ඔන්න අරගෙන ආව තවත් ඉහළම ගණයේ සජීවීකරණ චිත්‍රපටියක්.. මීට කලිනුත් The Missing Lynx කියල ලස්සන සජීවීකරණ චිත්‍රපටියකට මං සබ් දුන්නා. ඒක වගේම මේකත් මාරම ලස්සන ෆිල්ම් එකක්. ඇනිමේෂන් ෆිල්ම් බලන්න ආස බයිස්කෝප් පිස්සො ටික නම් අනිවාරෙන් මේක බලන්නම ඕනෙ. මේක කරන්න මට මාර ගේමක් දෙන්න වුණා. මොකද ඉංග්‍රීසි සබ් එ…

ඔන්න අරගෙන ආව තවත් ඉහළම ගණයේ සජීවීකරණ චිත්‍රපටියක්.. මීට කලිනුත් The Missing Lynx කියල ලස්සන සජීවීකරණ චිත්‍රපටියකට මං සබ් දුන්නා. ඒක වගේම මේකත් මාරම ලස්සන ෆිල්ම් එකක්. ඇනිමේෂන් ෆිල්ම් බලන්න ආස බයිස්කෝප් පිස්සො ටික නම් අනිවාරෙන් මේක බලන්නම ඕනෙ. මේක කරන්න මට මාර ගේමක් දෙන්න වුණා. මොකද ඉංග්‍රීසි සබ් එකක් ලොවෙත් නෑ මේකට. තිබුණෙ ජර්මන්, සහ ඉන්දුනීසියන් සබ් දෙකක් විතරයි. ඉතිං ඒ නිසා මං මේක ජර්මන් වලින් ඉංග්‍රීසියට පරිවර්තනය කරල ඊට පස්සෙ තමයි සිංහලට හැරෙව්වෙ. කියන්න ආඩම්බරයි දැං නම් ලෝකෙටම මේකෙ සබ් තියෙන්නෙ සිංහලෙනුයි, ජර්මන්, ඉන්දුනීසියන් භාෂා වලිනුයි විතරයි. අනික මට ෆිල්ම් එකේ හැම වචනයක්ම හරි පරිස්සමට අහන්න සිද්ධ වුණා මේ වැඩේ සාර්ථකව කරන්න ඕන නිසා. වගකීමෙන් කියන්න පුළුවන් මේකෙ කතාවට හෝ අන්තර්ගතයට හානි නොවන විදියට මේ සබ් එක කරන්න මට පුළුවන් වුණා. බාර අරන් දවස් එක හමාරකින් මට වැඩේ කරල ඉවර කරන්නත් පුළුවන් වුණා.
හරි අපි එහෙනම් කතාව පැත්තට ටිකක් හැරිල බලමු. “ග්‍රේ” කියන්නෙ තරුණ සෙල්ලක්කාර වෘකයෙක්. එයා අයිති රංචුවේ නායකයා “මාග්‍රා” හදිස්සියේම තීරණය කරනව විශ්‍රාම යන්න. ඉතිං රංචුව හොඳ ශක්තිමත්, විශ්වාසවන්ත දෑතකට බාර කරන්න ඕන නිසා මාග්‍රට ඕන වෙනව තරඟයකින් නායකයව තෝර ගන්න. තරඟෙට ඉදිරිපත් වෙන්නෙ දරුණු “රැගියර්” කියන වෘකයයි, ග්‍රේ කියන මේ සෙල්ලක්කාර වෘකයයි. ග්‍රේ අසීමිතව සෙල්ලක්කාර නිසා ඔහුගේ පෙම්වතිය “බියන්කා” මෙයාගෙන් වෙන් වෙලා යන්න තීරණය කරනව. ඊට පස්සෙ ග්‍රේ පිස්සුවෙන් වගේ බියන්කගෙ ආදරේ නැවත් ලබා ගන්න ක්‍රමයක් හොයනකොට තමයි ඔහුට “මැමී” කියන අහිකුණ්ඨික හාවිය හමු වෙන්නෙ. මැමී, ග්‍රේට මැජික් අරිෂ්ඨයක් දෙනව. ඒකෙන් ග්‍රේ ගෙ මුළු ජීවිතේම නොහිතූ මහා වෙනසකට ලක් වෙනව. ඒ වෙනස නිසාම වෘක රංචුවට බරපතල ගැටළුවක් ඇති වෙනව.අරිෂ්ඨය නිසා ඔය වගේ ප්‍රශ්න මහ ගොඩක් තමයි ඇති වෙන්නෙ. මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ඕන නම් මේක බලන්නම වෙනව. බැලුව කියල පාඩුවක් නම් වෙන්නෙ නෑ එකෙන්ම.
මේ චිත්‍රපටයි 2016 වර්ෂයේ තමයි මුලින්ම තිරගත වෙන්නෙ. Animation, Comedy, Family ගණයට තමයි මේක අයිති වෙන්නෙ. පැය 1 විනාඩි 25 ක කාලයක් ධාවනය වෙනව. IMDb අගය 5.8/10 ක් විදියට සටහන් වෙනව. මේකත් අනිවාරෙන් බලන්න කියල ඔන්න මං නිර්දේශ කරනව. මොකද හැම විනාඩියක්ම ආසවෙන් බලන්න හිතෙන විදියට කතාව සජීවීකරණය කරල තියෙනව. එ වගේම කතාවත් හරිම ලස්සනයි. ආයෙත් සබ් එකකින් හමු වෙනකල්, මේක ඔයාලට බාරයි. එහෙනම් බයිස්කෝප්වාසීන්ට ජය වේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,342 downloadsDownload Sheep-and-Wolves-2016-1.zip45 KB
(උපසිරැසි දෝෂය නිවැරදි කරන ලදී)
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Udayanga-Sampath-2018.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
49 comments
Januthchathuranga
Randi
Sthuthiy godak. Lassana film ekak. Sub eka ikmanata enakam balagena gitiye. Good job.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!shiransri
තැන්ක්ස් සහෝ .
සුපිරි filme එකක් .තැන්ක්ස් මහන්සිවෙලා sub දුන්නටyohan
thanks bro your hard work...
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kaushan Herath
මචන් සබ බාන්න බෑනේ.404 Not Found කියල එරර් එකක් එනවනේ.
Kaushan Herath
කොහොමහරි බාගත්තා.සබට ස්තූතියි සහෝ
samathandi
thanks sahooooo
Udara Damith Dissanayaka
නියමයි
ඔයා ඉන්ග්‍රීසි හදපු සබ එකත් ඔය කොහේ හැරී ඉංග්‍රීසි සබ දෙන එකකට දාන්da
ආඩම්බරයි අයියේsenaka
තෑන්ක්ස්
senaka
maru
salithamihiranga
Sub eka load unata run wenne ne saho. KMPlayer Update karalat try kara
salithamihiranga
VLC dala try kara. weda. Tnx saho
උදයංග සම්පත් හතරසිංහ
මචං මං ඕක ලියල ටෙස්ට් කරල බැලුවෙ නං Potplayer 1න්... ඒකට නම් කිසිම අවුලක් ආවෙ නෑ... KMPlayer එකට වැඩ නොකරන හේතුවක් නම් මට හිතාගන්න බෑ..
salithamihiranga
මචන් VLC එකෙන් බලද්දිත් අවුල් උනා. ම්ම් note pad එකට drag & drop කරලාවෙන සබක් එක්ක compare කරල බ්eලුවා
--> කියන එකට -> තමයි තියන්නේ. පස්සෙ ම්ම් Re place කරා.
sub එක සුපිරියට තියනවා. Thanks මචෝ
salithamihiranga
Sub eka load unata run wenne ne saho. KMPlayer Update karalat try kara.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thilinamadushankaalwis
thankz
D.Chamara
bohoma sthuthi sahooo
Sumudu Nuwan
thankss......thwa animiton tikkk karamuuu
Prasad1987
Player ekaka wath sub eka play wenne na hariyata bro..help plz...
උදයංග සම්පත් හතරසිංහ
මචං ඕක VLC and Pot Players වල Play වෙනව.. KM, GOM වලට Support කරන්නෙ නෑ කියල මට කීප දෙනෙක් කිව්ව.. ඒකට හේතුවක් මම දන්නෙ නෑ.. ඕක සාමාන්‍ය SRT Sub 1k..
ranga11112
මහන්සිවෙලා උපසිරැසිය දුන්නට බොහෝම ස්තුතියි සහෝ,
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි උදයංග සහෝ.
ජයෙන් ජය.AsithaDilruwan
api nobalana ඇනිමේෂන්..
ela ela thankssameera50354
Sub eka wada na bro android wala play wennema na sub editor ekakin baluwaama line 4i 5i thiyeneeee
උදයංග සම්පත් හතරසිංහ
මචං ඕක නිකං නෝට්පෑඩ් එකේ Open කරල බලපංකෝ... අනික මගේ Players වල වැඩ...
sameera50354
Phone eke wadada bn
thuglife
thanks wasthuva.....b.s
thuglife
kauru hari pinwanthayek torrent link ekak dannakoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
upulcmiller
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට. සුපිරි වැඩක්. ජය ජය !
සබ් වැඩ නැතිනම් POTplayer එක දාගන්න.
VLC , 321 , KM තුනේම සබ් වැඩ නෑ. ඒත් POTplayer එකේ නම් ගින්දර වගේ වැඩ.pradeep darshana
Sub ekata jaya wewa
wstharaka
Sub eka wada na saho.
උදයංග සම්පත් හතරසිංහ
Pot Player එක දාල බලපං මචං, ඒකට වැඩ.. ඕක අනිත් ඒව වගේම සාමාන්‍ය Srt ෆයිල් එකක්, අනිත් ප්ලේයර්ස් වලට වැඩ නොකරන හේතුවක් මම දන්නෙත් නෑ බං.. :(
sameera50354
Phone eken balanna puluwan player ekak kiyapan bro mege eke wada na bn phone eke awlakda danne na
Damithmadu
Wada na bro
Try kala kala awlak na puluwan welawaka hadala update karanna mata mehema une first time
Palaweni line deka thunak penawa in passe naupulcmiller
සබ් වැඩ නැතිනම් POTplayer එක දාගන්න.
VLC , 321 , KM තුනේම සබ් වැඩ නෑ. ඒත් POTplayer එකේ නම් ගින්දර වගේ වැඩ.
Hiranhiru
ගොඩක් ස්තුතියි සබ් එකට. එච්චරක් මහන්සියෙන් හදපු සබ ඔන්න අපි බානවො.. පින් සිදු වේවා
Sewmini Printers
Torrent eka ganna site ekak kiyannako
උදයංග සම්පත් හතරසිංහ
යාළුවනේ ඔන්න දැන් සබ් එකේ තුබුණු අවුල හදල තියෙන්නෙ.. දැං ඕන ප්ලේයර් එකක, ඇන්ඩ්‍රොයිඩ් වල වැඩ.. සමාවෙලා ආපහු සබ් එක බාගෙන ෆිල්ම් එක බලන්න..
akashadhithya
thanks..!!!!!!!!!!!!
MAALnath
Thanks ..............good luck .....................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
PIYUMI WASANA
Thanks aiye.thawath animation ekakata sub ekak danna puluwannam.
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Isira janith
Me ke 2ni film sub bennako
mindika
Thanks !!!!!!!!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Volki i ovtsy. Beeezumnoe prevrashchenie (2016) AKA Sheep & Wolves Sinhala Subtitles | වෘක බැටළුවා..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Sheep-and-Wolves-2016.jpg)

watinnawa sahoo watinnawa