අද මම මේ ඔයාලට උපසිරැසි ලබාදෙන චිත්‍රපටිය ගොඩක්ම වෙනස් තාලෙ එකක්. මම බලල තියෙන චිත්‍රපටි අතරින් වෙනස්ම තේමාවක් තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටියෙ මුල ඉදන් අග වෙනකන් විවිධ කාල වලට අයත් පුංචි පුංචි කතා ගොඩක් සිද්ධවෙනවා. චිත්‍රපටියෙ අන්තිම මිනිත්තු කිහිපය වෙනකන් මේක පැටලැවුන නූල් බෝලයක් වඟේ. එකකට එකක් සි…
අද මම මේ ඔයාලට උපසිරැසි ලබාදෙන චිත්‍රපටිය ගොඩක්ම වෙනස් තාලෙ එකක්. මම බලල තියෙන චිත්‍රපටි අතරින් වෙනස්ම තේමාවක් තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටියෙ මුල ඉදන් අග වෙනකන් විවිධ කාල වලට අයත් පුංචි පුංචි කතා ගොඩක් සිද්ධවෙනවා. චිත්‍රපටියෙ අන්තිම මිනිත්තු කිහිපය වෙනකන් මේක පැටලැවුන නූල් බෝලයක් වඟේ. එකකට එකක් සිදුවීම් පරස්පරයි. ඒත් ඒ සිදුවන හැම සිදුවීමක්ම බොහොම රසවත්. ආදරය, විනෝදය, වේදනාව අපූරුවට දකින්න පුළුවන්.
කතාවෙ අවසානයේ මේ හැම පුංචි කතාවක්ම එකට එකතු වෙනවා. මේ චිත්‍රපටිය තවත් විශේෂ වෙන්නේ මෙහි “නීමෝ” නම් ප්‍රධාන චරිතය සඳහා රංගන ශිල්පීන් 5 දෙනෙකුද, “ඇනා”, “ජීන්”, “එලීස්” යන ප්‍රධාන චරිත සඳහා රංගන ශිල්පිනියන් 9 දෙනෙකුද සහභාගී වීම. නිකන් විකාරයක් වඟේ නේද? නෑ ඒක තමා ඇත්ත. ඒ කියන්නේ චරිත 4ක් වෙනුවෙන් රංගන ශිල්පීන් 14 දෙනෙක්.
IMDb අගය 7.8ක් ලබගෙන ඇති මේ චිත්‍රපටිය 2009දි බෙල්ජියමෙ නිෂ්පාදනයක්. ධාවන කාලය වැඩිකරමින් 2013 නොවැම්බර් 1 ඉඳන් මේක ඇමරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කරල තියෙනවා. 66 වෙනි අන්තර්ජාතික වෙනීස් චිත්‍රපටි උලෙළේදි මේ චිත්‍රපටියට The Golden Osella සහ the Biografilm Lancia කියන සම්මාන දෙකත් ලැබිලා තියෙනවා. ඒ වගේම හත් වෙනි Magritte සිනමා උලෙළේදි හොඳම චිත්‍රපටිය සහ හොඳම අධ්‍යක්ෂණය සඳහාද නිර්දේශ වෙලා තියෙනවා. වෙන සම්මාන මොකටද ඔයාලම බලල මේක ගැන තීරණය කරන්නකො. හැබැයි ඉතිං ටිකක් තේරුම් ගන්න අමාරු වේවි.
උපසිරැසි බාල යනගමන් පොඩි comment එකකුත් දාල යන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු!
b43f76e66cf5d7f0b0f2c3606491f808c418e532 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,229 downloadsDownload Mr.Nobody2009.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ඉනූෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉනූෂ අඹගහවත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉනූෂ අඹගහවත්ත
Subtitles
68 comments
harsha
vee
maxxa akak wage
asiri
bohoma thuthi!
ccnp
Thanks
tharanga
ජයම වේවා
mahesh
elane banna damma onna
මිහාන්
thank you !
zumo man
elazzz thnxzzz
lk
thanks thawath hoda awa denna
Gayashan
Thanks
mihin ලංකා
එල මචන්
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
me
Thanks
Dinesh
ai ban aluth film awlla tiyeddith ma wage malawa rahak nathi awata sub denne, mawa ballanne na ban ada kale kawuruwath oya coment danmata hodai kiyala owa balanna naha, a nisa aluth awata sub depan ban
ඉනූෂ අඹගහවත්ත
එකේක අයගේ රසාස්වාදයන් වෙනස්නේ සහෝ...කෙනෙකුට හරියන එකක් තව කෙනෙකුට හරියන්නේ නැති වෙන්න පුළුවන්... මට මේක හොඳටම අල්ලලා ගිය එකක්.. තේරුම් ගන්න අමාරු එකක් බවනම් ඇත්ත... අදහස්වලට බොහොම ස්තුතියි!!!
බලමුකෝ ඊලග පාර මීටත් වඩා හොඳ එක්කට දාන්න.ශාන් විමුක්ති [විමා]
මචං දිනේෂ් උබ වගේ ගොනෙක්
පරණ වෙච්චි පලියට ෆිල්ම් එකක් නරක වෙන්නේ නැහැ
අලුත් වෙච්චි පලියට ෆිල්ම් එකක් හොද වෙන්නෙත් නැහැ
අලුතෙන් ආපු සමහර ෆිල්ම් බැලුවම අපරාදේ ඩේටා ටික කියලා හිතුන අවස්ථා අනන්තයි නිකම් මෝඩයෙක් වගේ කියවන්නේ නැතුව මේ දුන්නු දේ අගය කරලා මේ ෆිල්ම් එක බලපන්
බලලා ඇවිත් කියපන් මේ සහෝගේ මහන්සිය අපරාදයක්ද කියලා
අපි මේ දෙන හැම ෆිල්ම් එකක්ම නොබැලුවට මේ දෙන ෆිල්ම් බලන අය ඉන්නවා
දවසක කි-දාහක් මේ සයිට් ඒකට එනවද ඒ එන අයගෙන් එකෙක් හරි උපසිරස බාගත කරගෙන ෆිල්ම් එක බලනවා
අපි "උපසිරසට බොහොම ස්තුතියි" කියන්නේ ඒ සහෝගේ මහන්සියට කරන අගය කිරීමකට
පැය එකහමාරක ෆිල්ම් එකක් කරන්න සමහ වෙලාවට පැය විසි හතර මදිවෙනවා
තව කෙනෙක්ගේ මහන්සියක් දෙකේ කොලේට දාලා මෝඩයෙක් වගේ කතා කරන්න එපා.
උබ අලුත් ඒවා ඔය තරම් හොදයි කියනවානම් හොදට බලපන් imdb top 250 ඇතුලේ වැඩිපුරම තියෙන්නේ උබ ඔය කියන අලුත්ම ඒවාද කියලා.
උබලා වගේ උන්ට තමා Mr. Nobody කියලා කියන්නේ!Nisal Lakshan
මම දැන් මේ ෆිල්ම් එක බලල කමන්ට් කරන්නෙ සුපිරි ෆිල්ම් එක
ෆිල්ම් එක බලන්නෙ නැතුව හොඳ නෑ කියන්න එපා අනිත් අයත් නොමග යනවනේජගත්
නිකන් දීපු දේ ඇද හොයන්නෙපා Dinesh,
බොහොම ස්තූතියි ඉනූෂ උපසිරැසි වලට,
දන්නවනේ ඉතින් හැමදේම ඇද හොයන ජාතියක් ඉන්නවනේ.
බයිස්කෝප් එක කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව නොමිලේ මේ සිංහල උපසිරැසි දීල කරන්නේ ලොකු දෙයක්,
අපි ඒක අගය කරන්න ඕනි
Siraj
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ.
දිගටම වෙනස් විදියේ කතා වලට සබ් දෙන්‍න.vernie
maru ekak wage
Saman Prasad ( Black Cobra )
thanks bro...
indika
thnq
ANJANA
thnks..
ශාන් විමුක්ති [විමා]
ෂාහ් මචෝ මේකනම් මම බලපු සුපිරි ෆිලුමක්
මේකේ අන්තිමට කියවෙන්නේ දෙන්නා මාර්ග දෙහෙක ගියානම් මොනවගේ ජීවිතයක්ද ගතකරන්න පුළුවන් වෙන්නේ කියලා වගේ තමයි මට මතකකොහොම උනත් කමක් නැහැ ඔන්න මම ඔයාගේ සබත් එක්ක ආයේ බලනවා
බොහොම ස්තුතියි උපසිරසට සහෝ
තව මේ වගේ හොද නිර්මාණ වලට උපසිරසි අරන් එන්නඉනූෂ අඹගහවත්ත
බොහොම ස්තූතියි සහෝ!!!
comment එකට බොහොම ස්තූතියි. ඒ ලොකු හයියක්.
nalaka
thanks bro...
Nisal Lakshan
ඇත්තටම මචන් හොඳ ෆිල්ම් එකක් ....
yeshu
TnX
sihina.lahiru
superb yaluwa....download wenna damma.....
“චූටී මල්ලි”
කවුද කියන්නෙ මේවා කවුරුත්
බලන්නේ නෑ කියලා
1ක් හරි මේවා බලනවා බන්
ඒකනිසා
ඔයා ඔයාගෙ ක්‍රමයට
ඔයා කැමති ඒවාට සබ් දෙන්න සහෝ
සබට තුති
ඔබට ජය.....ඉනූෂ අඹගහවත්ත
බොහොම ස්තූතියි සහෝ!!!
ගයාන් ගමගේ
OLD IS GOLD.
චිත්‍රපටියක ගුණ අගුණ, හොඳ නොහොඳ, චිත්‍රපටිය තිරගත වෙලා තියෙන අවුරුද්දෙන් තීරණය කරන්න බෑ. එහෙ කරනවනම් ඒක ඒ පුද්ගලයගේ රසාස්වාදයේ තියෙන ලොකු දුර්වලතාවයක්. අලුත් චිත්‍රපටිවලට විතරක් සබ් දෙන්න ගියොත් අති විශිෂ්ඨ සිනමා නිර්මාණ රාශියක් රසවිඳින්න තියෙන අවස්තාව නැති වෙලා යන්න පුලුවන්. මොකදද හොඳම චිත්‍රපටි බොහෝ ප්‍රමාණයක් බිහිවෙලා තියෙන්නෙ මෑත කාලයේ නෙවෙයි මීට අවුරුදු 10කට 20කට කලින්. බොහෝම ස්තූතියි ඉනූෂ සහෝ මේ වගේ සුපිරි නිර්මාණයකට උපසිරැසි දුන්නට.ඉනූෂ අඹගහවත්ත
බොහොම ස්තූතියි සහෝ!!!
nayanajith
Niyamai saho.. Supirima film ekak... Bohoma sthuthi me karana mehewarata.
nayanajith
Me wage film hoya hoya balana aya ona tharam innawa saho.. Kenekuge rasaswadayak wenuwen thamange watina kalaya weya karagena me sahola karana mehewara ihalinma agaya karanna ona.
Chami
Thanks
Hiruni
thanx!
sp පියමල්
thanks සහෝ,2009 පහු වෙලා මහ කාලයක්ද,පරණ වෙන්නේ කොහොමද,thanks සහෝ,
නලින්
ස්තුතියි අනුෂ සහෝ
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි ඉනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Uraj Deemantha
ෆිල්ම් එක බලන්නම වෙයි වගේ විස්තර දැන ගන්න..... :)
Samee
Thanks malla..... ela ela .......
mudiya / මුදියා
නියමයි ඉනූෂයා.
බෙල්ජියම් එකක් නේද.
ගොඩාක් හොඳ ප්‍රතිචාර තියෙනව අපේ යාළුවන්ගෙන්.
අනිව බලනව.
ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍jagath pathirana
මමත් හරිම කැමති චිත්‍රපටියක් තමා මේක
ගොඩක් ස්තුතියි
පුලුවන්නම් flatland (2009)
ඇනිමේශන් චිත්‍රපටයටත් සබ් ටයිටල් එකක් දාන්න ඒකත් මේ ජාතියෙම එකක්gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Heshan
Mr.Nobody.2009.Extended.1080p.BluRay.x264.YIFY copy එකට sync වෙන්නේ නෑ මචන්... පුළුවන් නම් update කරපන්...re-sync කරන්න ඕන හැම වෙලාවේම
හුදකලාවූ වෘකයා
TNX MACHN ...!!!
sameera
tnx broooo
V
යකෝ මේක පට්ට නේ , butterfly effect සහ quantum many worlds interpretation ගැන තියන පට්ට ෆිල්ම් එකක් සබ එකට thanks
tharindu gunarathna
thanks mcn br rip akata sub update karanna
Dilan
Thanks bro
Indika Prabath
Thanks sub එකට
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Janithsapugoda
Thanks kollo
MAALnath
Thanks ....................good luck ...................
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Mr. Nobody (2009) | නිවැරදි මාවත සොයා (18+)[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Mr.Nobody-2009-555x250.jpg)

thanks machan