මිනිසා කියන්නෙ සොබාදහමේ හරිම පුදුම නිර්මාණයක්. විටෙක ලොව වඩාත්ම ආදරණීයම පුද්ගලයා වෙන මිනිසා, තවත් විටෙක ලොව දරුණුතම මිනිසා වීමට ගත වෙන්නේ සුළු නිමේෂයයි. ඒ නිසා වෙන්න ඇති, ලොව දරුණුතම සහ ආදරණීයම සත්වයා ලෙස අවිවාදයෙන්ම මිනිසාව හඳුන්වන්නෙ. පෘතුවිය කියන්නෙ මිනිස් වාසය සඳහා ඉතාමත් උචිත පරිසරයක් සහිත ග්…
මිනිසා කියන්නෙ සොබාදහමේ හරිම පුදුම නිර්මාණයක්. විටෙක ලොව වඩාත්ම ආදරණීයම පුද්ගලයා වෙන මිනිසා, තවත් විටෙක ලොව දරුණුතම මිනිසා වීමට ගත වෙන්නේ සුළු නිමේෂයයි. ඒ නිසා වෙන්න ඇති, ලොව දරුණුතම සහ ආදරණීයම සත්වයා ලෙස අවිවාදයෙන්ම මිනිසාව හඳුන්වන්නෙ. පෘතුවිය කියන්නෙ මිනිස් වාසය සඳහා ඉතාමත් උචිත පරිසරයක් සහිත ග්‍රහලොවක්. කෙසේ නමුත්, පසුගිය අවුරුදු පන්දහස ඇතුලතදී, මෙම රමණීය වූ පෘතුවි තලයෙන්, ප්‍රචණ්ඩකාරී මරණ බිලියනයක් පමණ වාර්තාවෙලා තියෙනවා. එමෙන්ම, එම කාල සීමාව තුලදීම, ප්‍රධාන හමුදා ගැටුම් පහළොස් දහසකට අධික ප්‍රමාණයක් සිදුවී තිබෙනවා. ඉදිරියටත් මේ ආකාරයෙන් සිදුවුවහොත්, ඉදිරි වර්ෂ හයසීයක කාල සීමාවක් තුලදී, මනුෂ්‍ය වර්ගයා මෙම පෘතුවි තලයෙන් සදහටම වියැකී යනු ඒකාන්තයි.
තවත් එක්තරා සාමාන්‍ය දවසක්. නමුත් රුසියාවට නම් එහෙම නැහැ. වර්ෂ ගණනාවකට පසු, දුර්ලභ වූ උල්කා වර්ෂාවක් ඇද හැලෙන්නාවූ දිනය අදයි. නමුත්, කිසිවෙකුත් නොසිතූ විරූ අයුරින්, සුළු නිමේෂයකින් සියල්ලම උඩු යටිකුරු වෙනවා. හදිසියේම හඳුනා නොගත් යාත්‍රාවක්, පෘතුවි කක්ෂයට ඇතුල් වෙනවා. කිසිසේත්ම හඳුනාගත නොහැකි මෙම අබිරහස් යාත්‍රාව හේතුවෙන් සමස්ත ලෝකයාම කම්පාවී යනවා. කෙසේහෝ, අවසානයේ ප්‍රහාරක යානා යොදවා, මෙම අබිරහස් යානාවට ප්‍රහාරයක් එල්ල කරනු ලබනවා. මෙම ප්‍රහාර හමුවේ අසරණ වන අබිරහස් යාත්‍රාව, ජීවිත සිය ගණනක් අහිමි කරමින් සහ ගිණිය නොහැකි තරමේ දේපල හානියක් කරමින්, රුසියාවේ මොස්කව් අගනගරයට කඩා වැටෙනවා. මෙම සිදුවීමත් සමගින් සමස්ත ලෝකයාගේම ඇස යොමුවන්නේ රුසියාව කෙරෙහියි. කුමක්ද මේ අභිරස් යාත්‍රාව? මෙය පිටසක්වල යානාවක්ද, නැතහොත් වෙනත් රටකට අයත් වන්නාවූ පර්යේෂණ අත්හදාබැලීමක්ද? මෙම අබිරහස් යානාව ඇතුලේ සිටින්නේ කවුරුන්ද? ලැබුණු පිළිතුරු වලින් සියලු දෙනාම පුදුමයට පත්වුනා. ඒ ආකාරයටම, සැබවින්ම ඔබත් පුදුමයට පත්වෙනු ඒකාන්තයි…
Action, Sci-Fi, Romance, Drama යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ ජනවාරි මස 26 වෙනි දින, රුසියානු භාෂාවෙන් නිකුත්වූ මෙම සලරුව, ඇමරිකානු ඩොලර් මිලියන 6.3 ක බරපැනක් දරමින් නිෂ්පාදනය කරමින්, ඇමරිකානු ඩොලර් මිලියන 18.4 ක බොක්ස් ඔෆිස් ආදායක් වාර්තාවක් පිහිටුවීමට සමත්විය. චිත්‍රපටය සඳහා යොදාගෙන තිබෙන තාක්ෂනය ගැන පවසනවා නම්, සැබවින්ම ඔබ පුදුමයට පත්වේවි, හොලිවුඩ් පුරවරයෙන් පිටත මෙතරම් අතිශයින් දියුණු තාක්ෂයන් භාවිතා කරමින් චිත්‍රපට නිපදවෙනවාද කියා. එතරම් ඉහල මට්ටමේ දියුණු තාක්ෂණයක් සමගින් චිත්‍රපටය ඉතාමත් තාත්වික ආකාරයෙන් නිෂ්පාදනය කර තිබෙනවා. ඒ වගේම, හැමදෙනෙක්ම වගේ පිටසක්වල ජීවින් හා ගෙතුණු චිත්‍රපට නරඹලා ඇති. නමුත් මාගේ වචනය විශ්වාස කරන්න. මෙවැනි වූ කතාවක් නම් ඔබ කෙදිනකවත් නරඹා නැති බව විශ්වාසයි. මේතාක් දුරට කාලයක් මුළුල්ලේ ඒකාකාරී ලෙස නිෂ්පාදනය වෙමින් පැවතුනාවූ පිටසක්වල ජීවින් පදනම් කරගත් චිත්‍රපට ඉතිහාසයේ නව දොරටුවක් විවර කරමින්, සැබවින්ම වෙනස් ආකාරයේ අත්දැකීමක් ප්‍රේක්ෂකයා හට තිලිණ කර දෙනු ලබනවා. එසේනම්, ත්‍රාසය, භීතිය, කුතුහලය, ක්‍රියාදාම, ආදරය සහ ද්වේශය අතර දෝලනය වන්නාවූ හෝරා දෙකක කාලයක් පුරාවට අතරමංවීමට සහෘද ඔබ සැමට කෙරෙන්නාවූ සුහද අරාධනවත් සමගින් අදට සමුගන්නවා.
හැමදෙනාටම ජයවේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි සියළුම WEB/ BR පිටපත් සඳහා අදාළ වේ.
20,276 downloadsDownload Prityazhenie-AKA-Attraction-2017.zip187 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සහ “යුශාන් පියුමාල්” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
78 comments
mithun
Kantha_DLA
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----dana
thanks bro
niyma wedakUdara Damith B/K
අඩෝ මරු
පිස්සු හැ දෙන එකක් නෙ මන්නම් බැ ලුවා
අනිත් අයත් බලන්ඩකෝඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි දෙන්නටම
yasitha
sthuuthiy yaluwa..meke kathawa wisthare ahuwama nobala ba...me wage eewa thama niyama sci-fi alien film kiyanne...
අසිත
elama saho thanks
praneeth madu
බොහොම ස්තූතියි සහෝ
shehan
man kamathi jathiye akak vage. thanks saholata api venuven mechchara kattak kanavata
charith
machanla me film 1 hoyagana nane bn.nama gahuwata film eka anne na ne.komada film eka araganne?????????
Sisila Prasad
torrentz2.eu සයිට් එකට ගිහිල්ලා Prityazhenie 2017 කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතනින් එන කොපි වලින් වෙබ් කොපියක් අරගන්න.
charith
tnx bn mm extra torrent ake baluwe.ake na bn
chalana
thnx bro...
thisal
බොහොම ස්තූතියි
Gayan
sub ekata thank's sahoo. Jayawewaa!
Kulanjana Maduranga
niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
upa sirasiye aulak thyenawa mama eye gaththe mokada karanne?
anith ayata kiyanna ona mama direct link aka dila thiyenneSisila Prasad
මොකක්ද අවුල?
salinda
supiri machan thaks wewaa!!!
Ipsitha Sahan
අයියේ..සබ් එක වැඩ කරන්නෙ නෑ නේ..මම ඩවුන්ලෝඩ් කරේ web dlrip එකක්... ෆිල්ම් එක පටන්ගත්ත ගමන් සබ් එක පොඩ්ඩක් යන්වා...ඊට පස්සෙ සබ් එක යන්නෙම නෑ
Sisila Prasad
KMPlayer එකෙන් play කරලා බලන්නකෝ සහෝ.
Ipsitha Sahan
හරි අයියේ එහෙම කරා...එතකොට වැඩ..තැන්ක්ස් සිසිල අයියේ
ashan lankanath
thanks ...........................................
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sunimal
පට්ට ෆිල්ම් එකක් සහො saho සබ් එකට තැන්ක්ස්... sub eka km player eke wada but phone eken baladdi mx eke wada na kalin sub 2 ma hodata wada adu paduwak kiyanawa nwi.... danuwath karanna ona nisa qwe.. නැත් නම් මෙච්චරය මහන්සි වෙලා අපිට සබ් දිලා කතා අහන්න ඕන කියලා මල පැන්නෙත්...
sameera
Kooo bn sub?me sub weda karanne nee redda.berinam baraganne nethuwa idapan
Palitha de Silva
බොහොම ස්තූතියි....
චින්තක
සුපිරිනේ බං .ඔන්න බාගන්න දැම්මෝ ......
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......
Thilan Buddhika
Mx player eke support krana widhta hadala denna barida sahooooo
chathuranga
mata me film eke link eka hoyala dennako
Sisila Prasad
torrentz2.eu සයිට් එකට ගිහිල්ලා Prityazhenie 2017 කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතනින් එන කොපි වලින් වෙබ් කොපියක් අරගන්න.
waruna
Thank's bro oya kiwwa web site eken film eka download kala phone eke mx player eken subtitles wada karanawa
chathuranga
mata meke link eka one.ara thiyena link eka weda karanne nene
ricado
thank you brothers sisila & ushan, all the best & good luck in your work.........
කවිදු
සුපිරි ෆිල්ම් එක බොහොම ස්තූතියි...
Eashan Fernando
බ්‍රෝ phone එකෙන් සබ් වැඩ කරන විඩියක් නැද්ද්. එක player එකකින් වත් සබ් වැඩ නැහැ නේ.
Sisila Prasad
KMPlayer එකෙන් play කරලා බලන්නකෝ සහෝ.
,Thuzi
Sub වැඩ නෑ ගොඩක් වෙලාවට ,phone එකෙන් බලන අයට මේක අවුලක්........කොහොම උනත් උත්සාහය වටිනව.
dilhan
sub wada nane mx,vlc wada karanne na.. Mokada karanne
කසුන් මධුශංඛ
නියමයි සහෝ
Web-බුවා
පට්ට ස්තූති වේවා සහෝ!
ජය! :)
Web-බුවා
යකෝ රුසියාව දැන් තද තද නොවැ. ඔහොම යන්. ඔහොම යන. තද තද රුසියා.
Ruwan
Film 1 download karanne kohomada???????????????
Imalka
sub akta tnxxxx...........
puluwnnm me film dekatath sub denwda
Office Christmas Party (2016) [YTS.AG] , The.Golden.Compass.2007
Nirodha uthpala
Tahudu oya theyenne obata jaya
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
Nirodha uthpala
File eaka unzip karapuhama blueray sub eake size eaka 0.00 bytes kiyala I pennahan ne poddak eaka balanna bro hariyata copy vela na
mindika
Thanks!!!!!!!!!!!!!
Harsha
Br සබ් එක වැඩ නෑනෙ සහෝ. ෆයිල් size එක 0
H.G.NALAKA
br sub wedane
samodya dulshan
Me film eka phone eken blana ayata wada karana sub eka mn haduwa eka mn oyalata denne komada?
samodya dulshan
Wadi deyak kale na na .thiyena sub ekamaidanme....
Roshan
මචං BR සබ් එක හදලා upload කරපන්කො.. BR සබ් එක වැඩ නැ.. ස්තුතියි.
Dilshan
Mx player ekata sub eka wada naaa....
Mahesh
supirima film eka.
thank you so much !!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

තියෙන ටික බලල ඉවර වෙනකල් කොච්චර ගන් නෑ කියල හිතම් උන්නත් මේ වැඩේ කරන්න බෑ අෆ්ෆ ඔයාල එක්ක... දැම් ඉතින් මේකත් අරගන්න වෙනවන අරම ලිපි දකිද්දිම ...ෆට්ට කතාවක් වගේ සහෝල දෙන්නටම ස්තුතියි උපසිරැසි ගැන්නුවට
අරගෙනම බලමු මෙකත් එහෙනම් ස්තුතියි ගොඩක්