Watch Trailer

Baaghi 3 (2020) Sinhala Subtitles | හිතුවක්කාර තුන්වන පරිච්ඡේදය…! [සිංහල උපසිරැසි සමඟ]

එය දිගු ගමනකි… නමුදු මා හට කිසි බියක් නැත… සිනහව සමගින් එය ගෙවී යාවි… නුඹේ පාදයේ කටුවක් ඇනුනද, ඒ වේදනාවද අප දෙදෙනා අතරේම බෙදී යාවි… නුඹ කුමක් පැවසුවත්, මා නුඹ වෙනුවෙන්, පරදින්නම් දහස් වරක් වුවද… නීරෝගීමත්, සෞඛ්‍යමත් සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ දිනවල ලෝකයේ ඇතිවෙලා තියෙන වසංගත තත්ව…

 

එය දිගු ගමනකි…
නමුදු මා හට කිසි බියක් නැත…
සිනහව සමගින් එය ගෙවී යාවි…
නුඹේ පාදයේ කටුවක් ඇනුනද,
ඒ වේදනාවද අප දෙදෙනා අතරේම බෙදී යාවි…
නුඹ කුමක් පැවසුවත්,
මා නුඹ වෙනුවෙන්,
පරදින්නම් දහස් වරක් වුවද…

නීරෝගීමත්, සෞඛ්‍යමත් සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ දිනවල ලෝකයේ ඇතිවෙලා තියෙන වසංගත තත්වය එක්ක ලෝකයේ වගේම ලංකාවේ අපිටත් දැඩි ප්‍රවේසම්කාරී පිළිවෙතක් අනුගමනය කරන්න වෙලා තිබෙනවා. ඉතින් මේ ලිපිය කියවන ඔබත් මේ මොහොතේ නිරෝගී සෞඛ්‍යයෙන් ප්‍රවේසම්කාරීව කොහේ හෝ තැනක සිටිනවා වෙන්නට ඇති. ඉතින් ඔබ සියලු දෙනාටම එලෙසින්ම නීරෝගීමත්, සෞඛ්‍යමත් ජීවිතයක් ප්‍රවේසම්කාරීව ගත කරන්නට ඉදිරි දින කිහිපයේදීත් හැකිවේවායි පතනවා. සියලු දෙනාම නිවෙස් වල සිටිමින් ආරක්ෂාකාරීව, සෞඛ්‍යමත්ව තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කරගෙන යන ගමන් පවුලේ අය සමග විනෝදයෙන් කාලය ගත කරන අතරතුර මේවගේ මේ වගේ චිත්‍රපටයක් නරඹන්නට අවස්ථාව ලැබෙන එක ලොකු භාග්‍යයක්. වැඩිදුරටත් පවසන්නට කැමතියි රජය සහ සෞඛ්‍ය සේවා අංශයන් විසින් ලබා දෙන උපදෙස් පිළිපදිමින් මේ වසංගත තත්වය සමග ඇති වී ඇති අවදානමෙන් මිදෙන තුරු රජයට සහ අනිකුත් ආරක්ෂක අංශ ඇතුලුව සියලුම දෙනාට නිවෙස්වලම සිට ඔබගේ සහයෝගය ලබාදෙන ලෙසට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ අප සියලුදෙනාම මුලින්ම මතක් කර සිටින්න කැමතියි.

අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ බොලිවුඩ් සිනමාවේ තවත් වාණිජමය අතින් අති සාර්ථක වුනු චිත්‍රපට මාලාවක තවක් එක් දිගහැරුමක්. Baaghi කිව්වම මතක ඇතිනේ. ඇක්ෂන්-ත්‍රිලර් ගණයට අයත් වන බාගී චිත්‍රපට මාලාවෙහි පලවෙනි චිත්‍රපට දෙක තනිවම නිෂ්පාදනය කරන්නේ සජිඩ් නඩිඅද්වාලා විසින් ඔහු යටතට අයිති Nadiadwala Grandson Entertainment ආයතනයේ බැනරය යටතේ. තුන් වන චිත්‍රපටය ඔවුන් සමග සමව එක්කාසු වෙමින් Fox Star Studios ආයතනයේද සහයෝගීත්වය ඇතුව නිපදවනු ලබනවා. Baaghi චිත්‍රපට මාලාවේ පළමුවැන්න නිකුත් වන්නේ 2016 වසරේ අප්‍රේල් 29 වැනිදා Sabbir Khan ගේ අධ්‍යක්ෂණයෙන්. Baaghi චිත්‍රපට මාලාවේ දෙවැන්න නිකුත් වන්නේ ඉන් වසර දෙකකට පසු 2018 වසරේ මාර්තු 30 වැනිදින බොලිවුඩයේ අති දක්ෂ නර්ථන අධ්‍යක්ෂකවරයෙක්(Choreographer) මෙන්ම Lakeer(2004), Fool & Final (2007), Paathshaala (2010), Ek Paheli Leela (2015) වැනි ජනප්‍රිය චිත්‍රපට කීපයක්ම අධ්‍යක්ෂණය කල Ahmed Khan ගේ අධ්‍යක්ෂණයෙන්. මෙම චිත්‍රපට දෙකෙහි සාර්ථකත්වය නිසාවෙන්ම මෙම චිත්‍රපට මාලාව ඉදිරියට ගෙන යන්නට තීරණය කරනු ලබන සජිඩ් නදියද්වාලා මෙහි තුන්වන චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන බව බාගී 2 නිකුත් වීමටත් කලින්ම නිවේදනය කර සිටියා. ඒ අනුව බාගී කතා මාලාවේ තුන්වැන්න යලින් Ahmed Khan ගේ අධ්‍යක්ෂණයෙන් පහුගිය මාර්තු 06 වැනිදා ලොවපුරා රිදී තීරයන් රැසක තිරගතවීම ආරම්භ කරනු ලැබුවා. මෙම කතා මාලාවේ සාර්ථකම චිත්‍රපටය ලෙස සැලකෙන්නේ බාගී 2 චිත්‍රපටයයි. එය ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඉන්දියානු රුපියල් කෝටි 254.33ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයන්නට සමත් වුවා. කොරෝනා වෛරසය නිසා සිනමාහල් වැසි යාමත් සමග බාගී තුන්වන චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ වී සති දෙකක් යන්නටත් මත්තෙන් ප්‍රදර්ශනය යලි අතරමග නතර කරන්නට සිදු වුවා. ඒ වනවිට එය ඉන්දියානු රුපියල් කෝටි 137.57ක ආදායමක් උපයාගෙන තිබුනා. චිත්‍රපට මාලාවෙහිම ප්‍රධාන චරිතය වන රොනී යන චරිතය Heropanthi, War වැනි චිත්‍රපටවල රඟපෑ ටයිගර් ශ්රෝෆ් හොබවනු ලබන අතර චිත්‍රපට මාලාවේ සෑම චිත්‍රපටයක්ම එක් එක් චිත්‍රපටයට සම්බන්ධ නොවූ නැවුම් කතා වස්තුවකින් ඇරඹෙනවා. නමුත් චිත්‍රපට මාලාවේ චිත්‍රපට තුනම දකුණු ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට තුනක Official Remake එහෙමත් නැත්නම් නැවත නිපදවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් පළමු නිර්මාණයේ කතාව උපයෝගී කරගෙන එයට දැවැන්ත වියදමකින් යුක්තව සහ බොලිවුඩ් ඇක්ෂන් මසාලා රසය එකතු කරමින් තමයි මේ චිත්‍රපට කොටස් තුනම නිර්මාණය වී තිබෙන්නේ. ස්ටෝරිලයින් එක හැර වෙනත් කිසිදු දෙයක් මුල් චිත්‍රපටයෙන් මොවුන් උපුටා ගෙන නොමැති බව හඳුන්වන්න පුළුවන්. ඒ කිව්වේ Frame To Frame Remakes ගණයට මෙම චිත්‍රපට මාලාව අයත් වෙන් නැහැ.

1. Baaghi: A Rebel for Love (2016) vs Varsham (2004)

බාගී පළමු චිත්‍රපටයට පාදක කරගෙන තිබුනේ 2004 වර්ෂයේදී තෙලුඟු සිනමාවේ නිකුත් වූ වර්ශම් චිත්‍රපටයයි. ප්‍රබාස් සමගින් ට්‍රීෂා රංගනයේ යෙදෙන මෙම චිත්‍රපටය ටොලිවුඩ් සිනමාවේ ඉහල ආදායම් වාර්තා රැසක් පිහිටවූ චිත්‍රපටයක් වන අතර එය දින 175ක් පුරා සිනමාහල් වල ප්‍රදර්ශනය වී තිබෙනවා. 2016 වසරේදී එය සබීර් කාන් විසින් බාගී චිත්‍රපට මාලාවේ පළමුවැන්න ලෙසින් නැවත ප්‍රතිනිර්මාණය කරනු ලබනවා. ඒ ඉන්දුනීසියානු චිත්‍රපටයක් වන The Raid:Redemption චිත්‍රපටයේ සිද්ධීන් කහිපයක්ද නැවත ප්‍රතිනිර්මාණය කර මේ හා සම්බන්ධ කරමින්.

2. Baaghi 2 (2018) Vs Kshanam (2016)

බාගී දෙවන චිත්‍රපටයට පාදක කරගෙන තිබුනේ 2016 වසරේ නිකුත් වුනු IMDB 8.9/10 ක අගයකට හිමිකම් කියන Kshanam (2016) ඇක්ෂන්-ත්‍රිලර් චිත්‍රපටයයි. අඩිවි ශේෂ් සමගින් ආදාහ් ශර්මා රංගනයේ යෙදෙන මෙම චිත්‍රපටය භාෂා රැසකින් යලි නිපදවනු ලැබුවා. එමෙන්ම එය හොඳම තිරරචනයට හිමි Nandi Awards සම්මානයද දිනාගැනීමට සමත් වුවා මෙන්ම තවත් සම්මාන රැසකට නිර්දේශ වුවා.

3. Baaghi 3 (2020) Vs Vettai (2012)

බාගී තුන්වන චිත්‍රපටය ලෙසින් මෙවර ප්‍රතිනිර්මාණය වන්නේ 2012 වසරේ දමිල සිනමාවේ නිකුත් වුනු ජනප්‍රිය ක්‍රියාදාම චිත්‍රපටයක් වූ Vettai (2012) චිත්‍රපටයයි. මාධවන් සමගින් ආර්යා ප්‍රධාන චරිත නිරූපණය කරන වෙට්ටායි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ දමිල සිනමාවේ විශිෂ්ඨ අධ්‍යක්ෂකවරයෙකු වන එන්. ලින්ගුසාමි විසින්. Bheemaa (2008), Paiyaa (2010), Anjaan (2014) වැනි චිත්‍රපට ලින්ගුසාමි දමිල සිනමාවට දායාද කල විශිෂ්ඨ චිත්‍රපටි කිහිපයක්. Vettai චිත්‍රපටය 2013 වසරේදී Tadaka නමින් තෙලුඟු බසින්ද ප්‍රතිනිර්මාණය වූවා. ඒ නාග චයිතන්‍යා සමගින් සුනිල්ගේ රංගනයෙන්. මෙහිදීද මතක් කල යුතුයි බාගී කලින් චිත්‍රපට මෙන්ම, මෙහිදීද Vettai චිත්‍රපටය Frame To Frame Remake කර නොමැති අතර මෙහි ගැබ්ව ඇති අභ්‍යන්තර කතා වස්තුව අනුව ගත් විට (Content wise) බාගී 3 හා වෙට්ටායි කතාව එක හා සමාන වූවත් බාගී 3 හි තිර රචනය වෙට්ටායි චිත්‍රපටයට වඩා ක්‍රියාදාම වැඩි වශයෙන් එක් කරමින්, එයට වඩා හැඟීම්බර ගලායෑමක් සමග නිර්මාණය කොට තිබෙනවා. මං කලින් සඳහන් කරා වගේම බාගී චිත්‍රපට මාලාවේ හැම පරිච්ඡේදයක්ම ඇරඹෙන්නේ කලින් එහි පෙර කොටස් වලට සම්බන්ධ නොවූ නැවුම් කතා වස්තුවකින්. මේ විදිහට චිත්‍රපට නිර්මාණය කරද්දී ප්‍රධාන චරිත දෙක තුන හැරුණු විට අනෙක් චරිත චිත්‍රපටයෙන් චිත්‍රපටය වෙනස් වෙනවා. ඒ සඳහා යොදාගන්නා නළුනිලියන්ද ඒ චරිත අනුව වෙනස් වෙනවා.

– චිත්‍රපට 3 හිම නළු නිලි කැල සහ තාක්ෂණික ශිල්පීන් සැසඳීම –

සහෝදර ප්‍රේමය මූලික පදනම කොටගත් කතා වස්තුවක් වටා තමයි Baaghi 3 ගොඩනැගෙන්නේ. අනිත් චිත්‍රපටි පැත්තකට දාලා අපි අද මේ බලන්නට සැරසෙන බාගී 3 චිත්‍රපටය පැත්තට හැරුනොත් සහෝදර ප්‍රේමය, හිතුවක්කාර තාරුණ්‍යය, දෙමාපියන් අහිමි වූ දරුවන් දෙදෙනෙකුගේ හැඟීම්බර ජීවන ගමන වගේ Emotional Area කිහිපයක් ටච් කරන්න මෙය සමත් වනවා. රොනී සහ වික්‍රම් අයියා-මලෝ දෙපලගේ දෙමවුපියන් කුඩාකලම නැති වෙනවා. පියා පොලිස්නිලධාරියෙක්ව සේවය කරන පුද්ගලයෙක්. ඔහු රාජකාරි කටයුත්තකදී වෙඩිපහරක් වැදීම නිසා තුවාල ලබා මිය යනවා. ඉන් පසු තනිවන වික්‍රම් සහ රොනී කටුක කාලයක් ගෙවා වැඩිවියට පත් වීමෙන් පසු සමාජයේ කල් ගෙවන අතරතුර මුහුණදෙන්නට සිදුවන බිහිසුණු අද්දැකීම් කිහිපයක් කැටි කරගෙන මෙම චිත්‍රපටය තනා තිබෙනවා. හැඟීම් හා එක්වන ක්‍රියාදාමයන් සමුදායක් සමග හැඩවෙමින් නිර්මාණය වුනු මේ චිත්‍රපටය මෙතැන් සිට ඔබට බාරයි.

– බාගී 3 වෙනුවෙන් ලැබුණු විචාරක මනාපයන් –

බාගී තුන්වැන්න ගැන ඉඟි පලවෙන්නේ දෙවන චිත්‍රපට තිරගත වීමටත් ප්‍රථමයෙන්. ඒ බාගී දෙවන චිත්‍රපටයයේ පූර්ව ප්‍රචාරක වීඩියෝ පට නැරඹීමෙන් පසු සජිඩ් නදියද්වාලා මෙහි තුන්වැනි චිත්‍රපටයත් නිර්මාණය කල යුතුමයි කියා තීරණය කරීමත් සමගයි. ඒ අනුව ඔහු ඇතුළු NGE කණ්ඩායම බාගී 2 තිරගත වීමටත් මත්තෙන් බාගී 3 2020 වසරේ නිකුත් වන බව නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා. ඒ යතාර්ථයක් බවට පත් කරමින් චිත්‍රපටයේ වැඩ කටයුතු ඇරඹි අතර ටයිගර්ගේ කායවර්ධන කටයුතු සහ ක්‍රියාදාම දර්ශන සඳහා පුහුණුවීම් මුලින්ම සිදු කෙරුනා. ටයිගර් සමග ප්‍රධාන චරිතය නිරුපනය සඳහා දිශා පටානි සහ ශ්‍රද්ධා කපුර් දෙදෙනාම සලකා බැලීමකට ලක් කර අතර අවසානයේ ඒ සඳහා ශ්‍රද්ධා කපුර්ම තෝරාගනු ලැබුවා. දිශා මෙහි එන එක් ගීතයකට ආරාධිත රංගනයෙන් දායක වනවා. එමෙන්ම බාගී 3 සඳහා රිතේෂ් දේශ්මුක්ද එක්වන බව පහුගිය වසරේ ජුනි මාසයේදී නිල වශයෙන් නිවේදනය කරනු ලබනවා. ටයිගර්, රිතේෂ්, ශ්‍රද්ධාට අමතරව Ankita Lokhande , Jameel Khoury, Jaideep Ahlawat , සහ පළමු චිත්‍රපටයේ මාෂල් ආට් ගුරුවරයෙක් ලෙසද, දෙවන චිත්‍රපටයේ හමුදාවේ ප්‍රධානියෙකු ලෙසද රංගනයේ නිරත වූ Shaurya Bharadwaj මහතා ද මේ සඳහා රංගන දායකත්වය එකතු කරනවා. මීට අමතරව ජැකී ශ්රෝෆ් ආරාධිත රංගනයකින් මේ සඳහා දායක වනවා. ඔහු රිතේෂ් සහ ටයිගර්ගේ පියාගේ චරිතය මෙහිඳි නිරුපණය කරනු ලබනවා. ටයිගර්-ජැකී පිය පුතු දෙපල තිරයෙදීද පිය-පුතු ලෙසින් පළමු වරට දැකගන්නට මෙහිදී අවස්තාව උදා වීමද විශේෂත්වයක්. එමෙන්ම Disha Patani ද “Do You Love Me” ගීතය සඳහා ආරාධිත රංගනයෙන් මේ සඳහා දායක වනවා. ශ්‍රද්ධා රඟපෑ Saaho සහ Street Dancer3D චිත්‍රපට දෙකෙහි වැඩ අවසන් වූවායින් පසුව 2019 අග බාගයේදී බාගී 3 කණ්ඩායම මෙහි රූගත කිරීම් අරඹනු ලබනවා. සැප්තැම්බර් දෙවන සතියේ සිට 2020 ජනවාරි මස අවසන් වනතුරු මොරොක්කෝව, ඊජිප්තුව, සර්බියාව, තුර්කිය, සිරියාව වැනි රටවල් කිහිපයකද, ඉන්දියාවේ මුම්බායිහිදීද මෙහි රූගත කිරීම් පවතින අතර 2020 ජනවාරි 30 වන දින මෙහි රූගත කිරීම් සම්පූරණයෙන් අවසන් කරනු ලබනවා. මෙහි රූගත කිරීම් වලදී ක්‍රියාදාම දර්ශන සඳහා ටයිගර් ශ්රෝෆ් කිසිදු ආදේශකයෙකු නොමැතිව තමන් විසින්ම සියලුම ක්‍රියාදාම දර්ශනයන්හි යෙදී තිබෙන අතර මෙය VFX අවම මට්ටමෙන් නිපදවා ඇති බව අධ්‍යක්ෂක අහමද් කාන් පවසනවා. මෙම චිත්‍රපටයේදී VFX බාවිතාව 15%ක් වැනි අඩුම මට්ටමකින් නිම කර තිබෙන අතර අනෙක් 85%ම සැබෑ ලෙස ක්‍රියාදාම ඇතුළු රූගත කිරීම් සියල්ල මොවුන් සිදු කර තිබෙනවා. මෙහි ටයිගර් කේබල් එකක එල්ලී තිරස් අතට කාර් ගොඩගැසූ තැනක දුවන දර්ශණය ඔහු සැබෑ ලෙසම කර තිබෙන අතර එහිදී ඔහු තිරසට සිටීම නිසාවෙන් වන ලේ ගමනාගමනයේ වෙනස් වීම නිසාවෙන් ඔහු රෝගාතුරාව සිටි බවද සඳහන් වෙනවා.

– බාගී කණ්ඩායම රූගත කිරීම් අතරතුර –

චිත්‍රපටයේ මියුසික් ඇල්බම් එක ගත්තොත් වර්තමාන බොලිවුඩයේ දක්ෂ තරුණ සංගීතඥන් කණ්ඩායමකගේම එකතුවෙන් මෙහි මියුසික් ඇල්බම් එක නිර්මාණය කොට තිබෙනවා. Vishal–Shekhar, Tanishk Bagchi, Sachet–Parampara, Rochak Kohli and Pranaay Rijia අයගේ අතින් නිපදවුණු මෙහි ට්‍රැක් හයකින් යුතු නවීන මියුසික් එලිමන්ට් වලින් හැඩවුණු ගීත කිහිපයක් දැකගන්න පුළුවන්. වර්තමානයේ බොලිවුඩ් සංගීතයේ රැල්ලක් වී තිබෙන පරණ ක්ලැසික් ගීත නැවත නිර්මාණය කිරීමේ උණ මේ චිත්‍රපටයටත් සුපුරුදු පරිදි බෝවී තිබුනා. මින් පෙර බාගී 2 චිත්‍රපටය සඳහා Ek Do Teen අතිශය ජනප්‍රිය ගීතය නැවත නිර්මාණය කෙරුනා ඔබට මතක ඇති. එලෙසින්ම බාගී 3 චිත්‍රපටයේද ගීත කිහිපයක්ම නැවත නිර්මාණය වී තිබෙනවා දක්නට ලැබෙනවා.

1984 වසරේදී ජිතේන්ද්‍ර කපූර් රඟපෑ Tohfa චිත්‍රපටය සඳහා Bappi Lahiri නිර්මාණය කල Ek Aankh Marun To ගීතය මෙවර බාගී 3 චිත්‍රපටයේදී නැවත නිර්මාණය වී තිබෙනවා. එමෙන්ම Rène Bendali ගායනා කල Do You Love Me ගීතයද මෙහිදී නැවත නිර්මාණය කර තිබෙනවා. එහි නර්ථනය සඳහා ආරාධිත රංගනයෙන් දිශා පටානි එක්ව තිබීම විශ්ශත්වයක්. මීළඟ විශේෂම ප්‍රතිනිර්මාණය තමයි 2005 දී Dus චිත්‍රපටය වෙනුවෙන් විශාල්-ශේකර් විසින් නිර්මාණය කල Dus Bahane ගීතය බාගී 3 සඳහා නැවත ප්‍රතිනිර්මාණය කරන්නට අහමද් කාන් තීරණය කිරීම. බූෂන් කුමාර් කියන්නේ රීමේක් පිස්සෙක් කියල ඔයාල දන්නවා ඇතිනේ. හැබැයි වාසනාවට ටී-සීරීස් බූෂන් සහ අහමද් දෙන්නම Dus Bahane ගීතය නැවත ප්‍රතිනිර්මාණයට යලි බාර කරන්නේ එහි මුල් හිමිකරුවන් වන විශාල්-ශේකර් හටමයි. රීමේක් සබ්ජට් නිසා පාඩමක් ඉගනගෙන සිටි විෂාල්-ශේකර් එකපාරම මේ වැඩේට කැමති වෙන් නැහැ. මොකද ඒ දෙන්නා මින් පෙර සිදුවීමකට උසාවි පවා බඩගාලා වෙහසට පත්ව රඟේ තරම ඉගනගෙන සිටි නිසාවෙන්. නමුත් ඔවුන්ගේම ගීතය නැවත ප්‍රතිනිර්මාණය කිරීමක් නිසාවෙන් සහ බූෂන්-අහමද් දෙපලගේ දැඩි ඉල්ලීම නිසාවෙන් ඔවුන් වැඩේට අත ගහනවා. ඒ අනුව පලමු Dus Bahane ගීතය ගායනා කරන විශාල්-ශේකර්, KK, Shaan ගේ හඬින් සහ Tulsi Kumar ගේද එකතුවෙන් නිර්මාණය වන Dus Bahane 2.0 ගීතය දැවැන්ත පසුතල නිර්මාණයක් ඉදිරියේ සරාගී ශ්‍රද්ධා සහ ජවසම්පන්න ටයිගර්ගේ නර්ථනයෙන් හැඩවෙමින් යලි රිදී තිරයට පියමං කරනවා. මෙහි නර්ථන අධ්‍යක්ෂණය(Choreography) කර තිබෙන්නේ Dance India Dance තරඟාවලිය හරහා අතිශය ජනප්‍රියත්වයට පත් ප්‍රින්ස් ගුප්තා විසින්. මෙහි රූගත කිරීම්හි සමහර දර්ශන හිම මත පවා සිදුකර තිබෙනවා ඔබට දැකගන්නට හැකිවේවි. මෙහිදී විශේෂ අවධානයකින් යුතුව ශ්‍රද්ධා කපුර් පැළඳ සිටින High Heels පාවහන් දෙක දෙස ඔබ අවධානය යොමු කළහොත් ඔබට දැකගන්නට ලැබේවි එය අඟල් 6ක් පමණ උස සිහින් උල් හැඩති අඩියක් සහිත එකක් බව. එය පැළඳ ඇය හිම මත, වැලි මත, තාර සහිත ගුවන්යානා පථයක් මත නර්ථනයේ යෙදෙනවා දක්නට ලැබෙනවා. එය කොතරම් අපහසු කාර්යයක්ද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඒ වගේම එම ගීතයේ පසුබිම් නර්ථනය සඳහා පසුබිම් නර්ථන ශිල්පීන් 300ක් පමණ දෙනෙක් යොදාගෙන තිබෙනවා ඔබට දකින්නට ලැබේවි. එමෙන්ම හෙලිකොප්ටර්, ගුවන්යානා, හිම සහිත දැවැන්ත පසුතලයක් මේ ගීතය පුරාවටම ඔබට දැකගන්නට ලැබේවි.

ඉතින් එහෙනම් එසේ නිපදවුණු බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට කුලකයේ බාගී චිත්‍රපට මාලාවේ තුන් වැන්න පසුගිය මාර්තු 6 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනවා. කොරෝනා වෛරසය නිසා ඇතිවූ හදිසි තත්වය නිසාවෙන් සිනමාහල් වසා දැමීම නිසාවෙන් මෙයට ධාවනය වීමට හැකි වුයේ සති දෙකකටත් වඩා අඩු සුළු කාල සමයක් පමණි. ඒ කාලය අතරතුර ඉන්දියානු රුපියල් කෝටි 137.57ක බොක්ස් ඔෆිස් ආදායමක් බාගී 3 චිත්‍රපටය උපයන අතර නැවතත් සිනමාහල් විවෘත වූවායින් පසුව එය ප්‍රදර්ශනයට එක්කරන බවක් ප්‍රකාශයට නම් පත් වුයේ නැහැ. කෙසේ වෙතත් මේ වනවිට චිත්‍රපටය Digital platform වලට නිකුත් වී අවසන් නිසාවෙන් යලි සිනමාහල්වල ප්‍රදර්ශනය ඵලදායි කටයුත්තක් වෙතැයි සිතන්නට අමාරුයි. ඉතින් ඒ ආකාරයෙන් ඉන්දියානු සිනමාවේ සාර්ථක ක්‍රියාදාම චිත්‍රපට මාලාවක තවත් එක් පරිච්ඡේදයක් එසේ සිනමා සයුරට එක්කාසු වුවා. මෙහි මීලග චිත්‍රපටයකුත් පැමිණෙන බවට යම් යම් ඉඟි පළවුවත් තවමත් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශයට පත් කොට නැහැ. පහලින් ඔබට බලාගන්නට පුළුවන් මෙතෙක් නිකුත් වූ බාගී චිත්‍රපට මාලාවේ බොක්ස් ඔෆිස් ආදායම් විස්තරය මෙලෙසින්.

– බාගී චිත්‍රපට මාලාවේ බොක්ස් ඔෆිස් විශ්ලේෂණය ඉන්දියානු රුපියල් කෝටි: වලින් –

ඉතින් එහෙනම් සමුගන්න වෙලාව ඇවිත්. ආයෙත් මතක් කරන්න කැමතියි මේ දිනවල ඇති වී තිබෙන ව්‍යසනකාරී වසංගත තත්වය හේතුවෙන් ඔබත් මේ මොහොත වනවිට නිවාසේම රැඳී සිටින අයෙක් වෙන්න පුළුවන්. ඔය අයුරින්ම තව දින කිහිපයක් මේ තත්වය හොඳ අතට හැරෙන තුරු රජයට සහ අනිකුත් ආරක්ෂක අංශ ඇතුලුව සියලුම දෙනාට ඔබට හැකි උපරිම සහයෝගය ලබාදෙමින් නිවෙස්වලම සිට ඔබගේ සමීපතමයන් සමග කාලය ගත කරමින් ඔබගේ සහයෝගය ලබාදී ඔබත් රටත් ආරක්ෂා කරන මහඟු කාර්යයට උර දෙන ලෙස. ඔබ සුපරීක්ෂාකාරීව සිටියොත් ඔබගේ නිරෝගීබාවය රැකේවී. ඔබගේ නීරෝගීබාවය රැකුනොත් ඔබගේ පවුලේ අයගේ නීරෝගීබාවය රැකේවී. පවුලේ නිරෝගීබාවය රැකුනොත් රටේම සෞඛ්‍යමත්බව රැකේවී. ඉතින් මේ මොහොතේ ඇතිවී තිබෙන තත්වය හේතුවෙන් වගකීම් සහගතව ක්‍රියා කිරීමට සෑම විටෙකම වග බලාගන්නා මෙන් බයිස්කෝප් කණ්ඩායම වෙනුවෙන් මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

යන්නට කලින් බයිස්කෝප් අඩවියට පිවිසෙන ඔබට මේ ව්‍යසනකාරී කාල සාමය අවසන් වූවායින් පසුව වසරේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කර සිතනවා. වසර 11ක් පුරාවට බයිස්කෝප් අඩවිය එක්ක රැඳිලා ඉන්න ඔබ සියලු දෙනා වෙනුවෙන් මේ වසරේදීත් ඉදිරි සිනමාවට සහ ටෙලි කතා අවකාශයට නිකුත් වෙන්නට නියමිත නිර්මාණ සියල්ලම හැකි ඉක්මනින් ඔබ වෙත ලඟා කර දෙන්න අපේ කණ්ඩායම නොයිවසිල්ලෙන් බලාගෙන සිටිනවා. ඒ හැමදේම සාර්ථකව කරගන්න බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලය ඇතුළු උපසිරැසි කණ්ඩායමේ සැමටත් හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. වෙනදා මෙන් ලොගින් කඩුල්ල නැති නිසාවෙන් දැන් දැන් කට්ටිය හොරගෙඩියෝ වගේ සබ් එක අරගෙන යන බවක් පේනවා කිසිම අදහසක් දක්වන්නේ නැතුව. උපසිරසි බාගත කිරීමේ පහසුකම් තව තවත් ඔබට සමීප කරද්දී ඔබ අපෙන් දුරස් වෙන්නට උත්සහ කරන්න එපා. බයිස්කෝප් අඩවිය ඇරඹි දා පටන් වසර 11ක් ගතකොට අද වනතුරු අපගේ ඇඟිලි පණ ගැන්වෙන්නේ ඔබ මොහොතක් වැය කරමින් අප වෙත ඉතිරි කර යන කමෙන්ටුවේ දිරිගැන්වීම නිසාවෙන්ම පමණි. ඉතින් ඒ බැඳීම කවදාවත් නැති කරන්න එපා. දශකයටත් වඩා වැඩි කාලයක් ඔබ බයිස්කෝප් අඩවිය ගැන තැබූ විස්වාසය අප සැමදා රකින්නට බැඳී සිටිනවා. මඩ ගසන්නන් මොන දේ පැවසුවත් ලංකාවේ අංක එකේ විනෝදාත්මක වෙබ් අඩවිය බවට ඔබ අපව ඔසවා තබන්නේ වසර 11ක් පුරාවට අප කල කැපකිරීම් වල නිදසුනක් මෙන්ම වසර 11ක් පුරාවට ඔබ අප හා තැබූ විශ්වාසයේ සලකුණක් ලෙසටය. එය එලෙසින්ම ඉදිරියටත් පවතින බව නියතය. ඔබ අප වෙබ් අඩවියට ගොඩ වදින වාරයක් පාසාම, අපගේ ශ්‍රේණිගතකිරීම් ඉහල යනවාක් මෙන්ම ඈත දුෂ්කර පෙදෙසක දරුවෙකු හට වර්ෂයකට අවැසි සියලුම අධ්‍යාපනික උපකරණ, පොත්-පත්, ඇඳුම්, සපත්තු වැනි දෑ මිලට ගැනීම සඳහා සෘජුවම ලබාදෙන දායකත්වයකි. වෙබ් අඩවියේ පලවන වෙළඳ දැන්වීම් මගින් ලැබෙන මුදල් සියල්ලම වෙබ් අඩවියේ වියදම් වෙනුවෙන් වැයකල පසු ඉතිරි මුදල් සියල්ලම, සතයකදු නෑර වැය-වන්නේ ඒ වෙනුවෙන් බව ඔබ දැනටමත් දැනුවත් ඇතැයි අපි සිතනවා. ඒ පිළිබඳව බයිස්කෝප් වෙබ් අඩවියේ විශේෂ දැනුවත් කිරීමේ සඳහනක් දකුණු පස තීරුවේ අප විසින් පලකරල තියෙනවා. ඉතින් මේ හැමදෙයකම අත්තිවාරම සහෘද ඔබයි. අපව ලංකාවේ අංක එකට ඔසවා තැබූ ඔබට අවසාන වශයෙන් නැවතත් කෘතඥතාවය පිරිනමන ගමන් මං එහෙනම් හෙමිහිට විසි වෙනවා.. ඔබ සැමට ජයෙන් ජය…!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි True HDRip පිටපත් සඳහා අදාළ වේ.

72,155 downloadsDownload Baaghi-3-2020.zip76 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

72,155 downloadsDownload Subtitles76 KB

154 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo

  2. Kawi Jayasinghe

    Tnx mchooo

    1. Kalpa rashmika

      Elh

  3. Anonymous

    එලම බන්. තෑන්ක්ස්. හිතුවටත් වැඩිය කලින්❤️❤️❤️

  4. නලින් පෙරේරා

    හම්මෝ, තාරකයා... බොලිවුඩ් පංතියකට ගියා වගේ ලිපියක් නේ දාලා තියෙන්නේ. පට්ට ඈ!
    නියමයි. ජයවේවා

  5. Anonymous

    මරු මරු. මේක එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ.
    ස්තූතියි තාරක සබට.

    4 එන්න කලින් වලකජ්ජ ගහන්න තිබ්බොත් ඇති

  6. සම්පත්

    maru sahodaraya.ela ela.film eka awilla wwedi welawak yanna kalin dunnata sub eka.jaya

  7. Pasindu Madumal

    අම්බෝ...කාටත් කලියෙන්...එලම තාරක අයියා...සබට තෑන්ස්ක්...ඔන්න ගත්තා..!

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...උපසිරසටත් වඩා මේ ලිපියට පිං...අපේ එවුන් හිතන් ඉන්නෙ මේවා මේ හෙන ලේසියෙන් කරන දේවල් කියලා. මල් ගස් වටේ දුවනවා දැකලා දැකලා හැමදේම බලන්නේ ඒ කෝණෙන්..මේ විස්තර මෙහෙම හරි කියපු එක ලොකු දෙයක්. මේ ෆිල්ම් වල අවුල් තියේ..ප්ලොට් හෝල්ස් තියේ...ඒත් පට්ට මහන්සියක් වෙලා කරන නිර්මාණ. ඒක නිසා කොහෙත්ම බනින්න අයිතියක් නෑ අපිට. බාගි පළවෙනිම එක තමා තාමත් ඔලුවේ තියෙන්නේ. මේකත් බැලුවා...අන්තිමේට හෝල් එකක බලපු ෆිල්ම් එක. ආයේ කවදා හෝල් එකක ෆිල්ම් එකක් බලන්න වෙයිද කියලා දන්නෙත් නෑනේ...

  9. malithmadhushan45

    අම්මෝ උදේමා මාර සතුටක්. ස්තුතියි තාරක සහෝ සබ් එකට. කලින්ම දීලා නියමයි

  10. Achi

    බොහොම ස්තුතියි..ඩා..සබ් එකට...ආදරෙයි

  11. බිනුක විතානගේ

    හොදයි ජය වේවා ඔයාට

  12. Darshana sampath sandaruwan

    උපසිරසට බොහොම ස්තූතියි...

    1. Thisara

      Thanks

  13. Chandima Prasad

    thankz meke sub dunnata..supiri...

  14. Shaggie

    බොහොම ස්තූතියි සහෝ

  15. Hemantha De Silva

    ස්තුතියි තාරක....
    ජයවේවා...

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. Anonymous

      ❤❤❤❤

  17. kolitha

    Thanx bro

  18. Suranjan

    Thanks.....jayawewa.....!

    1. Anonymous

      බොහෝම ස්තූතියි

  19. kasunb

    Thanx bro...

  20. Anonymous

    Thanxs saho

  21. Nuwan Chamara

    Good luck saho thankx බයිස්කෝප් අඩවිය දිගුකල් රැඳෙවා

  22. Dil

    Godak pin machan

    1. Anonymous

      Nice

  23. Tharusha Dihara

    Thanks bro! Well done.

  24. gihan perera

    පට්ට මචන්.... දෙනකන් බලන් හිටපු ෆිලුමක් මේ..... හැඳින්වීම ක් සුපිරි.... ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.... දෙවි පිහිටයි...ජය වේවා.....

    1. Dileepa

      Woow

  25. Anonymous

    Thanks sahoo maga balagana hitiye

  26. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  27. klj

    godak thanks bro.

  28. santhusha319

    thanks boccaa

  29. Anonymous

    Thank you

  30. Udaya Tharanga

    thank you

  31. Nilush Angana

    Sub ekata thanx

  32. චාරුක ලක්ශිත

    ලිපිය කියවන්නම ගියා ලොකු වෙලාවක්..
    මෙහෙම තමයි ලිපියක් ලියන්න ඔන....
    ලිපියට වගෙම සබ් එකටත් සුභ පැතුම්....

  33. sanjaya31055

    Sthuthi sub ekata.. oyala nisai api sub ekka threna widiyata movies rasa widinne.. thnkzz bros.. jaya wewa..!!

  34. Eranga Sandaruwan

    ඉයේ රැ 12 වැටිලා තියෙද්දීම ඩවුන්ලෝඩ් කලා.
    සබ් එකට මැච් වෙන් නැති වෙයිද කියලා බයේ හිටියේ.

    හහ් හා.
    මැච් වෙනවා කියාන්කෝ..

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

    1. CharithRandika89

      True HDRip sub ekata Proper HDRip video ekak match weida bro?

    2. Lahiru

      Bro..download link plz

  35. TharakaWAS

    Thanks saho..
    oyla okkatma jayen jayama wewa...!!!

    1. Lahiru

      Good

  36. Pradeep Hashan Kumara

    sub ekata thank you

    1. Anonymous

      Thnx bokka

  37. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  38. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)

  39. Tharindu mendis

    Superp

  40. Bobby

    Thank you very much

  41. විමා

    මම ආසම ෆ්රැන්චයිස් එක මේක :)
    බාගී තමා මගේ ලෝකේ වීරයා
    ආයේ මේ විදියේ ෆිල්ම් සිරිස් එකක් එන්නෙත් නැහැ
    මිට කලින් ඇවිල්ලත් නැහැ
    නෝලන්, කැමරන් වගේ අය මේවා බලල ඉගෙනගන්න ඕන
    සබ එකට බොහොම ස්තුතියි
    මේකේ 4 වෙනි එක කවද්ද දෙන්නේ ?

    1. තාරක නුවන් දිල්හාර

      ඉක්මණට දෙනවා සහෝ..
      දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.
      ආදරෙයි. :D

    2. Knighthood Mayor

      කවුද බ්‍රෝ මේ?
      බොසා ඔය ෆිල්ම් 3 ම වෙන ෆිල්ම් වල කොපි කන්ටෙන්ට් ඒවා. ගොඩක් සීන් ඉන්ග්ලිශ් ෆිල්ම් වලිං ගත්ත ඒවා.

    3. Lahiru

      L

  42. mithnil1986

    Thanks for the Sub...
    Excellent piece of work
    Thanks again!

  43. sampath n perera

    thanks ..... jayawewa

  44. Themiya

    Thanks bro

  45. R_deshan

    මේකෙන් නම් baaghi ෆිල්ම් සීරීස් එක ටිකක් කැවිල.IMDB rating අඩුවෙන එක සාධාරණයි.baaghi ෆිල්ම් ටික හොඳම එකේ ඉඳල පෙළගැස්සුවොත් part 1>part 2>part 3 විදියට තමා තියන්න වෙන්නෙ.එන්න එන්නම සවුත්තුයි.aniway සහෝ මහන්සි වෙලා ෆිල්ම් 3ම උපසිරැසි ගැන්නුවට නම් බොහොම පිං.අනික ෆිල්ම් 3න් ම ලියපු පට්ටම ලිපිය තියෙන්නෙත් මේකෙ.වෙච්ච මහන්සියට ආචාර!!!හැබැයි data පරිස්සම් කරන් ෆිල්ම් බාන්න වෙලා තියන මේ කාලෙ මේක බාන්න වැයකරපු data ටික ගැන නම් කණගාටුයි.

    1. Dark

      True

    2. PSNlink

      Ow jarawak

    3. Sashidu Perera

      Ou bn me film eka nam jarawak

    4. Anonymous

      Sirawata ban mona gobba acting da bn me

    5. lucifer

      matath ehema hituna bn.. loku sinama karmanthayak unata api ekata irisiya karanna ona... ape film walata gahanna puluwanda bn mewata... gobba acting kiyanne un loke lokuma tharu wela inne ekane... ape gawa tiyena hakiyawa un gawa na.dan balapan parakayanna ba assan ganna enawa..ane nikan palayan mahaturu yanna

  46. tharidu16

    thanks

  47. Anonymous

    patta

    1. Anonymous

      Thanks saho sub ekata

  48. Geeth

    Thanks for sub

  49. Isirajanith

    සබ් එකට තැන්ක්ස් sooryavanshi release karalada thx

  50. Mike Leroy

    සබ් එකට තැන්ක්ස් sooryavanshi release karalada thx

Load more comments