Watch Trailer

Urge (2016) with Sinhala Subtitles | කාම දුමාරය [සිංහල උපසිරසි සමඟ]

එකම මාසයක් ඇතුළත ඔයාලට අරං එන තුන්වෙනි උපසිරැසිය. මට නිකං දැනෙන්නේ හැට්රික් එකක් ගත්තා වගේ. ඒ තරම්ම සන්තෝසයි. මේ උපසිරැසියත් එක්ක මං ඔයාලට ගෙනාපු මුළු උපසිරැසි ගණන 6 ක් වෙනවා. “රජයේ අවවාදය: දුම්බීම පිළිකා ඇති කරයි” කියන කතාව සිගරට් බොන නොබොන හැමෝම වගේ දන්නවනේ. සිගරට් බොන අයට නම් ඒක අදාළ නෑ නේද? මොන…

Urge (2016)

එකම මාසයක් ඇතුළත ඔයාලට අරං එන තුන්වෙනි උපසිරැසිය. මට නිකං දැනෙන්නේ හැට්රික් එකක් ගත්තා වගේ. ඒ තරම්ම සන්තෝසයි. මේ උපසිරැසියත් එක්ක මං ඔයාලට ගෙනාපු මුළු උපසිරැසි ගණන 6 ක් වෙනවා.

“රජයේ අවවාදය: දුම්බීම පිළිකා ඇති කරයි” කියන කතාව සිගරට් බොන නොබොන හැමෝම වගේ දන්නවනේ. සිගරට් බොන අයට නම් ඒක අදාළ නෑ නේද? මොනා උනත් අවවාද කරලම නරක දෙයක් කරන්න ඉඩ දෙන එක කෝකටත් හොඳයි. එතකොට මොළේ තියන අය ඒකෙන් මිදෙනවනේ. දැන් මං මොකටද සිගරට් ගැන කතා කරන්නේ? මේ චිත්‍රපටයට සිගරට් අදාළ නෑනේ. ඔව් ඒක නම් එහෙම තමයි. ඒත් මේ කතාවෙන් කියන්නෙත් දුමක් ගැන. දුමේ නම තමා “කාම දුමාරය”. ඒකෙන් පිළිකා නම් ඇති කරන්නේ නෑ. ඒත් ඒක මිනිස්සුන්ගේ කාමය අවුස්සනවා. කොටින්ම ඒක මිනිස්සුන්ගේ හැංගිච්ච කාමුක අදහස් එළියට ගන්න මත්ද්‍රව්‍යයක්. ඒක බොන අයගේ කාමය අවිස්සෙනවා විතරක් නෙමෙයි ඕනවට වඩා ගන්න අය තිරිසන්නු වගේ හැසිරෙන්නත් පටන් ගන්නවා.

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. නීල් (Danny Masterson) කියන්නේ ජීවිතේ සරලව ගත කරන්න උත්සහ කරන සල්ලිකාර කෙනෙක්. එයාට ඕන වෙනවා එයාගෙ සහයිකාව වන තෙරේසායි (Ashley Greene) තව යාළුවො කට්ටියකුයි එක්ක ඊස්ට්මන් දූපතට සති අන්තයක් ගත කරන්න යන්න. සරලවම කියනවා නම් ජීවිතේ ආතල්ම සති අන්තය ගත කරන්න. මේ දූපතේ තියන ක්ලබ් එකක එහෙමත් නැත්නම් රාත්‍රී සමාජ ශාලාවක තමයි මම අර කලින් කියපු කාම දුමාරය මිනිස්සුන්ට බොන්න දෙන්නේ. මේ මත්ද්‍රව්‍යය පිටිපස්සේ ඉන්නේ අපි කවුරුත් දන්න Die Another Day (2002) චිත්‍රපටයේ ජේම්ස් බොන්ඩ් චරිතයට පණ දුන්න Pierce Brosnan. මේ කතාවෙ නම් එයාගෙ නම ඩේමන්. සිගරට් වලට අවවාද දෙනවා වගේ මේ ක්ලබ් එකට එන අයට දෙන අවවාදය තමා මේ කාම දුමාරය ජීවිතේට එක පාරක් විතරක් ගහන්න කියන එක. ඒත් ඉතිං දුම ගහපු කට්ටියගෙ මෝල කර උනාම ඒගොල්ලො දිගින් දිගටම කාම දුම ගහන එක ආයෙ අහන්නත් දෙයක්ද නේද? ඉතිං නීල් ටයි එයාගෙ යාළුවන්ටයි වෙන්නෙත් මේ ආනිශංසයම තමා. ඉන්න තැනක්, කරන කියන දෙයක් නොතේරෙන කට්ටිය සත්තු වගේ හැසිරෙනවා. අන්තිමේදී කාමය නතර වෙන්නේ මිනී මැරීම් සහ පළිගැනීම් වලින්. ඇත්තෙන්ම යාළුවො යාළුවොත් මරා ගන්නවා.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Aaron Kaufman. මේකෙ IMDb අගය 4.3ක් වෙනවා. Lionsgate සමාගම නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය ඇත්තටම වැඩිහිටියන්ට ගොඩක් සුදුසු චිත්‍රපටයක්. ඉතිං මගේ අවවාදය නම් මේක වැඩිහිටියන්ට පමණයි කියන එක. පොඩිහිටියෝ බලන්න ගිහින් ගෙවල් වලින් ගුටි නම් කන්න එපා ඔන්න. කතාව කාමය පැත්තට ගොඩක් බර උනත් මේකෙන් ලොකු පාඩමක් ජීවිතේට ගන්න පුළුවන්. ඒ තමයි නරක දේවල් වලට ඇබ්බැහි වෙලා ජීවිතේ නාස්ති කරගන්න එපා කියන එක.

කතාවෙන් පිට දෙයක් කණගාටුවෙන් උනත් කියන්න වෙනවා. මගේ පස්වෙනි උපසිරැසියට කෙනෙක් කමෙන්ට් එකක් දාල තිබ්බ මං උපසිරැසි හදන්න දන්නේ නෑ, ඒ වගේම මං බයිස්කෝප් වෙබ්අඩවිය විනාශ කරනවා කියලා. ඒක දැක්කම නම් මට ගොඩක් දුක හිතුණා. මම මේ ගැන ඇඩ්මින් එකේ කෙනෙක්ටත් කිව්වා. ඇත්තටම මං දෙයක් කියන්න ඕන. මං විතරක් නෙමෙයි මේ වෙබ්අඩවියට උපසිරැසි දෙන හැමෝම ඒ දේ කරන්නේ අනිත් අය වෙනුවෙන් තමන්ගෙ කාලය, මහන්සිය සල්ලි බලාපොරොත්තු නොවී කැප කරලා. මං වැඩ ඇරිලා ඇවිත් රෑ නිදි මරාගෙන මේවා හදන්නේ ඒකෙන් අනිත් මිනිස්සුන්ට සතුටක් ගේන්න. එත් අර වගේ බාල කමෙන්ට් දැක්කම හිතෙනවා ඇයි මේව මහන්සි වෙලා හදන්නේ කියලා. මොනා උනත් මං නම් ඕව වැඩිය ඔලුවට ගන්නේ නෑ. මං මේ දේ කිව්වේ අපි අවංකව මහන්සි වෙලා නොමිලේ කරන දේවල් ඒ වගේ බාල කතා කියල අවතක්සේරු කරන්න එපා කියල කියන්නයි. මං දන්නවා එහෙම අය ඉන්නේ ටික දෙනයි කියලා. හුඟ දෙනෙක්ගෙ කමෙන්ට්ස් දැක්කම මට ගොඩක් ලොකු සතුටක් දැනෙනවා. එයාල වෙනුවෙන් මං උපසිරැසි දිගටම හදනවා.

අහ්හ්.. පුංචි දෙයක්. මේ චිත්‍රපටය ඉවර වෙලා නම් ගියාට පස්සෙත් පොඩි සීන් එකක් තියනවා. ඒකත් මතක් කරල බලන්න.

හැමෝටම ජය වේවා!

 

 

 

 

Urge (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Urge.2016.HDRip.XviD.AC3-EVO

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,628 downloadsDownload Urge-2016.Baiscopelk.com_.rar39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

3,628 downloadsDownload Subtitles39 KB

36 comments

  1. DILA™

    than sahooo....

    1. නිලන්ත

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

    2. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. Dinesh silva

    lollo kaagahuwata deiyo kalabala nahane ban uba gananganna epa

    1. චාමිකර

      එල මචං :)

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  4. Krishan NiShalya

    meka balala awulak weyida mnda
    balanda ooni age ekath dammanam thama hoda...
    .
    .
    .
    මොන ජාතියේ movie එකක් උනත්
    ඒකට Sub දුන්න එකට බොහොම ස්තුතියි ,,,....
    දිගටම කරගෙන යන්න.

  5. Givantha Arshakulrathne

    Thank you bro...

  6. saman

    ballo biruwata kadu pahath wene naha uba wade digatama karahan bn

    1. චාමිකර

      එල මචං. ස්තූතියි

  7. Niro

    thnx macho...eka ballek biruwata umbata support ekata kollo kello dahas ganak innawa ....good luck bro

    1. චාමිකර

      ස්තූතියි සහෝ

  8. me

    Thanks

  9. Sohan Cena

    hoda deyak karaddi eka balan inna bari mihrak ekatata tappulanna balan innawa bun..namut balla biruwata kandak patwennane..uba ube gamana yaman...

    1. චාමිකර

      ස්තූතියි ලොක්කා

  10. Dulanga

    Thanks

  11. Ashok

    Tnx mcn sub ekata. Digatama karagana yanna .

  12. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Rajitha

    Thank you machan.........jayawewa,,,,,!

  14. Dhanu

    අම්මෝ ඇති යන්තම් ඉංග්‍රීසි එකකට සබ් දීල බොහොම ස්තුතියි පහුගිය දවස් වල එපා වෙලා හිටියේ නිකන් ඉන්දියාවට ගියා වගේ බන් හින්දි , දෙමල විතරයි තිබුනේ….

  15. hashan

    digatama karagena palayan all the best.

  16. Sajith Anthony

    එක්කෙනෙක් ඔහොම කිව්ව කියල අවුල් ගන්න එපා සහෝ, කීදෙනෙක් ආසාවෙන් ඔයා දෙන සබ් එක්ක ෆිල්ම් එක බලනවද.
    උපසිරැසියට බොහෝම ස්තුයියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!!

  17. Manura Sathsarindu

    THNX SAHO SUB EKATA...

  18. Chinthaka Silva

    Thank u yaluu

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. isuru

    thanks machan

  21. Akalanka

    Salenna epa..........
    Thnx........

  22. Geeth

    බල්ලො බුරනවා බන් එවට සැලෙන්න එපා bor....
    Uba ube පඩුවෙ wadatika karan yanna.mokawath බැරී උන් තමයි බුරන්නෙ....
    Sub ekata tnxx
    ජයවේවා ..

  23. venuka

    thankx sub ekata
    machooo

    and
    eke ekkena kiyana katha walata duk wenna epa.machan
    kiyana kena mona kiwwath oya oyage wade hariyata karanna ekai wenna one.kagewath katha walata duk wena eka maha terumak nathi wadak
    obata jaya

    1. චාමිකර

      ඇත්ත සහෝ

  24. shamma

    එළ එළ

  25. Isuru Ishara Sankalpa

    tanks bro

  26. chandana sudasingha

    good work.. Thank you

  27. r.s samantha

    ela ela macho...
    thank you...!
    jaya wewa...!!!

  28. Zoysa

    sub 1ta tnx bro

  29. malith

    Ela ela