ඔන්න එහෙමනම් වැඩි දවසක් යන්න කලින් ආයෙම උපසිරැසියක් අරන් එන්න පුළුවන්කම ලැබුනා. හොදයි එහෙමනම් කෙටියෙන් වගේ බලලා ඉමුකො මොකක්ද මේ චිත්‍රපටිය කියලා. A Witness Out of the Blue කියන මේ සිනමාපටය 2019 වර්ෂයේ තිරගත වෙච්ච හොංකොන් සිනමාපටයක්. මේ වන විට IMDB දර්ශකයේ 6.0ක අගයක් ලබාගන්නටත් මෙය සමත්වෙලා තියෙනවා.…

ඔන්න එහෙමනම් වැඩි දවසක් යන්න කලින් ආයෙම උපසිරැසියක් අරන් එන්න පුළුවන්කම ලැබුනා. හොදයි එහෙමනම් කෙටියෙන් වගේ බලලා ඉමුකො මොකක්ද මේ චිත්‍රපටිය කියලා.
A Witness Out of the Blue කියන මේ සිනමාපටය 2019 වර්ෂයේ තිරගත වෙච්ච හොංකොන් සිනමාපටයක්. මේ වන විට IMDB දර්ශකයේ 6.0ක අගයක් ලබාගන්නටත් මෙය සමත්වෙලා තියෙනවා. CRIME, THRILLER කියන කැටගරිවලට අයත් මේ සිනමාපටයේ ප්‍රධාන චරිත රග දක්වන්නෙ Louis koo, Jessica Hsuan, Louis Cheng,Patrick tam වැනි නළුනිළියන්. ඉතින් මේ සිනමාපටයේ කතාව වෙන්නෙ ඝාතන පෙළක්.
කතාවේ ප්‍රධාන චරිතයක් වෙන ෂෝන් වොන්ග් සහ කල්ලිය විසින් ආභරණ සාප්පුවක් කොල්ල කාලා පොලිසියෙන් සැගවී ඉන්න පිරිසක්. නමුත් මාස කීපයකට පස්සෙ එක්වරම මේ අයගෙන් කෙනෙක්ව ඝාතනය වෙනවා. ඉතින් පොලිසිය සැක හිතන්නෙ කල්ලියේ නායකයා වෙච්ච ෂෝන් වොන්ග් ආභරණ බෙදාගැනීමේදි ඇති වෙච්ච ආරවුලක් මත තම කල්ලියේ සාමාජිකයෙක්ව ඝාතනය කළා කියලා. නමුත් ඇත්තටම වෙලා තියෙන්නෙ, වෙනත් පුද්ගලයෙක් ඔහුව ඝාතනය කොට ආභරණ ටික සොරකම් කිරීමක්.
පොලිස් විමර්ශන කණ්ඩායමේ ඉන්න නිළධාරි ලෑම් මේක දිහා බලන්නේ වෙනත් කෝණයකින්. ඔහු ෂෝන්ව සැක කරනවා වෙනුවට ෂෝන්ගෙ කල්ලිය අතින් විපතට පත්වෙච්ච අයව තමා සැක කරන්නෙ. ඒ වගේම ෂෝන්ගෙන් පලිගන්න අවශ්‍යතාවයක් තියෙන අයව. ඒකට තමාගේ ඉහළ නිළධාරියා පවා අදාළ වෙනවා. ඉතින් ෂෝන්ගෙ කල්ලියත් ප්‍රධාන ලෙසම සැක කරන්නෙ ලෑම් සැක කරන පිරිස් ගැනම තමයි. විශේෂයෙන්ම ලෑම්ගෙ ඉහළ නිළධාරියා ගැන.
ඉතින් දෙගොල්ලම හොරා පොලිස් සෙල්ලමක නිරත වෙනවා කවුද මේ ඇත්තම මිනීමරුවා කියලා හොයාගන්න. එහෙනම් ඉතින් මිනීමරුවා කවරෙක් වෙන්නට ඇත්දැයි ඔබටම බලා දැනගන්න ආරාධනා කරමින් මා සමුගන්නවා. යළි හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
2,676 downloadsDownload A.Witness.Out_.of_.the_.Blue_.2019.Baiscopelk.com_.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
14 comments
හසිත මධුෂාන්
Isirajanith
සබ් එකට ස්තූතියි pluwanman panther Hindustan Meri Jaan 2019 sub dennko please
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Udara Damith Dissanayaka
එල
isuru srinath sjs
මරූ . බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Sajithlakshan
thanks ......................
VIRADAKA KAVIKARA
sthuthi sahoo
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!Dewadithya
Thanks for sub!
Udaya Fdo
Thank you
indika75
thanks..
Advertisement
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!