Watch Trailer

Anaconda (2024) Sinhala Subtitles | බිහිසුණු රාක්ෂයෙකුගේ පුරාවෘත්තය [සිංහල උපසිරැසි]

Anaconda (2024) Sinhala Subtitles බයිස්කෝප්වාසී හැමෝටම ආයූබෝවේවා! ඒ වගේම ලැබුවාවූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද ඔබ සැමට සුභ වේවා! අවුරුදු නිවාඩුවට සුළු විවේකයක් හම්බුන නිසා ඔයාලට උපසිරසියක් ගෙනාවනම් හොඳයි කියලා හිතුනා. නම දැක්කම ඔයාලා දැනටමත් දන්නවනේ අරන් ආවේ මොකක්ද කියලා. මේක 1997 නිකුත් උන පළමු Anaco…

Anaconda Anaconda (2024) Sinhala Subtitles

බයිස්කෝප්වාසී හැමෝටම ආයූබෝවේවා! ඒ වගේම ලැබුවාවූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද ඔබ සැමට සුභ වේවා! අවුරුදු නිවාඩුවට සුළු විවේකයක් හම්බුන නිසා ඔයාලට උපසිරසියක් ගෙනාවනම් හොඳයි කියලා හිතුනා. නම දැක්කම ඔයාලා දැනටමත් දන්නවනේ අරන් ආවේ මොකක්ද කියලා. මේක 1997 නිකුත් උන පළමු Anaconda චිත්‍රපටයේ චීන රීමේක් කියලා තමයි සඳහන් වෙන්නේ. මටත් අහම්බෙන් තමයි මේ ෆිල්ම් එක ගැන දැනගන්න ලැබුනේ. ඔයාලා භයානක සත්තු ඉන්න ෆිල්ම්ස් බලන්න කැමති කෙනෙක්නම් විශේෂයෙන්ම ඔයා ඇනකොන්ඩා චිත්‍රපට මාලාවේ රසිකයෙක්නම් බය නැතුව මේක බලන්න කියලා නිර්දේශ කරනවා. ඔබ 80, 90 දශකයේ ඉපදුන කෙනෙක්නම් අපේ රටේ වගේම මුළු ලෝකෙම ඇනකොන්ඩා උන්මාදය ඇති කරන්න Anaconda (1997) චිත්‍රපටය සමත් උන බව ඔබට මතක ඇති. ඒ නිසාම ඇනකොන්ඩා පාදක කරගෙන චිත්‍රපට මාලාවක්ම නිකුත් උනා. ඒ අතරින් Anacondas: The Hunt for the Blood Orchid (2004), Anaconda 3:Offspring, (2008), Anacondas: Trail of Blood (2009) වගේ නිර්මාන ගොඩක් ජනප්‍රිය වෙන්න සමත් උනා.

Anaconda (2024) චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් පාඩු ලබමින් කරගෙන යන සර්කස් එකක ඉන්න කණ්ඩායමකට තායිලන්තය හරහා ඇමරිකාවට යන්න අවස්ථාව හිමිවෙනවා. වැසි වනාන්තරයක් මැදින් තියෙන ගඟක් හරහා බෝට්ටුවක් ඔස්සේ තමයි මෙයාලට තායිලන්තයට යන්න වෙන්නේ. මේ ගමන යද්දි කවුරුත් නොහිතන දේවල් වගේම භයානක පුරාවෘත්තයකටත් මෙයාලට මූණ දෙන්න වෙනවා. මේ චිත්‍රපටය මුල් නිර්මාණය ආභාෂයෙන් කරපු චීන නැවත නිෂ්පාදනයක් කියලා මම කිව්වනේ. ඒ නිසා ඇනකොන්ඩා පළවෙනි චිත්‍රපටියේ තිබුන සමහර දර්ශන වලට සමාන දර්ශන කීපයක්ම බලාගන්න පුළුවන් වෙයි. ඒත් චිත්‍රපටයේ කතාව සහ අවසානයනම් කලින් චිත්‍රපටයට වඩා ගොඩක් වෙනස් කියලත් කියන්න ඕන.

Anaconda (2024) චිත්‍රපටය මේ වෙද්දි 5.6ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. Adventure / Horror යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Xiang Qui Liang සහ Xiang He Sheng කියන අධ්‍යක්ෂකවරු දෙන්නා. රංගනයෙන් දායක වෙන්නේ අපිට වැඩිය හුරුපුරුදු නැති චීන ජාතික රංගන ශිල්පීන් පිරිසක් තමයි. චිත්‍රපටය ප්‍රදර්ශනය කරලා තියෙන්නේ මාර්තු මස 1වෙනිදා. චිත්‍රපටයේ ආදායම් වාර්තා ගැන නම් සඳහන් වෙන්නේ නෑ. මේ සලරුව ඇමරිකාව තුළ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ කොලොම්බියා පික්චර්ස් ආයතනය යටතේ තමයි. කලින් චිත්‍රපට නරඹපු අයනම් දන්නවා පලවෙනි චිත්‍රපටය හැරෙන්න අනිත් චිත්‍රපටවල පරිගණක සජීවිකරණය හොඳ මට්ටමක තිබුනේ නෑ. නමුත් මේ චිත්‍රපටය වෙනුවෙන්නම් VFX තාක්ෂණය ඉතා හොඳින් භාවිතා කරලා තිබෙනවා කියලත් කියන්න ඕන. එහෙනම් ඉතිං තවත් විස්තර ඕන නෑ පැරණි මතකය අළුත් කරගන්නත් එක්ක ඔයාලා මේක නරඹලා කොමෙන්ටුවක් දාගෙන යන්න. ඒ වගේම ෆිලුම වෙන් කරලා දුන්න රවිදු හේශාන් සහෝට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

14,188 downloadsDownload Anaconda-2024-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

14,188 downloadsDownload Subtitles24 KB

17 comments

  1. Bimsara Yashan(ඔලිව)

    බලනවද නැද්ද කියල හිටපු ෆිල්ම් එකක්, දැං ඔයා උපසිරැසි දුන්න එකේ බලන්න ඕනෙ. උපසිරැසියට බොහොම ස්තුතිය සහෝ. ජයවේවා!

  2. Akash man

    සබට තෑන්ක්ස් චීන්නු වැඩක් කලොත් ආයි සුපිරියට ම කරනවා #hailchina

  3. Kavindu Nethmina

    Sub ekata thanks bro

  4. nithun

    muchas gracias

  5. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ සබට..........

  6. Shan

    Sub ekata thanks broooo.downloard link eka denawada

  7. sangeeth samarasinghe

    Sub Akata Thanks Broo.. Mee Film Ake cgi,vfx nam honda mattamaka thinawa. Namuth Hollywood Movie Story akka balana kota meeka godak boladai. acting nam aul. mmth cgi, vfx hinda baluwe..

  8. lakmal

    ko download ake film aka dala nane

    1. Sanupa Ranmeth - Admin

      දාලා තියෙන්නේ සහෝ.

  9. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ඉෂූ ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  10. Kantha_DLA

    sorry .........ධනු.......

  11. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  12. Anonymous

    Thank you

  13. Ruchira

    Thanks for the sub!!!!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Malith samarawickrama

    Thanks saho sub ekata

  16. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.