අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Poor Things (2023) Sinhala Subtitles | බෙලා බැක්ස්ටර්ගේ වීර චාරිකාව [සිංහල උපසිරැසි]

Rating: 8.7/10. From 21 votes.
Please wait...

Poor Things (2023) Cover

Poor Things (2023) Sinhala Subtitles, Poor Things, Poor Things (2023)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ගිය අවුරුද්දෙ නිකුත් වෙච්ච අති දැවැන්ත නිර්මාණයක්. මේක අති දැවැන්ත නිර්මාණයක් වෙන්නේ ගිය අවුරුද්දෙ නිකුත් වෙච්ච චිත්‍රපට වලින් ඉහල විචාරක පැසසුම් සහ සම්මාන රාශ්‍රියක් මේකට දිනා ගන්න හැකිවුණ නිසයි. එනම් ලෝකප්‍රසිද්ද සම්මාන උළෙලක් වෙන ගෝල්ඩම් ග්ලෝබ් සම්මාන උළෙලදී 2023 වසරේ හොඳම හාස්‍යජනක චිත්‍රපයට හිමි සම්මානය සහ හොඳම නිළියට හිමි සම්මානය(එමා ස්ටෝන්) දිනාගන්න මෙම චිත්‍රපටයට හැකිවෙනවා. ඊට අමතරව තව විවිද සම්මාන 93 දිනාගන්න සමත් වෙලා තියෙනවා වගේම ඉදිරියේදි පැමිනෙන්න තියෙන ඔස්කාර් සම්මාන උළෙල සඳහාත් නිර්දේශ 12 ලබාගෙන තියෙනවා. තව මේකෙ ප්‍රේක්ශක ප්‍රතිචාර ගැන කතා කලොත් IMDb දර්ශකේ මනාප 120,000 අධික ප්‍රමානයකින් 8.3 ඉතා ඉහල අගයකුත් කුණු තක්කාලි 92% ලබාගන්නත් හැකිවෙලා තියෙනවා.

මේ චිත්‍රපටය ලෝකය පුරා තිරගත වීම ආරම්භ වුණේ 2023 දෙසැම්බර් 8 වෙනිදා. අන්තර්ජාලයට මෙහි වෙබ් පිටපත් නිකුත් වුණේ පෙබරවාරි 27 වෙනිදා. ඩොලර් මිලියන 35 යොදා නිෂ්පාදනය කරපු මෙම චිත්‍රපටයෙන් ඩොලර් මිලියන 102 හොයාගන්න සමත්වෙලා තියෙනවා. මේක අධ්‍යක්ශනය කරන්නේ සම්මාන ලාභී අධ්‍යක්ෂකවරයෙක් වෙන Yorgos Lanthimos මහතා විසිනුයි. තව මේකෙ කාස්ට් එක ගැන කිව්වොත් ඉතාම ප්‍රසිද්ධ නළු නිළියන් රැසක් මේකට දායක වෙලා තියෙනවා එනම්, Emma Stone / Mark Ruffalo / Willem Dafoe / Ramy Youssef / Christopher Abbott / Jerrod Carmichael වැනි අය.

මේකෙ කතාව ගැන නම් කොහොම කියන්නද මන්දා. මොකද මේක සෑහෙන වෙනස් කතා තේමාවක් තියෙන ෆිල්ම් එකක්. ඒ බව මේකෙ ට්‍රේලර් එක බැලුවහමත් ඔයාලට තේරෙයි. ඒත් ඉතිං ෆිල්ම් එක ගැන කිසිම අදහසක් නැති අයවෙනුවෙන් පොඩියට කතාව ගැන කියන්නම්, මේක පටන් ගන්නේ එක්තරා කාන්තාවක් සෑහෙන දුකෙන් තමන්ගෙ ජීවිතේ නැතිකරගන්න තැනකින්. ඊට පස්සෙ පෙන්නන්නේ ගෝඩ්වින් බැක්ස්ටර් නැතිනම් ගෝඩ් කියලා හදුන්වන විඳ්‍යාඥයාගෙ ගෙදර ඒ සියදිවි නසාගත්ත කාන්තාව වගේම කෙල්ලෙක් ජීවත් වෙනවා. හැබැයි එයාගෙ මනස වර්ධනය වෙලා නෑ, හැසිරෙන්නෙ පුංචි ළමයෙක් වගේ හරිම මුරන්ඩුයි. ඇයගෙ නම තමයි බෙලා. ගෝඩ් එයාට ගෙදරින් එළියටවත් බහින්න දෙන්නෑ. එයාව ඒ ගෙදර හිරකරගෙන වගේ තමයි හදන්නේ. ඉතිං බෙලාට ලෝකෙ ගැන දැනගන්න හරිම ලොකු ආසාවක් තමයි තියෙන්නේ. ඉතිං කවුද මේ බෙලා කියන්නෙ? ගෝඩ් එයාට මොනව කරල ඇතිද එහෙම මනස වර්ධනය නොවී පොඩි ළමයෙක් වගේ හැසිරෙන්න තරම්? බෙලාට හැකිවෙයිද ලෝකෙ ගැන දැනගන්න එහි සංචාරය කරන්න? අර මුලින් සියදිවි නසාගත්ත බෙලා වගේ හිටිය කාන්තාව කවුද? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ඔයාලට මේක බලන්නම වෙනවා. ඕන්නම් මං ඒ එක ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්නම්. ඔව්, බෙලාට හොඳට ලෝකෙ වටේ සංචාරය කරන්න අවස්ථාව හම්බෙනවා. හැබැයි ඒකත් වෙනස්ම විදිහකට. බලලාම දැනගන්නකො එහෙනම්.

එහෙනම් එච්චරයි කතාව ගැන කියන්න යන්නේ හැබැයි විශේශයෙන්ම කියන්න ඕනෙ මේකෙ බෙලාගෙ චරිතය නිරූපණය කරන එමා ස්ටෝන් නම් ඒ වැඩේ තිතටම කරනවා. ඉතිං පුදුමයක් නෑ ඇයට ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලෙදි හොඳම නිළියට හිමි සම්මානය ලැබුන එක. එහෙනම් ඔච්චරයි ෆිල්ම් එක ගැන මං කියන්න යන්නේ. මේකට උපසිරැසි කරන්න මාත් එක්ක සම්බන්ද වුණ සංජන චමෝද් සහෝදරයට ස්තූති කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට සහ “සංජන චමෝද් වික්‍රමරත්න” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Poor Things (2023) Sinhala Subtitles, Poor Things, Poor Things (2023)

12 thoughts on “Poor Things (2023) Sinhala Subtitles | බෙලා බැක්ස්ටර්ගේ වීර චාරිකාව [සිංහල උපසිරැසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

    Reply
  • Thanks sub එකට
    Anatomy of fall movie එකටත් සබ් දෙන්න

    Reply
  • Argylle sub eka denna please

    Reply
  • Maamla Legal Hai dennako

    Reply
  • good job bro

    Reply
  • thanks brother
    farewell mr haffmann 2021
    persion lessons 2020
    sub eka denna puluwan nam

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *