තවත් තෙලුගු චිත්‍රපටයක් අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. 2018 සැප්තැම්බර් 07 තිරගත කිරීම ආරම්භ කළ මේ චිත්‍රපටය අයිති වෙන්නේ Drama කාණ්ඩයට. තම පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය ලෙසින් මේ චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් හා තිර පිටපත් රචනයෙන් දායකත්වය දක්වා තිබෙන්නේ Maha Venkatesh විසින්. නිෂ්පාදනයෙන් Praveena Paruchuri දා…
තවත් තෙලුගු චිත්‍රපටයක් අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. 2018 සැප්තැම්බර් 07 තිරගත කිරීම ආරම්භ කළ මේ චිත්‍රපටය අයිති වෙන්නේ Drama කාණ්ඩයට. තම පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය ලෙසින් මේ චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් හා තිර පිටපත් රචනයෙන් දායකත්වය දක්වා තිබෙන්නේ Maha Venkatesh විසින්. නිෂ්පාදනයෙන් Praveena Paruchuri දායක වී තිබෙනවා. සංගීතය සපයා තිබෙන්නේ Sweekar Agasthi විසින්. මේ වන විට IMDb දර්ශකයේ 9.3 ක් වැනි ඉහළම අගයක් ලබාගෙන වැඩිම IMDb ශ්‍රේණිගත කිරීමක් ලද තෙලුගු චිත්‍රපට ලැයිස්තුවේ 27 වන ස්ථානයේ රැඳී සිටිනවා.
සුපුරුදු ඇක්ෂන්, සුපුරුදු කතාවක්, ප්‍රසිද්ධ නළු නිළියෝ බලාපොරොත්තු වෙන අයට නම් මේක හරි යන්නේ නෑ. හොඳ චිත්‍රපට රසවින්දනයක් තියන අයට තමයි මේක හරි යන්නේ. මලයාලම් චිත්‍රපට බලලා හුරු කෙනෙක්ට නම් මේක කියාපු භාණ්ඩයක්. විශේෂම කාරණය කියන්නේ Maha Venkatesh එහෙමත් නැත්නම් අධ්‍යක්ෂකවරයා ඇත්තටම තමන්ගේ ජීවිතයේදි පොඩි පොඩි රස්සාවල් කර කර ඉන්න කාලේ නැවතිලා හිටිය ගමක් තමයි Kancharapalem කියන්නේ. අධ්‍යක්ෂකවරයෙක් වුනාට පස්සේ මෙයාට හිතිලා තියෙනවා මේ ගමට ගිහින් චිත්‍රපටයක් කරන්න. තවත් විශේෂම කාරණයක් තමයි මේකේ චරිත සඳහා යොදා ගෙන තියෙන්නේ ඒ ගමේ එදිනෙදා වැඩ කටයුතු කරන සාමාන්‍ය මිනිස්සුන්වමයි. ඊට අමතරව සලීමා කියන ප්‍රධාන චරිතයක් සඳහා මේ චිත්‍රපටය නිෂ්පාදනයෙන් දායක වූ Praveena Paruchuri සහභාගීවී තිබෙනවා. ඒ වගේම මෑතක පැවති Zee Telugu CineAwards 2018 සම්මාණ උළෙලේ හොඳම චිත්‍රපටය (විචාරක) සම්මාණය හිමි වුනා. ඉදිරි සම්මාණ උළෙලවල් වලදිත් ඇගයීමට පාත්‍රවෙයි කියලත් හිතන්න පුලුවන්.
කතාව ගැන බැලුවොත් මේකෙදි කියවෙන්නේ විවිධ වයස් සීමාවල් වලදී ඇති වන ආදරය ගැන. වයස් සීමාවන් හතරක් මේකෙදි දැකගන්න ලැබෙනවා. පළවෙනි ආදර කතාව පාසල් කාලේ ප්‍රේමයක් ගැන. ගෑණු ළමයා එනකල් බලා ඉන්න විදිහ, එයාව ලබලා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන විදිහ, යාලුවෝ උදව් කරන විදිහ වගේ රසවත් කතාවක් බලාගන්න පුලුවන්. දෙවෙනි කතාව අවුරුදු 22 – 23 වෙන තරුණයෙක්ගේ ආදර කතාවක්, ඔහු මුහුණදෙන ගැටළු, ජීවිතේ පිළිවෙලක් කරගන්න දරන උත්සහය වගේ දේවල් දැක ගන්න පුලුව්න. තුන්වෙනි කතාව අවුරුදු 33 ක තරුණයෙක් ගැන. නිතර මුණගැහෙන තරුණියකට හිතෙන් ආදරය කරන, ඒ ගැන කියන්න අවුරුද්දක් තිස්සේ බලා හිඳින තරුණයෙක්ගේ කතාවක්. අන්තිමට අවුරුදු 49 ක් වන තනිකඩයෙක් ගැන. තනිකඩව හිඳීම නිසා ගමේදි විඳින්න වෙන කරදර ගැන සහ තවත් ආදරයක් බලාගන්න පුලුවන්. ඔය කතා ටික ඔහොම ගලාගෙන ගිහිල්ලා අන්තිම විනාඩි දෙකේ කතාව ගළපන විදිහ නම් බොහොම රසවත්.
එහෙනම් හරවත් නිර්මාණයක් නරඹන්න කියලා ආරාධනා කරන ගමන් විස්තර හොයාගන්න උදව් කරපු තිමාල් ප්‍රනාන්දු සොයුරාටත් ස්තූතියි කියමින් අදට සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper True HQ HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,480 downloadsDownload C-o-Kancharapalem-2018.zip68 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
32 comments
isuruchamara
ramesh baddage
ela ela
gihan perera
නියමයි සහෝ...කථාව මරු..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
sadun perer
පට්ට චිත්‍රපටියක් මචන් සබට ස්තූතියි
PaSindu MaDumal
එල අයියා❤
තැන්ක්ස් අහ් සබට
තව තෙලිඟු එකකින් සෙට් වෙමුharshani11112
සබ් එකට බොහොම ස්තුති සහො....
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahoo sub ekata...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Bandara 1976
Ela Film eka.Thanks bro
spd
නියම ෆිලුමකටනේ ඔයා උපසිරසියක් අරන් ඇවිත් තියෙන්නේ සහෝ.
මේක පට්ටම ෆිලුමක්. සිංහල සබක් එනකං ඉවසන්න බැරි නිසා ඉංග්‍රීසි සබත් එක්කම බැලුවා.
ආයෙම බලන්න ඕන ඔයාගේ සබත් එක්ක. බොහොම ස්තුතියි සහෝ සිංහල සබට.
ඉදිරියටත් මෙවැනිම වටිනා ෆිල්ම් වලට උපසිරසි කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා...!!chathurangi93
Sub ekata thankz
maikee
Sub ekata tanx
Udaya Saman
සදේ අයිය ඔන්න ආයෙත් ඉක්මනින් තවත් තෙළුගුවක් අරන් ඇවිත් නොවැ.බොහොම ස්තූතියි සදේ අයියෙ උපසිරසියට.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bandara 1976
මා මෙතෙක් බැලූ මලයාලම් හා තෙලිගු සිනමා පට අතරින් අග්‍රගනයේ සිනමා සිත්තමක් ලෙස සැලකිය හැක. 100 කට සබ් කරනවාට වඩා මෙවැනි හරයක් ඇති එක් සිනමා පටයකට සබ් දීම සතුටට කරැණකි.අන්තිම විනාඩි දෙකේ කතාව ගළපන විදිහ නම් බොහොම රසවත්..ඉදිරියටත් මෙවැනිම වටිනා සිනමා පට වලට උපසිරසි කරන්න.ජය වේවා…!!
malithmadhushan45
අදම දනවා download wenna
බොහොම ස්තුතියි අයියේ සබ් එකටSupun_chinthaka
Thx mcn
prasakr
bohoma sthuthi sub ekata jayawewa
shehan prathapasinghe
thanks machan sade.....
Athula
Thanks ..
Nirosh C
ස්තුතියි සඳේ.ජයවේවා!
Gayan Chathuranga
thanks saho!
nish47
thanks bro
D.Chamara
bohoma sthuthi sahooo ...
ricadodamien
Thank u Shasith brother & baiscope team for the sub, it was so beautiful. all the best to baiscope team......
Chanmatara
Sub එකට thanx සහෝ
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!sachinnn
Thanx mchn sub ekt..baiscope ekt jaya wewa.
thara_sam
bohomathma sthuthi...
Saranga J. Liyanagama
Thanks
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Advertisement
thanks