ආයුබෝවන් බයිස්කෝප්වාසී හැමෝටම, ගොඩක් කාලෙකට පස්සේ උපසිරැසියක් කරේ. පහූගිය දවස්වල කාර්‍යබහුලත්වය හා පරිගණකයේ දෝෂයක් නිසා බාර ගත්ත වැඩත් කරන්න බැරි උනා. ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන. ඒත් මේක ඉතා ඉක්මනින් හා ආසාවෙන් කරා. මේ පාර ගෙනාවේ ඔයාලා හැමෝම ආදරය කරන කාටුන් එකක ෆිල්ම් එකක්. ඔව් නම දැක්ක ගමන් ඒ…

ආයුබෝවන් බයිස්කෝප්වාසී හැමෝටම, ගොඩක් කාලෙකට පස්සේ උපසිරැසියක් කරේ. පහූගිය දවස්වල කාර්‍යබහුලත්වය හා පරිගණකයේ දෝෂයක් නිසා බාර ගත්ත වැඩත් කරන්න බැරි උනා. ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන. ඒත් මේක ඉතා ඉක්මනින් හා ආසාවෙන් කරා. මේ පාර ගෙනාවේ ඔයාලා හැමෝම ආදරය කරන කාටුන් එකක ෆිල්ම් එකක්. ඔව් නම දැක්ක ගමන් ඒ මොකක්ද කියලා ඔයාලා දන්නවනේ. 1979 තිරගතවී 6.9 IMDb අගයක් ගත්ත මේ චිත්‍රපටය 85%ක ගූගල් පරිශීලකයන්ගේ මනාපත් හිමි වෙලා තියෙනවා.

ඔයාලා හැමෝම සිරස ටීවී එකේ ගිය ගිරිපුර ඇත්තෝ බලලා තියෙනවාද ? මොකද නැත්තේ නේද ? බඩතඩි බොරලුගොඩයි එයාගේ බිරිඳ විමලා, කොටම කොට ගල්පාත, ඩෝටී එයාලව කොහොම අමතක කරන්නද නේද. ඔන්න ඔයාලාට එක දිගට විනාඩි 50කට ආසන්න වෙලාවක් මෙයාලගේ වැඩ ආපහු බලන්න පුලුවන්. ඔයාලා දන්නවනේ බොරලුගොඩ කොහෙ ගියත් කරදර දා ගන්න කෙනෙක් කියලා. මේ පාර බොරලුගොඩලයි, ගල්පාතලයි ටීවී එකේ විකට ඇඳුම් තරගෙකට යනවා. එතනින් එයාලට තෑග්ගක් හම්බෙනවා ගලහිටියාවේ තියෙන ගල්ගිල්ලා සිටුතුමාගේ මාලිගාවේ තියෙන රාස්ස නැටුමකට සහභාගී වෙන්න, ඉතින් ඒකට සහභාගී වෙන්න ගලහිටියාවට යන අපේ ඇත්තන්ට ගල්ගිල්ලා සිටුතුමා හා හිරිගල් සෝමේ එක්ක මරු ජරමර තමයි වෙන්නේ. වැඩිය කතාව කියන්නේ නෑ එහෙනම් ගල්ගිල්ලා සිටුතුමා, හිරිගල් සෝමේ කියන්නේ කවුද කියලා ඔයාලට මේක බලද්දි තේරුම යයි. ඉතින් කාටුන් වලට ආස අයනම් මේක අනිවා බලන්න. හොදට හිනා වෙන්න පුලුවන්. ඔයාලා ටීවී එකේ ගිය කාටුන් එක බලලා තියෙනවා කියලා මම හිතනවා ඒ නිසා මෙයාලගේ නම් ගම් ඒ විදියට වෙනස් කරලා තමයි පරිවර්තනය කරේ. වැරද්දක් තියෙනවනම් සමාවෙන්න ඕන. ඒ වගේම මේකට ගැලපෙන උපසිරැසි ගොනුවක් හොයාගන්නත් අමාරු උනා. සමහරවිට වීඩීයෝ ගොනුවත් එක්ක පොඩි වෙනසක් ඇති ඒක පොඩ්ඩක් සීරු මාරු කරලා හදා ගන්න.

එහෙනම් ඉතිං තවත් උපසිරැසියකින් හම්බෙමු.මේ ෆිලුම උපසිරැසි ගැන්වීමට අවසර දුන්න තිසර නියෝ සහෝවත් ස්තූතිපූර්වකව මතක් කරනවා. මග ඇරුන මේ වගේ ෆිල්ම් තියෙනවනම් දැනුවත් කරන්න. ඒ වගේම ජනාවාරි 01 ඉදන් සයිට් එකේ උපසිරැසි බා ගන්න, කොමෙන්ට් කරන්න ලොග් වෙවී ඉන්න ඕනේ නෑ. අදහස් උදහස් කොමෙන්ට් හරිම ලේසී. නව වසරෙත් බයිස්කෝප් අඩවියත් සමගම රැදී සිටින්න.

ඔබ සැමට 2020 නව වසර සතුට සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා !

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,719 downloadsDownload The.Flintstones.Meet_.Rockula.And_.Frankenstone.1979.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,719 downloadsDownload Subtitles37 KB

15 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ....
    ජය වේවා.!

  2. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  3. rockz2020

    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    අලේ ගිරුපුර ඇත්තෝ නේද මේකට සබ් ඕන වෙලා හිටියේ,
    දෙන එකක් නෑ හිතල ඉල්ලුවේ නැත්තේ.
    තද තද සහෝ ✌ ;) උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!✌❤
    ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියලු යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ! ✌
    ජය වේවා! ❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    කව්රුත් බාරගෙන නැත්තම් මේවත් පොඩ්ඩක් බලනවද සහෝ.✌
    Checkered Ninja (2018)
    Turtles Forever (2009)
    Asterix and the Vikings (2006)
    The Curse of the Were-Rabbit (2005)

  4. maikee

    Thanks සබ් එකට

  5. Malik_nadeeshan

    thanks sub ekt..ft digatam kargen yamu..

  6. D.Chamara

    bohoma sthuthi sahoo

  7. Shaggie

    Thnks mchn

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. malithmadhushan45

    බොහොම ස්තුතියි ධනුක සහෝ සබ් එකට

  10. Chamindalakruwan

    ස්තුති සබ් එකට

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. akila

      eee bro puluwannam giripura athhto cartoooon eke season 5k thiyewna .sirase giye season 2ine ane anith tikata puluwannam sub dennako godak aya asai mekta.plzzz.dwonload karaganna puluwan pahe.ph me site eken.

  12. Enchantress

    thanks

  13. Nadeesha sangeewane

    Please add subtitles of The flintstones cartoon and Ben 10 cartoon My childrens like watch that with sinhala subtitles

  14. Nirosha Nirosha

    thank u

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.