Not Safe for Work (2014) | රැකියාවද? ජීවිතයද? [සිංහල උපසිරසි සමඟ]
[one_third]යාළුවනේ, ඔන්න අද ඔයාලට ගෙනාවෙ 2014 වර්ෂයේ මැයි මස 9 වන දින තිරගත කරන ලද චිත්‍රපටයක්. මිනිත්තු 74 ක් පුරාවට දිවෙන මෙහි කතාව නීති ආයතනයක සේවය කරන නීති සහයකයෙක් හට මුහුණ දීමට සිදුවන ත්‍රාසජනක සිදුවීමක් වටා පෙළ ගැස්වෙනවා. ටොම් කියන්නෙ මෙහි ප්‍රධාන චරිතය වන අතර ඔහු සේවය කරන්නෙ ඉහත සඳහන් කළ නීති ආයතනයේ නීති සහයකයෙක් හැටියට. ඔහු තොරතුරු සොයා ගන්නවා විශාල සමාගමක නිකුත් කරන ඖෂධයක ඇති අහිතකර බලපෑම් සම්බන්ධව. නමුත් ඒ ගැන ආයතනයේ ප්‍රධානියා සතුටු වෙන්නෙ නැහැ. මොහුගේ අනවශ්‍ය සොයා බැලීම් නිසා මොහුව සේවයෙන් ඉවත් කරනවා. ඒ අතරෙ එදා දවසේ ආයතනයේ වැඩ කරන හැම කෙනාවම ගෙදර යවනවා එදා දවසේ සර්වර් වල බිඳ වැටීමක් සිදු වෙලා වැඩ ඇණ හිටින නිසා. කොහොම හරි ටොම්ව රැකියාවෙන් අස් කළ නිසා තමන්ගෙ බඩුත් අරන් එළියට යන වෙලාවෙ සැකකටයුතු පුද්ගලයෙක්ව දකින ටොම් ආපසු තමන්ගෙ ඔෆිස් එකට යනවා. දැන් බිල්ඩිමේ හැමෝම වගේ ගිහින් ඉවරයි. ඒත් කිහිප දෙනෙක් ඉතිරියි. ටොම් සැක කරපු පුද්ගලයා පසු පස යනකොට දැන ගන්නවා මොහු මිනීමරුවෙක් බව. බිල්ඩිමේ ඉතිරි වෙන්නෙ ටොම්, ඔහුගේ මිතුරා වන රොජර් සහ ආයතන ප්‍රධානියා විතරයි. කවුද මේ නන්නාඳුනන මිනීමරුවා? ඇයි රොජර් සහ ප්‍රධානියා යන්නෙ නැතුව නවතින්නෙ? ටොම් මොකක්ද කරන්න යන්නෙ කියලා දැන ගන්න කතාව බලන්නම වෙනවා.
Captain America: The First Avenger (2011), Jumanji (1995) සහ Jurassic Park III (2001) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් දායක වූ Joe Johnston මෙහි අධ්‍යක්ෂණ කටයුතු කර ඇති අතර ටොම් ලෙස Max Minghella, ඇනා ලෙස Eloise Mumford සහ එමරිච් ලෙස Christian Clemenson රංගනයෙන් දායක වෙනවා. හැමෝටම මෙම චිත්‍රපටය නරඹන ලෙස ඉල්ලා සිටිමින් මම සමු ගන්නවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!!!
[button link=”http://tinyurl.com/nux6rdj” type=”icon” “center” newwindow=”yes”] 697 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1010 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
එල
සබට තුති
ඔබට ජය………..
thnq 🙂
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි ෂෙරින් 😛 ජය
එල ඈ..
ෆිලුම් දෙන්න වගෙ හදන්නෙ දිගට හරහට.
ජය වේවා. !
Thanx machoo
sabata thanks sis!
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thank you sis
මේක ගන්න එපා. වැඩක් නෑ. Office එකක් ඇතුලේ හැංගිමුත්තන් සෙල්ලමක් තියෙන්නේ..
නියමයිනේ..
දිගටම ෆිල්ම් වලට සබ් දෙන්න.
සබ් එකට ගොඩක් ස්තුතියි.
තව එකක් ඉක්මනින්ම ගේමු.
ජයෙන් ජය,
niayamai…thanks SHEREEN sis..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි උපසිරැසියට… ඒත් මේ film 1 කලින් බයිස්කෝප් එකෙන්ම දීලා තියෙනවා.. thanks ෂෙරින්
එල එල මෙක නම් බානවා තැන්ක්ස් සබට
Thank you very much….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි ෂෙරින්! නැවතත් අළුත්ම චිත්‍රපටියකින් එහෙනම් ආවා නේද?
ජය වේවා!
ඔයාට ගොඩාක් ස්තූතියි සහෝදරිය!
දිගටම සබ් දෙන්න!
ඔබට ජය
Txx
සබට තුති සහෝ. මුල්ම කමෙන්ට් එක මගෙන් <3
බයිස්කෝප් අඩවියට ජය!!!