Watch Trailer

Venky Mama (2019) Sinhala Subtitles | අපූරු මාමයි බෑනයි [සිංහල උපසිරැසි සමග]

කාලෙකට පස්සෙ තෙලිඟු චිත්‍රපටියකට සබ් එකකුත් අරගෙනම මේ පැත්තෙ එන්න හිතුව. ඔව් තෙලිඟුවක් එසේ මෙසේ එකක් නෙවෙයි. වෙලාවකට කොමඩියක් කියල හිතෙන, වෙලාවකට ආදර කතාවක් කියල හිතෙන, වෙලාවකට ක්‍රියාදාම වලින් අපිව පිනවන කොටින්ම කිව්වොත් චිත්‍රපටයක තියෙන්න ඕන සුපිරිම ගුණාත්මක භාවයකින් යුතු චිත්‍රපටයක්. ඉන්දියානු ර…

කාලෙකට පස්සෙ තෙලිඟු චිත්‍රපටියකට සබ් එකකුත් අරගෙනම මේ පැත්තෙ එන්න හිතුව. ඔව් තෙලිඟුවක් එසේ මෙසේ එකක් නෙවෙයි. වෙලාවකට කොමඩියක් කියල හිතෙන, වෙලාවකට ආදර කතාවක් කියල හිතෙන, වෙලාවකට ක්‍රියාදාම වලින් අපිව පිනවන කොටින්ම කිව්වොත් චිත්‍රපටයක තියෙන්න ඕන සුපිරිම ගුණාත්මක භාවයකින් යුතු චිත්‍රපටයක්. ඉන්දියානු රුපියල් කෝටි 25කින් නිපදවුනු මෙම චිත්‍රපටය දෙවන සතිය වන විට එම මුදල එකතු කරදෙන්නට සමත් වෙනව. ඒ වගේම තමයි මේ වෙනකොට අදායම ඉන්දියානු රුපියල් කෝටි 90ක් වෙනව.

චිත්‍රපටයෙ ප්‍රධාන නළු දෙපල Venkatesh සහ Naga Chaitanya ගැන කිව්වොත් අධ්‍යක්ෂකවරයා මේ දෙන්නව චිත්‍රපටියෙත් මාමයි බෑනයි විදිහට තමයි නිරූපනය කරවන්නෙ. ඒ කොහොමත් මෙයාල මාමයි බෑනයිනෙ එයාලගෙ ඇත්ත ජීවිතේ. වෙන්කි(වෙන්කටේශ්) ගැන කිව්වොත් චිත්‍රපටයට හොද සාධාරණයක් එයාගෙ රන්ගනය තුලින් කරන්න සමත්වෙලා තියානව. ඔයාල දැකල ඇති එයාටම ආවේනික කොමඩි ස්ටයිල් එකක් තියනවනෙ. ඉතින් එයා ඒක හොදට මේකෙදි පාවිච්චියට අරගෙන තියානව(අධ්‍යක්ෂවරයා මෙයාගෙන් ඒව හොදට එලියට ගන්න, නිරූපණය කරවන්න සමත්වෙලා තියනව). ඒක ඔයාලට හොදටම තේරෙයි චිත්‍රපටය නරඹද්දි. ඒ වගේම තමයි නාග චයිතන්‍යා. මේ දෙන්නගෙ එකතුවත් මේ චිත්‍රපටයට සුපිරියටම ගැලපෙනව කියලයි මම නම් හිතන්නෙ. ප්‍රධාන නිලි යුවල ගැන කතා කරොත් Raashi Khanna සහ Payal Rajput, Rx 100 (2018), RDX Love (2019), ඔය චිත්‍රපට දෙකෙන් ගොඩක් ජනප්‍රිය වුනු පායල්ට මේකෙ නම් අනිත් චිත්‍රපටි වලට වැඩිය සංස්කෘතියට බර චරිතයකට පන පොවන්න තමයි සිද්ධ වෙලා තියෙන්නෙ. ඒ මොනව වුනත් එයාගෙ චරිතෙට එයා හොද සාධාරණයක් කරල තියනව. Raashi ගැනනම් කියන්න දෙයක් නැහැ ඔයාල දන්නව එයාගෙ ඉදිරිපත් කිරීම. චිත්‍රපයටයෙ සෙසු චරිත වලට Prakash Raj, Nassar, Rao Ramesh, Aditya Menon වගේ සුප්‍රසිද්ධ නලු නිලියො යොදාගෙන තියනව.

හැමදේම ඉගැන්නුව මාම, මට එයා නැතුව ජීවත්
වෙන්නෙ කොහොමද කියල, කියල දුන්නෙ නැහැ සර්.

කතාව ගැන කියනකොට ඔයාල දැනටමත් දන්නවනෙ මේක මාම බෑන සම්බන්ධ කතාවක් කියල. ඔව් වෙන්කි සහ කර්තික් මාමයි බෑනයි. කාර්තික්ගෙ දෙමව්පියන් එහෙමත් නැත්තම් රාමනාරායනගෙ වැඩිමල් දියනිය සහ ඇගේ ස්වාමිපුරුෂයා විවාහ වෙන්න එයාලගෙ හදහන් ගැලපෙන්නෙ නැතිව තිබියදී ඇයගේ පියානන්ගෙ දැඩි විරුද්ධත්වය මැද විවාහ වෙනව. නාරායනන්ගෙ විස්වාසය එයාල විවාහ වෙලා ලැබෙන පලවෙනි දරුවගෙ පලවෙනි උපන්දිනය වෙනකොට එයාගෙ දුව සහ ඔහුගෙ ස්වාමිපුරුෂයා මියයන බවයි. ඒ කියන්නෙ රාමනාරායන කියන්නෙ ජ්‍යොතිෂයවේදියෙක්. ග්‍රහයන් අනුව කෙනෙකුගෙ අනාගතය කියන්න පුලුවන් දක්ෂයෙක්. කිව්වත් වගේ කාර්තික් ඉපදිලා එයාට අවුරුද්දක් වෙන්න හෙටයි කියල එයාගෙ පලවෙනි උපන්දිනයට කලින් දවසෙ එයාගෙ දෙමව්පියන් අනතුරකින් මිය යනව. ඉතින් එදා ඉදන් වෙන්කි කාර්තික්ව තමන්ගෙ දරුවෙක් වගේ බලා ගන්නව. කොටින්ම කිව්වොත් කාර්තික් ඉස්සෙල්ලම කියන වචනෙත් “මාමා” කියන එක. ඒ තරම් බැඳීමක් ආරම්භ වෙනව ඒ විදිහට. එතනටත් රාමනාරායනගෙ හදහන් ප්‍රශ්න එකතු වෙනව. ඒ මොනවද? ඒ වගේම චිත්‍රපටයෙ සුපිරි ක්‍රියාදාම පෙලක්ම අවසානෙට තියනව. ඒ ටිකත් බලන්න. චිත්‍රපටයෙ කතාව ගැන එච්චර තමයි කියන්න බලාපොරොත්තු වෙන්නෙ.

ග්‍රහයන්ට වැඩිය, සාත්තර වලට වැඩිය
මිනිස්සුන්ගෙ ආදරය සෙනෙහස උසස්…
හදහන කියන්නෙ විස්වාසයක්,
ඒත් ආදරය කියන්නෙ ඇත්තක්.
ආදරයට ඕනම දෙයකින් දිනන්න පුලුවන්…

සබ් එක බාගෙන යන ගමන් පහලින් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. තවත් මේ වගේ උපසිරැසියකින් මුන ගැසෙන තුරු….

ජය ශ්‍රී!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

19,125 downloadsDownload VENKY-MAMA-2019_Updated.zip74 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

19,125 downloadsDownload Subtitles74 KB

29 comments

  1. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි අයියේ උපසිරසියට... දෙනකල් බලාගෙන හිටිය ෆිලුමක්... අයියගෙ සබ් නම් අහන්න දෙයක් නෑ... ඒනම් මෙන්න බාගත්තා...ජය වේවා...!!

  2. Sachcha

    Thank sahoo sub ekata.

  3. Lasantharathnasirirox

    Bohooma sthuthi CHANAKA saho upasiresiyata..........
    jayawewa !!!....

  4. subodha

    Thanks

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Udaya Saman

    සබට තුති චානක මලේ..දෙනකන් බලන් ඉදපු එකක්

  7. Jm1995

    thanks saho.

  8. Nilush Angana

    Sub ekata thanx

  9. santhusha319

    thanks bro!!!!!

  10. haishu

    Sub eka Hondai, tidal ikmanata denawa name Godak Hondai. Hero film ekatath sub eka dennako.

  11. dumindu96

    brother English alphabet eka akuru 26 thiyanne 53 vinadiya dialog wala akuru 35 kiyala dala thiyanne puluwannam eka niwaradi karapan Thank you so much for the sub.

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. indika75

    thanks..

  14. Deshani

    thank you

  15. malshanssd341

    Thanks

  16. Jayasanka

    Sub ekata thanks saho

  17. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. ඔෂද ධනංජය

    thanks sahoo

  20. issaaa

    thnzzzzzzzzz lot brozzzzzzzzzzzzzzz

  21. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    අනිවා බැලිල්ලක්...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  22. Anonymous

    Patta brooo

  23. Anonymous

    thank you

  24. Kanchaka

    Thanks bro

  25. comax

    Happy New year Bro....

  26. Anonymous

    Thanx

  27. Shaggy

    Thank You saho

  28. Prabodha Jayakody

    Thanks...

  29. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති