MENU

October (2018) with Sinhala Subtitles | සමන්පිච්ච මල් අතරින් ජීවිතය සොයා යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 92 votes.
Please wait...

වරුන්ට ආස නැද්ද?
එපා කරපු නළුවෙක්ද?
එහෙනම් බලන්නෙපා.
බැලුවොත් ඌ ගැන ආදරේ හිතෙයි.

බල බල ඉද්දි ඈනුමක් ගියාද?
එහෙමම වහලා දාන්න. බලන්නෙපා.
ඔයාට මේක විඳින්න බැරි වෙයි
ඔයා කියයි, ” අපෝ මේ මොකක්ද”
“මෙලෝ රහක් නෑනේ”

ඒත් මේක නෙමේද ජීවිතය?
මේක නෙමේද සිනමාව?
රීල් පටියකට පුලුවන් නම් පපුව ගැඹුරටම ගිහින්
තමන්ගෙ අණසක පතුරුවන්න,
ඊටත් එහා සිනමාවක් තියෙන්න පුලුවන්ද?

කොන්දේසි විරහිතව බලන්න ගන්න.
අරගෙන පරිස්සමට ඉඹින්න.
ඒ සමන්පිච්ච මල් සුවඳින් පපුව පුරෝගන්න.

කාගෙත් හිත් හොරාගත්තු Piku (2015), Pink (2016) චිත්‍රපටි මතකද? අමතක වෙන්න විදිහක් නෑ. ඒ සිනමාපට අරන් ආපු Shoojit Sircar මහත්තයගෙ අලුත්ම වැඩේ තමා මේ ඔක්තෝම්බරය. කියන්න වුවමනා නෑ මේ සලරුවත් උඩ කියපු ඒවට කීයටවත් දෙවනි වෙන්නෙ නැති බව. Shoojit මහත්තයා ඔක්තෝම්බරය එක්ක මේ සැරේ එකතු කරගත්තේ කවුරුත් නොහිතන සමහරු අකමැති වරුන් ධවාන් කොලුවා සහ ප්‍රධාන නිළිය වශයෙන් කාටවත් දැකලා හුරුවක්වත් නැති බනීටා සන්ධු කියන දැරිවි. වරුන් ගැන විශේෂයෙන් දෙයක් කියනව නම් තවමත් එයා දායක වෙච්ච කිසිම චිත්‍රපටියක් මූල්‍යමය වශයෙන් අසාර්ථක වෙලා නෑ. ඔක්කොම සල්ලි හොයන මැෂින් වගේ වුණා. හැබැයි ඔක්තෝම්බර් චිත්‍රපටිය, මූල්‍යමය අතින් මහ ලොකු ලාභයක් නම් අත් කරගත්තෙ නෑ. එව්වා ඒ විදියට උනාට ඔක්තෝම්බර් පස්ස හැරිල බැලුවේ වරුන්ට ලොකුම ලොකු රසික ප්‍රජාවක් බිහි කරලයි. මෙච්චරකල් වරුන්ට බැන බැන එයාගෙ චිත්‍රපටි බලපු අය ඉන්නව නම් අදින් පස්සෙ ඒ අදහස් වෙනස් වෙනවට සැකයක් නෑ. ඒ වගේම මේකේ ඉන්න අලුත් දැරිවි ගැන කියනව නම් ආධුනිකයි කියලා හිතන්නවත් බැරි වෙන්න තමන්ගෙ වැඩේ ගානට මිම්මට ඉෂ්ට කරල ඇති. බොරුද බලන්නකෝ.

ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.7ක් වගේ ලොකු අගයක් වාර්තා කරන්න ඔක්තෝම්බර් සමත් වෙලා තියෙනවා, ජන්ද 6200+ ප්‍රමාණයකින්. එදා මෙදාතුර හොඳම ඉන්දියානු සිනමාපට අතර 164 වෙනි ස්ථානය රැකගෙන ඉන්නත් කාගෙත් ආදරේ නොඅඩුව දිනාගත්තු මේ අගනා සලරුව සමත් වෙලා තියෙනවා. එහෙනම් මේ එළඹෙන්නේ ශ්‍රී ලාංකික බොලිවුඩ් රසිකයන්ට හොඳම සිනමාවක රහ බලන්න ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්. ඉදිරි පැය දෙක හොඳම පැය දෙකක් වෙනවා සත්තයි!

ෆිල්ම් එක ගැන උඩ හැදින්වීම මයුර කොල්ලගෙන්. මම, මේ අවුරුද්දට කරන එකහමාරවෙනි ෆිල්ම් එක තමා මේක. අවුරුද්දකට ෆිල්ම් එකාහමාරක්ම. වාව්. හොඳ ප්‍රගතියක්. ඒ වගේම මේක තවත් වාර්තාවක්. මොකද අදාළ කාලයට වඩා මාස එකාමරකට කලින් සබ් එකක් දෙන එකම කෙනා මම වෙනවා. ඔක්තෝබර් දෙන්න ඕනේ ෆිල්ම් එකක් අගෝස්තු මාසේ දෙන නිසා. (ෆිල්ම් එකේ නම ඔක්තෝබර් නිසා) කලට වෙලාවට ඔක්තෝබර්පේ මාසෙම තමා ෆිල්ම් එක දෙන්න හිතං උන්නේ, ඒත් අපේ උන්දලට හදිස්සිය නේ, ඒ නිසා තමයි කලින්ම මේක දෙන්නේ මේ. ඒ වගේම මේ ෆිල්ම් එක මට හම්බුණේ ප්‍රේක්ෂක ඡන්දයෙන්. සබ් නොකරන තරමේ කෙනෙක් වෙලත් තවමත් මාව මතකයේ තියං ඉන්න එක ගැන මම එයාලට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සමාවත් ඉල්ලනවා මෙච්චර ඉක්මණින්ම සබ් එක දෙන්න වුන එකට. ආයෙත් සබ් එකකින් හම්බෙමු කියන්නත් බයයි, මොකද මෙච්චර ස්පීඩ් සබ් කරද්දී ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය දරාගැනීමේ හැකියාව සීමිත නිසා.  එහෙනම් යන්නම්. ජය වේවා!!

 October (2018) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-07-25
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

97 thoughts on “October (2018) with Sinhala Subtitles | සමන්පිච්ච මල් අතරින් ජීවිතය සොයා යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

  • thanks a lot saho sub ekata..

    Reply
  • Thanks for subtitles..jaya wewa..

    Reply
  • උපසිරසට ස්තූතියි

    Reply
  • patta film ekak meka
    sub ekata jaya

    Reply
  • Thank you machan sub ekata..
    Jaya wewa!

    Reply
  • thanks bro. jaya wewa….!!!

    Reply
  • මයුර මල්ලිගෙ අදහස් එක්ක එකඟයි. වරුන් කියන්නෙ මටත් මහ එපාම කරපු නලුවෙක්. හැබැයි අර කිව්වත් වගේ ඩෑන් කියන චරිතෙට වරුන් උපරිම සාධාරණේ කරා. (ඒ ඉන්නෙ වරුන් නෙවෙයි, මට හිතෙන්නෙ දැන් එයාගෙ නම ඩෑන් කියලයි. ) ඒ වගේම ශිව්ලි.. කියන්න වචන නෑ, ඒ රංගනය අති විශිෂ්ටයි. අනිත් එක තමා සිංහල උපසිරැසිය. ඔය ආසිරි භායිට, මයුර මල්ලිට වගේ අපට හින්දි බෑනේ.. හැබැයි, ඉංග්‍රීසි උපසිරැසියක් එක්ක බලලා තේරුම් ගන්න පුලුවන්. ඒත්, එහෙම වුනා නම් මේ චිත්‍රපටයට මං මේ තරම් ආදරේ කරන එකක් නෑ. සැකයක් නෑ හේතුව තමා සිංහල උපසිරැසිය! ආසිරි භායි, බොහොම ස්තූතියි!

    Reply
  • Blueray වලට සබ් එක අප්ඩේට් කරන්නකො plz

    Reply
  • Sub 1kata thanks….. Me wage tawa film tikk kiyndako

    Reply
  • Thanks …………good luck …………

    Reply
  • Thanks ………….good luck ……………zookeeper 2011,now is good 2012,miss you already ,movie valatath sub denna

    Reply
  • Thanks …..good luck ………….zookeeper 2011,now is good 2012,miss you already ….movie valatath sub denna ………………

    Reply
  • Thanks …………good luck …………….zookeeper 2011,now is good 2012,miss you already …………movie valatath sub denna …………………

    Reply
  • kauruhari me kathave theruma mokakda kiyanavada

    Reply
  • sub1ta gdaaaaaak Thankz. Hoda film1k wennama ona ayya kyna wdhata nm. Film1 balalama aye comment1k dannam.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • torrent akak bganna link akak dennako sub set wena akak

    Reply
  • sepalika malai….
    sudu pata mee dumai…
    hari lassanai sudui….
    eththatama nuba wagei….

    Reply
  • Tnx bro sub ekata supiri film eka…

    Reply
  • Thanks bro good luck

    Reply
  • Thnks broo sub ekata

    Reply
  • hope Aur Hum 2018 sinhala sub denna puluwanda saho

    Reply
  • Journey of Bhangover 2017 sub eka denna puluwanda…..

    Reply
  • Subata Thanks saho….!!!

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට…!!!
    ජය වේවා….!

    Reply
  • ජයෙන් ජයම වේවා!

    Reply
  • Ela ela tnx saho sub ekata…

    Reply
  • Tnx saho sub ekata post eka thiyena widihata hadawathe pathulatama eka danuna supiri film eka….

    Reply
  • සුපිරි ම පිල්ම් එකක්. Thaks mc..

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Thanks Bro …. good Luck……

    Reply
  • Samanpichcha newei sepalika neda? kathawa nm kiyala wadak na,wishitai,wenas,meken passe varun gana loku pahadimak athi una,anthima wenakalma kuthuhalayen balanna puluwan,sub ekata sthuthi

    Reply
  • බොහොම ස්තූතියි අයියේ සබ් එකට……

    Reply
  • thanks bro. jaya wewa…!!!

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….මේක දානකන් තමයි හිටියේ මචෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….

    Reply
  • thanks bro. sub eka enakam balan hitiye

    Reply
  • බොහොමත්ම ස්තූතියි
    ජය වේවා………!!

    Reply
  • ස්තුතියි හේවා සහෝ.ජයවේවා!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සහෝ සබ් එකට, ජය වේවා………!!!!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Sub ekata thanks……….(Loveshhuda 2016 ) film ekata sub dennako plese………………….

    Reply
  • Sub ekatata sthuthiyi bro.

    Reply
  • Jasmin කියල ඉංග්‍රීසි උපසිරැසියෙ තියනම් ඒක සිංහලට එනකොට තමයි සමන්පිච්ච වෙන්න ඇත්තෙ, කාලෙකින් දාපු උපසිරැසියෙ අගය කියනව වෙනුවට ඒකෙ දොාස් කියන එක පුරැද්දක් කරගන්න එපා, ඒකෙ බලන්න තිබ්බෙ ඔච්චරමද? අපහාසයට නොව උපහාසයට පමනි. Jasmin=සමන්පිච්ච

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • සන්තෝසේ බෑ..
    වේලි වේලි තිබුනා මෙච්චර දවස්…
    බොහොම ස්තුතියි…
    තව්ව එකහමාරක් දෙකක් දෙමු 2020 වෙන්න කලින්.
    ජයෙන් ජය..!!

    Reply
  • sthuthi saho..oyage sub ekak nam aye suoirima thama..onna mmath banawa

    Reply
  • niayamai…aniwa bamak…HEWA sahoge subak nm isupiri thama.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • ඒනකල් බලන් හිටියේ
    සබ් 1ට බොහොම ස්තූතියි… _/\_

    Reply
  • බොහොම ස්තුතියි සුපිරි වැඩක්

    Reply
  • තැන්කු බ්‍රෝ සබ් එකට.බලමුකො ඒක කොහොමෙයි කියලා

    Reply
  • සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

    Reply
  • මයුරයා කලින්ම බුකියේ ලිපියක් දාලා නග්ගලා ගත්ත නිසා අද ලැබුණා. නැත්නම් නොවැම්බර් තමයි මේක ගන්න වෙන්නේ. 😛 ඡන්දෙකුත් තියලා මේක බාරදුන්න නිසා ෆිලුම ගැන ලොකු බලාපොරොත්තුවක් තියන් හිටියේ. බලමුකෝ. කියන විදිහට නම් ඒකට සාධාරණයක් කරලා වගේ. සබට තුති ආසිරි භායි.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • බොහොම ස්තූති සබ් එකට..
    මේ ෆිලුම එනකන් මඟ බලන් ඉදලා අමතකම වෙලා තියෙද්දි ලබාදුන්නට..

    තවත් හොඳ ෆිල්ම් වලට සබ් එක්ක් අයෙ හම්බෙමු ..

    Good Luck ,Bro

    Reply
  • බොහොම ස්තූති අයියේ උපසිරසට. කොහෙද ඉතිං අපිට අයියලා මතක තිබ්බට අයියලට අපිව මතක නෑනේ. ඉදලා හිටලා හරි සබක් අරන් එන්න අපිට. පරණම සාජිකයෝ ටික ඉදලා හිටලා හරි ඇවිත් ගියොත් තමා අපිටත් සතුටු. බුදුසරණයි..ජය වේවා!

    Reply
  • thank you sub ekata

    Reply
  • තැන්ක්ස් බ්‍රෝ

    Reply
  • අම්මො මේ මල්ලිගෙ හින්දි එකක් බලන්න අසාවෙන් උන්නේ…… අර මයුර මල්ලි එක්ක කරල දාපු එක නම් මාර ලස්සනයි ස්ටොරි එක.. අනිවාර්යයෙන් ගන්න ස්තුතියි මල්ලි❤

    Reply
  • Godaak thaks malliyo

    Reply
  • අනා හේවගෙ ඔක්තෝම්බරේ ජූලි වලම දීලනේ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!