ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවට පස්සේ ඔයාලාට ආපහු අළුත් තේමාවක් රැගත් චිත්‍රපටියක් ගේන්න හිතුවා. IMDb වෙබ් අඩවියේ 7.4/10 ක් තරම් ඉහල ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 5000 අතර 102වැනි තැන තවමත් තියා ගෙන ඉන්න සමත් වෙලා තියෙනවා. ඔස්කාර් සම්මානයකට සහ වෙනත් සම්මාන 36කට…
ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවට පස්සේ ඔයාලාට ආපහු අළුත් තේමාවක් රැගත් චිත්‍රපටියක් ගේන්න හිතුවා. IMDb වෙබ් අඩවියේ 7.4/10 ක් තරම් ඉහල ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 5000 අතර 102වැනි තැන තවමත් තියා ගෙන ඉන්න සමත් වෙලා තියෙනවා. ඔස්කාර් සම්මානයකට සහ වෙනත් සම්මාන 36කට නාම යෝජනා ලබපු මේ චිත්‍රපටිය තවත් සම්මාන හයක් ජයග්‍රහණය කරන්නත් සමත් වෙලා තියෙනවා. යුවළක් ආදරය කරන කාලයේදි සහ විවාහයෙන් පසුව ඇති වන මානසික තත්වය පදනම් කර ගෙන නිපදවපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ඩීන් ගෙ චරිතය රඟ දක්වන්නේ Gangster Squad (2013), Crazy, Stupid, Love. (2011), Drive( 2011) වැනි සුපිරි චිත්‍රපටි වලට රංගනයෙන් දායකත්වය සැපයූ Ryan Gosling විසිනුයි. ප්‍රේම වෘතාන්ත සහ නාට්‍යමය ගණයට ගැනෙන මේ චිත්‍රපටිය විවාහ දිවියට පත් උන අයට වගේම ඉදිරියේදී විවාහ දිවියට එළඹෙන්න ඉන්න අයටත් වැදගත් පණිවිඩයක් ගෙන එනවා.
චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම්. සින්ඩි කියන්නේ තමන්ගෙ දෙමව්පියන් නිතරම පොඩි පොඩි දේවල් වලටත් රණ්ඩු වෙන ජාතියේ දෙන්නෙක් නිසා කවදාවත් කසාද බඳින්නෙ නෑ කියලා තීරණය කරලා ඉන්න ලස්සන ගෑනු ළමයෙක්. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඒ වගේම ඩීන් කියන්නේ අම්මා නොමැතිව තාත්තා ගාව හැදී වැඩුණ තරුණයෙක්. ඔහු කම්කරුවෙක් වශයෙන් රැකියාවක් කරනවා. චිත්‍රපටිය පටන් ගැන්මෙදි පෙන්නන්නේ මේ විවාහ වෙන්නෙ නෑ කියලා හිටිය සින්ඩි, ඩීන්ව කසාද බැඳලා ඉන්න සිද්ධියකින්. මේ දෙන්නට පුංචි දුවෙකුත් ඉන්නවා. මේ තුන් දෙනා ඉතා සතුටින් තම පවුල් ජීවිතය ගත කරනවා. නමුත් ටිකෙන් ටික පොඩි පොඩි දේවල් නිසා මේ සතුටින් ගෙවන පවුල් ජීවිතයට පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න ගන්නවා. ඇත්තටම බැලුවොත් ඒවා ලොකු දේවල් නෙවෙයි. ඒත් ඒ පොඩි දේවල් නිසා ඇති වෙන පොඩි ප්‍රශ්න කාලයත් එක්කම ලොකු ප්‍රශ්න බවට පත් වෙනවා. ඒත් මේ දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙයි. ඒ වගේම මේ දෙන්නා තමන්ගෙ පුංචි දියණියටත් පණ වගේ ආදරෙයි.
ඉතිං යාළුවනේ. කතාව ඊට වැඩිය කියන්න යන්නෙ නෑ. කොහොමද මොවුන් දෙන්නා හමු වෙන්නේ? වෛද්‍යවරියක් සහ කම්කරුවෙක් අතර විවාහ ජීවිතය මොන වගේ වේවිද? විවාහ වෙන්නෙ නෑ කියලා හිතා ගෙන ඉන්න සින්ඩි වගේ වෛද්‍යවරියක් ඇයි ඩීන් වගේ කම්කරුවෙක් එක්ක විවාහ වෙන්නේ? ඩීන් සහ සින්ඩි තමන්ගෙ පවුල් ජීවිතය රැක ගන්න මොන වගේ දේවල් ද කරන්නේ? එම උත්සාහයන් සාර්ථක වේවිද? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න. ඒ වගේම ඔයාලටත් ඒ විදිහේ පොඩි පොඩි ප්‍රශ්න ඇති උනාම ඔයාලත් හැසිරෙන්නේ ඒ විදිහට ද? එහෙම හැසිරෙන එක සාධාරණයි ද? අසාධාරණයි ද? කියලා ඔයාලම තීරණය කරන්න. හැමෝටම ජය වේවා!!! ලඟදිම තවත් සුපිරි ගණයේ ටීවී කතා මාලාවකින් හමු වෙමු..
650 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
9d7ee7e43ff81629d6c2c2125a68dddce296d06f1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
ACB7E6AC98F87BAE881639AD66B938EEB3BF3F36 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,039 downloadsDownload Blue-Valentine-2010.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
39 comments
ලක්ෂාන් නිලංක
Tharindu Dilshan
Niyamai Saho......
obata suba pathanawa..........කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ. හොද චිත්‍රපටයක් වගේ.
කේ.යූ.ජී. උදාර
විස්තරේ හැටියට නම් මහ පොළොවෙ කතාවක් වගෙයි..........
සබට බොහොම ස්තූතියි දිනිඳු.“චූටී මල්ලි”
මොකද්ද දෙයියෝ
අලුතින් දෙන්න හදන ටීවී කතාව ඈ......
මේකත් හොදා වගෙ
සබට තුති
ඔබට ජය......Saman Prasad (Black Panther)
අප්පට සිරි, දිනිදු අයියා හුඟකාලෙකට පස්සෙ ෆිලුමක් බස්සලා තියෙන්නෙ. එල එල. ගොස්ලින් අයියා ඉන්නව නම් ඉතින් පට්ටෙට ඇති. එහෙනම් ඔන්න බාන්න දැම්මා. සබට තුති වේවා...!!!
Rashmika
සුපිරි ෆිල්ම් එකක් සුපිරි ආරංචියක් එක්කනෙ අරන් ඇවිත් තියෙන්නෙ
hannibal,true detective වගේ සුපිරියක් ගේන්නසබට බොහොම ස්තූතියි ජයවේවා!!!
Kulanjana Maduranga
lasssanama storyak wge.bagenama balamu.thanks DINIDU aiye....digatama sub denn.jaya wewa............
Isu DP
Niyamai Dinidu Aiye...
Mama Hithuwe Goda Kalayak Ynkam Oyage Sub Ekak Balanna Wena Ekak Na Kiyala...
Patta Movie Ekak Genath Thiyenne Ikmainma.....Mama Wadiyenma Kamathi Anthimata Kiyala Thiyena Kathawata....
Digatama TV Series Dena Ekanm Supiri....
Oya Genawoth Ithin Patta Kathawak Thamai....
Subata Thuthi....
Jaya Wewa !!! ......නලින්
ස්තුතියි දිනුදු අයියා!
මෙක මැක්සා කථාව අැ!!
ජය වේවා!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Dulanga
thanks
Aditha Praween
නියම භාන්ඩයක් වගේ !
දිගටම සබ් දෙමු .
ජය පතනව !
:Dwiki
Thanks....
නිරෝෂ්
ස්තුතියි දිනිඳු..ජයවේවා !
lakmal
thx frnd.............
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Global
Niyamai Niyamai..Godak Thanks..!
Sanjaya
Bohoma Pin Saho.......
Kumara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
Shan Vimukthi
නියමයි දිනිදුවෝ
ඉදල ඉදලා අපිටම සැට් වෙන ජාතියේ කතාවක් නොවැ ගෙනත් තියෙන්නේ
ෆිලුම තිබ්බට බැලුවේ නැහැ මෙච්චර කාලෙකට
සබට බොහොම තුති දිනිදුවෝ
තාම හැනිබල් 2 බලන්න උනෙත් නැහැ බන් :(himal
thanx bro. downdload karagaththa balannai hadanne.
himal
thanx bro. downdload karagaththa balannai hadanne.keep going on.
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි කොල්ලෝ,ජයවේවා.
ගයාන් රූකාන්ත (ජෝනා)
දිනිදු සහෝ කාලෙකින් ෆිල්ම් එකක් ගෙනත්
හැනිබල් එකත් තාම බලන්න තියනවා.
කමක් නැ මේක ගමුකො. සබට තුති දිනිදු අයියේ ජය... :) :)හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Dilshan kalinga
අනේ මන්දා ඉතින්...
මෙහෙමත් බලන්නම හිතෙන ඒවට සබ් දෙනවද මම අහන්නේ.
දැන් ඉතින් නොබලා කොහොමෙයි.
ඒත් ඊට වඩා ප්‍රශ්නේ බාන්නේ කොහොමෙයි.
කොහොම හරි බාලා බලනවා, අනිවා.
සබට තුති මචෝ...
මම මේ දැන් කල්පනා කරන්නේ, මමත් උඹේ අඩිපාරේම ගියා නම් හරි නේද කියලා.me
Thanks
Chami
Thank you very much...
Mihiraj
ඔහොම යං , එළකිරි ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
PABA
BOHOMA STHUTHIY.......
FILM EKA BALALATH EWARAI.. :dEmma
Thanks a lot. Appreciate your effort
sriyan
නියමයි,,,,,, ස්තුතියි,,,,,,,,,,
අසිත
තැන්ක්ස් කොල්ලෝ...
උදය කුමාර
සබ් එකට ස්තුතියි. ජය වේවා!
Gayan Chathuranga
Thanks bro
බොබී
ryan gosling ගේ ෆිලුමක් හොයහොයා හිටියේ. මේකට උපසිරැසි දුන්නට දෙයියන්ගේ පිහිටයි, සහෝ.
sasanka
thanks for the sub
Advertisement
![Blue Valentine (2010) | විවාහය සහ ප්‍රේමය… (18+) [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Blude-Valentaine.jpg)

එල මචන්..සබට බොහොම තුති..හොද ෆිල්මක් වගේ..ජය වේවා...!