Watch Trailer

Moloch (2022) Sinhala Subtitles | ශාපයේ අභිරහස. [සිංහල උපසිරසි]

කොහොමද කස්ටියට. හැමෝම හොඳින් නේද? ගොඩම ගොඩ දවසකින් තමා මේ බයිස්කෝප් එක පැත්තට සබ් එකක් අරන් එන්නෙ. මේක බාරගෙනත් ටික දවසක් ගියා මොකද වැඩත් එක්ක ටිකක් පරක්කු උනා. අනික ෆිල්ම් එක භාෂා දෙකකින් යන්නෙ. ඉංග්‍රීසි භාෂාවයි, ලන්දේසි භාෂාවයි. ඉංග්‍රීසි වලින් තියන ලයින් වල ටයිම් ලයින් හරියට තිබ්බේ නෑ. කොටින්ම…

කොහොමද කස්ටියට. හැමෝම හොඳින් නේද? ගොඩම ගොඩ දවසකින් තමා මේ බයිස්කෝප් එක පැත්තට සබ් එකක් අරන් එන්නෙ. මේක බාරගෙනත් ටික දවසක් ගියා මොකද වැඩත් එක්ක ටිකක් පරක්කු උනා. අනික ෆිල්ම් එක භාෂා දෙකකින් යන්නෙ. ඉංග්‍රීසි භාෂාවයි, ලන්දේසි භාෂාවයි. ඉංග්‍රීසි වලින් තියන ලයින් වල ටයිම් ලයින් හරියට තිබ්බේ නෑ. කොටින්ම කිව්වොත් සබ පනිනවා. ඒ නිසා ඒ ලයින් ටික ආයෙ හදන්න උනා. ඒ නිසා ඔයාලත් බයිස්කෝප් එකෙන්ම ෆිලුම බාගන්නව නම් හොඳයි.

හරි අපි ෆිල්ම් එක දිහාට හැරෙමු. Horror ලේබලේ යටතේ එලි බහින මේ ෆිලුම නිකුත් වෙන්නෙ 2022 මැයි මාසයේ. ධනාත්මක ප්‍රතිචාර මැද්දෙ තිරගත උන ෆිලුම ධනාත්මක අදායමක් උපයගන්නත් සමත් වෙලා තියනවා. හොලිවුඩ් නෙදර්ලන්ත කලවමක් විදියට මේක අධ්‍යක්‍ෂණය කරන්නෙ නෙදර්ලන්ත ජාතික අධ්‍යක්‍ෂ Nico van den Brink කියන අධ්‍යක්‍ෂවරයා විසින්. ප්‍රධාන චරිත විදියට Sallie Harmsen සහ Alexandre Willaume කියන දෙන්න රඟපෑමෙන් එකතු වෙනවා. මනාප 4K+ සංඛ්‍යාවකින් IMDB අගය 6/10ක් ලබාගන්නත් මේ ෆිලුමට හැකි වෙලා තියනවා.

කතාව ගැන කිව්වොත් මේක නිර්මාණය වෙන්නෙ නෙදර්ලන්ත මොලොච් (Moloch) කියන ජනප්‍රවාදයක් ඇසුරෙන්. ජනප්‍රවාදයක් කිව්වට මේක පිටිපස්සෙ සෑහෙන කතා ගොඩක් තියනවා. ඒ කතා වලින් එක කතාවක් අරගෙන තමා මේ ෆිලුම හදල තියෙන්නේ. Horror බලන අපේ යාලුවෝ මේක නොබල ඉන්න එපා කියල කියන්න ඕනෙ. මං කතාව ගැන පොඩිම පොඩි කෑල්ලක් කියන්නම්. බෙට්‍රික් කියන්නෙ තමන්ගෙ සැමිය මිය ගියාට පස්සෙ පුංචි දුවයි, අම්මයි, තාත්තයි එක්ක ජීවත් වෙන කෙනෙක්. මෙයාලගෙ පවුල විශ්වාස කරන විදියට එයාලගෙ පවුලට පරම්පරාවෙන් එන ශාපයක් තියනවා. ඉතින් ඒ අස්සෙ මෙයාලගෙ ගමේ වගුරුබිමෙන් අවරුදු ගානක් පැරණි මළසිරුරු වගයක් හම්බෙනවා. ඉතින් එතනින් එහාට කතාව මොකද වෙන්නෙ කියල ඔයාල බාගෙන බලන්න. එහෙනම් දැනට මෙතනින් නවතිනවා. තව ෆිල්ම් එකකින් සෙට් වෙමු..!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

5,999 downloadsDownload Moloch-2022.zip2.2 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,999 downloadsDownload Subtitles2.2 MB

22 comments

  1. Anonymous

    Thriller /horror type film nm supiri ahh
    Digtma mewwa demu bro

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සුජිත් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. Kushan

    Sub akta thanks

    1. Shan

      Srt walin dannako bn

  4. Anonymous

    Thanks for sub

  5. Naveen

    උපසිරසියට තුති

  6. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  7. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. Anonymous

    වැඩි වැඩියෙන් හොරර් ෆිල්ම් සබ් දෙන්න ලැබේවා

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  11. Dewadithya

    Thanks for Sub!

  12. nadula

    good

  13. Malith samarawickrama

    Thanks saho sub ekata

  14. Ruchira

    Thanks for the sub!

  15. හිෂාන්

    <iframe frameborder="0" width="auto" height="auto" srcdoc="Online HTML Editorfunction gtag(){dataLayer.push(arguments)}window.dataLayer=window.dataLayer||[],gtag("js",new Date),gtag("config","G-E29N8MEWGN")අඩෝ... Sub එක නම් සුපිරියි...! පට්ටම quality‍යි sub එක... ලිපියත් පට්ටයි... කතාව සුපිරියටම තේරුණා ඒ නිසා...!!!Thank you Brother" src="https://subzlk-bladerunner2049-comment0001.pages.dev" sandbox frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture">

  16. Nishan

    උපසිරැසියට ස්තුතියි සහෝ

  17. Aloka

    Holman

  18. oshanda

    ස්තූතියි සහෝදරයා...

  19. සාරංග J ලියනගම

    Thanks

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Isuru Gomes

    Thank you for the subtitle. Watched it.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.