හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! පොඩ්ඩක් පමා වෙලා උනත් අරගෙන ආවේ සමාජ ජාලාවන්හි සෑහෙන පෙරලියක් කරපු ෆිල්ම් එකකට උපසිරසි අරගෙන. හැමෝටම මතක ඇතිනේ අර ඇස් ගහන කෙල්ලව 😀 ඉතිං මේක තිරගතවීම සිදුවුනේ 2019 පෙබරවාරි 14 වැනිදා. ඊට කලින් තප්පර කිහිපයක වීඩියෝ ක්ලිප් එකක් රිලීස් කරනවා අන්තර්ජාලයට. ඒක සමාජ ජාලා හ…

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!
පොඩ්ඩක් පමා වෙලා උනත් අරගෙන ආවේ සමාජ ජාලාවන්හි සෑහෙන පෙරලියක් කරපු ෆිල්ම් එකකට උපසිරසි අරගෙන. හැමෝටම මතක ඇතිනේ අර ඇස් ගහන කෙල්ලව 😀 ඉතිං මේක තිරගතවීම සිදුවුනේ 2019 පෙබරවාරි 14 වැනිදා. ඊට කලින් තප්පර කිහිපයක වීඩියෝ ක්ලිප් එකක් රිලීස් කරනවා අන්තර්ජාලයට. ඒක සමාජ ජාලා හරහා සෑහෙන්න වයිරල් වෙනවා. ඊට පස්සෙ ඒ දර්ශනයට නඩුවක් පවා ෆයිල් වෙනව. අන්තිමේදී උසාවියෙන් කියන්නේ සිනමාපට හදන පිරිස සිනමාපට හදාවි ආගමික නායකයින් තමන්ගේ ආගමික ස්ථාන වලට වෙලා තමන්ගේ ආගමට අදාළ දේවල් කරගන්න කියල 😀 ප්‍රධාන කාන්තා චරිතය රඟපාන Priya Warrier මේකේ පලවෙනි සින්දුව රිලීස් කරලා සතියක් යනකොට අන්තර්ජාලයේ වැඩියෙන්ම සර්ච් කරපු ප්‍රසිද්ධ චරිතය බවට පත්වෙනව. ඔය දේවල් නිසාවෙන් අධක්ෂක Omar තමන්ගේ තිර පිටපත කිහිප වතාවක්ම වෙනස් කරනවා. මුලින්ම මේ ඉස්කෝල කෙල්ලයි කොල්ලයි ෆිල්ම් එකේ සුළු චරිත දෙකකට හිටිය කියල තමයි කියන්නෙ. අර වීඩියෝ එක වයිරල් උනාට පස්සෙ, ප්‍රධාන නළුවවයි නිලියවයි අයින් කරලා මේ පොඩි කොල්ලවයි කෙල්ලවයි ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරවල අලුතෙන්ම කතාව ලිව්වා කියල අන්තර්ජාලයේ තියෙනව. ඔන්න ඊට පස්සෙ ඒ කතාව රුගත කරල ෆිල්ම් එක තිරගත කරන පලවෙනි දවසෙම ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර වැඩිය හොඳ පැත්තට ලැබෙන්නේ නැහැ. ඔන්න ඒ නිසා ආයේ ඒ කතාව එඩිට් කරලා කපල කොටලා ආයේ වෙනස් කරනවා. ඊට පස්සෙ ආයේ ඒක තිරගත කරනව. අන්න ඒ තිරගත කරපු කතාව තමයි මේ තියෙන්නෙ. ඉතිං Omar ගෙ අධ්‍යක්ෂණයෙන්, Priya Prakash Varrier සහ Roshan Abdul Rahoof ගෙ ප්‍රධාන රංගනයෙන් හැඩවුන මේ යොවුන් ප්‍රේමය තේමා කොටගත්ත සිනමාපටය IMDB 6.6ක අගයක් ලබාගන්නවා.
කතාව පටන් ගන්නේ උසස්පෙළ පන්තියෙන්. එදා තමා රෝෂන් මුලින්ම ප්‍රියාව දකින්නෙ. ඒක ඇවිල්ල දුටු සැනින් ඇතිවෙන ආදරයක්. ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ යොවුන් පාසල් සිසුන් පිරිසක් තුල සිද්දවෙන සිදුවීම් දාමයක් ගැන කතාවක්. ඇත්තටම කතාව ගැන ඕනවට වඩා කිව්වොත් වැඩේ අවුල් යන්න පුළුවන් නිසා ඒ තරම් දුරකට කතාව නොකියා ඔයාලට බලන්න ඉතුරු කරන්නම්. අපි වැඩි දෙනෙක්ට පාසල් ප්‍රේමය කියන එක සුළුවට හරි තියෙනවනේ. ඉතිං සමහරවිඅට මේකෙන් ඒ මතකයන් සෑහෙන්න ඇවිස්සෙන්න පුළුවන්. ෆිල්ම් එක පුරාවටම ඒ මතකයන් සිහි ගන්වමින් බලන්නත් පුළුවන් වෙයි බොහොම සැහැල්ලුවෙන්.
මේක තමා මම කරන පලවෙනි මලයාලම් සිංහල උපසිරැසිය. එහෙනම් ඉතිං පොඩ්ඩක් පමා වෙලා අරගෙන ආව එකේ තව දුරටත් ලිපිය දික් ගස්සන්නේ නැතුව ඉක්මනටම ඉවර කරන්නම්. අන්තර්ජාලයට නිකුත් වෙලා තිබ්බ උපසිරසියත් සෑහෙන්න අවුල් එකක්. ඒ නිසාම තමා ගොඩක් පරක්කු උනෙත්. ඉතිං සබ් එක කරගෙන යනකොට මට උදව් කරපු මගේ නංගි සොනාලිටත් බොහොම ස්තුතියි කියන්න ඕන මට උදව් කලාට. එහෙනම් හැමෝටම නැවතත් සුභ අලුත් අවුරුද්දක් පතමින් සමුගන්නම්, නැවත උපසිරසියකින් හමුවෙමු. 🙂
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Org HQ DVDRip පිටපත් සඳහා අදාළ වේ.
39,364 downloadsDownload Oru-Adaar-Love-2019-update.zip66 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණී ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
102 comments
තාරක නුවන් දිල්හාර ©T
NipunaR
Sub ekata thanks...!!!
sameerawiky
film eka kohenda ganna tiyenne
Gayesha Sathsarani
Email me: [email protected]
තිසර නියෝ
බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සයිට් එකෙන් ගන්න
dilanprathapasinghe
kickass torents walai,1337x torrents walai meke camera copy ekek thiyenne.aparader download kara man.bro meka download karanne kohomada kiyala kiyanna puluwanda?
vinura_01
url ekak danna puluwnda?
lahirukodikara1994
thank u for the sub
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
ෆිලුම අරන් තියාගෙන හිටියේ සබ දෙනකල්.
අැස් ගහන නගාව බලන්නම එපැයි ඉතින්. :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Sandeepmadushan
Thanx
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Prageeth Telshan
thanks for sub
sanjeewam545
Thanks sub akata...
Prabath_Dinusha
MP3 file ekak kiyalane thiyenne
Prabath_Dinusha
wede goda ............. thankx
Ammamage
සුපිරි
madawaththa
Tnx sis..
harshani11112
ස්තුති ගයේෂා.... සුභ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් හැමොටම
තෙරැවන්සරණයිChamara Diaz
Thanks Sis..~
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
සුභ අලුත් අවුරුද්දක් වේවා !Sandun S Wijesooriya
Thanks Sis.
Happy Sinhala & Tamil new year...!ඒෂාන් කාංචන
tnx sis
ඒෂාන් කාංචන
සුභ අලුත් අවුරුද්දක් වේවා
Dunithnethmika
Ela
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
සුභ අලුත් අවුරුද්දක් වේවාkrishanthak2
කොල්ටි වැඩේ.....එල
යුරාන් ධනුක (ධනූ)
උපසිරැසියට බොහෝම ස්තූතියි ගයේෂා !!!
ජය . . . !!!LimeGreenSoda
thankx
Udaya Saman
ෆිල්ම් එක අරන් තයාගෙනම හිටිය සබ් දෙනකන්..ඔන්න එහෙනම් අද බලන්න පුළුවන්්...උපසිරසියට බොහොම ස්තූතියි..
C lakmal
thanks ,
Pottu (2019) Tamil මේ ෆිල්ම් එකට සිංහල සබ් දෙන්න බලන්න.MAP
tnz sis nice work
Kulanjana Maduranga
niyamai..subata thanks.keep it up..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..ෆිල්ම් එක සෑහෙන්න එහාට මෙහාට වෙලා නේද! හිතපු විදියටම තියේද කියන එකයි අවුල. බලලම බලමුකෝ...බුදුසරණයි...ජය වේවා!!!
93
sub ekata thmks akka.puluwannma :juvva> kiyana thelagu move eka sub eka krala danna
Lalani Maduwanthi
Thank you
චානක ඉඳුනිල්
ස්තූතියි සිස් සබ් එකට,
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
චිත්‍රපටිය බැලුවා උපසිරැසිය නියමට කරලා තිබුණ බොහොම ස්තුතියි..!
ChamodW
download karapu link eka diyanko
Sandunprabath1230
Thanks sis
Ypnr
Sub ekata godak thanks
rangika Kariyawasam
බෝම තුති ගයේෂා .ෆට්ටම වැඩක්.තැන්කු
Sanjeeva
SUUUUUUUUUUUUUUUUUUUUUpiri Digatama Sub Demu.
gayan215
bohoma sthuthi sahodari,....
wathsalaM
ane mata download karaganna beene. ay ee
keerthirathna
film ekanam wedak ne. fantacy ekak.
Lkshitha
sira kathawa
Tharindu Madushan 96
Thank
usi
pattama boka bng film eka..eeyaa
suranuwan
thank you......
gihan perera
ස්තුතියි සහෝදරී ගොඩක්...පාසල් පේුමයක් නම් නොබලා කොහොමද...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා....
AmbalangodageDilshan
Thanks
thank you sis sub ekata...hodin karagena yanna puluwan wewaaaaa.....suba aluth auruddk wewaa
wajira
Thanks for sub
shanjaysl
film eka banne kohomada
shanjaysl
film eka banne kohomada
methaninmilandilshan
Kohomada film 1 downlord karanne
Sankalpa44
Film eke download link eka dennako
damith_janaranjana
තැන්ක්
Shehan putha
Thanks sis....
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

ඔන්න එහෙනම් ගන්නවා..
ස්තුතියි උපසිරසියට..
ඔයැයිටත් තියෙන්නෙ අරුම පුදුම ආදරයක්නෙ ඉතින් :)
ආයෙ හම්බවෙමු... ආදලෙයි..
ජයෙන් ජය!!!