ඔන්න යාළුවනේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තවත් උපසිරැසියක් ගෙනාවා. මාර්වල් විශ්වයේ රසිකයෙක් වශයෙන් මාර්වල් සිනමා විශ්වයේ චිත්‍රපටයක උපසිරැසි නිර්මාණය කරන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඒ නිසාම Marvel Comic වල ජනප්‍රියම චරිත එකතු කර නිර්මාණය කල Animation කාණ්ඩයට අයත් Avengers සිනමා පට පෙලේ දෙවෙනි දිගහැරුමයි මේ…

ඔන්න යාළුවනේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තවත් උපසිරැසියක් ගෙනාවා. මාර්වල් විශ්වයේ රසිකයෙක් වශයෙන් මාර්වල් සිනමා විශ්වයේ චිත්‍රපටයක උපසිරැසි නිර්මාණය කරන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඒ නිසාම Marvel Comic වල ජනප්‍රියම චරිත එකතු කර නිර්මාණය කල Animation කාණ්ඩයට අයත් Avengers සිනමා පට පෙලේ දෙවෙනි දිගහැරුමයි මේ පාර ගෙනාවේ. චිත්‍රපටය උපසිරැසි ගැන්වීම සදහා මට අවසර දුන්න අපේ තිසර නියෝ සහෝට ස්තූතිවන්ත වෙනවා. 2006 දී Ultimate Avengers II ලෙස නිකුත් වූ මෙම සිනමාපටයේ පළමු කොටස Ultimate Avengers (2006) බලපු නැති අයට අපේ වෙබ් අඩවියෙන් උපසිරැසි ලබා ගන්න පුලුවන්. මෙම සිත්තම 6.6ක් වැනි IMDb අගයක් ලබා සමත් වෙලා තියෙනවා. Fantacy/Adventure යන කාණ්ඩ වලට තමයි මේක වර්ගීකරණය කරලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Will Mengnoit හා Dick Sebast නම් අධ්‍යක්ෂවරුයි.
පලමු චිත්‍රපටය අවසන් උනාට පස්සේ වෙන සිදූවීම් මාලාවක් තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. පලවෙනි එක බලපු අයට මතක ඇති චිටාවුරි හමුදාවක් පෘතුවිය ආක්‍රමණය කරන්න උත්සහ කරද්දි ජෙනරල් නික් ෆියුරි ඇවෙන්ජර්ස් ව්‍යාපෘතිය ආරම්භ කරලා අපේ වීරයෝ ටෝනි ස්ටාක් (අයන් මෑන්), ස්ටීව් රොජර්ස් (කැප්ටන් ඇමරිකා) , බෘස් බැනර් (හල්ක්), නටාලියා රොමනොෆ් (බ්ලැක් විඩෝ) , හෑන්ක් පිම් (ජයන්ට් මෑන්/ඈන්ට් මෑන්), ජැනට් පිම් (වාස්ප්) ඒ වගේම තෝර් එක්ක කට්ටිය එකතු වෙලා ඒ ආක්‍රමණයෙන් ලෝකය බේරගෙන පෘථිවියේ ඉන්න බලවත්ම වීරයෝ එයාලා බව හැමෝටම ඔප්පු කරලා පෙන්නුවා. දැන් අපේ වීරයෝ විසිරිලා ගිහිල්ලා, කැප්ටන් ඇමරිකා, බ්ලැක් විඩෝ එක්ක හමුදා මෙහෙයුම්වලට සහභාගි උනාට එයාට ඕන තනියම වැඩ කරන්න, ටෝනිත් එයාගේ සමාගමේ වැඩ කටයුතු වල, තෝර් ආගිය අතක් නෑ. හෑන්ක් සහ ජැනට් ආපහු පිම් සමාගමේ අත්හදාබැලීම් කරනවා, එතකොට බෘස්, කලින් ෆිල්ම් එක බලපු අය දන්නවා චිටාවුරිලව පැරද්දුවට පස්සේ ඊළගට හල්ක්ව නවත්තන්න කට්ටිය දුන්න ගේම. හැමෝටම හල්ක් දුවන්න දුන්නනේ. තෝර්ගේ ස්ටෝම් බ්‍රේකර් එකත් උස්සන්න හල්ක්ට පුලුවන් උනා. අන්තිමට බෙටීගේ පිහිටෙන් යාන්තම් හල්ක්ව මෙල්ල කරගත්තා. ඉතින් බෘස් දැන් ඉන්නෙ හිර කරලා. පරිවාස භාරයක වගේ තමයි ඉන්නෙ. ඉතිං මේ චිටාවුරි තර්ජනය ඇත්තටම අවසන් උනාද ? මේ පිටිපස්සේ ඇත්තටම ඉන්නේ කවුද ? ඇවෙන්ජර්ස්ලට එකතු වෙන අලුත්ම සාමාජිකයා කවුද ? මේ පාර මොන වගේ තර්ජනයක් එයිද ?
ඒ ගැන දැන ගන්න මේක ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා. කොමික් වලට ආස අයනම් මේ ෆිල්ම් එක අත අරින්න එපා. ඇවෙන්ජර්ස් සජීවි චිත්‍රපටයේ දර්ශනවලට සමාන කොටස් ඔයාලට මෙක බලද්දි දකින්න ලැබෙයි. ඒ වගේම අප් අතරින් වියෝ වූ කොමික් රජු ස්ටෑන් ලී මහතාවත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් ඔයාලත් ෆිල්ම් එක බලන්න.
හැමදාම කියනවා වගේ ඔයාලගේ අදහස්/උදහස් පුංචි කොමෙන්ටුවකින් දාන්න. එතකොට ආයෙත් මේ වගේ උපසිරැසියක් කරන්න ධෛර්යය ලැබෙනවා.
එහෙනම් ආයෙත් හමුවෙනතුරු ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,244 downloadsDownload Ultimate-Avengers-II-2006.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
19 comments
Kantha_DLA
Amalka Himeshan
තැන්ක්ස් මචන්
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සිංහල උපසිරසියට.. :)
ජය වේවා.!Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක්ක ආයේ බලන්න පුළුවන්....
Marvel ඒවාට සබ් දෙමු දිගටම....Ishan Madusha
ස්තූතියි සහෝ
තිසර නියෝ
උපසිරසියට තුති
shashika chamath@@@@
උපසිරැසියට ස්තූතී !!!!!
Sandeepmadushan
Thanx saho.. good luck
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවිනු වීරක්කොඩි
Thnkq Yuran Aiye!>/b>
Udara Damith Dissanayaka
ela
AsithaDilruwan
ela saho thanks
podda
thanks saho
ravidu ishan
Tnx mchn sub ekata!! මේවගේ දේවල් තවතවත් කරංයන්න ශක්තිය ධෛර්ය ලැබේවා !!! ජය!
Nadeesha rox alahakoon
Tnx bro subt
rockz2020
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Hellboy Animated: Sword of Storms (2006)
Hellboy Animated: Blood and Iron (2007)සේනිදු පූර්ණ
බොහොම හොඳට උපසිරසිය හදල තියනව. එයාට පුළුවන් ද? ටයිටැනික් කතාවට උපසිරසි එකක් හදන්න
Anonymous
good woorkkk
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!