Watch Trailer

Troll (2022) Sinhala Subtitles | සැබෑවක් වූ සුරංගනා කතාව. [සිංහල උපසිරසි] 50*

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මාත් මගෙ උපසිරැසිකරණ ජීවිතයෙ පලවෙනි කඩයිම පහු කරන්නයි යන්නෙ. ඇත්තම කිව්වොත් මුලින්ම 2020 අවුරුද්දෙ ජූලි මාසෙ 24 වෙනිද 2012 Ice Age චිත්‍රපටයට උපසිරසි අරන් එද්දි හිතුවෙ නෑ මෙච්චර දුරක් එන්න පුලුවන් වෙයි කියල. ඇත්තෙන්ම ෆිල්ම් බලන ක්‍රමේ 2018 අග අපේ නෑදෑ අයිය කෙනෙක් වෙන ඉෂාර…

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මාත් මගෙ උපසිරැසිකරණ ජීවිතයෙ පලවෙනි කඩයිම පහු කරන්නයි යන්නෙ. ඇත්තම කිව්වොත් මුලින්ම 2020 අවුරුද්දෙ ජූලි මාසෙ 24 වෙනිද 2012 Ice Age චිත්‍රපටයට උපසිරසි අරන් එද්දි හිතුවෙ නෑ මෙච්චර දුරක් එන්න පුලුවන් වෙයි කියල. ඇත්තෙන්ම ෆිල්ම් බලන ක්‍රමේ 2018 අග අපේ නෑදෑ අයිය කෙනෙක් වෙන ඉෂාර අයියගෙන් ඉගෙන ගත්තයින් පස්සෙ එයාම තමා කිව්වෙ බයිස්කෝප් සයිට් එක ගැන. ඉතින් ඊටපස්සෙ බලපු හැම චිත්‍රපටියකටම මං උපසිරැසි බාගත්තෙ මේ බයිස්කෝප් සයිට් එකෙන් ඊටපස්සෙ ටිකෙන් ටික මං සබ් කරපු කෙනාගෙ නම අයින් කරල එතනට මගෙ නම පාට පාටින් දාල ආසාවට බලන්න ගත්ත. ඒව ඉතින් මං විනෝදය සදහා කරපු දෙයක් මිසක් වෙන අයට නම් දෙන්න ගියෙ නෑ.

පස්සෙ තමයි මංම හදපු සබ් එකක් දෙන්න ආසාව ආවෙ. ඊටප්ස්සෙ තමා ඉතින් මං මගෙ පලවෙනි උපසිරැසිය නිර් මාණය කරේ. ඊටපස්සෙ තමා ඉතින් හොදම දේවල් උනේ මං දාන ලිපි එහෙම තව idiom එහෙම සිංහලෙන් එහෙම්ම දාපු අවස්ථාවල ගොඩක් ඇඩ්මින් මන්ඩලේ අයට ආපහු හදන්න උනා.පස්සෙ කොහොමහරි ඒ අයගෙ මග පෙන්වීම අනුව මේ වෙද්දි මං ගොඩක් ඒ වැරදි හදාගෙනයි තියෙන්නෙ. ඉතින් කියන්න ඕනි මේ වැඩේ කරද්දි සල්ලි හම්බෙන්නෙ නැති නිසා එක එක්කෙනා “උබට සල්ලි දෙන්නෙත් නැතුව ඇයි බන් උබ ඕව කරන්නෙ?” කියල අහන අවස්ථා ඇතිවෙන්න තියෙනව.එයාලට ඉතින් මං මුකුත් කියන්න ගියෙ නෑ, මොකද ඩවුන්ලෝඩ් මීටරේ සහ කමෙන්ට්ස් දැක්කම එන සතුට නම් සල්ලිවලටවත් ගන්න බෑ. 😍 අනික දවසක මැරිල ගියත් සයිට් එකක හරි නම ඉතුරුයිනෙ කියන දේත් වටින දෙයක්. 😁

පලවෙනි උපසිරැසියෙ ඉදල මෙතනට ආපු ගමනෙදි අමතක කරන්නම බැරි අය ගොඩක් ඉන්නව. මුලින්ම මතක් කරන්න ඕනි ඉතින් අම්මව. සමහරවෙලාවට මං කරන සබ් දාගෙන ෆිල්ම් ඉදන් රස කර කර එයා බලනව. ඊටපස්සෙ මේ සයිට් එකෙන් මට ඇහැට දැකල නැති උනත් ඇත්තෙන්ම හොද සහෝදරයො පිරිසක් දැන අදුනගන්න පුලුවන් උනා,ඒ අතරට මුලින්ම මගෙ idiom සහ ලිපිවල වැරදි පෙන්නල දීල උපසිරසි කරන්න චිත්‍රපට පවා හොයල දීපු ලෂේන් අයියව, තව මේ චිත්‍රපටය ආසාවෙන් කරන්න ඉදල 50 ට මේක දෙන්න පුලුවන්ද කියල අහපු ගමන් මට මේක කරන්න දීපු චාමිකර අයිය (ඇත්තෙන්ම ඒ දේට නම් චාමිකර අයියට ලොකු ස්තූතියක් කරන්න ඕනි), මෑත කාලයේ ආපු ගොඩක් කතා මාලාවන්ට මාව සම්බන්ධ කරගත්තු බිම්සර අයිය, ස්නෝපියර්ස සීරිස් එක පරක්කු වෙච්ච නිසාම අදුරගන්න ලැබුනු චාමර අයිය, අපිට බැරි දෙයක් තිබ්බොත් කියල දෙන විමා අයිය, තව මැච් පිස්සෙක් වගේම ගේම් පිස්සෙක් වෙන සොහාන් අයිය, මාව මිනි සීරිස් ගෘප් එකට ඇඩ් කරපු රවිදු අයිය, Classic චිත්‍රපටවලට සබ් දෙන රොෂාන් අයිය, කොමික් පැත්තෙන් ප්‍රවීණයෙක් වෙන සචින්ත මල්ලි,මයුර අයිය, තරිදු ලක්ෂාන් අයිය, ඩිල්ෂාන් අයිය, යුරාන් අයියව මතක් කරන්න පුලුවන්. ඇත්තෙන්ම හොද සහෝදරවරු පිරිසක්. මං මෙච්චර කල් උපසිරැසි කරපුවට කමෙන්ට් කරපු ඔයාල හැමෝටමත් ස්තූති කරන්නත් මං මේක අවස්ථාවක් කරගන්නව. තව සමස්ත බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටම ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නව. 🥰

හරි එහෙනම් මං මගේ කඩයිමට තෝරගත්තු මේ Troll චිත්‍රපටය නිකුත් උනේ Netflix ඔස්සේ දෙසැම්බර් 01 දිනයේදි.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Roar Uthaug විසින්.කතාව ලියල තියෙන්නෙත් එයාම තමා. මේ චිත්‍රපටයට Ine Marie Wilmann, Kim Falck,Sjodgard, gaard B.Eidsvoid වැනි රංගන ශිල්පන ශිල්පනියන් දායකත්වය දීල තියෙනව.මේ චිත්‍රපටයට මේ වන විට IMDB දර් ශකයේ මනාප 3200කින් 6.1ක අගයක් ලැබිල තියෙනව.කුණු තක්කාලි දර් දකයෙ 100% ක අගයක්ද ලබාගැනීමට සමත්වෙලා තියෙනව. ඇත්තෙන්ම මේ කතාව දිවෙන පරිසරය මාරම ලස්සනයි. මං හිතන්නෙ ඒකෙනුත් චිත්‍රපටයට ලොකු ලස්සනක් ගෙනත් දීල ඇති.

එහෙනම් අපි මේ චිත්‍රපටයෙ කතාව ගැන බලමු නේද? මේ කතාව දිවෙන්නෙ Norway රාජ්‍යයෙ.අපි හැමෝම දන්නවනෙ එක එක සුරංගනා කතා.මේකෙ ප්‍රධානම චරිතෙ වන නෝරා තීඩ්මාන්ගෙ තාත්තත් එහෙම ට්‍රෝල් ල ගැන සුරංගනා කතා විශ්වාස කරන කෙනෙක්. ඉතින් පූර් ව ප්‍රචාරක පටය බලල තියෙනව නම් දන්නව ඇතිනෙ මේ චිත්‍රපටයෙ ට්‍රෝල් කෙනෙක් ව්‍යසනයක් කරන්න එනවයි කියල. (බලල නැති අය අයට මෙතැනින් සිංහල උපසිරැසි ගැන්වූ පූර් ව ප්‍රචාරක පටය බලන්න පුලුවන්.) ඒත් ඇත්තෙන්ම ඒ ඇයි? කවුද මේ ට්‍රෝල් කෙනෙක් කියන්නෙ? මේ තර් ජනයට කොහොමද මේ නෝරා ඇතුලු පිරිස මුහුණ දෙන්නෙ? ඒව දැනගන්න නම් ඉතින් මේ පැය 1යි විනාඩි 45ක් පුරාවට දිවෙන සුපිරි thriller ෆිලුම බලන්නම වෙනව.😁

සැ.යු.:- මං උපසිරැසි නිර් මාණය කලේ Norway original audio තියෙන පිටපතකට. ඒ නිසා ඉංග්‍රීසි හඩකවපු පිටපතේ මේ උපසිරසියෙ පරස්පරතා ඇති විය හැකි බැවින්, Original Norway audio එක ඇති පිටපත් සදහා පමණක් මෙම උපසිරැසි වලංගු වන බව සලකන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

31,137 downloadsDownload Troll-2022-1.zip3.6 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

31,137 downloadsDownload Subtitles3.6 MB

116 comments

  1. Anonymous

    සුබපැතුම් සහෝ
    ඉදිරියටත් සබ් කරමු !

  2. Anonymous

    අඩේ...! මෙච්චර ඉක්මණට...!!!

    හිතුවේ නෑ මෙච්චර ඉක්මණට Baiscopelk එකෙන්, සුපිරි quality එකකින් මේකට sub හම්බවෙයි කියලා... Baiscopelk is BEST. ❤❤❤

    ඒ වගේම තමයි, සංජන චමෝද් සහෝදරයාටත් සුභ පතනවා...! ඔබගේ ඉදිරි වැඩකටයුතු සියල්ලක්ම සාර්ථක වේවා...!!!

  3. Dilum

    Wednesday series eketh subtitles denawda?

  4. Kasun Gayantha

    sub denwata ena ikmanatama thanks bro..puluwananm srt eken denna..idx dena sub dan balanna amarui..sub eka yaddi screen eken bagayakma black wenawa :( . horen aran dana eka mekath aran monahari karala danwamai bro..puluwannam srt eken denna..jaya wewa <3 . keep up the gud works bro

    1. Chamioa

      sub aka awl macho.?.

  5. Lasantha

    Screen eken bagayakma kalu pata kotuwakin wahila yanawa. Pront still ekath kiyawanta amarui

  6. මයුර

    පලවෙනි කඩ ඉමට උනුසුම් සුබපැතුම් මචෝ. මේ වගේ කඩ ඉම් ගණනාවක් ගහන්න ලැබේවා. පුද්ගලික ජීවිතේ වැඩ කටයුතුත් සාර්ථක වේවා. මාවත් මතක් කළාට තුති

  7. Pavith Wijesooriya

    50 වෙනි කඩ ඉමට සුභ පැතුම් අයියේ. දිගටම උපසිරසිකරණයේ නියලෙන්න ජය!

  8. හිෂාන්

    #BUG Report: Screen එකේ භාගයක්ම කළු පාටින් වැහිලා යනවා... අනිත් එක, Subtitle එකත් කළු පාටින් highlight කරලා වගේ...

    My Video Player: KMPlayer (x64Bit-) [Version Code: 2022.11.25.17]
    OS: Windows 10 Pro [10.0.19045 Build 1945]

    Please ආයෙත් හදලා දෙන්නකෝ ඒක...

  9. losaka

    Sub එකේ අකුරැ සුදු හො කහ වර්ණය යොදන්න

  10. Chamikara Vidanage

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම්! ඔය ගැම්මෙන් 100 ට යමු. Exam වැඩත් කර ගන්න හොදේ

    1. Anonymous

      Mona maglakda me

  11. whoami

    sub eka dn blanakota screen eke bagayk black wenawa

  12. Bimsara Yashan(ඔලිව)

    පලවෙනි කඩයිමට සුභපැතුම් සහෝ. මෙතැනින් නවතින්නැතුව ඉදිරි කඩයිම් වලටත් යන්න සුබ පතනවා. ඒ වගේම පෞද්ගලික ජීවිතෙත් වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා. මාවත් මතක් කලාට ස්තූතියි. ජයවේවා!

  13. Kavi

    50 වන කඩයිමට සුබපැතුම් සංජන මල්ලි
    බොහොම ස්තූතියි උපසිරැසිය ලබා දුන්නාට
    ජය වේවා!

    උපසිරැසිය SRT ආකාරයෙන් ලබා දෙන්න පුළුවන්නම් ගොඩක් වටිනව.
    ස්ක්‍රීන් එකේ භාගයක්ම කළු වෙනව.අප්ඩේට් එකක් ආවම බලනව.❤

  14. Rajitha Tharanga

    meka dagena film eka balanna ba screen eken bagayak black

  15. Bhashitha Muthukumarana

    Black screen error එකක් එනවා saho!

    IDX file එකේ;
    size: 1920x1080 → 1280x720
    alpha: 100% → alpha: 0%
    smooth: OFF → smooth: OLD
    palette: ffffff, 080000, ff0000, 00ff7f, 00ffff, ff4500, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000 → #palette: ffffff, 080000, ff0000, 00ff7f, 00ffff, ff4500, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000
    custom colors: OFF, tridx: 1110, colors: 808080, ffffff, 000000, 000000 → #custom colors: OFF, tridx: 1110, colors: 808080, ffffff, 000000, 000000
    විදිහට වෙනස් කර කරා බැලුවා... ඒත් හරි ගියේ නෑ... :'(

    1. Anonymous

      Ow ek hadna ba ned

    2. Himal Erangana

      ඔය tridx කියන එකේ අවුල තියෙන්නේ මචෝ...

      Custom Colours ON කරන්න ඕනි.

      Tridx: 1110 වගේ තියෙන්නේ, ඊට පස්සේ ඔතන තියෙන colour codesටික ON වෙන්න ඕනිද OFF වෙන්න ඕනිද කීයන එක...

      "tridx" : Text colour එක OFF/ON කරන්න තියෙන switch එකක් වගේ එකක් ඒක... (1=OFF, 0=ON)
      පළමුවෙනි ඉලක්කමෙන් කියන්නේ, Background Colour එක... දෙවෙනි ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ උපසිරැසියේ අකුරුවල පාට... තුන්වෙනි එකෙන් text shadow එක... හතර වෙනි එකෙනුත් text shadow එක... [4 වෙනි එකෙන්, කලින් දාපු Text shadow එකට අයිනෙන් තව shadow එකක් apply වෙනවා...

      (උඩ Comment එකක මං දාලා තියෙනවා හදාගන්න විදිහ...)

  16. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    ගොඩක්ම ස්තූතියි සංජන සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  17. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  18. Anonymous

    Please. ආය සබ් එක පොඩ්ඩක් බලන්න. Black screen error එනවා. අනේ ඒක හදලා ආපහු දාන්න...

  19. ලක්ෂාන්

    සුභ පැතුම් සංජන මල්ලි.keep it up

  20. ishan

    තෑන්ක්ස් බ්‍රෝ ❤️‍

  21. Asanga kb

    Thank you wewa...

  22. Pasindu Manujith

    සබ් එක අවුල් නේ සබ් එකේ තියෙන කලු background එකෙන් film එකේ බාගයක් වැහෙනවානේ Please Fix brother

    Congratulations 50 වෙනි කඩයිමට ❤️

    1. Anonymous

      මුගේ ඉතිරි 49ත් මෙහෙම වෙන්න ඇති.

  23. kaushika chathura

    supiriyak kollo

  24. Anonymous

    Congratz brother

  25. Anonymous

    පම්පෝරි ගැහුවට බන් සබ් එක අවුල් නෙ උබේ..admin ලා 5 star දීලා තියෙන්නෙ ඇස් කටේ දාගෙනද මන්දා

    1. Anonymous

      සිරා කතාව.

  26. H.a.i. Dissanayaka

    Balanna ba sub eka

  27. Thusith

    සුබ පැතුම් සහොදරයා .....සබ් එකට බොහෝම ස්තුති ...ජයම වෙවා

  28. Madhawa Nuwan

    sub eka patta aul screen eke bagayak wehenwa

  29. Himal Erangana

    Sub එකේ අවුලට, Sub එක හදපු එකාට ඔච්චර බණින්න එපා යකුනේ... *.IDX File එකේ පොඩි line එකක අවුලක් තියෙන්නේ... ඒක වෙනස් කරගත්තා නම් හරි, Notepad එකෙන්...

    *.IDX file එකේ 52, 53, 54, 55, 56 lines ටික මං මේ පහළ දාලා තියෙන code එකේ විදිහට වෙනස්/replace කරගන්න...

    Sub එකේ එද්දීම තියෙන විදිහ↓
    # The original palette of the DVD in PGC#1
    palette: ffffff, 080000, ff0000, 00ff7f, 00ffff, ff4500, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000, 000000

    # Custom colors (transp idxs and the four colors)
    custom colors: OFF, tridx: 1110, colors: 808080, ffffff, 000000, 000000

    මේ විදිහට ඒක වෙනස් කරගන්න↓
    # The original palette of the DVD in PGC#1
    palette: ff0000, ff0000, ff0000, ff0000, ff0000, ff0000, ff0000, ffffff, ff0000, ff0000, ff0000, ff0000, ff0000, ff0000, ff0000, ff0000

    # Custom colors (transp idxs and the four colors)
    custom colors: ON, tridx: 0011, colors: 000000, ffffff, 1f1f1f, 000000

    *සැ. යු. : මං හිතට එන පාට ටිකක් type කරේ... ff0000 වගේ තියෙන තැන්වලට ඔයාලට කැමති Hex colour code එකක් දාගන්න...

  30. uditha

    Sub eka awl
    black screen enawa

  31. Rajitha

    sirawatama

  32. Dinesh Silva

    සබ් ඒකට බොහොම ස්තූතියි සහෝදරයා ඒත් සබ් එකේ අවුලක් තියෙනවා පුලුවන්නම් SRT වලින් දෙන්න IDX වලින් බලන්න අමාරුයි.මහන්සි වෙලා හදලා නොමිලේ දෙන නිසා කරදර කරන්න කැමති නෑ ඒත් සමහරක් අය බැනලා දාලා තියෙනවා. ඒකෙන් වෙන්නෙ ආයෙ සබ් එකක් දෙන්නවත් හිතෙන්නෙ නැති එක අවුරුදු ගානක් මේ සයිට් එකෙන් මාත් ෆ්‍රී තමා සබ් ගන්නෙ.කවුරු උනත් සල්ලි දීලා සබ් ගන්නෙ නැති නිසා මීට වඩා හොදින් කටයුතු කරානම් තමා වඩා හොද..........

    1. Anonymous

      සල්ලි දීලා සබ් ගන්නේ නැති නිසා උන් කොහොම දුන්නත් උබට අදාල නෑ
      උබට idx සෙට් නැත්නම් නොබලා ඉදපන් ඇයි වෙන රෙද්දේ සයිටුත් ඕන තරම් තියෙන්නේ...
      අනිවාර්යයෙන්ම ඉස්සරහට දෙන සබ් idx වලින්ම දෙන්න බයිස්කෝප් , අවජාතක වැඩ කරන බලු හැත්තට සබ් උස්සන්න බැරිවෙන්න............................

      සුබපැතුම් සහෝ පලමු කඩයිමට
      ජය වේවා බයිස්කෝප් !

    2. Shehan

      මාත් එකගයි.idx එපා. Anonymous, කියන දේ තෙරුන් ගන්නව මනුස්සයෝ.dinesh කියපු දේ ඇත්ත.

    3. Dinesh Silva

      යන්නෙ කොහෙද මල්ලෙ පොල් සීන් එක මතක් වෙනවා. වල්ගෙ පාගගන දගලන්න එපා .කිව්ව දී තීරුම් ගන්න වත් මොලයක් නෑ. ඒ නිසා මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තුවක් නෑ

    4. Anonymous

      උබනේ ගොනෝ වල්ගේ පාගන් ඉන්නේ , එකතැනක කියනො නොමිලේ දෙනනිසා කරදර කරන්න කැමති නැතිලු ,ඊටපස්සේ තවතැනක කියනෝ නොමිලේ දෙන නිසා මීට වඩා හොදට දෙන්නලු" දෙබිඩි කතා කියන්න එපා ඕයි, උබ කියන විදියට එතකොට නොමිලේ දෙන එක සුපිරියටම ඕන සල්ලි දීලා ගත්තොත් ඕන කුනුගොඩක් අවුලක් නෑ...අනේ පලයන් බන් යන්න, බයිස්කෝප් එකෙන් කොලිටිම සබ්
      එක නොමිලේම ලැබෙද්දි ඒක idx නෙවෙයි මොකෙන් ලැබුනත් බලන්න හුරුවෙයන්

  33. Anonymous

    sub eka aul bro. half black sreen enawa.

  34. 00sanoj00

    කැමති කෙනෙක් ඉන්නවානම් මේක ඩවුන්ලෝඩ් කරගන්න බ්ලැක් ස්ක්‍රීන් අවුල මම හැදුවා

    1. Anonymous

      working well machng. thank you!!!!

    2. Anonymous

      Weda Na ne mcn

    3. Anonymous

      mcn link eka weda na ne

    4. Anonymous

      Ela mcn sub eka weda. Thanks

    5. Anonymous

      eka wada thanz

  35. Kolla

    Mi haraek hadapu sub ekak

  36. Hasiya KG

    මුලින්ම කියන්න ඕනි කඩඉමට සුභ පැතුම් සහෝදරයා...උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි ... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  37. Anonymous

    පොඩි අව්ලක් ගිය ගමන් බැනගෙන සෙට් එකකුත් ඇති... ඒවා ගනන් ගන්න එපා සහෝ... වැරදි හදාගෙන ඉස්සරහට යමු...❤️❤️❤️

  38. Naveen

    50 ට සුබපැතුම්
    උපසිරසියටත් තුති

  39. ishan

    කලු පාට කොටුවක් වැටෙනවනෙ බන් ඒක හදල දනවකො,, බලන්න ගත්ත එකත් අත ඇරල දැම්ම

  40. සංජන චමෝද්

    සබ් එකේ තිබ්බ ප්‍රශ්නය නිවැරදි කරා.
    Enjoy!

    1. Kavi

      ❤

    2. Hasiya KG

      එලම සහෝ... බොහොම ස්තුතියි ..❤️❤️❤️

    3. Suraj

      Thank you.

    4. Anonymous

      Thank you so much brother

    5. H.a.i. Dissanayaka

      Thanx bro

    6. Anonymous

      Sub eka weda na Bro

    7. DARSHANA AJITH

      තෑන්කස් සහෝ idx එක අවුල් වගේ හැබැයි

    8. Madusanka

      Thanks bro... warriors of future sub dennako..

  41. Lucky

    50 sub ekata 50 comment eka. Good luck bro !

  42. BeMax

    Black screen ekak enawa mcn eka clear karala update ekak denna. Jaya wewah thnx

  43. shen

    50 වැනි කදිමට සුභ පැතුම්.ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවායි පතනවා.

  44. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  45. Madusanka

    Thanks bro... warriors of future sub dennako..

  46. nipuna

    thanks

  47. Janath

    Subtitles වැඩ කරන්නේ නෑ නේ අප්පා . දහ පාරකට වැඩිය ඩවුන්ලෝඩ් කර. වැඩ කරන්නේ නෑ.

  48. Anonymous

    ෆෝන් එකට සබ් වැඩ නෑනෙ.

  49. දහරා මුතු අමා

    50ට උනුසුම් සුබ පැතුම්. ඉතින් ඊලග කඩයිම් වලටත් යන්න ශක්තිය සහ ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
    ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්තක වේවා කියලත් ප්‍රාර්තනා කරනවා.

  50. Sohan Jayasooriya

    පලවෙනි කඩඉමට හදවතින්ම සුබ පතනව මචෝ.. වෙඩි වගේ සබ දීලනේ... මේවා නම් ඉතින් අනිවා බලනවනේ.. සයිට් එකෙන් සෙට් උන තව හොඳ සහෝදරයෙක් තමයි ඔයා.. ඊළඟ කඩඉමටත් ඉක්මනින්ම යන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. කට්ටිය අනම් මනම් කියල තියේ සබ් එකේ අවුලට.. ඒ සමහර කමෙන්ට්ස් ඕකේ ඒත් සමහර කමෙන්ට්ස් හිතා මතාම ඔයාව අවුල් කරන්න දාපු ඒවා වගේ දැනෙනවා.. ඒ නිසා ඒවා වැඩිය හිතන්න එපා... මාවත් ලිපියෙ මතක් කලාට ස්තූතියි හොඳේ..මැච්, ගේම් පිස්සු ඔක්කොම තිබ්බත් දැන් වෙලාව මදිකම හින්දා ගේම් එකක් නම් ගැහුවෙ නෑ සෑහෙන කාලෙකින්.. ඉතින් එහෙනම් ජය වේවා මචෝ..

    1. isuru

      Bro issara baiscope eke dunna SRT file kisima aulak nathiwa play karanna puwan supper

      oyalata SRT walin denna sub , IDX, SUB file play karanna amarui

Load more comments