ඔන්න යාලුවනේ මගේ 3 වෙනි උපසිරැසියත් ගෙනාවා. මේක ගැන ලිපියක් පල වෙලා තිබ්‍බාට උපසිරැසියක් තිබුනේ නෑ. ඒ හින්‍දා මට මේකට උපසිරැසි දාන්‍න කැමත්‍තක් ආවා. දැන් ඒ කැමැත්‍ත ඉටු වුනා. මේක පොඩ්‍ඩක් අමුතු කතාවක් කියලා…

ඔන්‍න යාලුවනේ මගේ 3 වෙනි උපසිරැසියත් ගෙනාවා. මේක ගැන ලිපියක් පල වෙලා තිබ්‍බාට උපසිරැසියක් තිබුනේ නෑ. ඒ හින්‍දා මට මේකට උපසිරැසි දාන්‍න කැමත්‍තක් ආවා. දැන් ඒ කැමැත්‍ත ඉටු වුනා. මේක පොඩ්‍ඩක් අමුතු කතාවක් කියලා නම් කියන්‍න පුලුවන්. ඒ හින්‍දා ඕගොල්‍ලන්‍ට මේක මුල සිට අගට කුතුහලයෙන් නරඹන්‍න පුලුවන්.
මේක නිකුත් වුනේ 2009 වසරේදීය. imdb අගය 5.5 ක් ලබා ගැනීමට මේ සලරුව සමත් වී තිබෙනවා. අධ්‍යක්ෂණය Joel Bergvall, Simon Sandquist යන දෙදෙනාගෙනි. Sarah Michelle Gellar “ජෙස්” ලෙසද, Lee Pace “රෝමන්” ලෙසද ,Michael Landes “රයන්” ලෙසද රංගනයේ යෙදෙනවා.
මේකේ කතාව පිලිබඳව “රොයිලි” අයියා ලොකු විස්‍තරයක් දීලා තියෙනවා. ඒක හොදටම ප්‍රමාණවත් කියා මා සිතනවා. එහෙනම් තවත් උපසිරැසියක් සමග ඔබ සැම හමුවන බලාපොරොත්‍තුවෙන් සමු ගන්‍නවා. ආ.. යන්‍න කලින් දෙයක් කියන්‍න ඕන වුනා, ඒ මගේ කලින් උපසිරැසියට අදහස් දක්‍වපු සැමට ස්‍තූතියි. ඒ වගේම මට මේ දේවල් කරන්‍න උදව් කරන බයිස්‍කෝප් අඩවියේ සහෝලා සැමට ස්‍තූතියි.
෴ ෴ ෴ බයිස්‍කෝප් අඩවිය සැමදාටම වැජඹේවා.෴෴෴
මීට කලින් පලවූ ලිපිය.
හැමදාම ඉතින් සංවේදී ආදර කතා ගැනම කිව්වම කට්ටිය ඇහුවනේ මොකක් හරි පෞද්ගලික අවුලක් එහෙම තියෙනවද කියලා. 😛 ඔන්න ඒක නිසාම Horrer පැත්තට බර ඒත් බලන්න කතාවක් තියෙන චිත්‍රපටියක් ගැන ලියන්න හිතුනා. නමින්ම තේරෙනවනේ මේක ආරූඩයක් ගැන කතාවක් බව.
රොමන් හා රයන් කියන්නේ සහෝදරයින්. එක ගෙදරක ජීවත් වුවත් මින් රෝමන් පසුගිය වැරැද්දක් නිසා නගරයෙන් පිටවීමට තහනමක් ලබා තිබෙන වැරදි කරුවෙක්. එහෙත් රයන් කියන්නේ රූමත් ජෙස් හා විවාහ වී සිටින නිවුනු චරිතයක්. ජෙස් අධික ලෙස කාර්යය බහුල නිසාම ඇය විසින් ඉටුකල යුතු යුතුකම් පවා අතපසුවන විට රයන් ඒ සියල්ලම මුවින් නොබැන ඉටුකරනු ලබනවා. මේ අතර මොවුන් දෙදෙනාගේ පළමුවෙනි විවාහ සංවත්සරය පවා ඇයට අමතක වූවත් ඔහු ඒ සඳහා සුළු උත්සවයක් පවා සූදානම් කර තිබෙනවා. විවාහ සංවත්සරයට පසු දිනම නිරන්තරයෙන්ම තමා දෙස සැකෙන් අන් උදවිය බලන නිසා කළකිරෙන රෝමන් නගරය හැර යනවා. රෝමන් තම තහනම කඩ කරන බව ජෙස් විසින් ඒ වනවිට නගරයට ගොස් තිබෙන රයන් හට පවසනවා. රයන් නැවත නිවස කරා වේගයෙන් වාහනය පදවමින් පැමිණෙන විට දුරකථනයෙන් තම පළා යන සොහොයුරාව අමතන්න තැත් කිරීම නිසාත් අධික මීදුම නිසාත් ඔහුව රිය අනතුරකට භාජනය වෙනවා. දෛවයකින් මෙන් මෙසේ ඔහුගේ අනතුරට හේතුවෙන අනෙක් වාහනයේ සිටින්නේ නගරයෙන් පලා යන තමාගේම සොහොයුරායි. දෙදෙනාවම දැඩි සත්කාර අංශයට ඇතුළු කරන අතර වෛද්‍යවරුන් පවසන්නේ ඔවුන් අතරින් ජෙස් ගේ සැමියා වන රයන් හට නැවත සිහිය නොපැමිණෙන බවයි.
එහෙත් රෝමන් ට සිහිය ඉක්මනින් ලැබෙන අතර ඔහු පුදුමයකින් මෙන් කියා සිටින්නේ තමා රෝමන් නොව රයන් බවයි. ජෙස් තම බිරිය බවද පවසා සිටිනවා. මහ පිස්සු හැදෙන කතාවක් නේ……
මේක රෝමන්ගේ තවත් එක භයානක අපරාධයක ආරම්භයක් වෙනුවෙන් කෙරෙන රඟපෑමක්ද? එසේ නොමැති නම් අනතුර සිදුවූ ස්ථානයේදී දෙදෙනාගෙන් ගලාගිය ලේ එකිනෙක් මිශ්‍ර වන මොහොතේම හෘදය කෘතිමව පණගැන්වීම සඳහා විදුලි සැර ඇල්ලූ නිසා සිදුවුනු දෙයක්ද මේ? බාලම බලමු නේ….
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
cde0fd359fb112306096c7aab6cb1c9814d74253 f766678dd035a66d9b5fcce359787ce4b909b8ef ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
852 downloadsDownload Possession-2009.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
53 comments
kathu
Tharindudoo
පොතේ ගුරා මම් එවපු ඊමේල් එකට reply එකක් ලෑබුණේ නෑතෑ
අකිල ප්‍රනාන්දු
එළ එළ
chamila
බාලම තමයි බලන්න වෙන්නේ... :(
Sama
Ela kathawak wage.Balama balamu thanx........
Sama
baiscopelk film mama godak bawa.Okkoma wage hodai.Sinhala sub dana wade kiyala wadak naha ela.Kattiyatama thanx.
Brayen
Thanks wewa!!!!!!!!!
sameera
Hmmmm, mama horror balanne nathoooooo. :(
Aravinda
සබ් දුන්නානම් හොදයි නේද ?
සරදියල්
එල කිරි ජය වේවා :)
Enri
බයිස්කෝප් පැත්තේ නෑවිත් කොහොමද රොයිලියා? ඒක නෙමේ the good the bad and the uglyවැඩේ මොකද? තව යෝජනාවක්. the wolfmanකියල පට්ට movieඑකක් ඇවිල්ලා. පුලුවන්නන් ඒක ගැන ලියන්න. සබ් ඕන නෑ. the good.......ඒක ගැනත් බලන්න.:)
මැරයා
ටිකක් මඤ්ඤං වගෙ බාලම බලමු..
චමිදේවා
නරකම නෑ මේක.
ඒත් ඉතින් මම කැමති ජාතියේ එකක් නම් නෙමෙයි.LishWish
බානවෝ...............!!!!
රොයිලි
@ kathu,
ඔව් ඔව් ඔයා තමයි පළමුවෙනියා. උදෙන්ම නැඟිටලා වගේ. හොඳ ළමයි එහෙම තමයි :)@ Tharindudoo,
පොතේ ගුරා මේ ඔබේ අවධානය පිණිසයි. :Pතව එකක් යවහන් බන්. ඕකට පැලෙන්න වැඩ. :P
@ අකිල ප්‍රනාන්දු,
එලම තමා. ස්තූතියි සහෝ කමෙන්ට් එකට.@ chamila,
හැමදාමත්ම වගේ බාලම තමා බලන්න වෙන්නේ. කෝ ඉතින් ඔයා අපිට බාලම බලන්න ලිපි දෙන එකක් යෑ. එහෙම වුනානම් අපිටත් බාලම තමා බලනන් වෙන්නේ :Psusantha
makanam mara story aka.thnx..
රොයිලි
@Sama,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න. ජය වේවා!!!@ Brayen,
ස්තූතියි මචෝ. :)@ sameera,
horror කිව්වට එහෙමම නැහැ මචෝ. එකයි මම ලිව්වෙ. :P@ Aravinda,
හැම එකටම දෙන්න අමාරුයි මචෝ. පුළුවන් උපරිමෙන් දෙන්න බලනවා මචෝ :)රොයිලි
@ සරදියල්,
අම්මෝ උබ නම් මේවා බලලා කරලා බලන්න එහෙම යනවා නෙවෙයි ඕන්. :P@ Enri,
මම සයිට් එකේ කමෙන්ට් එකක් දැම්මා මචෝ. බලහන්. :P@මැරයා,
ඒකත් එහෙමද. පොඩ්ඩක් බලහන්කෝ ඒ ගතිය පහවෙයිද කියලා :D@ චමිදේවා,
සහෝ එහෙනම් දැනටම බලලා වගේ එල එල :Pරොයිලි
@LishWish,
එල එල ස්තූතියි මචෝ. බලලම කියහන්කෝ කොහොමද කියලා.@ susantha,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. :Pchathurarcrc
ෆිල්ම් එකනම් එල වගේ.. තැන්කු සහො..
Lucky
'My name is khan' thawama naddoo?
යෝගියා
ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවිය.. පරක්කු වෙලා ආවාට සමාව භාජනයකට දාලා දියං රෝයියෝ..
මං ඔය බූත චිත්තරපටි නං බලන්ඩ බයයි. ඒත් කමන්නෑ. උඹ කියනවනං බාගෙන බලන්නංකෝ.
-ජය
dasun
balamu akath
රොයිලි
@ chathurarcrc,
බාලම බලහන්කෝ සහෝ. ස්තූති වෙන්න ඕනා කමෙන්ට් එකට.@ Lucky,
අපේ සහෝදරයෙක් ඒකට සිංහල සබ් එක්කම දෙන්න බාර ගත්තා. අනිවා ඉක්මනට දෙන්න පුළුවන් වෙයි. :Pරොයිලි
@ යෝගියා,
ඔබතුමා මේ පැත්තට ආපු එක ගැනනම් සතුටුයි. ඒත් මට ප්‍රශ්නය තියෙන්නේ මේවා බලලා රෑට ඇඳ තෙමාගත්තම මම එපැයි බැනුම් අහන්න. :P@ dasun,
ඔව් ඉතින් වෙන මොකක් කරන්නද නේද? බාලම බලමු :Phemantha samarakoon
මාත් කැමතියි රොයිලි මලේ සබ් දානවා නම්......
මුෂී මල්ලී
හෆොයි ... මම අදනෙ මේක දෑක්කෙ..... හ්ම්ම්ම්ම්ම්!!!! බාලම බලමු..... තන්කු කිව්ව එහෙනම්........ ජය වේවා....
රොයිලි
@hemantha samarakoon,
හ්ම්ම්ම්ම් තව තව හොඳ ඒවට ඉස්සරහට එනවෝ... :P@මුෂී මල්ලී,
ස්තූතියි මුෂී මල්ලියෝ කමෙන්ට් එකට :Pරසිකයෙක්
හොඳ කතාවක් සහිත චිත්‍රපටියක් එත් මොකක්දෝ අඩුවක් චිත්‍රපටියතුල තියෙනවා වගේ හැගෙනවා
රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට බොහොම ස්තුතියිUraj Deemantha
මේක බාලත් කමෙන්ට් එකක් දාන්න අමතක වෙලා..... :( සොරි හොදේ......!! :)
ruwani
movie1 alut theme1k tiyanne..
lassana film1k.man lagadi tamai mage yaluwek gen me blog1 gana danagathe,,Keep up the great work!!
nipuna prasad
thankssss
asiri
Thanks for subs
tharanga
බොහොම තුති මචං
geeth
niyamama akak wage balamu
mss
elakiri txxxxx
jack
Patta Movie Ekak wage. Thnx Sub Ekata.
ganidu
තෑන්ක්ස් වේවා!
“චූටී මල්ලි”
මේකනම් බලලා නෑ
තව සබ් කරමු
සබට තුති
ඔබට ජය.....හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P :P ජය
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
ජය!indika
THNQ
Hiruni
thanx...
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...mudiya / මුදියා
එලකිරි එකක් වගේ .රොයිලියගෙ විස්තරෙත් තියෙනවනෙ හොඳයි කියල.
සබ් දීල නියම වැඩක් කරේ සිරාජ්.
දිගටම සබ් දෙමු.
ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින්
ස්තුතියි සිරාජ්
ජය වේවා!
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
M THILINA
Thank U
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

අාහ්.. අද මම වගෙ මුලින්ම. බාමු බාමු..