Watch Trailer

Prison Break: Resurrection [S05 : E01] with Sinhala Subtitles | හැම මරණයක්ම එක වගේ නෑ.. [සිංහල උපසිරැසි සමඟ] *150*

2013 පෙබරවාරි 27 : Amelie 2001 (පළමු උපසිරැසිය) 2014 මැයි 29 : Captain America: The Winter Soldier (2014) (50 වැනි උපසිරැසිය) 2015 දෙසැම්බර් 9 : The Martian (2015) (100 වැනි උපසිරැසිය) ඉහත දැක්වෙන පරිදි අවුරුදු ගානක් තිස්සේ බයිස්කෝප් සිංහලෙන් සමග එකතු වෙලා ඉඳල හෙමින් හෙමින් ආව ගමනේ තවත් එක කඩයිමක්…

ඉහත දැක්වෙන පරිදි අවුරුදු ගානක් තිස්සේ බයිස්කෝප් සිංහලෙන් සමග එකතු වෙලා ඉඳල හෙමින් හෙමින් ආව ගමනේ තවත් එක කඩයිමක් පනින්නයි මේ සුදානම. ඒ සුවිශේෂී දිනයකදීම, “අද තමා උපන්දිනේ දෙන්නෙත්, හැපී බර්ත් ඩේ ටූ මි” කේක් දෙන්න විදියක් නෑ මේ වගේ දෙයක් තමා දෙන්න වෙන්නේ 😀 මේ වෙනකොට වෙබ් අඩවිය එක්ක එකතු වෙලා අවුරුදු හතරයි මාසයක් වගේ කාලයක් ගෙවිල ගිහින්. පහු වෙන්න පහු වෙන්න ලැබුන කාලයත් එක්ක උපසිරසිකරණයේ යෙදෙන්න ඒ හැටි කාලයක් ලැබුනේ නෑ.හැමදාම කියන්නහේ අල්ලන් උන්නු කොටි වල්ගේ අත් ඇරලා යන්න බැරි උනා තවම. මං හිතන්නේ නෑ යන්න පුළුවන් වෙයි කියලත්. මේ ගෙවුන අවුරුදු හතරේ අඩවියේ සෑහෙන වෙනස්කම් ප්‍රමාණයක් සිද්දවුනා. විවිධාකාර ගැටළු බාධක මැද වෙබ් අඩවිය නැවත සුපුරුදු පරිදි ජවසම්පන්නව සිටිනව. ඒ හැමදාම අපිත් එක්ක රැඳිල හිටිය ප්‍රේක්ෂක ඔබ නිසා. ඉතිං මේ ගෙවුන කාලයේ බොහොම සොඳුරු මිතුරුදමක් අප සියලු දෙනා අතරම ගොඩ නැගුනා, විවිධාකාරයෙන් අනේකවිධ උදව් උපකාරයන් එකිනෙකාට කරගෙන තියනවා, ඒ නිසයි මේක ඉසිර ගුණතිලක සහෝදරයා විසින් අපිට තිලිණ කල ගිමන නිවන සොඳුරු නවාතැනක් බවට පත්වෙලා තියෙන්නේ, ඒ නිසයි මේ කොටි වලිගය දාල යන්න නොහිතෙන්නේ, ඉතිං එකිනෙකාව නම් වශයෙන් මතක් කරන්න ගියොත් මේකේ ඉඩ මදි වෙනවා ඒ නිසා වෙන වෙනම නම් වශයෙන් සඳහන් කරන්න යන්නේ නැතුව ඉන්නම් මේ වතාවේ. එත් වෙබ් අඩවිය පිටිපස්සේ ඉඳගෙන තමන්ගේ රාජකාරි මැද වෙබ් අඩවිය පවත්වාගෙන යාම වෙනුවෙන් වෙහෙසෙන පිරිසක් ඉන්නව ඒ අයව මතක් නොකර යන්න හිත දෙන්නේ නෑ පෞද්ගලිකවම දන්නවා ඒ වෙහෙසෙන ආකාරය, ඒ නිසා මුලින්ම රොයිලි අයියත්, හසන්ත අයියත්, ඒ වගේම සමන් ප්‍රසාද් සහෝදරයා, මෑතකදී ඇඩ්මින් මඩුල්ලට එකතු කරගත්ත අලුත් සාමාජිකයා අසංක රණතුංග අයිය, නිර්මාණි අක්ක, ප්‍රනීත් රණසිංහ සහෝදරයා, වසරේ ඇඩ්මින් සම්මානය දිනාගත් ආසිරි අයියා ( අන්තිමටම කියපු දෙන්න තමා සැහෙන මහන්සියක් වෙන්නේ හැබැයි, ඔව් 😛 ) ඒ වගේම නලින් අයිය, අපේ හිටපු ඇඩ්මින්වරුන් වෙච්ච විකියා ඒ වගේම සමීර කරුණාරත්න සහෝදරය, යශෝධ සහෝදරයා ඒ වගේම වාසල අයියවත් බොහොම ලෙන්ගතුව මතක් කරන්න කැමතියි, ඒ වගේම බයිස්කොප් මංසල කරගෙන යන අපේ තිසර නියෝ වගේම චාමර සම්පත් දෙන්නවත් මතක් කරන්න ඕන. ඒ වගේමයි වෙබ් අඩවිය වෙනුවෙන් හැමදාම උපසිරසි සම්පාදනය කරන ඔබ හැම කෙනෙක්ම වෙබ් අඩවියේ වටිනා සම්පත්, ඒ වගේම හැමදාම කමන්ට් එකක් දාල දිරි ගන්වන ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාවමත් මතක් කරන්න ඕන. ඒ වගේමයි පොඩි මැසිවිල්ලක් නගන්නත් තියනව හැමදාම වගේ. වෙබ් අඩවිය එක්ක එකතු වෙලා හිටිය මුල් කාලේ වගේ දැන් කට්ටියගේ අදහස් පලවෙන්නේ නෑ, කාලයක් වෙබ් අඩවියට පිවිසීම අපහසු වෙලා තිබ්බ, ඒ කාලේ නම් කමන්ට් එකක් නොදා ගියාට අමනාපයක් උනේ නෑ, එත් දැන් බොහොම අගේට වෙබ් අඩවිය ක්‍රියාත්මකයි, ඒ නිසා කමන්ට් එකක් දාගෙන යන්න බැරි කමක් නෑ කියල හිතනවා කට්ටියට. උපසිරසිකරුවෙක් උපසිරසක් කරන්න වෙන මහන්සිය වෙනුවෙන් යමක් පවසල යන්න පුලුවන්නම්, අදාළ ටීවී සිරිස් එකේ හෝ ෆිල්ම් එකේ ඔබ කැමති හෝ අකමැති යමක් ගැන කියාගෙන යන්න පුලුවන්නම් අදාළ උපසිරසිකරුවාට සෑහෙන ආසාවක් ඇතිවෙනව ඊළඟ උපසිරසත් ඉක්මනට කරන්න ඕන කට්ටියගේ කමන්ට් කොහොම වෙයිද දන්නේ නෑ කියල, ඒ වගේමයි උපසිරසක යම් අඩුපාඩුවක් දැක්කම අදාල වෙලාවේම අදාල ෆිල්ම් එකේ හෝ ටීවී සිරිස් එකේ කමන්ට් එකක් විදියට දාන්න, එහෙම නැත්නම් අපේ ඊ-මේල් එකට මේල් එකක් දාන්න, එහෙමත් නැත්නම් අදාළ උපසිරසි කරුවට පෞද්ගලිකව fb එක මගින් හෝ දැනුවත් කරන්න, බොහොමයක් දෙනෙක්ව කට්ට්ටිය පෞද්ගලිකව අදුරනවනේ මේ වෙනකොට. එහෙම කිව්වා කියල අපි කවුරුත් අමනාප වෙන්නේ නෑ, වෙබ් අඩවියේ පලවෙන උපසිරසිවල ගුණාත්මක භාවය ගැන හැමෝටම වගකීමක් තියනවා, කවුරුත් හිතා මතා වරද්දන්නෙ නෑ මං හිතන්නේ මිනිස්සු අතින් සිද්දවෙන යම් යම් මගහැරීම් තියෙනවනේ, ඒ වගේම කැමති නම් ලයික් එකක් දාගෙන යන්න ඔන්න ඕකටත් 😀 දැන් හැරෙමු කතාව පැත්තට.

ලංකාවේ ජනප්‍රියම ටීවී සිරිස් එක මොකක්ද කියල ඇහුවොත් මම දෙවරක් නොසිතම දෙන උත්තරේ තමා ප්‍රිසන් බ්‍රේක්, පිස්සෙක් වගේ පිස්සෙක් වගේ උ.පෙ කරන කාලේ මේක බලපු හැටි මතක් වෙනව දැන්, පස්වෙනි කතා සමයක් ගැන කනින් කොනින් ආරංචි තිබ්බත් ලගක් වෙනකම් එක සිහිනයක් විතරක් උනා, හැබැයි ඔන්න අද ඉඳල ඒ සිහිනය සැබෑ වෙනව. ඒ ලංකාව තුල ජනප්‍රියම ටීවී සිරිස් චරිතය වන මයිකල් ස්කොෆිල්ඩ් සමගින් අද ඉඳල පුරා සති අටක් අරාබිකරයේ සිපිරි ගෙයක කල් ගෙවන්න අපි හැමෝටම අවස්ථාව ලැබෙනවා. හැබැයි මේක ස්පින් ඕෆ් එකක් විදියට තමා විකාශනය වෙන්නේ, එහෙමනම් මුල පුරමු මෙන්න මෙහෙම

මුල ඉඳලම මේ කතාව ඔයාලට සිංහලෙන් රසවත් කරන්න කිහිප දෙනෙක්ම එකතු වුනා. ධනුෂ්ක ලක්මාල්,සදීප් ලක්මාල්,ගිහාන් මධුසංක, චින්තක බස්නායක, දිනිඳු සම්පත්, නවීන් ලක්ෂිත, ජනක වික්‍රමසිංහ, දිදුල KD සිල්වා, සසංක සම්පත් ,චලිදු දේශන් -කිනා ඔබ සමඟ එකතු වුනා. මේ සීසන් එකේ හිමිකාරය වෙන්නෙත් කිනාමයි, මට එකසිය පනහට දෙන්න මේක දීපන් කියල කිනාගෙන් තමා මේ එපිය ඉල්ලගත්තේ, ලබන සුමානේ ඉඳල කිනා වෙඩි වගේ ඉතුරු එපි ටික අරගෙනේ ඒවී ඔන්න, එහෙමනම් කිනාගෙන්ම පහුගිය කතාවල මොනාද උනේ කියල මතක් කරගෙන අද කතාවට බහිමු 😀

පළවෙනි සීසන් එක ගැන විස්තරයක්:-
කතාව ගෙතෙන්නේ ඇමරිකානු රජයේ ජනාධිපතිනිය වන කැරලෝනි රේනෝල්ඩ්ගේ සහෝදරයා වන ටෙරන්ස් ස්ටෙඩ්මන්ව ඝාතණයට ලින්කන් බරෝව්ස් සැකපිට අත්තඩංගුවට ගැනීමෙන්. මේ නිසා ලින්කන් මරණයට නියම වෙනවා Fox River කියන හිරගෙදරදී. ලින්කන්ගේ සහෝදරයා, බුද්ධිමත් සහ දක්ෂ ඉන්ජිනේරුවෙක්. නම මයිකල් ස්කෝෆීල්ඩ්. මොහු ලින්කන්ගේ තත්වය තේරුම් අරගෙන සැලසුමක් හදනවා ලින්කන්ව හිරෙන් පන්නගන්න විදිහක්. මයිකල් බැංකුවක් මංකොල්ල කන විදිහට ගිහින් කොහොමහරි Fox river හිරගෙදර ඇතුලට යාගන්නවා. හිරේදී මයිකල්, සාරා ටෙන්ක්‍රෙඩි කියන වෛද්‍යවරියත් සමඟ හාදකමක් ඇතිකරගන්නවා. ඒ ඔහුට දියවැඩියාව ඇතිවීම නිසා ඇගෙන් බෙහෙත් ගන්න යන, එන අතරතුරයි. කොහොමනමුත් ලින්කන්ගේ නීතිඥයා වන වෙරෝනිකා ඩොනොවන් උත්සාහ කරනවා මේ දෙන්නට උදව් කරන්න. ඒත් මේකට බාධාවකට එන්නේ Company කියලා කට්ටියක්. ඒක ඇත්තටම සමාගමක්. කම්පැනිය මේ දේ ලින්කන්ට කරේ ඒ ලින්කන්ගේ පියා ඇල්ඩෝ බරෝව්ස්ගේ සම්භන්ධතාවයන් මේ කම්පැනියත් සමඟ තිබුන නිසා. කොහොම හරි මේ සහෝදර පැනයාමට තව හයදෙනෙක් එකතුවෙනවා. ඒ ෆ්‍රෙනාන්ඩෝ සූක්‍රේ, තියඩෝර් බෑග්වේල් (ටී-බෑග්), බෙන්ජමින් මයිල්ස් (සී-නෝට්), ෆ්‍රෑන්ක්ලීන්, ඩේවිඩ් අපොල්කිස්, ජෝන් ඇබෘසි සහ චාරලස් පටෝසික් කියන අය මේ සහෝදරයන් දෙන්නත් එක්ක Fox river හිරගෙදරින් පැනලා යනවා.

දෙවෙනි සීසන් එක ගැන විස්තරයක්:-
දෙවෙනි කතාමාලව පටං ගන්නේ අර අට දෙනා හිරගෙදරින් පැන්නට පස්සේ, ඒ පැනපු අට දෙනා ගැන ආරක්ෂකයින් හොයන්න ගන්නවා. ඔවුන් අටදෙනා රටේ සෑම තැනකටම බෙදිලා යනවා. ඒ ඔවුන්ගේ ඉටුනොවුන, තනි සිහින ඉටුකරගන්න. බ්‍රෙඩ් බැලික් කියන හිරගෙදර ප්‍රධාන ආරක්ෂකයාව අස් කරනවා, ඒ මේ අටදෙනා හිරෙන් පැනල යන නිසා. ඒ වගේම ඔහු මුදල් වෙනුවෙන් ඕනම ජරා වැඩක් කරනවා කියන එක ඔප්පු වුනාට පස්සේ. විශේෂ නියෝජිත ඇලෙක්සැන්ඩර් මහෝන් මේ අටදෙනාව හොයාගන්න වැඩ ආරම්භ කරනවා. ඒත් ඔහු වැඩකරන්නේ company එකට. ඔහුට සිද්ධ වෙනවා මේ අටදෙනාවම මරණ්න. සාරා ටෙන්ක්‍රෙඩි දැනගන්නවා එයාගේ තාත්තා ෆ්‍රෑන්ක්ව මරළ දාලා කියලා. එයා මයිකල්ව හම්බවෙනවා, එයාලා කතිකා කරගන්නවා ජනාධිපති රේනොල්ඩ්ස්, කම්පැනියේ සාමාජිකාවක් වෙන කෙනාව පහතට ඇදල දාන හැටි ගැන. සහෝදරයාගේ ආරක්ෂාව තහවුරු කරගන්න ඕන නිසා, ඇය විසින් අත්තඩංගුවට පත්වෙනවා. විශේෂ රහස් නියෝජිත පෝල් කෙලර්මන් මේ අවස්ථාවේදී සාරාගේ පස්සෙන් එන්න ගන්නවා. ඔහු වැඩ කරන්නෙත් කම්පැනියට. මොහුව එවන්නේ ජනාධිපතිනිය විසින්. කොහොම හරි සහෝදරයින් දෙන්නා පැනමා වලට යනවා. මයිකල්, ටෑබෑග්, මහෝන් සහ බෙලික් කියන අය පැනමා වල බලධාරීන් අත්තඩංගුවට අරගෙන සෝනා කියන හිරගෙදරට එයාලව දානවා.

තුන්වෙනි සීසන් එක ගැන විස්තරයක්:-
තුන්වෙනි කොටස පටං ගන්නේ මයිකල් සෝනා හිරගෙදර ඇතුලේ ඉද්දී සහ ලින්කන් පැනමා වල එලියේ ඉද්දියි. සෝනා කියන්නේ ඇතුලේ එක ආරක්ෂකයෙක්වත් නැති එලියේ විතරක් ආරක්ෂකයින් ඉන්න තැනක්. බරෝව්ස්ව ග්‍රේචන් මෝර්ගන් කියලා කම්පැනියේ නියෝජිතවරියක් සම්භන්ධ කරගන්නවා. ඒ ලින්කන්ගේ පුතා LJව සහ, මයිකල් ආදරය කරන ගැහැණු කෙනා සාරාව පැහැර ගන්නවා. ඔවුන් කියනවා මයිකල්, සෝනා හිරගෙදර කඩාගෙන ඒකේ ඇතුලේ ඉන්න ජේම්ස් විස්ට්ලර් කියන කෙනාව එලියට අරගෙන එන්න කියලා. මේ කතාමාලවේ තියෙන්නේ මයිකල් විස්ලර්ව හොයාගන්න දරණ උත්සාහයත්, ඔහුව එලියට අරගෙන එන්න දරන උත්සාහයත් ගැනයි. මයිකල් ඇතුලේ වැඩ ටික බලාගද්දි ලින්කන් ග්‍රේචන් සමඟ LJගේ සහ සාරාගේ ජීවිත හා සටන් වදිනවා. මයිකල්ගේ මේ පැනයාමේ සැලසුම නිසා සූක්‍රේ හිරගෙදර රැකියාවක් හොයාගන්නවා. යම් අවස්ථාවකදී ලින්ක් LJව සහ සාරාව බේරගන්න දරන උත්සාහයක් ව්‍යාර්ත වුනාට පස්සේ ග්‍රේචන් සාරාගේ බෙල්ල පෙට්ටියක දාලා බරෝව්ස්ට එවනවා. සීසන් එක අවසානයේ මයිකල්, විස්ලර්, මහෝන්, ලුවිස් කියන අය පැනලා යනවා. ඒ ටීබෑග් සහ බෙලික්ව සෝනා හිරගෙදර ඉතුරු කරමින්. සූක්‍රේ හිරෙන් පැනපු කෙනෙක් කියලා අඳුරගන්න අතර මයිකල්ලාගේ පැනයාමෙන් පසුව ඔහුව සෝනා හිරගෙදර ඇතුලට දානවා. LJ සහ සොෆියා (විස්ලර්ගේ පෙම්වතිය) පැහැරගෙන යන අතරම, මයිකල් සාරාගේ මරණයේ පලිය ගන්න උත්සාහ කරනවා.

හතරවෙනි සීසන් එක ගැන විස්තරයක්:-
මේ කතාමාලාවේ ප්‍රධානම මාතෘකාව තමයි සිල්ලා කියන උපකරණය ගන්න හෝම්ලෑන්ඩ් ආරක්ෂකයේ නියෝජිත ඩන් සෙල්ෆ් කියන කෙනාත් සමඟ මයිකල් ඇතුලු පිරිස ක්‍රියාත්මක වෙන එක. මුලින්ම මයිකල් ඇතුලු කට්ටියට සිද්ධ වෙනවා කාඩ්පත් හයක් හොයාගන්න. ඒවගෙම ඊටපස්සේ කම්පැනියේ ප්‍රධාන ගොඩනැගිල්ලට හොරෙන් ඇතුලුවෙන්න වෙනවා මේ සිල්ලා වෙනුවෙන්. මුල් කොටස් කිහිපයේදී සාරා ජීවතුන් අතර කියලා හොයාගන්නවා. බෙලික් තමන්ගේ ජීවිතේ කැපකරලා මියයනවා. සෙල්ෆ් උත්සාහ කරනවා දෙගුණයක මුදලකට සිල්ලාව විකුණන්න. මෙම හේතුව නිසා ලින්කන් කම්පැනියට එකතු වෙනවා සිල්ලා නැවත ලබාගන්න, ඒ මයිකල්ට සිදුවෙන යම් රෝගී තත්වයක් නිසාවෙන්. මයිකල්ට පස්සේ තමන්ගේ අම්මා ගැන දැනගන්න පුලුවන් වෙනවා. ඒ ක්‍රිස්ටිනා තාමත් ජීවතුන් අතර කියන එක වගේම එයත් කම්පැනියේ නියෝජිතවරියක් කියන එක. ඒවගේම ඇයත් සිල්ලා තමන් අතට ගන්න උත්සාහ දරනවා වැඩි මුදලකට විකිණීමට. ඒ නිසාම ක්‍රිස්ටිනා සහ කම්පැනිය අතර බොහෝ දුරදිග ගිය ගැටුමක් ඇතිවෙනවා. කොහොම හරි ක්‍රිස්ටීනව සාරා මරණවා. සාරාව අන්තිමට හිරගෙදරින් ගන්න ඕන නිසා මයිකල් යම් උපක්‍රමයක් යොදනවා. ඒවගේම මුලු කණ්ඩායමටම නිදහස ලැබෙනවා. ඒවගේම මයිකලුත් මියයනවා. ඒවගේම සාරාට දරුවෙක් ලැබනෙවා.

ඊයෙම දෙන්න හිටියත් ඊයේ දෙන්න බැරි උනා ඉතින් ඒකට සමාව. එහෙමනම් හැම කෙනෙක්ටම ජයෙන් ජය වේවා, හොඳ Dc ෆිල්ම් එහෙකින් දෙසිය ගහමු, මයිකල් ස්කොෆිල්ඩ්ගේ සොහොන් කොතෙ ලියපු මහත්මා ගාන්ධිගේ උපදෙසකින් ලිපිය නිමා කරන්නම්, ඊළඟ එපිය කිනාගෙන් ලැබේවි එහෙනම්  😀

“Be the change you want to see in the world”
“ඔබ ලෝකය තුල දැකීමට කැමති වෙනස ඔබ වන්න”
~මහත්මා ගාන්ධි~

 

Shut In (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV  පිටපත් සඳහා අදාළ වේ.

9,140 downloadsDownload Prison-Break-5x01-Ogygia.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/vima-1478.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

9,140 downloadsDownload Subtitles26 KB

264 comments

  1. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට....
    බුදුසරණයි..ජය වේවා..
    අද එක

    1. Sanindu Lakkitha

      150 වෙනි උපසිරැසට හදවතින්ම සුබපැතුම් සහෝ..

  2. charith

    ammo menna dalooooooooooooooooo, thank u machan, balan hitiye danakan

  3. lakshan

    ado ubda meka gen ne fatta

  4. Berry

    බොහොම ස්තූති සහෝ ට්ජිබ්බ හදිස්සියට සබ් නැතුවම බැලුවා දැන් ආයෙ බලන්න ඕනි සබ් එක්ක :D

  5. lahiru

    hadawatinma suba patanwa aiya... tanxx ma sub 1kata

  6. නිර්මාණි විජේසිංහ

    ආනේ... මෙන්න මෙයා 150 ගහලා. හෙ හේ. සුභ පැතුම් විමෝ. 150 ට තව 150ක් සබ් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි උපසිරසියට. මේක නොබලා කොහොමද ඉතින්.. ජය වේවා..

  7. buddhika

    tnx saho

  8. ලහිරු ප්‍රසාද්

    150 හදවතින්ම සුබ පතනවා විමා අයියේ.
    තවත් ඉදිරියට උපසිරැසි කරන්න අවැසි කාලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ඒ වගේම තමා මමත් ආසාවෙන් බලපු කතාවක් මේක. ඔන්න සබ් එක ගත්තා.
    ජයෙන් ජයම වේවා!!!!

  9. Rakitha

    Thank you kollo. Jaya wewa..

  10. Tharidu Sagara

    ස්තුතියි සහෝ උපසිරසියට
    ලබන්වූනා නව අවුරුද්ද කිරියෙන් පැණියෙන් යසඉසුරෙන් ඉතිරි ගොස් කරන වැඩ සාර්ථක වන බලාපොරොත්තු ඉටුවන සාමය සතුටු පිරි සුභ නව වසරක වේවා ඔබ සැමටම..!!

  11. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  12. R.D

    බොහොම ආසාවෙන් බලපු ටීවී සීරීස් එකක්.ආයෙත් පටන් ගත්තා කිවුවම ගොඩක් සතුටුයි.
    150 කඩයිම සුපිරිම එපිසෝඩ් එකකින් කරන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි.තව දුරටත් මේ ගමනේ ඉදිරියට යන්න සුබ පතනවා.....

  13. මේනක...

    150 වෙනි උපසිරැසට සුබපැතුම් meke sub enakan pissek vage hitiye thnx sub 1

  14. එල්.සී. දමැල්

    මේකා 150 සද්ද නැතුවම දිලානේ...
    සුභම සුභ පැතුම් විමෝ...
    අඩවියෙ දැක්ක ලස්සන වාග් විලාශයක් තියෙන කෙනෙක් තමයි සහෝ ඔයා...
    බොහොම ස්තුතියි උපසිරසට, මේක මඟාරින්න හිතක් ඇත්තෙම නෑ... :)

  15. Buddi

    හම්මේ පිස්සෙක් වගේ බලාන හිටියේ මේක එනකල් තමා. තැන්කුඊ ලොක්කා. ගොඩක් පින් බොක්ක ඉක්මනට සබ් එක දුන්නට. ජයෙන් ජයම වේවා.. එලම මචන්.

  16. silent$

    Congtzzzz Patttaaaaaaaaaaaaaaaaaa

  17. Devaka Sadaruwan

    150 ට සුභ පැතුම් සහෝ... හැබැයි මේක එක දිගට බලන්න ඔන එකක් නිසා එපි ටික ඔක්කොම ආවහම තමා බලන්නේ

    ජය හා සතුට

  18. හසන්ත

    150 කුත් කරලා. එහෙනම් සුබ පැතුම් වේවා !!!

    අන්තිමේ දැකපු දවල් හීනේ වෙනුවෙන් මගේ ශාතිශය සංවේගය පල කරන්නත් කැමති ;) !!!

  19. Madura J. Kawshalya

    150ට සුබ පතනව වගේම මේ එපියත් සට සට ගාල දුන්නට තැන්කූ වේවා සහෝ..සීසන් එක ඉවර වෙනකම් අපි ඔබත් එක්ක..ඔබ අපිත් එක්ක..

  20. දිල්ශාන් සචින්ත

    නියමයි අශාන් අයියා. ඉදිරියටත් මේ වගේ උපසිරසි නිර්මාණ කරන්න ශක්තිය හා කාලය ලැබේවා.

  21. thisal

    සුභ පැතුම් විමෝ
    150 සුපිරිම එකකින් කරන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි

  22. praneeth madu

    හදවතින්ම සුබ පතනවා 150 වෙනි කඩ ඉමට විමෝ තවත් ඉදිරියට යමු ජය වේවා

  23. chalana

    thnx bro...

  24. Tharindu

    Adooo patta bn meka denne koiveleda kiyala pissek vage balan hitiye.

    Congrats machan 150 ta digatama ohoma yan

  25. piyumal sanjeewa

    150 වෙනි උපසිරැසට සුබපැතුම්..
    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට….

  26. Chanaka Naveen

    150 වෙනි උපසිරැසට සුබපැතුම්..
    ඉක්මනට එක දුන්නට බොහොම ස්තුතියි...

    1. Chanaka Naveen

      150 වෙනි උපසිරැසට සුබපැතුම්..
      ඉක්මනට sub එක දුන්නට බොහොම ස්තුතියි…

  27. Sasindu weerakoon

    Thanx bokkkka....anakan maga balan idiye...

  28. Udara Cooray

    ස්තූතියි

  29. ns

    150 වෙනි උපසිරැසට සුබපැතුම්..
    බොහොම ස්තුතියි…

  30. සුපුන් බුද්ධික

    150 ට සුභ පැතුම් සහෝ..තව තවත් උපසිරැසි කරන්න
    කාලය හොයගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

    ජය වේවා !!

  31. Chämàrá Sâmpáth

    ටහුඩු. බලාපොරොත්තු නොවුණු දෙයක්. ඔව්.
    150'වැනි උපසිකරණයට මෙගෙනුත් හදපිරි මෙව්වා එක විමා.
    මාවත් මතක් කලාට ස්තුතියි.
    200'වත් හරියට පිළිවෙලක් කරපං.
    සබට තුති. ජය!

  32. Kasun Widusha

    ටහුඩු මෙව්වනෙ යකෝ සප්‍රයිස් .තැන්ස් මචෝ 150 ට සුබපැතුම් 200 නම් ඉක්මනට ගහපන්

  33. Praneeth Gunasekara

    ඊයේ දවසෙම බලන් හිටියා. අදත් බලන් හිටියා. බැරිම තැන ඉංගිරිසි සබ බා ගෙන රැට බලන්න හිටියේ. බොහොම ස්තුතියි ශාන් සහෝ ඔයාගේ වැඩේට. හදවතින්ම සුභ පැතුම්. අද සතුටෙන් මේක සිංහල සබ එක්ක බලනවා ඔයාලා නිසා. බුදු සරණයි,

  34. buddi

    Thanks Machan..............

  35. Kaviya

    Pattaa ❤

  36. සුරේෂ් ජයතිලක

    සුපිරි බං :-D ඉතුරු එපි අටත් ඉක්මනට දෙමු හොඳේ :-)

  37. dilruk

    elz mcn ekmanatama 200th gahamu...........

  38. මධුකප්‍රිය පෙරේරා

    150ට සුබපැතුම් විමෝ..
    එහෙනම් සටපට ගාලා ඉක්මනටම 200ත් ගහමු එහෙනම්..
    හැමදාම වගේ බොගේ සබ හොදයි කියලා තමා කියන්න තියෙන්නේ..
    හැබැයි මේ අර DC ෆිලුම ගැන දවල් හීන දකින එක
    නවත්තගනින්..ආයේ නොකීවා කියන්න එපා..
    උපසිරසියට ස්තුතියි.. ඔබට ජයෙන් ජයම විමා..

  39. Sisila Prasad

    150 වෙනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා සහෝ.
    මෙතනින් නොනැවතී ඉදිරියටත් උපසිරැසිකරණයේ යෙදීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    ජයවේවා!!!

  40. RAJ

    **150** වන උපසිරැසි කරණයට සුභ පැතුම්!
    ජය වේවා විමා සහෝ!

  41. Thamindu

    150ට සුබ පතුම්. තවත් මේවගේම Subtitles දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

  42. Indika

    ස්තුතියි සහෝ සබට...............!
    150 ට සුබපැතුම්..........!

  43. Kalum Gunasekara

    150ට උණුසුම් සුබපැතුම් විමෝ.

  44. asitha

    thankss bro patta

  45. Eranga Sandaruwan

    තද බ්‍රෝ තද.
    බෝම ස්තූතියි ඈ උප සිරැසියට....
    ජය....

    150 සුබ පැතුම් හොඳේ......

  46. udith

    Jaya wewaa

  47. අසිත

    elamasa saho
    jaya wewa!!!!

  48. භාෂිත් උඩවත්ත

    150 වන උපසිරැසියට සුබපැතුම්.... :cool:
    ජයෙන් ජයම වේවා :!: :!: :eek: ...

  49. සචිත් ලක්ෂාන්(සචී)

    මෙන්න විමා අයියත් 150 ගහල..
    මුලින්ම ඉතින් 150වෙනි උපසිරසියට සුභ පැතුම් හොදේ..
    ගොඩක් කල් ඉදන් බලන් හිටපු Tv Series එකක් නොවැ මේක..
    ඒමනම් ඉතින් ඉක්කන්ට 200 250 300 350 400 ඊටත් එහාට යමු...
    ජයීන් ජයිම වීවා විමා අයියා..

  50. Zeal

    ලිපිය කියවන්න ගියා මාර වෙලාවක්.. නියම විස්තර කිරිල්ල... අැත්තටම අාස හිතුනා සබ් කරන්න.. ඒ්ත් ඉංග්‍රීසි දැනීම මදිනෙ.. දිගටම සබ් දෙන්න ශක්තිය ධෙෙර්‍ය ලැබේවා..

    ░░███████
    ░░█▒▒ZEAL▒▒█
    ░░░█▒▒ZEAL▒▒█
    ░░░░█▒ZEAL ▒▒█
    ░░░░░█▒ZEAL▒█
    ░░░░░█ ZEAL ▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    1. Yohan Fernando

      නිකන් සබ් එකක් කරලා බලපන්කො. English ලොකුවට ඕනෙ නැහැ. හැබැයි සබ් කිරිල්ලෙන් english හොඳට හැදෙනවා.

    2. Zeal

      The Sand කියන 1ට සබ් කරන්න ට්‍රයි කලා.. බාගයක් කරද්දි සයිට් 1කේ සබ් 1ක් දාලා තිබුණා.. වැඩේ ඒතනම නැවතුනා.. මේකෙ අමාරුව හොදට තේරෙනවා මචං.. මේ විදියට කොමන්ට් වැටුනෙ නැත්නම් අැත්තටම දුකයි තමා...
      බලමු ලගදිම දවසක මමත් සබක් දෙන්නම්...

Load more comments