MENU

AllFeatured ArticlesSinhala Subtitleකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේබලන්නරෂීන් මන්සිල්වර්ගීකරණය නොකළසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Poster Boys (2017) Sinhala Subtitles | පෝස්ටරේ ඉන්න කොල්ලෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 37 votes.
Please wait...

කොහොමද ඔයාලට ගොඩක් කාලෙකට පස්සේ උපසිරසියක් ගෙන්න හිතුවා,වැඩේ හිතුවට වඩා කාලේ ගියා,වැඩ රාජකාරි තත්වය නිසා, කොහොම වුනත් වැඩ රාජකාරි අස්සේ උපසිරසියක් ගෙනවමයි කියලා හිතුවා,ඔයාලට අද ටිකක් වෙනස්ම ආකාරයේ කතාවක් අරගෙන ආවා. කතාව ගැන කියනවානම් කතාව ගෙතෙන්නෙ පෝස්ටරයක් වටා තමයි,ඔයාලට නමින් ඒක පැහැදිලි වෙනවා ඇති, පෝස්ටර් කොල්ලෝ ඉන්දියාවේ හින්දි චිත්‍රපටි සංස්ථාව මගින් තමයි හදලා තියෙන්නේ,කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shreyas Talpade මේක මෙයාගේ පලවෙනි අධ්‍යක්ෂණය සහ මෙය නළුවෙක්,ඔයාලා හොදටම දන්නවා ඇති Golmaal 3 එකේ ලක්ෂ්මන්ට ඉන්නේ එයා තමයි.කතාවේ රගපාන අය අතර ජනප්‍රිය අය ගොඩක් රංගනයෙන් දායක වෙනවා, Sunny Deol, Bobby Deol, Shreyas Talpade,මේ කතාව ජිවිත කතාව වගේම ඇත්තටම සිද්ධ වෙච්ච දේවල් කිහිපයක් ඇසුරෙන් කතාව හදලා තියෙනවා,

හොදයි එහෙනම් කතාව පැත්තට හැරෙමු,ජන්ගිති කියල ගමක් තියෙනවා ඒ ගමේ සිද්ධ වෙච්ච දෙයක් නිසා තමයි මේ කතාව දිගටම සිද්ධ වෙන්නේ,විහිළු වගේම වැදගත් දේවල් ගොඩක් කතාවේ තියෙනවා, කොහොමහරි කතාවේ චරිත 3ක් තියෙනවා,ප්‍රධාන චරිත ජගාවර් චෝද්රි,විනේ ශර්මා,අර්ජුන් සිං,මේ තුන්දෙනාට දන්නෙම නැතිව පෝස්ටර් වගයක් ගම පුරාම ගහනවා, ඒ පෝස්ටර් වල තියෙන්නේ “වසෙක්තමි ශල්‍යකර්මය ගැන(Vasectomy=මිනිහෙක්ට කරන ශල්‍යකර්මයක්,එයාගේ සහයිකවට නැවත ගර්භනි වෙන්න බැරිවෙන්න) කොහොමහරි මේ පෝස්ටර් නිසා මෙයාලා ගමේ ගොඩක් ලැජ්ජා වෙනවා,ජගාවර් චෝද්රි එයාගේ නංගිගේ කසාදෙ මේ නිසා නතර වෙනවා,තව විනේ ශර්මා,එයා ගුරුවරයෙක් එයාගේ නෝනා ටිකක් අමුතු කෙනෙක්,දුවලා දෙන්නෙක් ඉන්නවා,නෝනට ඕනේ වෙලා තියෙන්නේ කොහොමහරි පුතෙක් ඕනේ කියන හැගීමෙන්,කොහොමහරි මේ කතා ඔක්කොම නෝනට ආරංචි වෙලා මෙයාව දික්කසාද කරන්න හදනවා,ඔය අතරේ අර්ජුන් සිං එයාගේ කෙල්ල එහෙම නැත්තම් බදින්න ඉන්න ගැහැණු ළමයට රියා,එයාලගේ ගෙදරට විවාහ යෝජනාවක් අරගෙන යන්නේ,කොහොමහරි එයාගේ තාත්තා මේ පෝස්ටර් ගැන ආරංචි වෙලා එකත් නවත්තනවා,කතාව ඔය විදියට තමයි යන්නේ,බලමු මේ තුන්දෙනාට මේ පෝස්ටර් ගැහුවේ කවුද මොකටද ගැහුවේ කියලා හොයාගන්න පුලුවන් වෙයිද,මෙයාලගේ ජිවිතේ තිබ්බා වගේම තියෙයිද කියලා,එහෙනම් කතාව රස විදින්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ඊලග උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DVDRip පිටපත් සඳහා අදාල වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5560 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

24 thoughts on “Poster Boys (2017) Sinhala Subtitles | පෝස්ටරේ ඉන්න කොල්ලෝ [සිංහල උපසිරැසි සමඟ]

  • Shamal Priyasadh

    Elz mchn.. tnx සබට එලම බ්‍රෝ

    Reply
  • prince dinushan

    ela machaan film eka

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Amanda Sandu

    Thanks for the subtitles

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • SUBTITLE DOWNLOAD KARANNA BA NE SAHO

    Reply
  • praneeth madu

    බොහෝම ස්තූතියි සහෝ

    Reply
  • ගොඩක් ස්තුති “රෂීන් මන්සිල්” මල්ලියෝ

    ඔන්න එහෙනම් මාත් උපරැසිය බා ගත්තා

    Reply
  • එල සහෝ ලස්සන ෆිල්ම් එල ජය වෙවා
    Jaya janaki nayaka telugu film ekatath sub dannako bro

    Reply
  • Man hamadama බලාපොරොත්තු වෙනවා ඔයාලා tv serious වල sub දාල ඇති කියලා … ath ඇත්තටම giya thama tiyenne…. admin mandalen dapu akama thami… dukai appa…. viking season 5awa witharai… vema aiye sub dennako… man danna uba kamathima tv serious aka kiyala..

    Reply
  • ඉසුරු සම්පත් සිරිසේන

    Thanks

    Reply
  • චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
  • KAVINDA GAMAGE

    බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් නොමිලේ කරගෙන යන මේ සේවයට .

    Reply
  • සබී බොබී නිසා ගන්න හිතුනා..

    උප සිරැසියට බොම ස්තූතියි..
    ජය වේවා.

    ටීවී සීරියස් නැති නිසා ෆිල්ම්ම බලන්න එපෑ දැන්

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

    Reply
  • චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
  • ආහ් ඉඳලා ඉඳලා කාලෙකින් සුපිරිම ෆ්ලොප් එකක් ගෙනල්ලා වගෙ.
    (ෆ්ලොප් කියන්නෙ මොකක්ද කියලා නොදන්න ඈයො මේ කොනට)
    සබට තුති,ඔබට ජය!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *