Watch Trailer

Transformers (2007) with Sinhala Subtitles | සයිබර්ට්‍රෝන් පිටසක්වලයන්. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය තුල මෙතෙක් කලක් තිබුන අඩුපාඩුවක් සකස් කරන්නයි මේ සූදානම. ට්‍රාන්ස්ෆොර්මර්ස් කවුද මේ නම නොදන්නේ නේද? මෙච්චර සිංහල උපසිරැසි දෙන වෙබ්අඩවියක් තුල මේ වගේ දැවැන්ත චිත්‍රපටි තුනක් මග ඇරිලා හිතා ගන්නවත් අමාරුයි. මොකද කාලයක් තිස්සේ සිනමාව තුල පිටසක්වල ජීවීන්ට තිබුන ස්ථානය කණපිට…

transformers 2007බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය තුල මෙතෙක් කලක් තිබුන අඩුපාඩුවක් සකස් කරන්නයි මේ සූදානම. ට්‍රාන්ස්ෆොර්මර්ස් කවුද මේ නම නොදන්නේ නේද? මෙච්චර සිංහල උපසිරැසි දෙන වෙබ්අඩවියක් තුල මේ වගේ දැවැන්ත චිත්‍රපටි තුනක් මග ඇරිලා හිතා ගන්නවත් අමාරුයි. මොකද කාලයක් තිස්සේ සිනමාව තුල පිටසක්වල ජීවීන්ට තිබුන ස්ථානය කණපිට හරවන්න මේ චිත්‍රපටය සමත් උනා. ඒ වෙනතෙක් දැකපු අමුතු මුහුණු සහිත විරූපී අප්‍රසන්න පෙනුමෙන් අපේ හිත තුල වැජඹුන පිටසක්වල ජීවියා කියන චරිතය මේ චිත්‍රපටය සමඟ යාන්ත්‍රිකරණය වෙමින් නවමු ආරක් අරගත්තා.මොකද මෙසේ මනුෂ්‍ය ලෝකය හෙවත් පෘතුවියට ගොඩ බැහැපු සයිබර්ට්‍රෝන් වැසියන් සාමන්‍යය ලේ මස් නහර වලින් හැදුන ජීවියෙක් නෙමෙයි. ඔවුන් දැඩි ලෝහ සහිතව නිපදවුණු හැඟීම් දැනීම් තේරෙන දැවැන්ත පරිණාමනය විය හැකි විදිහේ ජීවින් කොටසක්.

ඒ වගේම මේ අමුතු අකාරයේ පිටසක්වල ආක්‍රමණය ගැන අදහස ඔලුවට අරගෙන ඒ අදහස සිනමාවට අපූරු අන්දමින් කැන්දාගෙන ආ දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා තමයි මයිකල් බේ කියන්නේ. අද 2013 දෙසැම්බර් 01 දින වන විට මෙහි චිත්‍රපට 3ක් දැනටමත් ඔහුගේ දායකත්වය යටතේ සිනමාහල් දිග්විජය කොට හමාරයි. ඒ වගේම 2014 වසරේ මැද භාගයේදී මෙහි සිව්වැන්න කරලියට ගෙන එන්නත් සියලුම වැඩ කටයුතු සූදානම් කර හමාරයි. එහි පළමු වැන්න අද මම මෙසේ ඔබට සිංහල උපසිරැසි සමඟින් ගෙන එන්නයි සූදානම. මනාප ලක්‍ෂ 3කටත් අධික ප්‍රමාණයකින් ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.1 ලබාගත් මෙම පලමු වෑයම ලොව පුරා ඉතාමත් සාර්ථක ලෙසින් තිරගත උනා. 2007 වසරේ ජුනි 04 තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපට පිරිවැය වූයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක්  හිතා ගන්න පුලුවන්ද අදායම කොපමණක්ද කියලා 2007 නොවැම්බර් 08 වනවිට ඇමෙරිකාව තුල පමණක් අදායම ඩොලර් මිලියන 319ක් උනා, ඒ වගේම ලොව වටා දැනට අදායම විදිහට විකිපීඩියාවේ වාර්තා වෙන්නේ ඩොලර් මිලියන 709.7ක් විදිහට.  

ඒ වගේම මෙහි චරිත නිරූපනයයෙන් Shia LaBeouf, Megan Fox, Josh Duhamel, Tyrese Gibson වගේ ජනප්‍රිය නළු නිළියන් දායක උනා. වැඩිපුරම කියන්න ඕනේ මේ චිත්‍රපටය නිසා වාහන අලෙවි ක්ෂේත්‍රයේ පුදුම දියුණුවක් ඇති උනා එක්තරා ආයතන කීපයකට. මොකද මෙහි පිටසක්වල ජීවින් පරිණාමනය වීමට යොදාගත් වාහන තවමත් වෙළඳපොල තුල ජනප්‍රිය භාවයක් උසුලන නිසා. එසේ තරුණ පරපුර අතර ජනප්‍රිය වූ මෝටර් රථයක් තමයි Chevrolet Camaro (බම්බල් බී) කියන්නේ. ඒ වගේම GMC Topkick(අයන්හයිඩ්) සහ Pontiac Solstice (ජෑස්) යන මෝටර් රථත් මේ චිත්‍රපටය නිසා හොඳ අදායමක් ලැබුවා.

කතාව ගලාගෙන යන්නේ මෙන්න මේ විදිහට. සෑම් විට්විකි කියන්නේ පාසල් ශිෂ්‍යයෙක්. ඔහු තරුණ වයසේ  නිසා ඔහුගේ පාසැල් ඇගයීම් වලින් ඉහල ලකුණු ලබාගත්තොත් ඔහුට කාර් එකක් තෑගී විදිහට ලැබෙනවා කියලා ඔහුගේ පියා වන රෙනොල්ඩ් විට්විකිගෙන් පොරොන්දුවක් ලැබෙනවා. ඉතිං සෑම් ඉහල ලකුණු හිමිකරගෙන ඔහුගේ පියාගේ පොරොන්දුව ඉටුකර ගන්නවා. හැබැයි ලැබෙන කාර් එක නම් තරමක පරණ සහ විශේෂී එකක්. එකත් සෑම්ව හොයාගෙනම ආපු එකක් වගේ හරියට. විශේෂී කියන්න හේතුව කාර් එක මිලට ගන්න ගියාම දකින්න ලැබේවි. හැබැයි  සෑම් කියන්නේ සාමන්‍ය විදිහේ ගැටවරයෙක්. ඔහු හැඩිදැඩි  සිරුරක් තියෙන තරුණයෙක් නෙමෙයි. මේ කොලුවටත් පාසලේ හිත ගිය කෙලි පොඩ්ඩක් ඉන්නවා. එයාගේ නම මිකෙලා. හැබැයි ඉතින් සෑම්ගේ හැටියට මිකේලාට සෑම් කියන්නේ කවුද කියලවත් ගානක් නැති තරම්. ඉතින් අලුතෙන් ගන්න කාර් එක දවසක් සෑම් රෑ නිදාගෙන ඉන්නකොට කවුරු හෝ අරගෙන යනවා දැනෙනවා. ඒ පස්සෙන් සෑම් එලවාගෙන ගියාම සෑම්ට දකින්න ලැබෙන්නේ අමුතු දර්ශනයක්. තමන් සල්ලි දීල ගත්ත කාර් එක දැවැන්ත රොබෝ කෙනෙක් බවට පත් වෙලා හිටගෙන ඉන්නවා. දැන් තමයි මේ කතාවේ ආරම්භය එතන ඉඳන් නොබලපු අයට මම කතාව නතර කරන්නම්. කවුද මේ රොබෝ එයාල මොකද සෑම් එක්ක කරන්නේ එතකොට එයාල මොකටද අපේ ලෝකෙට ආවේ ඒ සියල්ලක්ම මේ චිත්‍රපටය අවසානයේ දැක ගන්න පුළුවන් වෙයි. ඔන්න මම නතර කළා එහෙනම්.

තව දෙයක් මේ විදිහට මෙහි අනෙක් චිත්‍රපට දෙකටත් උපසිරැසි දෙන්න මම දැනටමත් භාරගෙන හමාරයි. මුලින්ම සමීර කරුණාරත්න මල්ලිත් එක්ක මේ කර්තව්‍ය කරන්න සූදානම් උනත් ඔහුගේ අධ්‍යාපන කටයුතු නිසා දැන් මටම ඒ වැඩේ කරන්න සිදු උනා. මේක හවුලේ කරන්න හිතුවේ එක චිත්‍රපටයක පේලි 2000 ආසන්න ප්‍රමාණයක් තිබෙන නිසා. ඒ හැම එකකටම වඩා මම  කැමැත්තෙන්ම කරන්න ගත්තේ මොකද මම බලපු ක්‍රියාදාම සහ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට අතරින් අංක 1,2 සහ 3 ස්ථාන ලැබෙන්නේ මේ ට්‍රාන්ස්ෆොර්මර්ස් ත්‍රිත්වයට. එහෙනම් ඔන්න පළමු වැන්න ඔයාලට බාරයි. මෙහි 2009දී තිරගත වූ Transformers: Revenge of the Fallen  චිත්‍රපට උපසිරස සමඟින් ආයෙත් හමුවෙමු. හැමෝටම ජයෙන් ජය!!!

Transformers (2007) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                Transformers: Revenge of the Fallen (2009)  >>

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

83 comments

  1. f_live

    එළනේ මුල ඉදලා සබ් දෙමු ජය!

  2. tharanga

    සුපිරිම එකක් සබ් තිබුනේ නැති එක නම් ලොකු අඩුවක් තමා
    දැන් දිගටම දෙන්න ජයම වේවා!!!

  3. nipuna prasad

    watinawa subs dena aka txz

  4. ccnp

    Thanks

  5. harsha

    patta films set akak thanks hasanatha

  6. vee

    maxxa maxxa

  7. ලහිරු චානක

    එල එල
    ජය වේවා හසන්ත අයියා
    දිගටම දෙමු

  8. kalinga

    අනිත් ඒවත් දෙමු ජය!

  9. ositha

    meyka balannama one bohoma pin

  10. yasomal

    txz hasanatha

  11. එරංග

    එලස් ආයේ බාන්න ඕන

  12. mihin ලංකා

    මේ සෙට් එකට සබ් දෙන එක වටිනවා

  13. නලින්

    හසන්ත අයියාම මේකට අත ගහාපු එකනම් වටිනවා

    ඉතිරි ටිකත් හිමිට ගෙන්න අයියේ

    ජය වේවා!

  14. damith

    supiri saho

  15. kasun

    thanks.....

  16. Deri

    ela ... meka niyama film ekak
    meke 4ra enakan iwasillak nethuwa inne....

  17. namal

    ela

  18. tharindu

    Loku adupaduvakk hadannai yanneee...ela ela sahooo...

  19. ACHiNTHA

    niyama film eka!! ayet balanda hthenawa..... :D jayawewa!!

  20. nalaka

    ela ela hasa thnks machoo

  21. isuru

    බොහොම ස්තූතියි සිංහල උප සිරසියට!

  22. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  23. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.
    sms වලින් මේවා ආවෙ නෑනෙ.එක නතර කලාද

  24. “චූටී මල්ලි”

    එල එල
    හසා මේක දැක්කම ආයිත් බලන්න හිතෙනවා
    අනික් 2ත් දෙමු ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය...

  25. #ChalinduDeshan (කිනා)

    එල හසන්ත මහත්තයෝ එල.
    දෙවනි කොටසත් දෙමු සුටුස් ගාලා ඒනං.
    ජයවේවා!

  26. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    නියමයි සහෝ මේ ටිකත් දෙන්න හිතපු එකනම් සුපිරි දැන් අපේ සහෝලා චිත්‍රපට මාලාවන් කරන්නන් පටන් අරන්. ඒකනම් බොහොම වටින වැඩක්, නියමයි ඔය ටිකෙන් පසු තව ලස්සන චිත්‍රපට මාලාවක් කරමු, මමත් එහෙමයි ,ඔබට ජය.

  27. siraj

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි.

  28. Harsha

    Thanks aiye...

  29. හර්ෂ ලහිරු

    ස්තුතියි හසන්ත සහො :D
    කාලෙකට කලින් බලපු පට්ට ෆිල්ම් එකක්

  30. mudiya / මුදියා

    හපෙ හප්පේ හසන්තයත් ඉඳල ඉඳල අත ගහන්නෙ සුපිරිම වැඩ වලට තමයි.
    නියමයි මචං මේ ටිකට සබ් දෙන්න පටන් ගත්තු එක නම්.
    ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!

  31. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඇත්තෙන්ම ලොකු අඩුවක් හසන්ත ඔයා පිරෙව්වේ. ජය෴෴ :P :P

  32. Saman Prasad ( Black Cobra )

    thanq Hasantha aiye... film thunama thiyenawa. eth ithin sub nane...mul eka dn sampurnayi.Anith dekatath denawa neda...???

  33. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ හොදා...
    කොල්ලා පරණ සෙට් එකකටත් සබ් දෙන්න හිතපු එකනම්...
    වැඩේ කියන්නේ මමනම් ඒ හැටි කැමැත්තක් නැහැ මේ වගේ ටයිප් එකේ ෆිල්ම් වලට..
    ඒත් ඉතින් මේකා සබ් දෙද්දී නොබලා කෝමෙයි....
    ගන්න වෙනවා නේ....
    මගේ හිතේ මේකේ ආපු තුන් වනි ෆිල්ම් එක මයේ ගාව තිබිලත් මම බැලුවේ නැද්ද කොහෙද///
    දැන් දුක තමයි, ආයේ අලුතින් බාගෙන බලන්න වෙනවා..
    ජ..

    1. RL

      ආසිරී ප්‍රියන්ත uba nam maha lollek bn.
      TF balanna kamathi naththe kauda? uba vitharai!

  34. ශාන් විමුක්ති [ විමා]

    බොහොම ස්තුතියි හසෝ
    ලයින් දෙදාස් ගානේ ඒවා තනියම අදිනවා කියන එක ලේසි සෙල්ලමක් නම් නෙමේ වග දන්නවා
    නිවාඩුව අරන් වරෙන් ඉතුරු තුනත්
    තුන කිවුවේ 2014 එනේ එකත් එක්කම ;)

  35. indika

    thnq

  36. Gayan

    eturu 2tat sub denna thanks..

  37. පත්මසිරි මීමන

    අනිත් දෙකත් දෙන්න ඉක්මනට......

  38. පත්මසිරි මීමන

    anith dekath denna

  39. yeshu

    ස්තූතියි

  40. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  41. Uraj Deemantha

    ඔන්න බලනවා නම් ෆිල්ම්..... :)

  42. rosheen

    supiri saho

  43. Dharshana..

    Patta film 1k ban.Thanks...

    1. Dharshana..

      cloudy with a chance of meatballs 2-Machan puluwannan me film 1tath sub diyanko..

  44. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  45. chandima

    Transformers: Revenge of the Fallen makata thama nana der thaz

  46. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  47. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  48. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

  49. chathuwa

    2014 August 21

    kalinma sahoo thanks...mama meka balandama hithapu fime set 1 k mama thama eka balala na...
    oya kiyapu de waradi..meka balala nathi aya innawa...,.
    onna ehenam api balanda patan gahtha...
    film 1 awith aurudu 6 kata passe.....

    thanks machoooo...thanks baiscop

  50. Kavishka

    අපි හොයාගෙන ඩවුන්ලෝඩ් කරන්න දන්නවා නම් මේ වෙබ්සයිට් එකට එන්නෙ නෑනෙ සහෝදරයා , කලින් දාලා තිබුන ටොරන්ට් ලින්ක් ටිකත් ඔයාලා අයින් කරලා , අඩුගානෙ හැශ් එක විතරක්වත් දාන්න , මන් දන්නෙ නෑ මොකක්ද හේතුව කියලා ඒත් මේක කැත වැඩක්.

Load more comments