දැමුවා. එයින් බේරීමට වාසනාව ලැබූ පිරිසක් කාශ්මීරයෙන් පැන ගොස් ජම්මු ප්‍රදේශයේ සරණාගත කඳවුරකට යනවා.

ශිව් සහ ශාන්ති කියන්නෙත් එහෙම ගිය දෙන්නෙක්. අලුත කසාද බැඳපු ජෝඩුවක්. ඔවුන් දෙදෙනාගේ එකම බලාපොරොත්තුව නැවත තමන්ගෙ මාතෘ භූමිය වන කාශ්මීරෙට යන එක. ඉතින් ඔවුන්ට නැවත ඔවුන්ගෙ මාතෘ භූමියට යන්න පුලුවන් වෙයිද කියල කතාව බලලම දැනගමු.

සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ
Sazaye Maut, Khamosh, Parinda, 1942: A Love Story, Kareeb, Mission Kashmir, Eklavya: The Royal Guard චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු විදු විනෝද් චොප්රා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Sandesh Shandilya, Abhay Sopori සහ Rohit Kulkarni.රංගනයෙන් දායක වෙන්නෙ Aadil Khan, Sadia Khateeb, Zamir Ashai, Zain Khan Durrani, Priyanshu Chatterjee, Vinay Raina සහ Bhavana Chauhan ඇතුලු පිරිසක්.

වෙනස් විදිහෙ ලස්සන ආදර කතාවක් බලන්න කැමති හැමෝටම බලන්න කියල ආරාදනා කරනවා. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD පිටපත් සඳහා අදාළ වේ.

4,508 downloadsDownload Shikara-2020.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

4,508 downloadsDownload Subtitles38 KB

21 comments

  1. gihan perera

    ලස්සනයි...... ස්තුතියි ස්තුතියි ස්තුතියි නංගී වෙච්ච මහන්සියට..... හැඳින්වීම ත් නියමයි.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.....ජය වේවා.... දෙවි පිහිටයි.....

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. indika75

    thanks..

  4. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ... !

  5. Anonymous

    thanks ama

  6. D.Chamara

    bohoma sthuthi

  7. Nilush Angana

    Sub ekata thanx

    1. Anonymous

      Coolie no 1 dennko plzz

    2. Aj

      Hey Wonder Woman 1984 , coolie No. 1 Sub Dhaannako

    3. Anonymous

      Ow math onee

  8. Shamal manojan

    ලබාදුන්නු මෙම උපසිරැසි සඳහා ස්තූතිවන්ත වෙමි.

    මෙම චිත්‍රපටවලින් කිහිපයක් සඳහා හෝ තෝරාගත් එකම එක් චිත්‍රපටයක් සඳහා හෝ උපසිරැසි ලබාදිය හැකිනම් බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

    Tezaab 1988
    Ram Lakhan 1989
    Baaghi 1990
    Agneepath 1990
    Thanedaar 1990
    Kishen Kanhaiya 1990
    Lamhe 1991
    Sadak 1991
    Kurbaan 1991
    Love 1991
    Dancer 1991
    Khiladi 1992
    Parampara 1993
    Suhaag 1994
    Raja 1995
    Coolie No 1 - 1995
    Barsaat 1995
    Jeet 1996
    Ghatak 1996
    Hero No 1 - 1997
    Judaai 1997
    Deewana Mastana 1997
    Maharaja 1998
    Mann 1999
    Mela 2000

    1. දහරා මුතු අමා

      Tezaab ඉක්මනින් දෙන්නම්.
      ඒ අතරට මේ චිත්‍රපටිත් දෙන්න උපරිම උත්සහ කරන්නම්

    2. Shamal manojan

      බොහොමත්ම ස්තූතියි සොයුරිය

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  11. Hasantha

    Thank you. ❤❤❤❤❤❤❤❤

  12. mindika

    Thanks !!!!!!

  13. sujith

    උපසිරසි වලට ගොඩක් ස්තූතියි....
    Fillm එකනන් සුපිරි. ආදර කතා වලට කැමති හෝ අකමැති සියලු දෙනාට කම්මැලියක් නැතිව බලන්න පුලුවන්.

  14. sujith

    උපසිරසි වලට ගොඩක් ස්තූතියි....
    Fillm එකනන් සුපිරි. ආදර කතා වලට කැමති හෝ අකමැති සියලු දෙනාට කම්මැලියක් නැතිව බලන්න පුලුවන්.

  15. Achintha Lakmal

    Lassana flim ekk...coolie No 1 2020 eke subtitles denna puluwnnm

  16. MAALNATH

    Thanks ..............good luck .............