Watch Trailer

When the Game Stands Tall (2014) with Sinhala Subtitles | ක්‍රීඩාවෙන් එහා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය? මේ මගේ දෙවනි උපසිරැසිය. මම කළින් කලේ The wrestler කියන චිත්‍රපටය. ආසාව නිසාමයි තවත් එකක් කරන්න හිතුවේ. වැඩත් එක්ක ප්‍රමාද උනොත් කට්ටියගේ රස වින්දනයට බාධා වෙන නිසාමයි මම ටිකක් පරණ එකක් තෝරගත්තේ.ඇත්තටම මම මේක බාර අරගෙන මාසයක් විතර වෙනවා. ඔෆිස් එකේ වැඩත් අපේ පවුලට අලුතින් එකතු වෙලා ඉන්…

 

When the Game Stands Tall (2014)

කොහොමද කට්ටිය? මේ මගේ දෙවනි උපසිරැසිය. මම කළින් කලේ The wrestler කියන චිත්‍රපටය. ආසාව නිසාමයි තවත් එකක් කරන්න හිතුවේ. වැඩත් එක්ක ප්‍රමාද උනොත් කට්ටියගේ රස වින්දනයට බාධා වෙන නිසාමයි මම ටිකක් පරණ එකක් තෝරගත්තේ.ඇත්තටම මම මේක බාර අරගෙන මාසයක් විතර වෙනවා. ඔෆිස් එකේ වැඩත් අපේ පවුලට අලුතින් එකතු වෙලා ඉන්න පුංචි අමුත්තියගේ වැඩත් නිසා මට මේකට ගොඩක් කල් ගියා. මම සමාව ඉල්ලනවා සිදු වූ ප්‍රමාදයට.

කතාව ගැන කිව්වොත් මේකට IMDb ratings තියෙන්නේ 6.7 වගේ. සත්‍ය සිද්ධි මාලාවක් පදනම් කරගත්ත මේ චිත්‍රපටයේ කතාව 1992 සිට නොනවත්වා එක දිගටම තරග 151 ක් දිනා ගත් ඇමරිකානු උසස් පාසලක පාපන්දු කණ්ඩායමක්  වටා තමයි දිවෙන්නේ. කණ්ඩායමේ පුහුණුකරු බොබ් තමන්ගේ ක්‍රීඩකයින්ව පුහුණු කරන්නේ වෙනස්ම ආකාරයකට.  2004 වසරේදී කණ්ඩායමට එකතු වෙන අලුත් පිරිසත් සමග අවුරුදු 13 කින් පසු පළමු වතාවට මේ කණ්ඩායම තරගයක් පරාජය වෙනවා. මේ අතර බොබ් අසනීප වෙනවා. ඉතින් මේ කණ්ඩායම ලීග් තරග අතර තමන්ගේ ස්ථානය රැකගැනීමට කරන උත්සාහය කොහොමද කියන එක ඔයාලාට මේ චිත්‍රපටයෙන් බලන්න පුලුවන්. චිත්‍රපටය අවසානයේ කෝච් බොබ් සහ ඔහුගේ සහ පුහුණුකරුත්, කෝච් බොබ් තමන්ගේ කණ්ඩායම සමග කතා කරන ඇත්තම රූපරාමු කිහිපයක් තියෙනවා. මම කතාව වැඩිය කියන්නෙ නැත්තේ මේක ඇත්තමට රස විදින්න පුලුවන් වෙන්නයි. අවසාන වශයෙන් කියන්න ඕන කණ්චායමක් විදිහට වැඩ කරන්නෙ කොහොමද, කණ්ඩායම් හැගීම කියන්නෙ මොකක්ද කියලා මේ චිත්‍රපටයේ හරිම සංවේදී විදිහට කියලා දෙනවා. ඒ වගේම මේ ලින්ක් එකෙන් පුලුවන් මේ සිද්ධියට අදාල තවත් විස්තර දැනගන්න. උපසිරැසියේ වැරදි තිබ්බොත් සමාව භජනය කරන්න. එහෙනම් ජය වේවා බයිස්කෝප් පවුලේ හැමෝටම.

The Wrestler (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

When.the.Game.Stands.Tall.2014.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

996 downloadsDownload When.the_.Game_.Stands.Tall_.2014.Baiscopelk.com_.rar51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Sajith-Pasindu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජිත් පසිඳු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සජිත් පසිඳු

Subtitles

996 downloadsDownload Subtitles51 KB

11 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks SAJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Givantha Arshakulrathne

    Thank you bro.....good luck ...

  3. Asitha

    ela thanks

  4. indika

    Thn Q .. :)

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  7. Sajith Anthony

    සබ් ඒකට බොහෝම ස්තුතියි,
    ජය වේවා...!!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Wicki

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි....

  10. Nilush Angana

    Sub ekata thanx

  11. Anonymous

    Thanks Brother