දීර්ඝ කාලයකින් පසු තම බිරිඳව හමුවිමට යන ආදරනීය ඔහුත්, තම සැමියා හමුවීමට නොඉවසිල්ලෙන් පසුවන සෙනෙහෙබර ඇයත්, ඔවුන් අතර ඔවුන්ටම නොදැනී සල්ලාල වෘකයෙක් සිටින බව නොදනී. බලවතුන් සමඟ හෙට්ටු වීමට නොහැකිව, නීතීයෙන් පිළිසරණක් නොලද ඔහු නීතිය තමන් විසින් ක්‍රියාත්මක කිරීමට පෙළඹේ. එම වරදට සිරගත වන ඔහු දඟ ගෙය තුල…

දීර්ඝ කාලයකින් පසු තම බිරිඳව හමුවිමට යන ආදරනීය ඔහුත්, තම සැමියා හමුවීමට නොඉවසිල්ලෙන් පසුවන සෙනෙහෙබර ඇයත්, ඔවුන් අතර ඔවුන්ටම නොදැනී සල්ලාල වෘකයෙක් සිටින බව නොදනී. බලවතුන් සමඟ හෙට්ටු වීමට නොහැකිව, නීතීයෙන් පිළිසරණක් නොලද ඔහු නීතිය තමන් විසින් ක්‍රියාත්මක කිරීමට පෙළඹේ. එම වරදට සිරගත වන ඔහු දඟ ගෙය තුල නොමිනිස් සමාජය උපේක්ෂාවෙන් ඉවසමින් සියළු බලාපොරොත්තු අතහැර මාරයා හමුවීමට බලාසිටින විට පැමිණෙන නව බලාපොරොත්තුවකින් ඔහු දෛවය පසෙක ලා උදාර කර්තව්‍යයක් වෙනුවෙන් තම ජීවිතය කැපකිරීමට තීරණය කරයි…
ආයුබෝවන් බයිස්කෝප් හිතවතුනේ, උඩ තියෙන ටික කියෙව්වම ප්‍රශ්න ගොඩක් ඔළුවට එන්න ඇති, මේ සලරුව නැරඹූවාට පස්සේ ඒවට උත්තර දැන ගන්න පුළුවන්. ඉතිං අද මම ගෙනාවේ සුපිරි නළුවෙක් ඉන්න ටිකක් පරණ චිත්‍රපටයක්, පරණ උනාට ගුණාත්මක බවින් නම් අඩුවක් නෑ. ක්‍රියාදාම චිත්‍රපට ගැන කතා කරද්දි Jean Claude Van Damme කියන නම නැතුව ඒ ගැන කතා කරන්න අමාරුයි. බෙල්ජියමේ උපත ලද මොහු මේ වනවිට 58 හැවිදිරි වියේ පසු වෙන ඒත් තවමත් ක්‍රියාකාරි රංගන ශිල්පියෙක්. Kickboxer (1989) චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබීමත් සමඟ ජනප්‍රියත්වයේ හිණිපෙත්තට පැමිණි වෑන් ඩෑම්ගේ ජනප්‍රියත්වය අදටත් අඩුවක් නෑ. චිතරපටයේ කතාව ගැන වැඩිය කියන්නේ නෑ එක හුස්මට බලන්න පුළුවන් නියම ෆිලුමක්.
2003 දී Ringo Lam විසින් අධ්‍යක්ෂනය කල මෙම සිත්තම 6.3 ක IMDb අගයක් ලබා ගැනීමට සමත් වෙනවා. Action/Drama/Thriller යන කාණ්ඩ වලට අයත් මෙහි ප්‍රධාන චරිතය වන කයිල් ලේබ්ලෑන්ක් ලෙස Lionheart (1990), Second in Command (2006), The Quest (1996), Universal Soldier (1992) , Wake of Death (2004) Bloodsport (1988) ආදී චිත්‍රපට වල රඟ පෑ ඉහත සඳහන් කල සුපිරි නළු Jean Claude Van Damme විසින් රඟ දක්වනවා. සෙසු චරිත සඳහා Lawrence Taylor සිරකරු 451 ලෙසත්, Chris Moir බිලී ලෙසත්, Marnie Alton ග්‍රේ ලෙසත් රංගනයෙන් දායක වෙනවා. ෆිල්ම් එක බලන කොට Prison Break බලපු අයටනම් ඒකේ උන දේවල් ගොඩක් මේ ෆිල්ම් එකෙත් වෙන හැටි බලාගන්න පුළුවන්. මේ ෆිලුම උපසිරැසි ගැන්වීමට අවසර දුන් තිසර සහෝවත් ආදරයෙන් මතක් කරන ගමන් එහෙනම් වෙනදා වගේම අදහස් උදහස් කොමෙන්ටුවකින් දාගෙන යන්න කියලා ඉල්ලනවා. මේ වගේ තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ජය වේවා …! 😀
ඔබ සැමටම උදා වූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද කිරි පැණි උතුරන සුභ අළුත් අවුරුද්දක් වේවා… !

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,354 downloadsDownload In.Hell_.2003.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
19 comments
Kantha_DLA
Kulanjana Maduranga
subata thanks...keep it up...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....
වෑන් ඩෑම් ගෙ එකක් නං නොබලා කොහොමද....?Udaya Saman
උපසිරසියට බොහොම තුති ධනුව..ඒ වගේ සුභම සුභ අළුත් අවුරුද්දක් ඔබටත්..ඔන්න එහෙනම් ඩවුන් කරා..
Chamindalakruwan
සුභ අලුත් අවුරුද්දක් වෙවා
සබ් එක දෙනකම් බලන් හිටියේ
බොහොම ස්තුතිNirosh C
පට්ට ෆිලුමක්..ස්තුතියි යුරාන් සහෝ ,ජයවේවා!
Sandaru
Thanks for sub.good luck bro
suranuwan
thanks........
Rukshan37
ela ela
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Nirosha Nirosha
thanks
Vihanga sathsara
thankss machan sub ekata
Haritha245
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malithmadhushan45
බොහොම ස්තුතියි සහො උපසිරසට. ඔන්න බැවා මාත්
Dragonwhite
පට්ටමයි හොදේ
Pramukmili
thanxx bro..........
jagath55
Thanks
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති උ
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
සුභ අලුත් අවුරුද්දක් වේවා !
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……