කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, හැමෝම හොඳින් නේද? ඔන්න මං මේ පාර මේ අවුරුද්දේ විකාශය වුණු Trolls World Tour ඇනිමේෂන් චිත්‍රපටිය තමයි අරගෙන ආවේ. වැඩේ කියන්නේ මං මේක බාගත්තා බලන්න කියලා මෙන්න හසන්න අයියා මගෙන් ඇහුවා මේකට උපැසිරැසි කරන්න පුළුවන් ද කියලා. මට mail එක දැකලා පුදුමත් හිතුණා සතුටට. 😆 ඉතිං හසන…

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, හැමෝම හොඳින් නේද? ඔන්න මං මේ පාර මේ අවුරුද්දේ විකාශය වුණු Trolls World Tour ඇනිමේෂන් චිත්‍රපටිය තමයි අරගෙන ආවේ. වැඩේ කියන්නේ මං මේක බාගත්තා බලන්න කියලා මෙන්න හසන්න අයියා මගෙන් ඇහුවා මේකට උපැසිරැසි කරන්න පුළුවන් ද කියලා. මට mail එක දැකලා පුදුමත් හිතුණා සතුටට. 😆 ඉතිං හසන්ත අයියට ස්තූතියි මේක මට මේ චිත්‍රපටිය භාර දුන්නට. ඉතිං මං චිත්‍රපටිය බලන ගමන් මේකට සබ් කළා. මේ චිත්‍රපටියේ පළවෙනි චිත්‍රපටිය Trolls (2016) දී විකාශය වුණා. ඉතිං ඒක බලලා නැත්නම් ඒකත් බලන්න කියලා කියනවා. මොකද ඒ චිත්‍රපටියේ දී ඔයාලට දැනගන්න පුළුවන් පොපියි බ්රාන්ච්උයි යාළුවෝ උනේ කොහොම ද වගේම ට්‍රෝල්ස්ලා ගැනත්. මේ චිත්‍රපටිය ගලාගෙන යන්නේ ගොඩක්ම සිංදු වලින්. ඇත්තටම ටිකක් අමාරු වුණා සිංදු වල තේරුම් හොයන්න ගිහිං සිංහලෙන්. ඒත් ඉතිං මං කලිනුත් සිංදු තිබ්බ ඇනිමේෂන් චිත්‍රපටි කරලා තිබ්බ නිසා අවුලක් වුණේ නැහැ. ඒත් මේකේ අමුතුම ජොලියක් තිබුණා. අනේ මන්දා මොකක්ද කියන්න. හැබැයි අඩු පාඩු එහෙම තියෙන්න පුළුවන්. හරිම විනෝදයෙන් නැරඹිය හැකි හරි අපූරු ලස්සනම ලස්සන ඇනිමේෂන් කතාවක් කිව්වොත් මං හිතනවා හරි කියලා.
ඉතිං මං කලින් කිව්වා වගේ මේ චිත්‍රපටියේ වැඩිපුරම තියෙන්නේ සිංදු තමයි. පළවෙනි එක බලලා තියෙන අය නම් දන්නවා ඇති. සිංදු ටිකනම් අපේ භාෂාවෙන් කියනවා නම් පට්ටම තමයි. මේ චිත්‍රපටියේ සිංදු මං දෙපාර තුන්පාර ඇහුවා ඒ තරම් ලස්සනයි. ඒ වගේම හොඳට අහලා පුරුදු ජනප්‍රිය සිංදු ටිකකුත් මේ චිත්‍රපටියට ඇතුළත් කරලා තියෙනවා. Open Gangnam Style, Baha Men ලගේ Who Let The Dogs Out සිංදුවේ ටිකකුත් වගේම Spice Girlsලගේ Wannabe සිංදුවත් තව ජනප්‍රිය සිංදු සෙට් එකකුත් කියනවා දුක හිතෙන ගම්මානකට ගිහිං. එක නම් හිනා වෙවි බැලුවා. ඔයාලටත් ආස හිතෙයි මේක බැලුවම. හැබැයි කීප සැරයක් ම අහපු සිංදුවක් තමයි Justin Timberlake කියන Don’t Slack සිංදුව මේකම දහ පාරක් විතර අහපු නිසා උපැසිරැසි කරන්න ටිකක් විතර පරක්කු වුණා.ඒ වගේම Trolls Wanna Have Good Times සිංදුවත් හරිම ලස්සනයි. හරි එහෙනම් දැන් ඉතිං චිත්‍රපටිය ගැන ටිකක් දැනගන්නත් ආස ඇතිනේ.
Trolls World Tour කියන්නේ ඩ්‍රීම් වර්ක්ස් ඇනිමේෂන් විසින් නිෂ්පාදනය කරන ලද සහ යුනිවර්සල් පික්චර්ස් විසින් බෙදා හරින ලද 2020 ඇමරිකානු පරිගණක සජීවිකරණ ජූක්බොක්ස් සංගීත චිත්‍රපටයකි. මෙම චිත්‍රපටිය 2020 මාර්තු 11 වන දින ඉන්දුනීසීයාවේ දී මුලින් ම තිරගත වුන අතර 2020 අප්‍රේල් 10 වන දින එක්සත් ජනපදයේ සීමිත සිනමාහල් වල නිකුත් කරන ලදී. පැයයි මිනිත්තු 30ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය දැනට IMDB ශ්‍රේණිගත කිරීම් 6.1 අගයක් ලබා ගෙන තියෙනවා. Animation, Adventure, Comedy ගණයට අයත් වන මෙම චිත්‍රපටිය Walt Dohrn විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර සම අධ්‍යක්ෂක David P. Smith විසිනි. මේ මුළු චිත්‍රපටියේ සිංදු ම විතරක් 20ක් විතර ඇතුළත් වෙලා තියෙනවා. Rotten Tomatoes අගය 69%ක් වාර්තා වී ඇති අතර ප්‍රධාන චරිත අතරින් පොපිගේ චරිතයට හඬදායකත්වය දෙන්නේ අප කවුරුත් දන්න Trolls චිත්‍රපටියෙත් පොපිට හඬකවපු Anna Kendrickම තමයි. අනෙක් ප්‍රධාන චරිතය වන බ්රාන්ච්ට හඬ දායකත්වය ලබාදෙන්නේ සුප්‍රසිද්ධ ගායක Justin Timberlake. ඊට අමතරව Dwayne Johnson, Rachel Bloom, Kelly Clarkson, Jamie Dornan, Ozzy Osbourne, Sam Rockwell, Ester Dean, James Corden වැනි හුඟ දෙනෙක් තම හඬදායකත්වය ලබා දෙනවා. කතාව පැත්තට හැරුනොත්,
ඔයාලට මතක ඇතිනේ කලින් චිත්‍රපටියේ දී පොපි රැජින බවට පත්වුණා. ට්‍රොල්ස්ලා කියන්නේ හරි ම සතුටෙන් ඉන්න පුංචි අගුටුමිට්ටෝ කට්ටියක්. මෙයාලා කරන්නේ සිංදු කිය කිය නටන එකයි බදාගන්න එකයි. මෙයාලා හිතාගෙන හිටියේ සිංදු කිය කිය නට නට විනෝදයෙන් සතුටෙන් කාලය ගත කරන ට්‍රොල්ස්ලට ඉන්නේ මෙයාලා විතරයි කියලා. ඒත් ඒක සම්පූණයෙන් ම කණපිට හැරෙමින් තවත් ට්‍රොල්ස්ලා ඉන්නවයි කියලා දැනගන්නවා. මෙයාලා පොප් ට්‍රොල්ස්ලා. පොපියි අනිත් අයයි සේරම සිංදු කිය කිය ඉන්නකොට රොක් ට්‍රෝල්ස්ලගේ රැජින මේ වෙන්වුනු ට්‍රෝල්ස්ලව එකතු කරන අදහසකින් ලොකු උත්සවයක් සංවිධානය කරනවා කියලා ආරාධනා පත්‍රයක් එවනවා පොපි රැජනට. හැබැයි එනකොට පොපි ට්‍රොල්සලගේ සංගීත නූලත් අරගෙන එන්න කියනවා. ඒ මේ හැම ට්‍රෝල්ස් වංශයට ම අදාළ නූලක් තියෙනවා. (සංගීත නූලක්). ඒත් පොපිගේ තාත්තා ට්‍රොල්ස්ලගේ අතීතයේ සිද්ධ වෙච්ච කතාව කිව්වට පස්සේ ඔහු කියනවා දුවලා ගිහිං හැගෙන්න කියලා. මොකද අනික් ට්‍රෝල්ස්ලා මෙයාලා වගේ නෙමෙයි එයාලාගේ හැසිරීම ගතිගුණ සිතන පතන විදිහ එහෙම වෙනස්. ඒ නිසා බෙදීම් ඇති වුණා. නමුත් පොපි කැමති වෙන්නේ නැහැ ඒකට ඇයට ඕන වෙන්නේ ආයෙත් ට්‍රොල්ස්ලව එකතු කරන අදහසට රොක් රැජනට උදව් කරන්න. ඉතිං පොපි රැජින රොක් රැජිනගේ ආරාධනාව පිළිගෙන හොරෙන් ම රොක් ට්‍රෝල්ස් ගම්මනායට යන්න පිටත් වෙනවා ගුවන් බැලුනයකින්. පොපිගේ පිටිපස්සෙන් ම නිතරම ඉන්න ඇයගේ යාළුවා බ්රාන්ච් පොපිට අනතුරු අඟවනවා. ඒත් පොපිට ඕන වෙන්නේ මේ ගමන කොහොමහරි බ්රාන්ච්වත් කැමති කරගෙන යන්න. මෙයාලා යන අතරතුරදී මේ බැලූනයේ නිදාගෙන ඉන්න බිගීවත් මේ ගමනට එකතු කරගන්නවා.
මේ ගමනේදී මෙයාලා දැනගන්නවා රොක් රැජිනට ඕන වෙන්නේ ට්‍රෝල්ස්ලව එකතු කරන්න නෙමෙයි සංගීත නූල් ටික හොරකම් කරන්න කියලා. පොපිට කලකිරුණා. පොපි හිතාගත්තා රොක් රැජිනව නවත්වන්න. ඇත්තටම රොක් රැජිනට ඕන වෙන්නේ හැම ට්‍රෝල්ස් කෙනෙක්ව ම රොක් සොම්බිස්ලා කරන්න. පොපිට සිද්ධ වෙනවා මේ ගමනේ දී මිතුරෝ කවුද හතුරෝ කවුද කියලා වෙන් කරගන්න. එහෙමත් නැත්නම් ඒ හැමෝටම සතුට බෙදලා දෙන්න. පොපි රැජිනට ඒක කරන්න පුළුවන් වෙයි ද? රොක් රැජින හැම කෙනෙක්ව ම රොක් පිල්ලි කරයි ද? පොපි මේකට මොනවා කරයි ද? මෙයාලට උදව් ලැබෙයි ද? හැම ට්‍රෝල්ස් කෙනෙක් ම නැවත එකතු වෙයි ද? මේවාට උත්තර දැනගන්න නම් ඔයාලට මේ චිත්‍රපටිය නරඹනකොට හම්බ වෙයි. එහෙනම් හැමෝම බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටිය බලන ගමන් ඔයාලගේ අදහස් එහෙම තියෙනව නම් comment කරන්න.
මෙම චිත්‍රපටිය උපැසිරැසි කරන්න මට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් Admin මඩුල්ලට හදපිරි ස්තූතිය පුද කරමින් තවත් ලස්සන වෙනස් ම චිත්‍රපටියකින් නැවත මුණ ගැහෙමු! දෙවි පිහිටයි!
Stay Home & Stay Safe

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාල වේ
9,624 downloadsDownload Trolls-World-Tour-2020-Blu-Ray.zip127 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-03-11
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යමීනා ජොහාර්
Subtitles
24 comments
Hashan M. Priyadarshana
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති උපසිරසට..බුදුසරණයි...ජය වේවා..!
malithmadhushan45
අම්මෝ දෙනකන් හිටියේ. ස්තුතියි උපසිරසට
Udara Damith Dissanayaka
මාරු
එල
hureNavodani Thilini
උපසිරසියට ස්තූතියි සිස් ❤❤
සචින්ත කල්හාර බෙනට්
බොහොම ස්තූතියි අක්කේ සිංහල උපසිරැසියට. බ්ලූ රේම බාගන්නම්කෝ. ලස්සන සින්දු ටිකකුත් තියෙනවා වගේ. නියමයි. බොහොම ස්තූතියි සිනමා රසිකයින් වෙන මේ මහන්සියට.
෴෴ජය වේවා...!෴෴isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Isirajanith
සබ් එකට තැන්ක්ස්
ishu
sub ekata thank you very much.... jaya wewa
Anonymous
ස්තුතියි sub එකට...
Thathsara
Film download karanna free best fastest site ekak kiyannako
R_deshan
Yts.mx
කවිනු වීරක්කොඩි
Thnkq!
bat1234
plz teen titans trouble in tokyo (2006) film ekta sub dennnakoooo!!!
rockz2020
පලවෙනි එක බැලුවා අනිවා මේකත් බලනවා ✌ ;)
මේක දෙන්න කලින් මේකට කලින් ආව Trolls Holiday (TV Short 2017) එක දෙයි කියලා හිතුවේ.
ඒකත් තිබ්බනම් තමයි තවත් හොඳ :)
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා! ❤දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandeep
Thanx sub ekata.. supiri
MAALNATH
Thanks .............good luck ....................
Dewadithya
Thanks for sub!
SCW
ස්තූතියි අක්කේ සබ් එකට
Dinell ns
thank you akka
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සබ් එකට :)