Watch Trailer

Ben 10: Race Against Time (2007) Sinhala Subtitles | කාලයට විරුද්ධව සටනක් [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර මම ඕගොල්ලන්ට අරගෙන ආවේ Ben 10:Race against time (2007) කියන ෆිල්ම් එකේ සිංහල උපසිරැසියයි. ඉතින් මම ඔයාලට කලින් අරගෙන ආපු Cheaper by the dozen 2 ෆිල්ම් එකට අදහස් දක්වපු බාගත කරගත් සියලු දෙනාටම ගොඩක් ස්තූතියි.ඉතින් මේ පාරත් ගේන ෆිල්ම් එකත් ලස්සන කතාවක් තියන සුපිරි ෆිල්ම් එකක්.ෆිල්ම් එක අධ්‍යක්…

මේ පාර මම ඕගොල්ලන්ට අරගෙන ආවේ Ben 10:Race against time (2007) කියන ෆිල්ම් එකේ සිංහල උපසිරැසියයි. ඉතින් මම ඔයාලට කලින් අරගෙන ආපු Cheaper by the dozen 2 ෆිල්ම් එකට අදහස් දක්වපු බාගත කරගත් සියලු දෙනාටම ගොඩක් ස්තූතියි.ඉතින් මේ පාරත් ගේන ෆිල්ම් එකත් ලස්සන කතාවක් තියන සුපිරි ෆිල්ම් එකක්.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Alex Winter කියන අධ්‍යක්ෂකවරයාරා.මොහු Ben 10 Alien Swarm (2009), Deep Web (2015) වැනි ජනප්‍රිය චිත්‍රපට රාශියකට දායක වී තිබෙනවා.තවද මෙම චිත්‍රපටය IMDb දර්ශකය තුළ 4.4/10 අගයක් ද Rotten දර්ශකයේ 3.2/5 ක අගයක්ද හිමි කර ගැනීමට සමත් අතර ආදායම් වාර්තා වලින් ඇමරිකානු ඩොලර් මිලියන 18 ක් ද උපයාගෙන තිබෙනව.චිත්‍රපටයේ ප්‍රධාන වශයෙන් රංගනයට Graham Phillips(බෙන්), Haley Ramm(ග්වේන්), Lee Majors(මැක්ස් ටෙනිසන්), Christien Anholt(ඉයෝන්), Beth Littleford(සැන්ඩ්‍රා), Don McManus(කාල්), Robert Picardo(ප්‍රින්සිපල් වයිට්), යන නළු නිළියන් දායක වී තිබෙනවා.

කතාව ගැන කිව්වොතින්,පාසල් නිවාඩුව අවසන් වීමට පෙර දිනයේ රාත්‍රියේ බෙල්වුඩ් නගරයේම ගින්නක් ඇති වුණා.බෙන් තනියම ගිනිකසයා ඔරලෝසුවෙන් තෝරාගෙන ඔහුත් සමඟ සටනට ගියා.සිතුවාට වඩා පහසුවෙන් සටන දිනූ බෙන් ටෙනිසන් පසු දින පාසල් යනවා.එහිදී ඔහුට මුහුණ පෑමට සිදු වූයේ ඊටත් වඩා ප්‍රභල අවධානමකටයි.ඒ අන් කිසිවක් නොවේ ඔහුගේ පාසලේ සිටින කරදරකාර එඩී සහ ජේටී කියන යාළුවෝ දෙන්නයි.ඔහුගේ කරදර නවත්වා ගැනීමට උත්සාහ කරන අතරතුර මීට කලින් දිනයේ සටන් පිටසක්වල ජීවීයා බෙන්ගෙ ඔරලෝසුව සොයා ගෙන ඔහු පසු පස හඹා එන බව බෙන් සහ ගුවේනට හොයාගන්නට හැකි වුණා.ඒ පිටසක්වලයාගේ ඉයෝන්ය.ඔහු බෙන්ගේ ඔරලෝසුව භාවිත කරලා ඔහුව මරණයෙන් ගලවා ගැනීටමත්,පෘතුවිය ආක්‍රමණය කිරීමටත් ඒ සඳහා ආමගැඩන් අතත් පාවිච්චි කරන්න උත්සාහ කරනවා.(ආමගැඩන් අත කියන එක ෆිල්ම් එකේදි ඔයාලට බලාගන්න පුළුවන්)ඉතින් මෙත්නදි ටෙනිසන් පවුලේ වීරයෝ තුන් දෙනා වෙනදා වගේම ලෝකය පිටසක්වල ආක්‍රමණයකින් බේරා ගැනීමට එකට එක් වී සටන් කරනවා.ඔබ හිතන්නෙ හිතන්නෙ කුමක් වෙයි කියලද?බෙන් ඉයෝන්ව පරාද කරයිද?ඒක දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනව.

එහෙනම් සියලු දෙනාටම ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා.සිංහල උපසිරැසිය පිළිබඳ ඔබේ අදහස් කමෙන්ට් එකකින් දා ගෙන යන්න.එහෙනං ඊළඟ උපසිරැසියෙන් හමුවන තුරු ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත සඳහා අදාළ වේ.

6,837 downloadsDownload Ben-10-Race-Against-Time-2007.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/SasanduKaveesha1-e1481929398587.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිඳු කවීශ ගමපතිරණ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,837 downloadsDownload Subtitles36 KB

18 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. M.D.P.Fernando

    Thanks***

  3. geeganagamage

    පුංචි කලේ ගොඩාක් ආසාවෙන් බලපු කථාවක් බොහෝම ස්තුතියි .

  4. Udara Damith Dissanayaka

    උපසිරැසියට ගොඩක් ස්තුතියි............
    ben 10

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. G-Kelum

    Thanx

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. ranga11112

    ඉස්සර අසාවෙන් බලපු තකාවක් උපසිරැසියට ගොඩාක් ස්තූතියි! තෙරැවන්ස සරණයි! කාටුන් එක තමා ගොඩාන්ම බැලුවේ

  9. AsithaDilruwan

    ela ela thanks saho

  10. thuglife

    බුදු සරනයි දෙවි පිහිටයි සියලු දේවතාවන්ගේ රැකවරනයි.

  11. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සසිඳු සහෝ.
    ජයෙන් ජය.

  12. Kushan Charuka

    Thanks for sub..

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. kasunkavinda

    thank you for sub

  15. chinthaka.max4

    thankx machan

  16. Vihaga

    අනේ Ben10 heros United ෆිල්ම් එකත් සබ් එක දෙන්න

  17. සුපුන් රණසිංහ

    උපසිරැසියට ගොඩක් ස්තූතියි.ජය වේවා!

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.